පැටියාගේ මුහුණ හාපුරා දකින අවසරය තාත්තාටත් දෙමු

කාන්තාවක් අම්මෙක් බවට පත් වීම ජීවිතයේ බොහොම සුන්දර වගේම ජීවිතයත් මරණයත් අතර සටනක් කිව්වත් වරදක් නැහැ. දරුවාගේ ජීවිතය වගේම අම්මාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ නිළධාරීන් දරණ වෙහෙසට අම්මාගේත් සහය අවශ්‍ය වෙනවා.හැම කාන්තාවක්ම මේ අවස්ථාවට එක අන්දමින් මුහුණ දෙන්නේ නැහැ. එක් එක් අයගේ ප්‍රතිචාරත් වෙනස්.නමුත් තමන්ගේ සැමියා හෝ ජීවිතයට හයිය දෙන පුද්ගලයෙක් ඇය සමග සිටිනවා නම් ප්‍රසුත කාර්යේදී ගැබිණි අම්මාට ඇත්තටම සහයෝගයක් ලැබෙයි නේද..

මේ සංකල්පය අපේ රටට නම් අලුත්..

අපේ රටේ තවමත් මේ වෙනුවෙන් අවසර නැති වුනත් ලෝකයේ බොහෝ රටවල බිරිදගේ දරු ප්‍රසුතිය සිදු කරන අවස්ථාවේදී සැමියාට ඒ අසල සිටීමට අවසර තිබෙනවා. දැනට පෞද්ගලික රෝහල්වල නම් සැමියාට තමන්ගේ බිරිද දරු ප්‍රසුතිය සිදු කරන අවස්ථාවේදී ඇය සමග රෝහලේ රැදී සිටින්න පුලුවනි.නමුත් රජයේ රෝහල්වල තිබෙන තදබදය නිසා මෙ තත්වයක් වෙනුවෙන් අවස්ථාව සැලසීම ඇත්තටම අපහසුයි.ඒ වුනත් දරුවා ලැබෙන අවස්ථාවේදී අම්මා සමග ඇගේ හිතවත්ම සැමියා, සැමියාගේ අම්මා තමන්ගේ අම්මා හෝ පුංචි අම්මා ,සහෝදරියක් වැනි අයෙකුට රැඳී සිටින්නට අවස්ථාවක් ලැබෙනවා නම් මොන තරම් අගෙයිද කියලා ඔබට හිතෙනවාද…?

අපේ රටේ සංස්කෘතියේ එහෙම නැහැ.

ඔව් ඒක ඇත්ත. අපේ රටේ දරු ප්‍රසුතිය වෙනුවෙන් අතීතයේ පටන්ම සම්බන්ධ වුනේ කාන්තාවන් පමණයි.නිවසේ දරු ප්‍රසුතිය සිදුවුන යුගවලදී පවා සැමියා හිටියේ ඒ කාමරයේම පිටතින්.දරුවා ලැබුන වහාම කම්බායක් හෝ සරමක් යනුවෙන් ඔහු පියපදවිය ලද බවට වූ පණිවිඩය දැණුම් දෙනවා.මෙතැනදී නම් බිරිඳට තමන්ගේ සැමියා කාමරයෙන් පිටත හෝ සිටින බව දන්නවා.ඒත් කිලෝමීටර් ගණනාවක් දුරින් වූ රජයේ රෝහලකදී ඇය තනියම මේ බර සැමැල්ලු කර ගත යුතුයි.

රජවරුන්ටවත් තිඹිරි ගෙදර ඉන්න අවසර තිබුනේ නැහැ.

රජකතාවක වුනත් පියරජතුමා හිටියේ සුතිකාගාරයට පිටතින්.ඔබ බලන චිත්‍රපටයකම වුනත් පියාට දරුවා ප්‍රසුත කරන තැනට පැමිණීමට අවසරයක් තිබුනේ නැහැ.අද සිංහල චිත්‍රපටවල වුනත් මේ සම්ප්‍රදාය චිත්‍රපටයටවත් කඩ කරන්නේ නැහැ.උදාහරණයක් විදිහට ගම්පෙරලිය වැනි චිත්‍රපට නරඹන විටත් ඔබට මේ බැව් දැක ගන්න පුලුවනි.නමුත්  පියා තම බිරිඳ දරුවා ප්‍රසුත කරන පණිවිඩය ලැබෙන තෙක් දැනෙන මානසික අපහසුතාවය මේ චිත්‍රපටවලදී වුනත් පෙනෙනවා ඇති. ඒ චිත්‍රපටයට විතරක් නොවෙයි..

ඇත්තටම මේ මානසික තත්වය සැබෑ ජීවිතයටත් පොදුයි. සැමියා වුනත් මේ අවස්ථාවේදී දරන්නේ නොසෑහෙන පීඩනයක්.ඔහු බිරිඳ සමග සිටිනවා නම් මේ මානසික අපහසුතාවයෙන් සැමියාටත් නිදහස් විය හැකියි. සුතිකාගාරයේ අසල ඇති දැන්වීම් පුවරුවේ බිරිඳගේ නම ප්‍රදර්ශනය වෙන තෙක් තිබෙන නොඉවසිල්ල ගැන මේ අත්දැකීම ලත් පියවරුන් දන්නවා ඇති.

බිරිදටත් හයියයක්

තමන්ගේ කියා කවුරුන් හෝ මේ අවස්ථාවේදි තමා වෙත සිටිනවා නම් ඇයට ඇති චිත්ත ශක්තිය ගැන කියන්නට වචන ප්‍රමාණවත් වන්නේ නැහැ.ඒ තරමටම  ඇය සුරක්ෂිතයි.

වේදනාව දරා ගන්නත් පුලුවන් වේවි

සමහර විට බොහෝ දෙනෙක් මේ විදිහට කියන්න පුලුවනි.කවුරු සිටියත් ගැබ සැහැල්ලු කරන වේදනාව දරා ගන්න එපායැ. ඒක ඇත්ත ඒ වුනත් තමන්ගේ හිතේ ගොඩනැගෙන ශක්තිය නිසා වේදනාව දරා ගැනීමේ මානසික ශක්තිය නිසාම දරු ප්‍රසුතිය පවා පහසු වේවි

බිරිඳ ගැන වටිනාකම් ගොඩ නැගෙන්නත් පුලුවනි.

නිවසේ බොහොම සැප විහරනයෙන් ගෙවන, පුංචි තුවාලයක්වත් දරා ගත නොහැකිව සුරතල් වෙන තමන්ගේ බිරින්දෑ සුතිකාගාරයේදී දරණ වෙහෙස හා වේදනාව සැමියාගේ ඇස් ඉදිරිපිටම දැක ගැනීමට ලැබෙනවා.ඒ නිසා තමන්ගේ බිරින්දෑ මේ තරම් වේදනාවක් දරන්නට තරම් ශක්ති සම්පන්නදැයි වූ බිරිඳ මුල් කර ගත් අභිමානයක්ද ඇති වෙනවා.

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here