- Advertisement -

පැටියාට කිරි දෙන අම්මාට කෙසෙල් ගුණයිද…?

-

දරු ප්‍රසූතියෙන් පසුව දරුවාට කිරි දෙන අම්මාට ආහාරයට ගත යුතු සහ නොගත යුතු ආහාර ගැන වැඩිහිටියන්ගෙන් තහංචි බොහොමයක් ලැබෙනවා. අම්මා ආහාර මගින් ලබන පෝෂණය දරුවාටත් බලපාන නිසාම කිරි දෙන කාලයේදී අම්මාගේ ආහාර ගැන හැම දෙනාම උනන්දුවක් දැක්වීම බොහොම සාධාරණයි. මේ අතර කිරි දෙන අම්මා කෙසෙල් ආහාරයට ගැනීමෙන් ලබන වාසි ගැන දැනගන්න ඔබත් කැමැති ඇති නේද..

අපට ඉතාම පහසු මිලකට වගේම ඕනෑම ප්‍රදේශයකින් මිලදී ගන්න පුලුවන් කෙසෙල් බොහොම ගුණදායක පළතුරක්. කෙසෙල්වල සැලකිය යුතු ප්‍රමාණයේ ක්ෂුද්‍ර පෝෂක හා ජෛව ක්‍රියාකාරී සංයෝග වන ෆීනොලික්ස්, කැරොටිනොයිඩ්ස්, ජෛවජනක ඇමයින සහ ෆයිටොස්ටෙරෝල් වැනි සංයෝග අඩංගුයි. මේවා අම්මාට වගේම දරුවාගේ පෝෂණයටත් ඉතාම වැදගත්.

- Advertisement -

කෙසෙල්වලින් ලැබෙන ගුණ

  • දරු උපතකින් පසුව කිරි දෙන අම්මාට  දිනකට   109Kcal ප්‍රමාණයක අතිරේක පරිභෝජනයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ අතිරේක මාත්‍රාව මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියකින් සපුරා ගන්න පුලුවන් බැව් ඇසුවොත් ඔබටත් සතුටක් දැනේවි.
  • දරු ප්‍රසුතියකින් පසුව අම්මාගේ සෞඛ්‍යයත් ඉතාම වැදගත්. අම්මා ලෙඩ වුනොත් පැටියාගේ කිරි ටිකත් අහිමි වෙන නිසා කිරි දෙන අම්මා නිතරම තමන්ගේ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් දක්වන්න ඕන. කෙසෙල්වල අඩංගු එය පොටෑසියම්, විටමින් බී 6, තඹ, මැන්ගනීස් සහ තන්තු මගින් මේ අවශ්‍යතාවය අම්මාට නොඅඩුව සැපයීමට සූදානම්.
  • දරු ප්‍රසූතියෙන් පසුව අම්මාට ඇති වෙන පසු මානසික අවපීඩනය ඉතාම නරක තත්වයක්. මේ නිසා ඇතැම් මව්වරු සිය දිවි නසා ගැනීමට තරම් යොමු වෙන අවස්ථා තිබෙනවා. කෙසෙල්වල ට්‍රිප්ටෝෆාන් නම් ඇමයිනෝ අම්ලයක් අඩංගු වන අතර එය දරු ප්‍රසූතියෙන් පසු මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ. ශරීරය ට්‍රිප්ටෝෆාන් භාවිත කරන්නේ මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීමට උපකාරී වන හොඳ හෝමෝනයක් වන සෙරොටොනින් නිපදවීමට සහ ඔබට හොඳ හැඟීමක් ලබා දීමෙන් ඔබේ මනෝභාවය වැඩි දියුණු කරනවා.
  • කිරි දෙන අම්මාගේ තරබාරුව මට්ටු කරන්න සිදු වෙන අවස්තාවනුත් නැත්තේම නැහැ. මේ කාලයේදී කිරි වෙනුවෙන් ආහාර ගැනීම නිසා ඒ තත්වය ඇති වුනත් කෙසෙල් ආහාරයට ගන්නා විට එක්තරා වාසියක් තිබෙනවා. කෙසෙල්වල පිෂ්ටය වැඩි වේලාවක් ආමාශයේ රැදී තිබෙන නිසා බඩගින්න පාලනය වෙනවා. ඒ හින්දා අම්මාට නිතර නිතර ආහාර අවශ්‍ය වෙන්නේ නැහැ. පෝෂණයත් මැනවින්ම ලැබෙනවා. කෙසෙල්ගෙඩියකින් ලැබෙන මේ නියාමනය නිසා අම්මා අනවශ්‍ය තරබාරුවෙනුත් වලකා ගන්නවා.
  • කෙසෙල් නිසා මහ අන්ත්‍ර ආශ්‍රතව ප්‍රෝබියෝටික් මට්ටම ඉහළ යෑම නිසා පෝෂණය අවශෝෂණය කර ගැනීමත් ඉතාම පහසුයි. ඒ විතරක් නොවෙයි, කෙසෙල්වලට ආම්ලිකතාවය උදාසීන කිරීමේ හැකියාව තිබෙන නිසා ආහාර ජීරණය පහසු කරනවා විතරක් නොවෙයි, ජීරණ ගැටළුවත් අවම කිරීමට උපකාර වෙනවා.
  • ඒ වගේම කෙසෙල්වල අඩංගු විටමින් සී සහ බී 6, සහ ෆීනෝල් ​​සහ ෆයිටොස්ටෙරෝල් වැනි ජෛව ක්‍රියාකාරී සංයෝග මගින්  ප්‍රතිඔක්සිකාරක ශක්තිය ගොඩ නගමින් අම්මාගේ ප්‍රතිශක්තිය වැඩිදියුණු කරනවා.

කෙසෙල් ගෙඩි සහ සලාද වගේ විතරක් නොවයි, විවිධ විදිහට ආහාරයට ගැනීමට පුලුවනි.

  • පෙති කපන ලද කෙසෙල් ඔබේ පෑන්කේක් එකට එකතු කර එය රසවත් කරන්න. 
  • පාන් සමග කෙසෙල් පෙති සහ බටර් තේ හැන්දක් ගන්න. 
  • යෝගට් සමඟ පෙති කපන ලද කෙසෙල් ගෙඩියක් ගන්න. 
  • පළතුරු සලාද හා පුඩිං වලට කෙසෙල් එකතු කරන්න. 
  • ඕට්ස් සමග කෙසෙල් හා කිරි එකතු කර ගෙන ආාහරයට ගන්න.
  • කෙසෙල් පළතුරු යුෂ විදිහටත්  පානය කරන්න පුලුවනි.

තොරතුරු MomJunction

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article