කොවිඩ් 19 වසංගත තත්වයෙන් ආරක්ෂාව සදහා ලෝකයේ සෑම රටක්ම පාහේ අනුගමනය කළ ලොක්ඩවුන් ක්‍රියාවලියේ පසුවිපාක ගැන දැන් කතා බහ පටන් ගෙන තිබෙනවා. සමාජ දුරස්ථබව ඇති කිරීම වෙනුවෙන් ලොක්ඩවුන් කිරීමේ ක්‍රමවේදය සාර්ථක වුනත් මේ නිසා තරුණ කණ්ඩායම්වල අනාගතයේ පැවැත්ම ගැන නම් එතරම් සුබවාදී ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ.
තරුණ පිරිස්වල මානසික පීඩනය වැඩි වීමට ඉඩ
වයස අවුරුදු 10 සිට 24 පරාසයේ පිරිස් අතර අන්තර් සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්. මේ ඔවුන්ගේ මොළයේ වර්ධනය සිදු වෙන කාලයක්.ඒ නිසාම මේ දරුවන් සමාජය ප්‍රිය කරනවා.ඔවුන් සෘජු අන්තර් සම්බන්ධතාවයන් ගොඩ නග ගැනීමට බොහොම කැමැත්තෙන් සිටිනවා.
ඒ වුනත් පැවැති තත්වය නිසා වෙනත් කිසිදු විකල්පයක් නොවුන තැන සිදු වුන ලොක්ඩවුන් තත්වය නිසා තරුණ දරුවන් නොදැනීම හුදෙකලා වුණා. මේ වෙනුවෙන් හැම රටක්ම බොහොම උජාරුවෙන් සදහන් කරන්නේ මාර්ගගත අන්දමින් එහෙමත් නැත්වම් වර්චුවල් තාක්ෂණය මගින් සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට කටයුතු සිදු කළ බවයි.නමුත් මේ අතථ්‍ය ලෝකයේ සම්බන්ධතාවයන් දරුවන්ගේ වැඩෙන මොළයේ සංවර්ධනයට සාර්ථක විසදුමක් නොවන බැව් පර්යේෂකයන් පෙන්වා දෙනවා.
හුදෙකලාව
ලොක්ඩවුන් සීමා සහ පාසල් වසා දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් දරුවන්ට සිදු විය හැකි මානසික බලපෑම් පිළිබඳ විශේෂඥයෝ අනතුරු අඟවති.හුදෙකලා වීම (Isolate) සහ සිය සගයන්ගෙන් වෙන්ව සිටීම ඔවුහු ඊට හේතු වශයෙන් පෙන්වා දෙති. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය (Unicef) පවසන පරිදි වසංගතයේ මුල් කාලයේ සමීක්ෂණ සඳහා යොදා ගත් දරුවන් සිය පවුලෙන් සහ මිතුරන්ගෙන් හුදෙකලා වී සිටීම පිළිබඳ පසුතැවිල්ලෙන් පසු වුණා.ඒ වගේම කොරෝනා වෛරසය ආසාදනය වීම සහ එයින් තමන් සහ පවුලේ අය මරණයට පත් වනු ඇතැයි බියකින්ද දරුවන් පීඩාවට පත්ව සිටියා.
නිරිත දිග ජර්මනියේ ගුරුවරියක් වන උර්සුලා ග්‍රාස් සඳහන් කරන්නේ” පළමු සතියේ එය විනෝදයක් වුනා. මොකද පාසල් යන්න නැති නිසා. ඒත් ඉතාමත් ඉක්මනින් ළමයි කනස්සල්ලට (Anxious) පත් වෙනවා,ඒ වගේම නිවසේදී, හුදෙකලා වීම කියන ප්‍රශ්නයත් එක්ක ඔවුන්ට ජීවත් වෙන්න සිද්ධ වුණා.
ඔන්ලයින් මගින් උගන්වනවානේ..
“ගුරුවරු උගන්වන්නේ ගණිතය, භාෂා සහ වෙනත් විෂයන් පමණක් නොවෙයි. සමාජගත වෙන්නේ කොහොමද, වෙනත් අයගේ ගැටලුවක් දෙස ඔවුන්ගේ පැත්තෙන් සිතා බැලීම, අන් අය සමග සෙල්ලම් කරන ආකාරය වගේ දේවල් ඔවුන් ළමුන්ට කියා දෙනවා ,” යනුවෙන් උර්සුලා ග්‍රාස් සදහන් කරනවා. ඒ නිසා ලොක්ඩවුන් වීම සමග දරුවන්ට අහිමි වුනේ පාසල විතරක් නොවෙයි.
දරුවන් කැමැත්තක් දක්වන්නේ සමුහයක් සමග සිටීමටයි.
බැඩ්මින්ටන් පිට්ටණියක් ආහ්‍රිතව සිදු කරන ලද එක් අධ්‍යනයකදී අනාවරණය කර ගත් පරිදි වැඩි පිරිසක් ඉදිරියේ ක්‍රිඩා කරන විට පිරිසක් අඩුව ක්‍රිඩා කිරීමේදී දක්වන දක්ෂකමට වඩා වැඩියෙන් ප්‍රදර්ශනය කරන බව හදුනාගෙන තිබෙනවා.මේ අනුව පර්යේෂකයන් සදහන් කරන්නේ සමාජය සමග සම්බන්ධවීම එක්තරා ආකාරයක මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක් බවයි.
වැඩිහිටි මානසිකත්වයට වඩා දරුවෙකුගේ මානසික තත්වය බොහොම වෙනස්.ඔවුන් බොහෝ දේ ප්‍රකාශ කරන්නේ නැහැ. නිහඬව විඳවනවා. මේ තත්වය නිසා දරුවන්ගේ මානසික ගැටළු ඔවුන් සමගම ඉදිරියට යෑම ඉතාම අනතුරුදායකයි.ලෝකයේ කිසිම කෙනෙකු බලාපොරොත්තු නොවුන කොවිඩ් 19 වසංගත තත්වය නිසා සිදු වුන ලොක්ඩවුන් තත්වයේ පසුවිපාක ඉදිරි පරමිපරාවට ඉතාම අනතුරුදායක ලෙසින් බලපෑමට ඉඩ ඇති බැව් දැන් අලුත්ම අධ්‍යනයක් මගින් හදුනා ගෙන තිබෙනවා. ඒ නිසා දෙමව්පියන් විසින් දරුවන් සමග සමීප වී කොවිඩ් 19 පාරිසරික මානසිකත්වය නිසා ඔවුන්ගේ අනාගත ජීවිතයත් ලොක්ඩවුන් වීමට ඉඩ දිය යුතු නැහැ.