දැන් නම් අම්මාට චූටි පැටියා ගැන හොඳ අවබෝධයක් වගේම දැනුවත් බවකුත් තියෙනවා. චූටියා උස් මහත් කරගන්න එක නම් ලේසි පාසු කටයුත්තක් නෙවෙයි වුණත් මේ හුරතල් මැද්දේ අම්මාට දැනෙන වෙහෙස නම් නිකම්ම නැති වෙලා යනවා. දවසින් දවස අලුත් අලුත් දේවල් චූටියා ඉගෙන ගන්නේ කොහොමද කියලා හිතද්දී පුදුමත් හිතෙනවා නේද?
දැන් අපි බලමු මේ චූටියාගේ අවුරුදු තුනේ ඉඳලා අවුරුදු පහ වෙකන් කාලය ගත වෙන්නේ කොහොමද කියලා වගේම මොනවද චූටියාගේ ශාරීරික හා මනසික ක්‍රියාකාරකම් කියලත්
වයස අවුරුදු 3 සිට 5 දක්වා චූටියාගේ කායික ක්‍රියාකාරකම්
- ඇඳුම් ගැලවීම, ඇඳුම් ඇඳීම සිදු කරයි. නමුත් පුංචි සහයෝගයක් චූටියාට අවශ්‍ය වෙනවා.
- පහසුවෙන් තනි කකුලෙන් පැනීම, දිවීම කරයි.
- කකුල් මාරු කර පඩි නගියි.
- බර යමක් විසි කරයි.
- අත් දෙකෙන් බෝලය ඇල්ලීමට උත්සහ කරයි.
- සෙල්ලම් පිටිවල ඇති උස් ස්ථානවලට තනිව නගියි.
- මහපටඟිල්ල හා දබරඟිල්ල අතර පැන්සල රඳවයි.
- විවිධ වර්ගයේ හැඩතල ඇඳීම අනුකරණය කරයි.
- කතුර හසුරවමින් කඩදාසි කපයි.
- වැසිකිලි යාම තනිව කරයි.
- සරල දේවල් ඉගෙනීමෙන් සතුටු වේ.
චූටියාගේ සමාජීය සංවර්ධනය
- අන් ළමුන් සමඟ සෙල්ලම් කිරීමෙන් සතුටු වේ.
- විශේෂිත යහලුවෙකු සිටිය හැක.
- සම වයස් අය සමඟ බෙදාහදා ගැනීම, සිනහසීම කරයි.
- සම වයස් දරුවන් එකෙකු හෝ දෙදෙනෙක් සමඟ යම් වස්තුවක් එකිනෙක සම්බන්ධ කරයි.
චූටියාගේ භාෂාව හා සන්නිවේදන හැකියාවන්
- විරුද්ධ පද හඳුනාගනී. උදා: ලොකු – කුඩා, ස්ථාන හඟවන පද, මැද, අවසානය
- යම් යම් ද්‍රව්‍ය උපයෝගී කරගෙන ගොඩනැඟීම් කරයි. උදා: වැලි, වතුර, බ්ලොක්ස්
- බ්ලොක් 8 – 10 උපයෝගී කරගෙන කුලුණක් සාදයි.
- සරල ප්‍රශවලට පිළිතුරු දෙයි.
- දීර්ඝ අවධානයක් පවතී.
- සෙල්ලම් කරන විට තනිව කතා කරයි.
- සරල උපදෙස් අනුගමනය කරයි.
- සරල ඉල්ලීම් අනුගමනය කරයි. උදව් කිරීමෙන් සතුටු වේ.
- සමහර අංක හා අකුරු ලියයි.
- චරිත බොරුවට මවාපාන් රඟදක්වයි.
- යම් යම් අවස්ථා මතක් කරයි.
- යම් යම් දේවල් ගණන් කරමින් අල්ලයි.
චූටියා වයස අවුරුදු 4 – 5 වන විට
- තනිව ඇඳුම් අඳියි.
- තනි කකුලෙන් පනියි.
- සරල මිනිස් රුව අදියි.
- සෙල්ලම් කරන විට අන් අය සමඟ සහයෝගයෙන් ක්‍රියා කරයි.
- ක්‍රියා පදය අතීත, වර්තමාන, අනාගත කාලවලට අනුව නිවැරදිව භාවිත කරමින් පින්තූර විස්තර කරයි.
- තම නම, වයස ප්‍රකාශ කළ හැක.
චූටියාග් මානසික වර්ධනය සඳහා
- තනි කකුලෙන් පැනීමට අවස්ථාව දෙන්න.
- සෙල්ලම් බඩු එකට ගොඩගැසීමට හා ක්‍රමානුකූලව අසුරා තැබීමට අවස්ථාව සලසන්න.
- නොයෙක් රූප හා වර්ණ හඳුනා ගැනීමට අවස්ථාව දෙන්න.
- තනිව තම කකුල් සෝදා පිස ගැනීමට අවස්ථාව දෙන්න.
- පින්තූර කැපීමට අවස්ථාව දෙන්න.
- තම ඇඳුම්වල බොත්තම් දමා ගැනීමට හුරු කරන්න.
- “ස්තූතියි, කරුණාකර” වැනි වචන භාවිත කළ යුතු සමාජ ආචාර හුරුකරන්න.
- දරුවා අසන ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු දෙන්න. බොරු පිළිතුරු හෝ පිළිතුරු දීම ප්‍රමාද කිරීමෙන් වළකින්න.
- කඩේට යාම, ආහාර පිසීම, සෙල්ලම් බඩු පිළිවෙළකට අසුරා තැබීමට සහභාගී කරවාගන්න.
ඔන්න, චූටියාගේ දෙමාපියන්ට උපදෙස්
- ධනාත්මක මඟපෙන්නවීම් කරන්න. සෘණාත්මක මඟපෙන්වීම් වලින් වළකින්න.
- දරුවන්ගේ වැරදි ඔවුනට ඇසෙන සේ වෙනත් කෙනෙකුට කීමෙන් වළකින්න. එවිට දරුවා වේදනාවක් ඇතිවන අතර දෙමාපියන් පිළිබඳව පිළිකුලක්ද ඇති විය හැක.
- දරුවාට යම් ප්‍රශ්නයක් ඇති වූ විට වහා මැදිහත් වීමෙන් හා එය විසදීමෙන් වළකින්න. ඒ වෙනුවට දරුවා සමඟ එකතු වී ගැටලුව විසඳගන්න.
- දරුවා වෙනත් දරුවෙකු සමඟ සැසදීමෙන් වළකින්න.
- දරුවාගේ අයහපත් චර්යාවන් ප්‍රතික්ෂේප කරන්න. යහපත් චර්යාවලට අවධානය දක්වන්න.
- දෙමාපියන් තම ළමුන් හික්මවීමට යොදාගන්න ක්‍රම පිළිබඳව එකඟත්වයක් තිබිය යුතුය
- එකම වැරැද්ද සඳහා දෙන දඬුවම සියලු දරුවන්ට සමාන විය යුතුයි.
- පුහු තර්ජන කිරීමෙන් වළකින්න. කියන දේ කරන්න. කළ හැකි දේ පමණක් කියන්න.
- දරුවන්ගෙන් අසාධාරණ ඉල්ලීම් නොකරන්න.
- ළමුන් සමඟ කතා කරමින් අන්තර් සබඳතා පවත්වන්න. ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ පැහැදිලිව පවසන්න. වැඩිමහලු ළමුන් සමඟ තර්කානුකූල සංවාදයක යෙදෙන්න.
චූටියාගේ හැඟීම් හා ආවේග ශක්තිමත් කිරීමට නම්
- පැහැදිලි සාධාරණ නීති දරුවාට ලබාදෙන්න. දරුවා හොඳින් හැසිරෙන විට ප්‍රශංසා කරන්න.
- හැඟීම් ප්‍රකාශ කිරීමට උනන්දු කරවන්න. ඔබ පොත පත කියවන්න. එහි ඇති චරිතවල හැඟීම් කර පෙන්වන්න.
- රූපවාහිනී, Smart phone පරිගණකවලින් දරුවා ඈත් කර තබන්න.
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.