- Advertisement -

ඔබ තෝරාගත් ඩයපර් පෑන්ට් වර්ගය නිසා ඔබේ පැටියා අපහසුවෙන්ද?

-

අම්මෙක් හැම මොහොතකම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවාට උපරිම සුව පහසුව සලන්න. තමන්ගේ දරු පැටියා අපහසුවෙන් අකමැත්තෙන් කාලය ගතකරනවා තරම් දුකක් අම්මෙක්ට තාත්තෙක්ට තවත් නැහැ. ඒත් ඔබේ නොදැනුවත්කම දරුවාට ලබා දිය යුතු සුව පහසුවට බාධාවක් විය හැකි නිසාම ඔබ තෝරාගන්නා ඩයපර් පෑන්ට් වර්ගයේ තිබිය යුතු ගුණාංග ගැන අපි දැනුවත් වෙමු.

ඩයපර් පෑන්ට් එක අම්මලාට ලොකු පහසුවක්. මොකද දඟකාර පුංචි පැටව් එක්ක ඩයපරයක් අන්දවනවා කියන එකත් ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. කොහොම හරි මහන්සි වෙලා ඩයපර් අන්දලා ආයෙත් බලද්දී ඒක ගලවගෙන. ඉතිං දඟ පැටියෙක්ට ගැලපෙන්නේ නම් ඩයපර් පෑන්ට් එකක්ම තමයි. එහෙමයි කියලා ඕනෙම ඩයපර පැන්ට් වර්ගයක් පුංචි පැටියට ගැලපෙයිද? කොහොමද හොඳම වර්ගයේ ඩයපර් පෑන්ට් එකක් දරුවා වෙනුවෙන් තෝරගන්නේ. හොඳම ඩයපර් පෑන්ට් වර්ගයක තිබිය යුතු ගුණාංග මොනවාද කියලා දැන් ඔබටත් හිතෙනවා ඇති.

- Advertisement -

ඔබේ දරුවාගේ අපහසුතා මගහරවන ගුණාංගයන්ගෙන් යුතු නිසාම පුංචි දඟයන්ට උපරිම සුවපහසුව සලසන ඩයපර් පෑන්ට් වර්ගය ලෙස බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් හැඳින්විය හැකියි.

බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් සතු මූලික ලක්ෂණය වන්නේ එය වැඩි තුනී බවකින් මෙන්ම ඉහළ උරාගැනීමේ හැකියාවකින් යුක්ත වීමයි. මේ වන විටත් ඩයපර් පෑන්ට් එකේ ඇති ඝනකම නිසා ඔබේ පුංචි දඟයා අපහහසුවෙන් විය හැකියි. වෙළඳ පොලේ ඇති බොහොමයක් ඩයපර් පෑන්ට් මහතින් වැඩි බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා. මහතින් වැඩි ඩයපර් පෑන්ට් දියර පිරීම නිසා දෙපා අතරින් එල්ලා වැටීම දරුවාගේ ක්‍රියාකාරකම්වලට බාධා ඇති කරනවා. නමුත් බේබි ෂෙරමි ඩයපර් පෑන්ට්වල වැඩි තුනී බව සහ වැඩි උරාගැනීමේ හැකියාව නිසා දරුවා වෙනදා මෙන් අපහසුතාවයට පත් නොවන බවට සහතිකයි.

බේබි ෂෙරමි ඩයපර් පෑන්ට්හි උරා ගැනීමේ හැකියාවත් එසේ උරාගත් දියර ඇතුළත සිර කර රඳවා තබා ගැනීමේ හැකියාවත් සැබවින්ම සුවිශේෂයි. ඒ සුවිශේෂි හැකියාවන් සමගින් එන බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් එකෙහි මතුපිට වියළි බව එලෙසින්ම රඳවා ගන්නා අතරම කිසිදු ආකාරයකින් කාන්ඳු වීමක් සිදු නොවේ. එසේම තෙත් බවේ ප්‍රමාණය හැඟවීමේ හැකියාව (wetness Indicator) ඇති නිසා ඩයපර් පෑන්ට් එක මාරු කළ යුතු අවස්ථාව මව්වරැන්ට අවබෝධ කරගැනීමත් ඉතා පහසුයි.

ඒ වගේම බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් නිපද වී ඇත්තේ සුමුසු සම මත ආසාධන ඇති නොවන පරිද්දෙන් වීම එහි ඇති අනෙක් විශේෂත්වයයි. එනම් බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් නිසා කිසිදු විටෙක ඔබේ පැටියාගේ සුමුදු සම මත ආසාත්මිකතා, දද, රත් පැහැ වීම්, කැසිම්, තුවාල වැනි දේ ඇති නොකරයි. බේබි ෂෙරමි ඩයපර් සුමුදු සමට උපරිම සුව පහසුව ගෙන එන පරිද්දෙන් අපේ රටේ පවතින උෂ්ණාධික කාලගුණයට ගැලපෙන පරිදි මූලික පියවරේ සිටම සැකසී ඇති නිසාත් කපු වැනි මතුපිට වූ සුමුදු බවත් ඒ හරහා වතාශ්‍රය හොඳින් ගමන් කරන අයුරින් සැකසී ඇති නිසාත් ඔබේ දරුවා අපහසුතාවයට පත් නොවෙයි.

ඒ නිසාම වෙනදා මෙන් අපහසුතාවයන් නිසා දෛනික ක්‍රියාකාරකම් මගහරින, සුව නින්දට මගහැරෙන ඔබේ පැටියා බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් සමගින් නිදහසේ දවස ගතකරයි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article