- Advertisement -

නීරෝගීව ඉන්න ආහාරයට ගත යුතු එළවලු සහ පළතුරු

-

දවසකට එළවලු සහ පළතුරු පංගු පහක් ආහාරයට ගන්න ….මේ  අවවාදය ගැන අපි හැම දෙනෙක්ම දන්නවා. ඒත් මේ එළවලු සහ පළතුරු වලින් ලැබෙන ආරක්ෂාව ගැනත් දැනගෙන සිටීම ඉතාම වැදගත්

ආහාරවලින් අපිට ලැබෙන ශාඛ රසායනයන් මගින් රෝගාබාධයන් වලක්වා ගන්න පුලුවනි. එහෙමනම් අපි ආහාරයට වැඩියෙන් එක් කර ගත යුතු ආහාර වර්ග මොනවාද…?

- Advertisement -
  • නිවිති

නිවිතවල අන්තර්ගත ‘‘ ලුටෙයින් “ ( Lutein)සහ ‘‘සෙක්සතින් “ ( zexanthin) ශාඛ රසායනයන් වල ස්වභාවයෙන්ම අන්තර්ගතව තිබෙන කොළ පැහැයෙන් ඇස් ආරක්ෂාවට මහත් පිටිවහලක් ලැබෙනවා. ඒ නිසා දිනකට එක් වේලකට හෝ නිවිති එක් කර ගැනීම වඩාත් හොදයි. දරුවන්ට වගේම නිවසේ සිටින වියපත් වැඩිහිටියන්ට වයස සමග ඇසේ ඇති වෙන අන්ධබාවයටත්  ( Macular Degeration ) නිවිතිවලින් ගුණ ලබා ගැනීමට පුලුවනි.

  • ගෝවා

ගෝවා කාණ්ඩයේ එළවලු වර්ග මගින් පෙනහලුවල නීරෝගීබව ආරක්ෂා කරනවා. ඒ නිසා දිනකට දෙවේලක්වත් ගෝවා එක් කර ගැනීම වඩාත් හොද බවයි ප්‍රකාශ වෙන්නේ. ගෝවා වර්ගයේ එළවලුවල ‘‘ ඉන්ඩෝල් “, ‘‘ කාබිනෝල් “, වැනි රසායනයන් අන්තර්ගතයි. ඒ නිසා පියයුරු පිලිකා, ආමාශ සහ පෙනහලු පිළිකාවන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා.දැවටමත් නිව්යෝක් නගරයේ ‘‘ස්ට්‍රේන්ජ් “ පිලිකා මර්ධන ආයතනය විසින් හදුනා ගෙන ඇති අන්දමට කාබිනෝල් “, රසායනයෙන් පිළිකාවට එරෙහි ශක්තිය පවතින නිසා ප්‍රති පිළිකා ඖෂධීය ගුණය ගෝවා කාණ්ඩයේ ආහාර මගින් උපයා ගැනීමට පුලුවන් බැව් පෙන්වා දෙනවා.

  • සුදුළූණු

අපේ දරුවන් නම් සුදුළූනුවලට එතරම් ප්‍රිය කරන්නේ නැහැ. එහි ඇති ගන්ධය ඔවුන්ට ප්‍රිය නැහැ. ඒත් අම්මා නම් කොහොම හෝ ව්‍යංජනවලට සුදුළූණු එකතු කරන්න අමතක කරන්නේ නැහැ. අම්මා හරි බව දරුවන්ට හිතෙන්නේ සුදුළූණු ගුණ දැගත්තාම තමයි.

ආහාර විද්‍යාව පිලිබඳ මහාචාර්ය ‘‘ මැන්ප්‍රෙඩ් කෝනර් “ පෙන්වා දෙන අන්දමට සුදුලූණු මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආරක්ෂාව වගේම පිලිකා සහ හදවතේ නීරෝගීතාවයටත් ඉතාම වැදගත්.allium  කුලයට අයත් සුදුළූණු වල අන්තර්ගත ඇලිසින් ( allicin) රසායනයෙන් කොලස්ටරෝල් මටට්ම හිතකර පරිදි පවත්වා ගත හැකි බැව් රසායනාගාර පරීක්ෂණ 16 කින් දැනට තහවුරු වී තිබෙනවා. දැන් ඉතින් දිනකට ගත යුතු මාත්‍රාව ගැන ගැටලුවක් ඇති. මේ පර්යේෂකයින් විසින් නිර්දේශ කරන්නේ දිනකට සුදුළූණු බික් කීපයක් පෙති ගසා හෝ පොඩිකර ආහාරයට ගැනීම ගුණ බවයි. හැබැයි එක ප්‍රශ්නයක් තිබෙනවා. සමහර උදවියට සුදුළූනු නිසා ගැස්ට්‍රයිටිස් තත්වය ඇති වෙන්න පුලුවන්. එහෙම අය අමුවෙන් නැතුව පිසන ලද ආහරවලට එකතු කර ගන්න උත්සාහ කලොත්…?

  • තක්කාලි

ස්වභාව ධර්මයෙන්ම අපුරු පැහැයක් ඇති තක්කාලි වල අන්තර්ගත ‘‘ ලයිකොපෙන්“ ශාඛ රසායනය පෞරෂ ග්‍රන්ථි පිලිකාවට බොහෝ සෙයින් ගුණ බැව් තහවුරු වී තිබෙනවා. ඒ නිසා අවම වශයෙන් සතියකට තක්කාලි අඩංගු ආහාර වේල් දහයක්වත් ගැනීම බොහොම ගුණදායකයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පිළිකා සංගමයේ සහ මෙම අධ්‍යනයේ ප්‍රධාණී ‘‘ එඩ්වඩ් ජිම්වනුසි “ සඳහන් කරන්නේ තක්කාලි පෙනහළු සහ ආමාශ පිළිකාවන්ටත් ගුණදායක බවයි. ඒ අතර වසංගත රෝග පිළිබඳ විශේෂඥ  ලෙනෙරෙ ඇරබ් ““ සහ කණ්ඩායම විසින් රටවල් දහයක් ඇසුරින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙනී ගියේ තක්කාලි වැඩියෙන් ආහරයට ගන්නා පුද්ගලයන් අතර තක්කාලි ආහාරයට නොගන්නා පුද්ගලයන්ට සාපේක්ෂව හදවත් රෝග අවදානම අවම මටට්මක පැවැති බවයි.

  • මිදි

රතු මිදිවලින් ඇති වෙන ප්‍රසන්න වර්ණය හදවත් රෝගවලට ආශිර්වාදයක්. මිදි පොත්තේ ඇති  ‘‘ ෆිනොලිකා “ ( phenolics ) රසායනයෙන් හිතකර කොලස්ටරෝල් මටට්ම යහපත් කරයි. ඒ නිසා දැන් වෛද්‍ය විදයාවේ ඇති උද්‍යෝග පාඨය වන්නේ….ඔබේ හදවත ආරක්ෂා කර ගැනමට මත්පැන් පානයට  ඇබ්බැහි නොවන්න…ඒ වෙනුවට දම් මිදි හෝ රතු සහ කලු මිදි වැඩියෙන් ආහරයට ගන්න.

  • දෙහි කාණ්ඩයේ පළතුරු

දෙහි, දොඩම් කුලය ගැන වූ සදහනත් සමග ඔබේ හිතේ ඇති වෙන්නේ විටමින් ‘‘සී “බහුල පැඟිරි කුලයේ පළතුරුයි. මෙම පළතුරු මගින් Folate සහ තන්තු ලබා ගැනීමට හැකියාව ඇති වීම ඉතාම වැදගත්. මෙහි ඇති Limonen සංයෝග මගින් රසායනාගාර ආහ්‍රිතව සිටි මීයන්ගේ පවා වායු ගෙඩි තත්වයන් සුවය ලද බැව් අධ්‍යනයන් මගින් සනාථව තිබේ. ලිමොනේන් (Limonen) මෙම පළතුරුවල පිට පොත්තේ අන්තර්ගතව තිබෙනවා. යුෂ මගින්ද මෙම පෝෂණයන් ලබා ගත හැකියි. ඒ නිසා මෙම දොඩම්, දෙහි යුෂ වීදුරුවක් දිනකට පානය කිරීම ඉතාම වැදගත්.

Readers” digest ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article