දෙමව්පියන් පමණට වඩා දරුවන්ට ආධිපත්‍ය දක්වන්න එපා.

අම්මා ,තාත්තා දරුවන්ට සැරට ඉන්නේ ඇත්තටම ආදරය නැතුවාම නොවෙයි.සමහර දෙමව්පියන් හිතන්නේ දරුවන්ට පමණට වඩා ලං වුනොත් ඔවුන්ගේ බය සැක නැති වෙලා යහ මගට ගැනීමටත් බැරි වෙන තරම් නරක දෙයක් කියලා.තවත් දෙමව්පියන් නිතරම තමන්ගේම අණසක යටතේ දරුවන් මට්ටු කර ගැනීමට උත්සාහ ගන්නවා.

දෙමව්පියන්ගේ පැත්තෙන් මේ රටාව හරිද..?

ඔව්..හැම දෙමව්පියෙකුටම උවමනා වෙන්නේ තමන්ගේ දරුවාට අනාගතයක් සූදානම් කිරීම. ඒ නනිසාම දරුවා බාල කාලයේ පටන්ම පාලනයක් යටතේ ඔවුන් ගොඩ නැගීමට දෙමව්පියන් උත්සාහ කරනවා.ඒ වුනත් මේ දැඩි පාලනය දරුවාගේ මානසිකත්වයට වගේම ඔවුන්ගේ පෞරෂය  වෙනුවෙන් එතරම් ඵලදායී නොවන බව වර්ජිනියා විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙනවා.අද දවසේ දෙමව්පියන්ගේ දැඩි පාලනයට නතු වුනත්

මේ අධ්‍යනයේ නියැදිය බොහොම සාර්ථකයි..

මේ අධ්‍යනයේ නියැදිය බොහොම සාර්ථකයි.දැන් ඔබ හිතයි ඇයි එහෙම කියන්නේ..මේ අධ්‍යනය දවසකින් දෙකකින් අවසාන වුනේ නැහැ.අධ්‍යනය වෙනුවෙන් තෝරා ගත්තේ ඇමරිකා ගිණිකොන දිග  ප්‍රදේශයේ විවිධ සමාජ ස්ථරවල ජීවත් වුන දරුවන්184 ක් සම්බන්ධ කර ගත්තා ඔවුන් මේ අධ්‍යනයේදී දරුවාගේ වයස 13 අවුරුදු සිට 32 දක්වා වසර 19 ක තරම් වූ කාලය පුරා දිගටම ඔවුන්ගේ තොරතුරු එක් රැස් කළා. මේ පර්යේෂන ”අන්වා යැමේ “ක්‍රමවේදයට සිදු වූවක්. මෙතැනදී හැම වසරකදීම නිවසේ තත්වය,දරුවාගේ මානසිකත්වය, දෙමව්පියන් සහ දරුවා අතර පවත්නා සම්බන්ධතාවය පර්යේෂක කණ්ඩායමේ අවධානයට පත් වුණා.

ආදර සම්බන්ධතාවයන්හිදී සාර්ථක වුනේ නැහැ.

අද දරුවා හෙට තමන්ගේ ජීවිතය ගොඩ නගා ගත යුතු චරිතයක්.ඒ නිසා දරුවන්ට වුනත් ආදරය ගැන හැඟීම් දැනීම් ඇති වෙනවා.එය අමුත්තක් නොවෙයි.මෙතැන ගැටළුව ඇති වෙන්නේ නිසි වයසට පෙරාතුව ආදර සම්බන්ධතාවයන් පටන් ගැනීමයි.සමහර විට දෙමව්පියන්ගේ දැඩි පාලනයට හසු වෙලා ඉන්න නිසාම දරුවා ඒ පැත්තට යොමු වෙන එකක් නැහැ.ඒත් නිසි වයසේදී ඔවුන් පවුලක් ගොඩ නගා ගත්තාම මොකද වෙන්නේ..?

ආදර සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට නොහැකි වීමත් ගැටළුවක්..

දරුවෙක් දෙමව්පියන්ගෙන් වෙන් වෙලා තමන්ගේම ජීවිතයක් පටන් ගන්නවා.ඒ ජීවිතයේදී ඔහු වැඩිහිටියෙක්.නමුත් වයස අවුරුදු 13 ක් වැනි කාලයේදී පවා දෙමව්පියන්ගේ දැඩි තීරණ මත යැපුන දරුවෙකුට තම සැමියා හෝ බිරිඳ සමග ආදරයෙන් ජීවිතය ගොඩ නගා ගැනීමට නොහැකි තත්වයකට පත් වෙනවා.ඒ නිසා යම් වයසකදී දරුවන් වෙනුවෙන් පනවා තිබෙන දැඩි පාලනයෙන් ටිකක් දුරස් වීමත් වඩාත් හොදයි.

ඉගෙනීමේ හැකියාවන් දුර්වල වීම

මේ දරුවන්ට ඉගෙනීමේ හැකියාවන් නැතුවා නොවෙයි.නමුත් බාල කාලයේ මුහුණ දුන් දැඩි පීඩනය නිසා ඉගෙනීමේදී සාර්ථකත්වයක් පෙන්වන්නේ නැහැ.ගණිතය වැනි විෂයන්හිදී තාර්තික ඥානයෙන් දුර්වලයි. සෞන්දර්ය කටයුතු පැත්තෙන් පවා මේ දරුවන් හැකියාවන් පෙන්වන්නේ නැහැ..නමුත් ඔවුන් සහජ බුද්ධියෙන් දුර්වල පිරිසක් නොවෙයි.බාල කාලයේදී දෙමව්පියන්ගේ දැඩි පාලනය නිසාම මේ දරුවන්ගේ ඉගෙනීමේ හැකියාවන් නොදැනීම පසුගාමී තත්වයකට පත්ව ඇති බැව් වර්ජිණියා පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.

මහජන සම්බන්ධතාවයන්හිදී ඉතාම දුර්වලයි.

අපි කාටවත් තනිවම ජීවත් වෙන්න බැහැ.සමාජ සම්බන්ධතාවයන් අවශ්‍ය වෙනවාමයි.ඒ වගේම සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නා ශිල්පයත් දැනගෙන සිටම වැදගත්.දෙමව්පියන් සමග සිටින විට නම් ඒ අනුව හැසිරෙන නිසා මේ සම්බන්ධතාවයන් ගැන දරුවන්ට දැණුමක් නැහැ. නමුත් ඔවුන් ස්වාධීනව ජීවිතය ගොඩ නගා ගත් දිනට සමාජ සම්බන්ධතාවයන් පවත්වා ගැනීම ජීවිතයේ අවශ්‍යතාවයක් බව අමතක කරන්න එපා.නමුත් පුංචි කාලයේ පටන්ම දෙමව්පියන්ගේ අණසකට යටත්ව,ඔවුන් විසින්ම මෙහෙයවන සහ දෙවියන්වහන්සේ කිව්වත් දරුවන් වෙනුවෙන් ගත් තීරණ වෙනස් නොකරන දෙමව්පියන් යටතේ සිටින දරුවන්ට පසුකාලයකදී සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීම අපහසු වෙනවා.

වර්ජිනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂන පත්‍රිකාවක තොරතුරු ඇසුරිනි

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here