ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය විශේෂඥ සංගමය දැඩි විදිහට කියා සිටින්නේ මාස 18 ට වඩා අඩු දරුවන්ට වුනත් ජංගම දුරකථන, රූපවාහිනිය වැනි විවිධ විද්්‍යුත් උපාංගයන්ට නිරාවරණය වීමට නම් අවස්ථාව නොදෙන්න යන පණිවිඩයයි. මේ කාලයේදී නම් කෙසේ හෝ මට්ටු කර ගැනීමට ලැබුනත් ටිකක් දැනුම් තේරුම් ඇති වෙන විට නම් දෙමව්පියන්ගෙන් මිදිලා..එහෙම නැත්නම් කන්නලව් කරලා හෝ මේ විද්යුත් මෙවලම් සමග එකතු වීම වලක්වන්න බැහැ.
එහෙම වුනොත් අපි මොකද කරන්නේ…
වෛද්‍ය විහේෂඥ සංගමය ප්‍රකාශ කරන විදිහට දරුවන් කිසිම විදිහකින් මේ උපාංග සමග හුදෙකලා කරන්න එපා. නිවසේ රූපවාහිනියක් එහෙම නැත්නම් ජංගම දුරකථනයක් තිබෙනවා නම් දරුවා ඒ සමග සම්බන්ධ වීම අපට වලක්වා ගන්න බැහැ. ඒ නිසා දෙමව්පියන්ද දරුවා සමග අන්තර් සහයෝගයෙන් මේ උපාංග පරිහරණය කරනවා නම් අගෙයි යන සංකල්පය ඔවුන් ඉදිරිපත් කරනවා.
ඒත් අපිට තියෙන වැඩ රාජකාරි සමග කොහොමද…?
ඒක ඇත්ත. උදේ හතරට පමණ අවදි වෙලා දවස පටන් ගෙන හැන්දෑවේ නිවසට ආ තැන පටන් රාත්‍රි ආහාර පිලියෙල කරන්න…උදේ ඉතිරි කරල ගිය දේවල් කරන්න..දහසකුත් එකක් ප්‍රශ්න මැද දරුවා සමග රූපවාහිනියට එහෙම නැත්නම් ජංගම දුරකථනය සමග ගණුදෙණු කරන්න පුලුවනෑ…
අපි උයන පිහින කම් මොකද ටිකක් බැලුවත්…
ඔව් ඔබටත් නිදහසේ ඉවුම් පිහුම් කරන්න පුලුවන්. නැත්නම් ඉතිං ළගින් ගියත් ඇහැක් නැතුවා වගෙයිනේ…ඒ වුනාට මේ විදිහට දරුවන්ට තිරය සමග හුදෙකලා වීමට ඉඩ දෙන්න එපාය යන සංකල්පය වෛද්‍යවරුන්් විසින් ඉදිරිපත් කරන්නේ නිකම්ම නොවෙයි. ඔවුන් සදහන් කරන අන්දමට දරුවා අපේ මුහුණ දිහා බලාගෙන හිටියාම අපිටත් දරුවා ගැන සෙනෙහසක් ඇති වෙනවා.ඒ නිසා අපි නොදැනීම දරුවාට ප්‍රතිචාර දක්වනවා. එය දරුවාට විශාල ආඩම්බරයක්. මොකද කිව්වොත් ඔහු වෙනුවෙන් දෙමව්පියන් සිටින බව දන්නවා.
නමුත් විද්‍යුත් උපාංගවලින් සිදු වෙන්නේ ඒක පාර්ශවික ගණුදෙනුවක්. දරුවා මොන තරම් වේලාවක් තිරය දිහා බලා ගෙන හිටියත් ඔවුන් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට කෙනෙක් නැහැ. ඒ නිසා දරුවා ගොඩ නගා ගන්නේත් ඒක පාර්ශවික සම්බන්ධතාවයක් මිසක පවුල කියන සංකල්පයෙන් නොදැනීම දුරස් වීමට පුලුවනි.
දරුවාට කිසිම ගැටලුවක් නැහැ..
රූපවාහිනිය එහෙම නැත්නම් ජංගම දුරකථනය දරුවා වෙනුවෙන් හැම මොහොතකම සූදානමින් සිටිනවා. බොත්තම එබූ තැන පටන් ලැබෙන දේ බොහොමයි. නමුත් සමාන්‍ය ජීවිතයේදී මේ සැහැල්ලුව නැහැ. ඒ හින්දා දරුවාට බොහොම කේන්ති යන්න පුලුවනි. ඉවසීම ඇත්තේම නැති වෙන්නත් පුලුවනි.
මේ විදිහට ගියොත්
දරුවා පවුලෙන් මිදී ඔවුන්ගේ ලෝකයම මේ උපාංග බවට පත් කර ගත් තැනදී නොදැනීම ඔවුන් මේ උපාංගයන්හි ගොදුරක් බවට පත් වෙනවා. ටිකක් දවස් ගෙවෙී දරුවා යම් වයසකට ආ පසුව මේ උපාංග සමග කාමරයේ හුදෙකලා වෙන්න පටන් ගන්නවා. කන්න බොන්න වුනත් උවමනාවක් නැහැ. ගමනක් යන්න කතා කලාට එන්නෙත් නැහැ. නොගොහින් බැරි නිසා පාසල් ගියත් හැමදාම විවිධ හේතු කාරණාවන් ඉදිරිපත් කරමින් නිවසේ රැදී ඉන්නමයි හිත.
කනවා…සැතපිලා මේ උපාංග ගනුදෙණුව පටන් ගන්නවා. කිසිම ව්‍යායාමයක් නැහැ.බොහොම උදාසීන සහ අලස චරිතයක් බවට පත් වෙනවා. එක තැනම සිටිමේ විපාකයට දරුවා අනවශ්‍ය විදිහට තරබාරු වෙනවා. මේ නිසා වයස අවුරුදු අදහ දොළහ වෙද්දීම දෙවන වර්ගයේ දියවැඩියා තත්වයේ ගොදුරක් වීම වලක්වන්නත් බැහැ.
දැන ගැනීමත් අවදානමක්…
සාමාන්‍යයෙන් දරුවන් තාක්ෂණය සමග ගොඩ නගා ගෙන තිබෙන ගනුදෙනුව ඉතාම යහපත්.ඒ නිසාම සමාජජාල සම්බන්ධතාවයනුත් ඉහලයි. මේවායේ කාලය ගෙවමින් සෙල්ෆි හෙවත් තමන්ගේ ඡායාරූප මුදා හරිනවා. මේ තත්වයත් එක්තරා ආකාරයක ‘‘ ස්වයං රූප කාමයක්““ විදිහට හැදින්වෙනවා. මේ නිසා ඉතාම අපචාරයන්ට පත් වුන වගේම තවත් අයගේ බියවැද්දීම් නිසා අසරණ වුන දරුවනුත් සිටිනවා. මේ සියල්ලටම මුල දරුවන්ට යා යුතු මග නොමග පැහැදිලිව කියා දී නැති කමයි.
ඇබ්බැහිය මතට විතරක් නොවේ…
ඇබ්බැහියක් කිව්වාම අපි හිතන්නේ මතට විතරයි කියලා. ඒ නිසා මතට තිත තිබ්බාම ප්‍රශ්න හමාරයි කියල අපිට හිතන්න බැහැ. මොනම දෙයක වුනත් සීමාවක් නැතුව ඒ හුරුව අත්හැර ගැනීමට අපහසු නම් එතැන තිබෙන්නේ ඇබ්බැහි වීමක්. ඒ විදිහට බැලුවොත් අපේ දරුවන් දැන් විද්යුත් උපාංගයන්හි ගොදුරක් වී අවසානයි.