- Advertisement -

නව යොවුන් වියේ සිටින ඔබේ දරුවාත් මේ ලක්ෂණ පෙන්නුම් කරනවාද?

-

සතියෙන් සතිය අම්මාගේ කුසේ වැඩෙද්දී චුටියා ගැන දැනුන පුදුම සහගත ආදරය දැන් කියලා වෙනසක් වෙලා නෑ. එයා ලොකු වෙන්න වෙන්න අමම්ගෙයි තාත්තාගෙයි හිතේ බර වැඩි වෙනවා වගේ. මොකද දැන් දැන් වගකීම වැඩියි. අන්න ඒ නිසාම හැම අම්මා කෙනෙක්ටම වගේ අපේ චූටියාගේ අම්මාටත් නව යොවුන් වියට එළැඹි තමන්ගේ දරුවාගේ වර්ධනය කොය ආකාරද කියලා දැනගන්න උනන්දු ඇති. 

අවුරුදු  13 – 18 දක්වා තරුණ වැඩිහිටිවිය

- Advertisement -

පූර්ව යොවුන් විය

  • වැඩිවියට පත්වීම පිළිබඳව අත්දැකීම්, අවබෝධය ලබාගනී.
  • දෙපාර්ශ්වයේම විශේෂ ශාරීරික වර්ධනයන් සිදුවන අතර ලිංගික උනන්දුව වැඩි වේ.

 

පිරිමි දරුවන්

  • ලිංගික මේරීම සිදු වේ. මාස කිහිපයක් තුළ අඟල් කිහිපයකින් උස යන අතර පසුව සෙමින් වර්ධනය වේ.
  • මුලින්ම සිදුවන්නේ වෘෂණ කෝෂවල වර්ධනයයි. වැඩිවියට පත්වීමේ මූලික ලක්ෂණයයි. (අවු. 9 ½ – 14) වෘෂණ විශාල වී අවුරුදු 1 කින් පසු ශිෂ්ණය විශාල වේ.
  • අවුරුදු 13 ½ වන විට ලිංගික ප්‍රදේශයේ රෝම වර්ධනය ආරම්භ වේ.
  • අවුරුදු 14 දී රාත්‍රියට ශුක්‍රාණු පිටවීම සිදු වේ
  • අවුරුදු 15 දී කිහිලි, ඉකිලි, ලිංගේන්ද්‍රය ආශ්‍රිතව රෝම වර්ධනය ඇරඹේ. මුහුණේ රැවුල ඇතිවීම, කුරුලෑ ඇති වීම, කටහඬ වෙනස්වීම ආදියද සිදු වේ.

 

ගැහැනු දරුවන්

  • එකම වයසේ පිරිමි ළමුන්ට වඩා කලින් වැඩිවියට පත් වේ. එක් එක් ගැහැනු දරුවන් වෙනස් වන අතර ඇතිවන වෙනස්කම්ද වයසත් සමග වෙනස් වේ.
  • අවුරුදු 8 – 13 දී වැඩිවියට පත්වීම ඇරඹේ.
  • මුල්ම ලක්ෂණය වන්නේ පියයුරු වර්ධනයයි. මෙය තරමක ක්‍රමාණුකූලව සිදුවන ක්‍රියාවකි.
  • ශරීරයේ රෝම වර්ධනය ඇරඹේ. අවුරුදු 12 වන විට කිහිලි, ඉකිලි, ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව රෝම වර්ධනය වේ.
  • මීලඟට ඔසප් වීම ඇරඹේ.

 

මධ්‍ය යොවුන් විය

  • වැඩිවියට පත්වීම සම්පූර්ණ වේ. කාන්තාවන්ගේ ශාරීරිකව වර්ධනය සෙමින් වන අතර පිරිමින්ගේ අඛණ්ඩව සිදු වේ.
  • මෙම කාලයේදී දිගු කාලීන අරමුණු ඇති කරගැනීමට පටන් ගනී. ජීවිතය පිළිබඳව අර්ථය, උනන්දුව, සදාචාරාත්මක පැවතුම් ඇති කර ගනී.
  • සමාජීය හා මානුෂික වෙනස්කම් සංවර්ධනය වේ. ස්වයං මැදිහත් වීම, නිදහස සොයා යාමට උනන්දු වේ.

 

තරුණ වැඩිහිටි (අවුරුදු 18 – 24)

  • තර්කානුකූල අදහස්, අනාගතය සැලසුම් කිරීම ආදිය අරඹයි.
  • මානසික ස්ථාවරභාවය හා නිදහස වැඩි කරගනී.

 

චිත්තවේගීය හා සාමාජීය සංවර්ධනය

  • ශාරීරික පෙනුම, ප්‍රතිරූප, ඇඳුම් පිළිබඳව අවධානය යොමු කරයි.
  • සම වයස් කණ්ඩායම් කෙරෙහි වඩා උනන්දුවක් හා බලපෑමක් ඇති කරයි.
  • දෙමාපියන්ට ආදරය පෙන්වීම අඩුවන අතර තරහ යයි.
  • අභියෝගාත්මක පාසැල් ජීවිතය තුලදී ආතතිය වැඩි වේ.
  • මත්ද්‍රව්‍ය, ඖෂධ භාවිතය, අනාරක්ෂිත ලිංගික කටයුතු හා වෙනත් ගැටලු ඇති වේ.

 

සිතිවිලි හා ඉගෙනීමේ සංවර්ධනය

 

  • සංකීර්ණ සිතුවිලි පවතී.
  • කතා කිරීම තුලින් හා හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව වැඩි වේ.
  • හරි වැරදි දේ පිළිබඳව ශක්තිමත් අවබෝධයක් පවතී
  • සාමාජීය සංවර්ධනය
  • අලුත් අභියෝග බාරගැනීමට උනන්දු වේ.
  • කණ්ඩායම් සබඳතාවන් තවදුරටත් අලුත් වේ.
  • වඩා විශ්වාසනීය වැඩිහිටියන් සමඟ සමාජීය ගැටලු ඉදිරිපත් කිරීමට උනන්දු වේ.
  • ආතතිය පාලනය කරන ආකාරය ගැන කතා කරයි.

 

දෙමාපියන්,

 

  • ඇල්කොහොල්, දුම්බීම, ලිංගිකත්වය, මත්ද්‍රව්‍යය, ඖෂධ පිළිබඳව විමසන විට අවංකව හා සෘජුව සිටින්න.
  • යහලුවන් ගැන දැනගන්න.
  • පාසැල් ජීවිතය පිළිබඳව උනන්දුවක් ඇති කරවන්න.
  • තනිව තීරණ ගැනීමේදී උනන්දු කරවමින් නිවැරදි දේ තේරීමට උනන්දු කරවන්න. උදව් කරන්න.
  • ඔවුන්ගේ අදහස්වලට ගරු කරන්න. හැඟීම්, සිතුවිලි පිළිබඳව විමසන්න. වඩා වැදගත් වන්නේ ඔබේ ඇහුම්කන්දීම බව මතක තබා ගන්න

 

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article