- Advertisement -

දරුවාගේ හෙට දවස අද ගොඩ නගන්න.

-

දරුවන් හදන වඩන හැම දෙම්පියෙකුගේම අනාගත බලාපොරොත්තුව වෙන්නේ තමන්ගේ දරුවා පෞරෂයෙන් පිරුන සහ මහපොළවට බරක් නොවුන පුද්ගලයෙක් බවට පත් කිරීමයි.ඒත් දෙමව්පියන් නොහිතන විදිහට දරුවා වෙතින් විවිධ දුර්වලතාවයන්  ඇති වෙන්න පුලුවන්.බොහෝ දෙනෙක් විසින් දරුවාගේ බාලකාලය ගැන එතරම් අවධානයක් යොමු නොකලත් වැඩිහිටියෙකු ලෙසින් ඔවුන් අනාගතයට පිවිසෙන දිනකට ගැලපෙන සුන්දර පරිසරයක් අද දවසේ පටන් නිර්මානය කිරීම ඉතාම වැදගත්.ඒ වෙනුවෙන් දෙමව්පියන් අද පෙළ ගැසිය යුත්තේ කෙසේද…?

චර්යා දුර්වලතාවයන් ඇති වැඩිහිටියෙකු බවට පත් වීම

- Advertisement -

දරුවෙකුට ළමා කාලය සුන්දර අත්දැකීමක් ලෙසින් ගෙවන්නට අවසර ලබා දීම වැඩිහිටියන්ගේ වගකීමක් විය යුතුයි.ඒත් අද බොහෝ දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය සුන්දර අන්දමින් ගෙවන්නට අවසරයක් ලැබෙන්නේ නැහැ.ඒ නිසා වැඩිහිටියන් ලෙසින් ඔබ දරුවාගේ බාල කාලය සැහැල්ලුවෙන් සතුටින් ගෙවන්නට අවසර නුදුන්නොත් ඔවුන් අනාගතයේදී විවිධ චර්යා දුර්වලතාවයන් සහිත පුද්ගලයන් බවට පත් විය හැකියි. ඒ නිසා අනාගතයේදී ඔබේ දරුවා චර්යා දුබලතාවයන් නැති  වැඩිහිටියෙකු ලෙසින් ජීවත් වෙනු දකිනු රිසි නම් ඔවුන්ගේ ළමා කාලය නිදහසේ ගෙවන්න අවසර ලබා දීම ඉතාම වැදගත්. ඇතැම් වැඩිහිටියන් අතර වුනත් සමාජය ප්‍රිය නොකරන, සහජීවනය ගොඩ නගා ගැනීමට අපහසු ගති ලක්ෂණයන් ඔබටත් හුරු පුරුදු ඇති. මේ අන්දමින් විවිධ දුර්වලතාවයන් සහිත හැසිරීම් ඇති වැඩිහිටියන් සමාජයේදී මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන නිසා බාල කාලයේ පටන්ම දරුවාගේ හැසිරීම් ගැන දෙමව්පියන් ගේ අවදානය යොමු වීම ඉතාම වැදගත්.

ජීවිතය අසතුටින් ගෙවන වැඩිහිටියෙක් වුනොත්..

දරුවන්ට ළමා කාලය ඉතාම සතුටින් ගෙවීමට ඉඩ දීම ඉතාම වැදගත්. යම් ලෙසකින් ඔවුන්ට ළමා කාලය දුක් සහිත අත්දැකීමක් බවට පත් වුනොත් එහි ප්‍රතිචාර ඉතාම අයහපත් ලෙසින් අනාගතයට බලපානු ඇත.ළමා කාලයේ අසතුටින් ගෙවන දරුවන් අනාගතයේදීත් දුක් වේදනාවන් නොමැති වුනත් කනස්සලු සහගතව ගෙවන පුද්ගලයෙක් බවට පත් වෙනු ඇත. ඒ නිසා දරුවාට ඔවුන්ගේ ළමා කාලය සතුටින් ගෙවන්නට ඇවැසි පරිසරයක් සලසා දීම ඉතාම වැදගත්.

පූර්ණ පෞරෂයක් නැති විය හැකියි.

ළමා කාලයේදී දරුවාට අවශ්‍ය වන්නේ ආදරය, ආරක්ෂාව හා රැකවරණයයි. මේ පරිසරය නොමැති වූ විට දරුවාගේ ආත්ම ශක්තිය, ආත්මාභිමානය සහ තමන් අනාරක්ෂිතය යන සිතුවිලිවලින් සන්නද්ධ වෙනු ඇත. ඒ නිසා ඔවුන් තුළින් ගොඩ නැගෙන හීනමානය, ආත්ම විශ්වාසයක් නොමැති වීම වැනි පෞරෂ දුබලතාවයන් නිසා වැඩිහිටි අවධියේදී වුනත් දරුවාට සමාජයේ පූර්ණ පෞරෂයකින් යුක්ත චරිතයක් ලෙසින් සිය ශක්තිය ගොඩ නගා ගැනීම අපහසු විය හැකිය.

බෝනොවන රෝගයන්හි ගොදුරක් වීම

අද බෝනොවන රෝගාබාධයන්ගෙන් බොහෝ දෙනා පීඩා විදින්නේ ඔවුන්ගේ ළමා කාලයේදී දෙමව්පියන් විසින් නිසා හැඩ ගැස්මක් නොවුන නිසයි. දරුවන්ගේ ආහාරවේල සහ ජීවන රටාව බාල කාලයේදී පටන්ම හැඩ ගැසිය යුතුයි.. ඒත් අද දෙමව්පියන් තමන්ගේ පහසුව මුල් කර ගෙන දරුවන්ට ක්ෂණික ආහාර වගේම රසකාරක සහ වර්ණකාරක යෙදූ ආහාරපාන වෙනුවෙන් ඇති නැඹුරුතාවය නිසාම බොහෝ දරුවන් අතරත් දියවැඩියාව , කොලස්ටරෝල් වැනි රෝග තත්වයන් ඇති වී තිබෙනවා. ඒ වගේම දරුවන් අතර සෙල්ලමට කිසිම අවසරයක් දෙමව්පියන්ගෙන් ලැබෙන්නේ නැහැ.මීටර් සියයක දුරක්වත් පයින් යෑමක් නැහැ. මේ තත්වයන් නිසා අද දරුවන් බෝනොවන රෝගාබාධයන්ට ගොදුරු වෙන ප්‍රවනතාවය ඉතාම ඉහලයි.

උසස් අධ්‍යාපනය කඩා වැටීම

දරුවෙක් උපන්දිනයේ පටන්ම දෙමව්පියන්ගේ අපේක්ෂාව වන්නේ අධායාපනයෙන් ඉහළම තැනකට දරුවන් පත් කිරීමයි. ඒ අරමුණ ඔස්සේ ඔවුන් බාල කාලයේ පටන්ම දරුවා ඉගෙනුම් කටයුතු වෙනුවෙන් මෙහෙයවීමට පටන් ගන්නවා. නමුත් දෙමව්පියන්ගේ බලාපොරොත්තු බිද දමමින් දරුවන් තමන්ගේ අධ්‍යාපනය කඩා ඉහිරුවා ගන්නා තත්වයට  පත් වෙනු ඇත.

අපයෝජනයට පත් වීම

ඔබ ඇහේ මුහුණේ තබා ගෙන දරුවන් හදා වඩා ගත්තත් සමාජය් හෝ නිවසේදී හෝ ඔවුන් අපයෝජනයට පත් වීමට තිබෙන ඉඩ ප්‍රස්ථාවත් අමතක නොකළ යුතුයි. ඔබ දරුවාට ආරක්ෂාව උපරිම ලෙසින් ලබා දුන්නත් ඔබෙන් දුරස් වුන තැනදී ඒ සුරක්ෂිතබව දරුවාට අහිමි වීමට පුලුවන. උදාහරණයක් විදිහට අද දවසේ බොහෝ දරුවන් අපයෝජනයට පත් වන්නේ ඔවුන්ගේ පවුලේ හිතවතුන් සහ ඥාතීන්ගෙන් නිසා මොනතරම් හිතෛෂී වුනත් එයින් දරුවාගේ ජීවිතයට ඇති අවදානම ගැනත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය

දරුවන් මල් මෙන් මෘදුය. සුන්දරය. ඒ නිසා මේ මුදු මොලොක් මල් සුලු දෙයින් වුව තැලීමට, රිදවීමට පත් විය හැකිය. දරුවන්ට දඬුවම් කිරීම සාමාන්‍ය දෙයක් වුවත් එය ආදරයෙන් මිසක අනාදරයෙන් නොවිය යුතුය.නමුත් බොහෝ විට නිවස තුළ පියාගේ බීමත්කම, මවගේ පීඩනය දරුවා වෙතින් මුදා හරින මානසිකත්වය නිසා දරුවන් නිවසේදීම දැඩි ප්‍රචන්ඩත්යකට පත් වෙන අවස්ථාවන් ගැනත් අමතක කරන්න එපා. බාල කාලයේදී ප්‍රචන්ඩත්වයට පත් වෙන දරුවන් අනාගතයේදී ඉතාම දරුණු මානසිකත්වයක් සහිත පිරිසක්  බවට පත් වීමත් නොවැලැක්විය හැකි නිසා නිවසේ ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් දරුවාට ප්‍රසන්න තැනක් බවට පත් කිරීම ඉතාම වැදගත්.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article