දරුවන්ගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් දෙමව්පියන්ගේ ඇල්ම, බැල්ම බොහොම ඉහලයි. අධ්‍යාපනය දරුවාගේ අනාගතය තිරණය කරන ප්‍රධාන සාධකයක් නිසාම ඒ සිතුවිල්ල බොහොම සාධාරණයි. ඒත් දරුවන්ට අධයාපනය වෙනුවෙන් මග පෙන්වීම, මෙහෙයවීම වගේම ඔවුන්ට පාසමට ගැලපෙන විදිහට පරිසරය සකස් කර දීමත් දෙමව්පියන් විදිහට ඔබේ වගකීමක්. එහෙමනම් දරුවාගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් ගැලපෙන පරිසරයක් නිර්මානය කරන්නේ කොහොමද…?
පාඩම් කිරීමට ගැලපෙන ස්ථානය…
දරුවන්ට පාඩම් කටයුතු කිරීමට ඔවුන්ට ගැලපෙන පරිසරයක් සකස් කර දීම ඉතාම වැදගත්. එහිදී ආලෝකය හොදින් ලැබෙන තැනක් පිළියෙල වෙනවා නම් වඩාත් හොදයි. නිසි ආලෝකය නොලැබෙන තැනකදී දරුවාට පොත පත කියැවීම බොහොම අපහසුයි. ඒ නිසා අසීරුවෙන් පොත පතට ඇස යොමු කිරීම නිසා අවධානය ඌන වීම පමණක් නොවෙයි, ඔවුන්ගේ ඇස් පෙනීමේ ගැටළුත් ඇති වෙන්න පුලුවනි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවාගේ පාඩම් මේසය හොදින් ආලෝකය ලැබෙන තැනක සැලසුම් කර දෙන්න.
එළිමහනත් හොදයි..
පාඩම් කරන්න කාමරයක්, මේසයක් ඉදිරියම අවශ්‍ය නැහැ. එලිමහනේ ගසක් යට, එහෙම නැත්නම් ගෙවත්තේ බංකුවක වුනත් දරුවාට පොත් පත් කියවීමට පුරුදු කරන්න. එළිමහන් පංතිකාමර ගැන විද්‍යාත්මක අද්‍යනයන් නොතිබුන අතීතයේදී දිනපතා පාසලේ බොහෝ පංති පැවැත්වුනේ විදුහල් වත්තේ අඹ ගහක්, වගේ පරිසරයකදි. එවිට හොදින් ආලෝකය විතරක් නොවෙයි, වාතය සහ සුලං නිසා ලැබෙන සිසිල් පරිසරයත් ඉගෙණුම වෙනුවෙන් ගැලපෙන හොඳම පරිසරය දරුවන් වෙනුවෙන් නිර්මානය වුණා. බිත්ති අතර සිරගත වෙනවාට වඩා එළිමහන දරුවාගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් වඩාත් ගැලපෙනවා.
නිශ්ශබ්දතාවය
දරුවන්ගේ ඉගෙනුම වෙනුවෙන් නිවසේ නිශ්ශබ්දතාවය වඩාත් වැදගත්. දරුවන්ගේ හිත් බොහොම චංචලයි. ඒ නිසා හැම පැත්තකින්ම ඇසෙන සද්ද බද්ද වෙනුවෙන් හිත දුවනවා. ඒ නිසා නිශ්ශබ්ද පරිසරයක් ඉතාම වැදගත්.තවත් දෙයක් තියෙනවා. අලල්පු ගෙදර පාඩම් කරන වයසේ දරුවන් සිටිනවා නම් ඔබේ නිවසේ ගුවන්විදුලිය, රූපවාහිනයේ ශබ්දය බිත්ති හතරට සීමා කර ගන්න. අද නාගරික පළාත්වල මේ තත්වය ඉතාම ගැටුම්කාරී විදිහට බලපානවා. ඒ නිසා අලල්පු ගෙදර ඉන්නේත් මගේම දරුවා වගේ පාඩම් කරන දරුවෙක්ය යන මානසිකත්වය තිබුනොත් මොන තරම් හොදයිද…?
සැලසුම වැදගත්…
දරුවන්ට පාඩම් කරන්න කියන බලපෑම වගේම ඔවුන් පාඩම් කරන්නේ කොහොමද ? ගැනත් දෙමව්පියන් අවදියෙන් සිටිය යුතුයි. කාමරයට වෙලා ඔරලෝසු පැය ගත කල පමනින්ම දරුවා පාඩමක් කළා යැයි සතුටු වීමට බැහැ. ඒ කාලවේලාවෙන් ඔහු ග්‍රහණය කළ ගත් දේ වඩාත් වැදගත්. ඒ නිසා දරුවා කාමරයේ ගත කරන කාලය ගැන ඔබ පිටතට වෙලා සතුටු වීම පමණක් ප්‍රමාණවත් නැහැ ඔවුන්ට පාඩම් කරන ආකාරය ගැන සැලසුමක් සකස් කර දෙන්න.
උත්තේජන මිසක් බලපෑම් එපා..
දරුවා පාඩම් කරන ආකරය ගැනත් සොයා බැලීමට අද දෙමව්පියන්ට හැකියාව තිබෙනවා. බොහෝ දෙමව්පියන් අද වෙන විට යම් අධ්‍යාපන මටට්මක සිටින නිසා එය අපහසු කාර්යක් නොවේවි. හැම දරුවෙක් ම බුද්ධිමත්. ඒත් එම බුද්ධිය ක්‍රියාත්මක වීමේදී යම් යම් වෙනස්කම් දක්නට ලැබෙනවා, සමහර දරුවන් කුඩා කල සිට ම විශේෂ දක්ෂතා දක්වනවා. ඒ දරුවන්ට දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් නිසි උත්තේජනයක් නොලැබුණොත් එම දක්ෂතා විනාශ වෙනවා.”
ඒ වගේ ම කුඩා කාලයේදී දක්ෂතා නොදක්වන දරුවන් පසුකාලීනව ඇති වන පාරිසරික උත්තේජන නිසා ශීඝ්‍රයෙන් සාර්ථකත්වයට පත් වන බවත් ළමා මනෝ වෛද්‍ය විද්‍යාඥයින්ගේ පිළිගැනීමයි. ඒ නිසා අනවශ්‍ය පීඩනයක් ලබා දෙනවාට වඩා දරුවාට නිදහසේ පාඩමට ඉඩ දෙන්න. විභාගවලින් මනින්නේ දරුවාගේ බුද්ධිය නොව ආවර්ජනය කිරීමේ හැකියාවයි. ඒ නිසා විභාග ඉලකක් කර ගෙන ලකුණු සතුටුදායක නොවුනත් දරුවා මෝඩයෙක් නොවන බැව් දෙමව්පියන් විසින් තරයේම මතක තබා ගත යුතුයි. ඒ නිසා නිතරම ඉගෙනුමට උත්තේජන ලබා දෙන්න.
කම්මැලියි අම්මේ….
සමහර විට දරුවා පොත පත වෙනුවෙන් මේ විදිහට කිව්වොත් ඒ වේලාවට පාඩම වෙනුවෙන් බල කරන්නඑපා.ඔබ තර්ජනයෙන් කිව්වොත් දරුවා පොත අතට ගතත්ද එයින් කිසිම දෙයක් ධාරණය කර ගැනීමට ගැලපෙන මානසිකත්වයක් ඔහු තුළ නොවනු ඇත. ඒ නිසා නිතරම දරුවා කම්මැලිකමක් දක්වන විට බලපෑම් කිරීම එතරම් සුදුසු නැහැ. ඒත් අකුරට කම්මැලි වීම හොඳ දරුවෙකුගේ ගති ලක්ෂණයක් නොවන බව කරුණාවෙන් කියා දෙන්න.
අල්ලපු ගෙදර දරුවාගේ ලකුණු හෝ පාඩම් කරන කාලය අදාලම නැත.
අද බොහෝ දෙමව්පියන් ආවේශ වෙන්නේ තමාගේ දරුවා පාඩම් නොකරනවාට වඩා අල්ලපු ගෙදර දරුවා පාඩම් කිරීම නිසා ඇති වුන යම් ඉරිසියා සහගත සිතුවිල්ල නිසයි. ඒත් මේ අවස්ථාව අපට අදාල නැහැ. ඔබ යොමු විය යුත්තේ දරුවා ඉගෙණුමට යම් කම්මැලිකමක් දක්වනවා නම් ඒ ඇයි යන්නට පිළිතුරු සෙවීම පමණි. දරුවා උදාසීන වීමට ඇති පසුබිම දැන හදුනාගෙන ඒ වෙනුවෙන් විකල්ප සොයා ගත් විට ඔබේ දරුවාගේ පසුගාමී බවට විසදුම් සොයා ගැනීම එතරම් අපහසු නැත.