පුංචි දරුවෙක්ට අංශ බාගේ හැදිලා .ඔබේ හිතටත් පොඩි තිගැස්මක් ඇති වුන නේද? ගේ පුරා ඉවරයක් නැතිව දුව පනින මේ පුංචි දරුවෙක් හිටි හැටියේ මේ වගේ තත්ත්වයකට පත්වුනොත් දෙමාපියන් විදියට කාටද මේ දේ දරා ගන්න පුළුවන් වෙන්නේ. මම මේ ගැන ඇහුවේ ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා හමුවෙන්න රිජ්වේ ආර්යා ළමා රෝහලට ගිය අවස්ථාවක. මම එතනට යන මොහොතේ එතුමා ළඟ වයස අවුරුදු තුනක විතර පොඩි දරුවෙක් ප්‍රතිකාර ලබමින් හිටියා. සාමාන්‍යයෙන් දරුවෙක් ඒ විදියට ව්‍යායාම කරවද්දී සන්සුන්ව ඉන්නේ නැහැ. ඒ නිසාමයි මට ඒ ගැන අහන්න හිතුණේ. එතකොටයි දැ න ගත්තේ, මේ දරු පැටියා අංශභාග රෝග තත්වයට පත් වුනු දරුවෙක් බව.
මොකද්ද මේ පුංචි දරුවන්ටත් පීඩා කරන අංශභාගය
අංශභාගය කියන්නේ සිරුරේ එක් අංශයක් පණ නැතිව යාම. මේ තත්ත්වය ඇති වෙන්නේ අපේ මොළයට සිදුවන හානිදායක තත්ත්වයක් නිසයි. නිවැරදි ප්ර තිකාර වෙත යොමු වුනොත් සුවකර ගත හැකි මේ අංශභාග රෝගය සුව වීමට ගත වන කාලය වගේම සුව වන ප්රිමාණය තීරණය වෙන්නේ මොළයේ හානියට ලක්වූ ප්රයදේශය, හානියේ ප්ර්මාණය, අනතුරේ ස්වභාවය වගෙඅ රෝගියාගේ වයස යන කරුණු මත.
අංශභාගය ඇති වීමට හේතු
- හිසට සිදුවන දරුණු අනතුරු
- රුධිර කැටියක් හිර වීම
- මොළයේ සෛල තුළට රුධිරය ලැබීම ඇන හිටීම/රුධිර වාහිනියක් පිපිරී සෛල තුළට රුධිර වහනය වීම
- මොළයේ ඇති වන ගෙඩි
- රිය අනතුරු වැනි අවස්ථාවලදී මොළයට දරුණු ලෙස අනතුරු සිදුවීම සිදු වන අනතුරුත්
මේ අංශභාගය තත්ත්වය නිසා වැඩිහිටියන්ගේ මෙන්ම දරුවන්ගේත් අත්පා අසාමාන්‍ය ඉරියව්වකට යොමු වන අතරම ආබාධයට ලක් වූ අත, උරහිසෙන් ශරීරයට හේත්තු වී වැළමිට සන්ධියෙන් නැමී පවතින අතර පාදය දණහිසෙන් දිග හැරී පතුල පහතට කඩා වැටී තිබෙනු දැකිය හැකිය. මෙම තත්වයට පත් වූ අංශයේ අත්පා සෙලවිමේදී තද ගතියක් පෙන්නුම් කරයි.
අංශභාග තත්වයට පත් වූ දරුවෙකුට ලබා දෙන ප්‍රතිකාර ක්‍රම මොනවාද?
ඖෂධීය ප්‍රතිකාර
ශල්‍ය ප්‍රතිකාර
භෞතචිකිත්සක ප්‍ර තිකාරද
අංශභාග තත්ත්වයට පත් දරුවෙකුට භෞතචිකිත්සක ප්‍රතිකාර අත්‍යවශ්‍යමද?
ඔව්.. භෞතචිකිත්සක ප්‍රතිකාර ආරම්භ කිරීමට පමා වුවහොත් දරුවාට ඇතිව තිබෙන අසාමාන්‍යතා වර්ධනය වීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ නිසාම සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරයෙකුගේ උපදෙස් මත ආබාධිත ඉරියව්වලට විරුද්ධ ඉරියව් සඳහා යොමු කිරීම අත්‍යවශ්‍යය. මෙහිදී සිදු කරනු ලබන්නේ පී.එන්.එෆ්. :ඡුගභගත්* නමින් හඳුන්වන ව්‍යායාම වන අතරම එමගින් රෝගියාගේ සන්ධිවල ඇති සංවේදන ගරාච හක සහ ස්නායු උත්තේජනය කරයි.
එසේම රෝගී දරුවා සිහි නැතිව සිටින අවධියේදී පවා නිවැරදි ඉරියව්වල තැබිමට වගබලා ගත යුතු වන්නේ දරුවා ඉදිරියේදී ඇති විය හැකි දරදඬු ඉරියව්වලට පත්වීම වළක්වා ගැනීමටයි. තවද මේ තත්වය මත දරුවෙකු එක්තැන් වී සිටියහොත් එම දරුවාට නිතර නිතර ශ්වසන ආබාධ හා ඇඳ තුවාල ඇති විය හැකි නිසා ඒ තත්ත්වය වළක්වා ගැනීමටත් පියවර ගත යුතුය.
ශ්වසන ආබාධ වැළැක්වීමට
භෞතචිකිත්සාවේ උරස් චිකිත්සක ක්‍රම උපයෝගී කරගනී. සිහි නොමැතිව සිටින අවස්ථාවේ සිටින රෝගී දරුවෙක් නම් රෝගියාගේ උපකාරයක් නොමැතිවම ශ්වසන ව්‍යායාම හා චූෂණ ක්‍රම මගින් උරස් චිකිත්සාව ලබාදෙන අතර සිහි ඇතිව සිටින රෝගී දරුවෙක් නම් ඔවුන්ගේ උදව් උපකාරයද ඇතිව ශ්වසන ව්‍යායාම ඇතුළත් උරස් චිකිත්සක ක්‍රම මගින් ශ්වසන ආබාධ වළක්වා ගැනීමට පියවර ගනී.
ඇඳ තුවාල වළක්වා ගැනීමට
රෝගී දරුවා මෙන්ම ඇඳ ඇතිරිලි පිරිසිදුව තබාගත යුතුය. සේදීමෙන් පසු හොඳින් තෙත මාත්තු කළ යුතුය අතරම පැය 1/2 කට වරක් වත් දරුවා හැරවීමෙන් ශරීරයේ එකම ස්ථානයකට නිතර පීඩනය දැනීමට ඇති ඉඩ කඩ වැළක්විය යුතුය.
මෙවනි රෝගී දරුවෙකු සුව අතට ගැනීමේදී වැදගත්වන තවත් කරුණු කිහිපයකි. මෙම රෝගී දරුවා කතන අබාධ පෙන්නුම් කරනවා නම් කථන චිකිත්සකවරයෙකු වෙත යොමු කල යුතුය. එසේම දරුවාගේ සමබරතාව පවත්වා ගැනීමට අවශ්‍ය ව්‍යායාම, මොළයේ සෛල උත්තේජනය කරන ව්‍යායාමවලට අමතරව අංශභාග රෝගීන් පෙන්නුම් කරන විලාසය මගහරවා ගැනීමට අවශ්‍ය ව්‍යායාම මගින් මෙවැනි දරුවන් එදිනෙදා දින චර්යාවේ කාර්යයන් නිවැරදිව කිරීමට පුහුණු කිරීම, සංවේදන ක්‍රම නැවත හුරු කිරීම, මානසික තත්ත්වය නගාසිටුවීම සහ ඇවිදීම පුහුණු කිරීම ද ඉතා වැදගත් වේ. මේ සඳහා සුදුසුකම් සපිරි පළපුරුදු භෞතචිකිත්සකවරයෙකුගේ සේවය අත්‍යවශ්‍යය.
වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකසන ලද ලිපියකි.