- Advertisement -

පවුලේ සෞඛ්‍ය වෙනුවෙන්ආහාර පිලියෙල කිරීමේ වගකීමක් තියෙනවා..

-

අම්මා කෙනක් විදිහට ඔබ පවුලේ සියලු දෙනාගේම නිරෝගිතාවය ගැන වැඩියෙන් උනන්දු වීම ඉතාම වැදගත්. අපේ ආහාරයේ අන්තර්ගත විය යුතු පෝෂණ පදාර්ථ ගැන දැනගැනීම වගේම අවශ්‍ය පෝෂණය පවුලේ අයට ලැබෙන විදිහට සංග්‍රහ කරන්නේ කොහොමද කියලත් දැන ගැනීම ඉතාම වැදගත්. පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කරන ලද පත්‍රිකාවක දැක්වෙන අන්දමට පවුලක පෝෂණය ගැන අපේ අවධානය යොමු විය යුතු කරුණු කීපයක් මේ…

  • වෙනස් රටාවක්…..
    අපේ ආහාරය හැමදාම එකම රටාවකින් නැතුව වෙනස් වෙනස් අන්දමින් පෝෂණය ලැබෙන විදිහට පිලියෙල කර ගැනීම ඉතාම වැදගත්. බොහෝ අම්මලා පාන්, ඉදිආප්ප වගේ තමන්ට පහසුවෙන් සකස් කර ගත හැකි එහෙම නැත්නම් ලබා ගත හැකි දෙයින් තෘප්තිමත් වුනත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන විදිහට අපේ ආහාර වේලක බත්, තිරිගු වැනි පිෂ්ටයත් සමග පරිප්පු, බෝංචි වැනි රනිල කුලයේ එළවලු සමග පලා වර්ගයක් ඇතුලත් වුනොත් නම් බොහොම අගෙයි.පලා නොකියා පලා හදා ගන්නත් අම්මලා දැන ගන්න අවශ්‍යයි. උදේට තෝරා බේරා ගැනීම අපහසු නම් රාත්‍රියේදී තෝරා තියන්න පුලුවනි. හැබැයි මැල්ලුම නම් උදේට ලියාගැනීම වඩාත් හොදයි. එහෙම නැති වුනොත් එහි පැහැය වෙනසවෙන්නත් පුලුවනි..
  • තන්තු පොහොසත් ආහාර ගැනත් අමතක කරන්න එපා.බඩඉරිගු,මෙනේරි, ඕට්ස්, දුඹුරු සහල් වැනි ආහාර තන්තු බහුලයි. තන්තු නිසා නිරන්තර ඇති වෙන කපුටු බඩගිනි ඇති වෙන්නේ නැහැ. පොඩි බඩගිනි ඇති වුනාම අපි ආහාරයට ගන්නා බිස්කට් සහ විවිධ කෙටි කෑම වලින් අනවශ්‍ය විදිහට පිෂ්ට සහ සීනි ගබඩා වෙනවා. ඒත් අවශ්‍යම නම් අමු එළවළුවකින් සදා ගත් සලාදයක්, ඇට වර්ගයක් හෝ නැවුම් පළතුරක් තෝරා ගන්න. ඒ නිසා නිරන්තර බඩගිනි නොවෙන විදිහට තන්තු බහුල ආහාර ගැනත් ඔන්න අම්මලා සැලකිලිමත් වෙන්න…

 

- Advertisement -
  • ලුණු හොඳ නැහැ…

ලුණු ගැන දිව නම් රස හොයාවි. ඒත් ලුණු කියන්නේ එතරම් හොඳ දෙයක් නොවෙයි.ලුණු අදික විදිහට යොදා ගත්තාම රුධිර පීඩනයත් වැඩි වෙන්න පුලුවනි.ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත මාත්‍රාව විදිහට දිනකට අප විසින් පරිභෝජනය කළ යුතු ලුණු ග්‍රෑම් තේ හැන්දකට සමානයි. ආහාරයට ලුනු වැඩියෙන් එකතු නොකලත් ඇතැම් ආහාර මගින් සිරුරට ලුණු එකතු වීමේ අවදානමත් වැඩියි.

ලුණු යොදා සකස් කරන ලද සෝස්,ස්ටොක් වගේම ලුණු යොදා සකස් කරන ලද බයිටිස් වර්ගත් අඩුවෙන් නිවසේ උදවියගේ ආහාරයෙන් සීරුවට ඉවත් කරන්න පුලුවනි.

  • ටින් සහ කෑන් කරන ලද ආහාර
  • වියලන ලද එළවලු, ඇට වර්ග,පළතුරු වලත් ලුණු අධිකයි.
  • කෑම මේසයේ තබා ඇති ලුණු බෝතලයත් නම් අවශ්‍ය නැහැ. බෝතලය දැක්කාමත් ලුණු එකතු කර ගන්න පුලුවනි.
  • ඒ වගේම ආහාර ඇසුරුමේ සෝඩියම් ප්‍රතිශතය ගැන සටහන තිබෙනවා. මිළට ගැනීමේදී අඩු ප්‍රතිශතයක් ඇති ඇසුරුම තෝරා ගන්න.
  • ආහාර වෙනුවෙන් යොදා ගන්නා තෙල් සීමා කරන්න.

මේද බහුල වුනාම තරබාරුව, හදවත් රෝග වගේම ආඝාත තත්වයට ගොදුරු වීමේ අවදානම වැඩියි. මේද අධික ආහාර වේලකින් හෘද රෝග ඇති වීමේ අවදානම 30% කින් වැඩි වෙන බවත් විවිධ පර්යේෂණයන් මගින් හදුනා ගෙන තිබෙනවා.අපි බලමු මේද බහුල ආහාර කප්පාදු කරන්නේ කොහොමද…?

  • බටර්, ගිතෙල් වෙනුවට ඉරිගු, සුරියකාන්තා වැනි තෙල් ආදේශ කරන්න.
  • රතු මස්වලට වඩා තෙල් අඩු කුකුළු මස්, මාළු වැනි සුදු මස් වර්ග ආහාරයට ගන්න.සැකසූ මස් පරිභෝජනය සීමා කරන්න.
  • ආහාර බැදුම් වෙනුවට ස්ටීම් හෝ තම්බා ගන්න.

    ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර සහ ක්ෂනික ආහාර වලකින්න.

  • මාගරින්, ගිතෙල්. , ස්නැක් , බැදපු ආහාරවලින් දුරස් වෙන්න.

    සීනි පරිභෝජනයත් අඩු කරන්න.

අධික සීනි සිරුරට එතරම් හොඳ නැහැ. අධික සීනි තරබාරුවට මග කියනවා. සෝඩා කෑන් එකක සැගවුන සීනි ප්‍රමාණය තේ හැඳි දහයක්.එහෙම නම් සීනි අඩු වෙන විදිහට ආහාර රටාව ගොඩ නගා ගන්නේ…

  • රසකාරක සහ සීනි සහිත බීම
  • පළතුරු යුෂ සහ යුෂ බීම, කුඩු, සාන්ද්‍රණ, රසකාරක ජලය, ශක්තිජනක පාන, ක්‍රිඩා පාන,

    වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට අනුපුරක ආහාර ලබා දෙන විටත් ලුණු සහ සීනි එකතු කිරීමේදී අඩුවෙන් යොදා ගන්න.

    පවුලට මත්පැන් එපා

අද මත්පැන් නැති සාදයක් නැති තරම් ඒ වුනත් මත්පැන් පානය නිසා අක්මාවට හානි වීම, පිලිකා, හදවත් රෝග වගේම මානසික රෝග තත්වයන් පවා ඇති වෙන්න පුලුවනි.දැන් අලුත් මතයක් විදිහට මද පමණින් පානය ගුණයි කිව්වත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මත්පැන් පානයේ ඔය කියන ආරක්ෂිත මටට්මක් නම් නැති බවයි. ඒ නිසා නිවසේ අලුත් අවුරුදු, දරුවන්ගේ උපන්දින සාද හා වෙනත් උත්සව වෙනුවෙන් මත්පැන් එපා කියන ස්ථාවරයේ ඔබට සිටින්න කිසිම බාධාවක් නැහැ.

[ලෝක සෞඛ්‍ය සංවිධානයේ පත්‍රිකාවක් ඇසුරිනි]

පුන්‍යා චාන්දනී ද සිල්වා

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article