- Advertisement -

චූටියාට අවුරුද්දයි. මෙතන ඉඳලා ඉස්සරහට කොයි විදියට වෙනස් වෙයිද?

-

චූටියා දවසින් දවස ලොකු වෙන හැටි අම්මා බලන් ඉන්නේ හරිම ආසාවෙන්. ඒත් සමහර වෙලාවට එයාගේ පුංචි පුංචි වෙනස්කම් අම්මාට නුහුරුයි. ඉතිං අම්මා බය වෙනවා. කෑම හිරවෙයිද? ඇවිදින්න උත්සාහ කරද්දී චූටියා වැටෙයිද? අම්මාට ප්‍රශ්න ගොඩක්. ඉතිං අම්මා කැමති ඇති චූටියාගේ ශාරීරික වගේම මානසික ක්‍රියාකාරකම් ගැනත් දැනගන්න. අපි අද කතා කරන්නේ චූටියාට අවුරුද්දේ සිට වයස අවුරුදු තුන දක්වා කාලය තුළ සිදුවන වෙනස්කම් ගැන.

අවුරුද්දේ සිට වයස අවුරුදු තුන දක්වා කාලය මොනවද චූටියාගේ ශාරීරික ක්රියාකාරකම්

- Advertisement -

දැන් නම් ඔන්න බෑ කියලා කිසිම දෙයක් මේ චූටියා අතඅරින්නේ නෑ. මොනවා දැක්කත් එතනට යන්න තමයි උත්සාහ කරන්නේ. දැන් ඔන්න අපේ චූටියා,

 

  • නැවතී ඇති වස්තුවක් දෙසට ඇවිද යයි.

 

  • මොහොතක් උදව් නැතිව සිට ගනී.
  • තනිව පියවර 2-  3 ක් ඇවිද යයි.
  • උදව් නැතිව වාඩි වෙයි.
  • කැරැව් කරයි. (Crawls)
  • අත් හා දණහිසින් බඩගායි.
  • යමක් අල්ලා ගැනීමට මහපටඟිල්ල හා දබරඟිල්ල උපයෝගී කරගනී.
  • යමක් බඳුනක් තුළට දමයි, බඳුනින් ඉවතට ගනියි.
  • ඇඳුමක් අන්දන විට පාද හා අත් දිගහැර උදව් කරයි.
  • යමක් සවේඡචාවෙන් අතහරියි.
  • සරල වාචික ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වයි.
  • වචන අනුකරණයට උත්සහ කරයි.
  • යම් යම් වස්තුන් සෙලවීම, අතහැරීම, විසිකිරීම, බිම දැමීම කරයි.
  • සැඟවූ යමක් පහසුවෙන් සෙයා ගනී.
  • රූපයක් නමක් කීවිට දෙස බැලීම පුද්ගලයන් අනුකරණය කරයි.
  • යම් වස්තුවක් නිවැරදිව භාව කිරීමට පටන් ගනී.

උදා: දත් මැදීම, කෝප්පයකින් බීම, දුරකතනය ගැනීම

  • වැටෙන්නේ නොමැතිව දිවීමට පඩි පෙලක ඉහළ පහළ යාමට අවු.2-3 දී දරුවා හුරු වේ.

 

චූටියාගේ භාෂාව හැසිර වීම හා සන්නිවේදනය

 

  • වචන 2 – 3 උපදෙස් අනුගමනය කරයි. උදා: දත් මැදීම
  • එක් වරකට වාක්‍ය 2 – 3 භාවිත කරයි. සාකච්ඡාවක යෙදේ.
  • සර්ව නාම භාවිතය පිළිබඳව අවබෝධ කරගනී. උදා: මම, අපි
  • සමහර බහු වචන ඉගෙන ගනී. උදා: බළලුන්, කාර්
  • පොදු වස්තූන් නම් කර උඩ, යට ආදී වචන අවබෝධ කරගනී.
  • පැහැදිලිව කතා කරයි. අමුත්තන් පවා හඳුනාගනී.

 

චූටියාග් චලනයන් හා කායික හැකියාවන්

  • නැඟීම හා දිවීම හොඳින් සිදු කරයි.
  • පැනීම හා තනි කකුලෙන් සිට ගැනීම කරයි
  • ට්‍රයිසිකල් පැදීම කරයි.
  • එක් කකුලක් භාවිත කරමින් පඩි නැඟීම බැසීම කරයි.

 

චූටියාගේ සමාජීය හා චිත්තවේගීය දක්ෂතා (Emotional Skills)

  • වැඩිහිටින් හා යහළුවන් කරන දෑ කරයි.
  • උදව් ඇතිව ඇඳුම් ගලවයි.
  • මගේ, ඔහුගේ, ඇගේ යන වචන පිළිබඳව අදහසක් ඇත.
  • ගෙදර වැඩවලට උදව් කිරීමට කැමතියි.
  • ආදරය විවෘතව පෙන්වයි.
  • දිනපතා කරන දේවල්වලට කැමතියි. වෙනසක් වුවහොත් ගැටලුවක් වේ.
  • යහළුවන් තරහ වූ විට ගැන අවධානය වැඩි වේ.
  • විශාල පරාසයක හැඟීම් පෙන්වයි.

 

චූටියාගේ සීතිමේ හා මානසික දක්ෂතා (Thinking and Mental Skills)

  • බ්ලොක්ස් 2 – 3 යොදාගෙන කුලුණක් සාදයි.
  • රවුම් පිටපත් කරයි.
  • දෙක යන්න හඳුනයි.
  • කතාන්දර සාදයි. රඟපායි.
  • පාටවල් නම් කරයි.
  • දැති සහිත බඳුනක පියන කරකවා ඇරීම හා වැසීම කරයි. දොරක සොයිබය කරකවයි.

 

චූටියා බලාගන්න අය මෙන්න මේ දේවල් දැනගන්නම ඕනේ

  • යම් යම් දෙයට ඇඟිල්ල දිගුකර ඒවා නම් කරන්න. චූටියා සමඟ නිරතුරුව කතා කරන්න. සෙල්ලම් කරන්න.
  • ආහාර ගන්නා විය පවුලේ අන් අය සමග අන්තර් සබඳතා ඇති කර ගැනීමට උනන්දු කරවන්න.
  • චූටියාගේ වර්ධනය සෙමින් සිදුවන්නේ නම් හෝ කායික දුබලතාවයක් ඇත්නම් චූටියාගේ හැකියාවන් කෙරෙහි අවධානය යොමු කරන්න. චූටියා අමතර උත්තේජනය හා අන්තර් ක්‍රියා සඳහා අවස්ථාව සලසන්න
  • චූටියා එකම ඉරියව්වක එක දිගට පැය කිහිපයක් නොතබන්න.
  • අනතුරු වැළැක්වීම සඳහා චූටියා සිටින ප්‍රදේශය හැකි පමණ ආරක්ෂා කරන්න.
  • මව් කිරිදීම නොකඩවා සිදු කරන්න. චූටියා ප්‍රමාණවත් ආහාර ලබාදෙන්න. ආහාර වේලට විවිධත්වයක් එක් කරන්න.
  • හැන්දක් හා කෝප්පයක් යොදාගෙන ආහාර ගැනීම අත්හදා බැලීමට අවස්ථාව දෙන්න.
  • ඉහත උපදෙස් චූටියා අවුරුදු 1 – 2 අතර කාලයට වැදගත් වේ.

 

චූටියාට අවුරුදු 2 වන විට

  • චූටියා සමඟ පොත පත කියවන්න. ගී ගයන්න. නැතහොත් සෙල්ලම් කරන්න.
  • අනතුරුදායක උපකරන හා ද්‍රව්‍යවලින් චූටියාට ඈත්ව සිටීමට උගන්වන්න.
  • චූටියා සමඟ සාමාන්‍ය ලෙස කතා කරන්න. තොඳොල් වචන භාවිතයෙන් වළකින්න.
  • මව්කිරි දීම නොනවත්වා කරගෙන යන්න. චූටියා ප්‍රමාණවත් තරම් හා විවිධ ආහාර, පවුලේ ආහාර වේල තුලින් ලැබෙන බවට වගබලා ගන්න.
  • ආහාර ගැනීමට චූටියා උනන්දු කරවන්න. නමුත් බල කිරීමෙන් වළකින්න
  • සරල නීති පනවන්න. එසේම සාධාරණ අපේක්ෂාවන් තබාගන්න.
  • චූටියා ලබන ජයග්‍රහණ හැකියාවන් ප්‍රශංසාවට ලක් කරන්න.

 

චූටියාට අවුරුදු 3 වන විට

  • දරුවා සමඟ පොත් කියවීම හා බැලීමේ යෙදෙන්න. පිංතූර ගැන කථා කරන්න
  • දරුවාට කතාන්දර කියන්න. නැලවිලි ගී හා ගීත ගායනා කරන්න.
  • චූටියා ආහාර දීමේදී ඔහුට ඇයට අයත් භාජනය, පිඟාන ලබාදෙන්න.
  • ආහාර ගැනීමට චූටියා උනන්දු කරවන්න. සඳහා හැකි තරම් කාලයක් ලබාදෙන්න.
  • චූටියා ඇඳුම් ඇඳීම, දෑත් සේදීම, වැසිකිලි භාවිතය යනාදිය ඉගෙනීමට උනන්දු කරන්න.

 

චූටියා උදව් කිරීමේදී

  •  සෙල්ලම් කරන්න චූටියා ඇති තරම් කාලයක් ලබාදෙන්න.
  • චූටියා වාහනයක ගමන් කරන විට හෝ නිවසින් පිටතට ගිය විට ඇය/ඔහු දකින දේ ගැන විමසන්න.
  • නින්දට පෙර කරන දෑ පිළිබඳව දැනුවත් කරන්න
  • යහලුවන් සමඟ සෙල්ලම් කිරීමට වැඩි කාලයක් ලබාදෙන්න.
  • දිනපතා කතාන්දර කියාදෙන්න. ඒවායෙන් ප්‍රශ්න අසන්න.
  • පාට කිරීම, ඇඳීම ආදී ක්‍රියාකාරකම්වලට චූටියා උනන්දු කරවන්න.
  • චූටියා සමඟ කතා කරන්න. ඇහුම්කන් දෙන්න. උදා: දවල් දවසේ යහලුවන් සමඟ සෙල්ලම් කරන විට සිදු වූ දෑ විමසන්න.

 

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article