- Advertisement -

ඔබේ දරුවා සමාජගත කිරීමේදී මේ කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න

-

අම්මා තාත්තා තුරුලේ වැඩෙන දරු පැටියා වයසින් මුහුකුරා යත්ම තමන්ගේ වටපිටාවට සමාජයට හුරු කළ යුතුයි. එය වයස් සීමාව අනුව පෙර පාසැල, පාසැල, අමතර පන්ති වගේම විභාග කඩඉම්වලට මුහුණ දීමේදී දෙමාපියන් වශයෙන් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු වගේම ඒ මගින් දරුවාට හිමි වන ප්‍රතිලාභ පිළිබඳවත් අපි දැනුවත් වෙමු.

 

- Advertisement -

සම වයස් ආශ්‍රය හා ළමා පරිසරය

 

පෙර පාසැල්

  • නිවසේ තම අයිතිවාසිකම් තනිව භුක්ති විඳිමින් සිටින දරුවා අයිතීන් බෙදාගැනීමට පුරුදු විය    යුතුය.
  • සම වයස් ආශ්‍රයේදී දරුවාට එකමුතුව කටුයතු කිරීමට හුරු කරවන අතර කණ්ඩායමක පවතින විවිධත්වය හඳුනාගනී.
  • ඉවසීම, විනය හුරු කරවයි.
  • කාණ්ඩයක් ලෙස කටයුතු කිරීමේදී ජය පරාජය බාරගැනීමට හුරු වේ.
  • දරුවන් තුළ වූ කුතුහලය හොඳ ක්‍රියාවල යෙදවීමට අවස්ථාව ලැබේ.
  • අත්වලට, ඇඟිලිවලට අවශ්‍ය ව්‍යායාම විවිධ අත්වැඩ හා ක්‍රියාකාරකම් වලින් ලබාදිය හැක.
  • දෙමාපියන්ගෙන් දරුවා වෙන්ව සිටීමටත් දරුවාගෙන් දෙමාපියන්ට වෙන්ව සිටීමටත් හුරුකරවීමට අවස්ථාව ලැබේ.
  • අනාගතයේදී යා යුතු පාසැල් පරිසරයට දරුවා හුරු කරවීමේ ඉඩ ප්‍රස්ථාව ලැබේ.
  • පෙර පාසැලඅකුරු උගන්වීමේ තරඟයකට දරුවන් යොමු කරන තරඟ බිමක් නොවිය යුතුය.

 

පාසැල් යාම

  • විවිධ ගතිගුණ සහිත ළමුන් සමඟ වැඩ කටයුතු කිරීමට සිදු වේ. මෙය තරමක අභියෝගකාරී තත්ත්වයකි. මෙම විවිධත්වය වයස අනුව අවබෝධ කර දෙන්න.
  • සමහර අවස්ථාවලදී ඔබ දරුවාට පුහුණු කළ හොඳ ගුණාංග පාසැලේ සිටින අනෙකුත් ළමුන්ගේ ගුණාංග අනුව අවාසිදායක වීමට ඉඩ ඇත. පුහුණු කළ හොඳ ගුණාංග නිවසේදීවත් භාවිත කිරීමට උත්සහ ගන්න.
  • නව පරිසරයකට හැඩගැසෙන අවස්ථාවක් බැවින් දරුවා මානසික, කායික පීඩාවලට ලක් වීමට ඉඩ ඇත. අනෙක් ළමුන්ගේ හා ගුරුවරුන්ගේ යම් යම් ක්‍රියාකලාප පීඩාකාරී තත්ත්වයන් ඇති කරවිය හැක. මෙවැනි අවස්ථාවලදී ඉතා සංවේදීව හා දුරදිග බලා කටයුතු කරන්න.
  • හැකිතාක් දුරට අධ්‍යාපනය ආරම්භයේදීම නීරස නොවීමට වගබලා ගන්න. දරුවාට අධ්‍යාපනය ක්‍රම ක්‍රමයෙන් ලබාදීම මඟින් පීඩාකාරී තත්ත්ව අඩු කරගත හැක.
  • දරුවාගේ වයස අනුව ඔහුට අවශ්‍ය විවේකය හා විනෝදය අත් විඳීමට අවස්ථාව ලබාදෙන්න.
  • දරුවා ආශාවෙන් බලන රූපවාහිනී වැඩසටහනක් ආරම්භයේදී හෝ සෙල්ලම් කිරීමට සැරසෙන විටම ගෙදර වැඩ කරන ලෙස ඉල්ලා නොසිටින්න.
  • පාසැල, මඟතොට සිදුවන දේවල් පිළිබඳව විමසිලිමත් වන්න. එසේම පාසැලේදී සිදු වූ දෑ දරුවාගෙන් ඉඳහිට හෝ විමසන්න
  • නොදන්නා පුද්ගලයන් සමඟ කටයුතු කළ යුතු ආකාරය ආරම්භයේදීම තේරුම් කරදෙන්න
  • පාසැලත් නිවසත් අතරතුර ගත කරන කාලයේ බොහෝ දරුවන් නොමඟ යා හැකි බව මතක තබාගන්න.

 

අමතර ඉගැන්වීම්

 

  • මෙයද අද සමාජයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වී ඇත. මුලින්ම ඔබගේ දරුවාට අමතර ඉගැන්වීම අවශ්‍ය දැයි සිතා බලන්න.
  • දෙවනුව දරුවාට වයස හා දින චර්යාව අනුව වැය කළ හැකි කාලය වටහා ගන්න.
  • ඉන්පසු සුදුසු ආකාරයට අමතර පන්ති යොදා ගන්න. සාර්ථකත්වය රඳා පවතින්නේ දරුවා අමතර පන්ති යන ප්‍රමාණය මත නොව දරුවා ප්‍රබෝධමත්ව වටහා ගත් ප්‍රමාණය මත බව මතක තබාගන්න.
  • මෙමඟින් ඇති විය හැකි අතුරු ප්‍රශ්න පිළිබඳව විමසිලිමත් වන්න.

 

ශිෂ්‍යත්ව සහ වෙනත් විභාග

  • අද පවතින තරඟය තුල ඔබගේ දරුවාටද මෙම පීඩාකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙනවා ඇත.
  • ක්‍රමානුකූල ඉගෙනීමකින් තොරව එකවර විභාග සඳහා සූදානම් කරවීම ඉතා පීඩාකාරී විය හැක.
  • ඔබ සමඟ ප්‍රකාශ කළ නොහැකි මානසික පීඩාවකින් දරුවා පෙළෙන්නේ නම් එම තත්ත්වය කායික රෝග ලක්ෂණ ලෙස ප්‍රකාශ වනු ඇත.
  • අනිසි බලපෑම් මත හා දරාගත නොහැකි පීඩාකාරී තත්ත්වයන් තුල අධ්‍යාපනය ලැබූවන් උගත් මානසික රෝගීන් ලෙස හැසිරෙනු ඇත. ඔවුන්ගෙන් සමාජයට එතරම් ප්‍රයෝජනයක් නැත.
  • කිසිවිටකත් විභාගය දරුවාගේ හා පවුලේ අයගේ අභාග්‍ය නොවිය යුතුය. උගත් මානසික රෝගීන් සමාජයට හානි කරයි.

 

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article