‘’අම්මා ඇණයක්” කියලා අම්මාට නම් තබන දරුවොත් ඉන්නවා

ඉස්සර කාලයේ දරුවන්ව දැණුවත් කළේ ”ගෙදර බුදුන් අම්මා” විදිහටයි. එදා මෙදා තුර අම්මාගේ භුමිකාව නම් ඒ තත්වයෙන් මිදුනේ නැහැ.නමුත් අද දවසේදී තරුණ දරුවන්ට අම්මා කියන්නේ ඇණයක් තරමටම වධයක් වෙලා.

මේ සිදුවීම මෑතකදී එක්තරා ගුවන්විදුලි නාලිකාවක ස්වාමින්වහන්සේ නමක් ධර්ම දේශනාවකදී සිදු කළ දේශනාවක්.උන්වහන්සේගේ ධර්මදේශනාව ඇසූ නව යොවුන් වියේ දියණියක් අඩමින් මේ විදිහට කියා සිටි බව උන්වහන්සේ විසින් දේශනාවේදී සඳහන් කළ සේක..

ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ ධර්ම දේශනාවෙන් මම ඉතාම කම්පාවට පත් වුණා. මට අම්මාගේ අගය දැණුනේ දැන්.නැත්නම් මට අම්මා හරිම කරදරයක් විදිහටයි දැනුනේ. කොටින්ම මම අම්මාගේ දුරකථනය පවා මගේ දුරකථනයේ සේව් කරගෙන තිබුනේ ”අම්මා ඇණය” විදිහටයි. මම දැන් ඒ ගැන වේදනාවට පත් වෙන බැව් ඒ දියනිය අඩ අඩා කියා තිබෙනවා.

මගේ යාළුවොත් එහෙමයි ස්වාමින්වහන්ස

මම විතරක් නොවෙයි ස්වාමින්වහන්ස මගේ යාළුවොත් එහෙමයි. හැම දෙනාටම අම්මා වධයක් විදිහටයි පෙනුනේ. අම්මා කතා කලාම අපි ඒ වේලාවට දුරකථනයටවත් උත්තර දෙන්නේ නැහැ.දුරකථනය වැදිලා වැදිලා නවතිනවා.

ඇත්තටම නව යොවුන් දරුවන්ට අම්මා වධයක් වෙන්නේ ඇයි..?

යෞවනයේ උන්මාදයෙන් හිත ඉදිමුනාම ඇතත්ටම දරුවන්ට දෙමව්පියන් ඔවුන්ගේ වචනයෙන් කියනවා නම් අලුත් ජෙනරේෂන් එකට ගැලපෙන්නේ නැහැ.ඒත් අම්මාට නම් තරුණ දරුවන් වෙනුවෙන් හිතේ තිබෙන ආදරයේ කිසිම සීමාවක් නැහැ. අත පය නොකඩා හැදුවා..දැන් ඉතින් තමන්ගේ වැඩ කරගන්න කියලා කුරුල්ලෝ වගේ තනියම අහසේ පියඹන්න ඉඩ දෙන්නේ නැහැ.

දුව පුතා කෑවාද..? නාන්නේ නැද්ද..? රෙදි ටික වේලිලා..ඇයි බඩගිනිද..මේ වගේ අතොරක් නැති ප්‍රශ්න අම්මලාට ඉතුරුයි. ඒ සේරම තවමත් හිතේ තියෙන කොන්දේසි විරහිත ආදරය නිසයි.

අම්මලා එහෙම කරද්දී දරුවෝ..

සමහර විට අම්මා විසින්ම බසයට නංවලා ආව දුව පුතා පංතියට ගියාද කියලා දුරකථනයෙන් විමසන විට වාර ගණනාවක් දරුවා උත්තර දෙන්නේ නැහැ.ඒත් අම්මා අතඅරින්නෙත් නැහැ.බැරිම තැනදී  ”මං ලෙක්චර් එකක ඉන්නේ ” තියන්නම්..කියලා තියන්නේ මිතුරන්ගේ සමාගමේ ඉද්දී මිසක සැබෑවටම දේශනයක සිටියදී නම් නොවෙයි.

මං පොඩි එකෙක්යැ..

ගෙදර ආවාම අම්මා නෝක්කාඩුුවෙන් අහන්නේ ඔයාට පංතියට ගියාම මට කෝල් එකක් දෙන්න බැරිද?එතකොට දරුවා කියන්නේ ඇයි වදේ ඔයා බස් එකටත් දාලානේද ගියේ..මං හිටවැටෙන පොඩි එකෙක්යැ.ඒත් අම්මාගේ හිත දරුවා ලඟම ගැවසෙන නිසා ඇය එයින් මිදෙන්නේ නැහැ. මහමායවෙනි කවදාදෝ ඔය දරු සෙනහසින් මිදෙන්නේ වගේ තමයි.

විද්‍යුත් මාධ්‍යට  අම්මලා නොදරුවෝ..

තවමත් අම්මලාගේ පරම්පරාව විද්්‍යුත් මාධ්‍යට නොදරුවෝ. ඒ හින්දාම ඔවුන් දරුවන් දුරකථනය වැනි මෙවලම් සමග ගැවසෙන විට යම් බියක් දක්වනවා. ඒ හින්දාම විමසුම් විපරම් වැඩියි. නමුත් දරුවන් කියන්නේ අම්මා තමන්ගේ පෞද්ගලිකත්වය විමසන බවයි.

ලෝකය විෂමයි..

අම්මලාට දරුවන්ගේ පෞද්ගලිකත්වය විමසන අයිතිය තියෙනවා.ඔවුන්ට විපතක් වුනොත් යන අනියත බියෙන් අම්මලා පසු ගෙන නිසාත්, ලෝකය ගැන අත්දැකීමෙන් ලත් දැණුම තිබෙන නිසාත් දරුවන් වෙුනවෙන් මේ අන්දමට වෙහෙසීම සහ විමසීම සාධාරණයි.විපතක් වුන තැන දරුවන්ට සිටින්නේ අම්මා තාත්තා විතරයි.ලෝකයම එරෙහි වුනත් අම්මාගේ ආදරයේ අවසානයක් නැහැ. ඒ නිසා ඔවුන් දරුවන් ගැන මේ තරමට වෙහෙසෙන්නේ සැබෑම ආදරයෙන්. ඒ බව දරුවන් විසින් තේරුම් ගැනීම ඉතාම වැදගත්. විසිරුන මලක පෙති නැවත නැවත පෑහීමට නොහැකි සේ දරුවෙකුගේ ජීවිතයට අවැඩක් ,කැලැලක් ඇති වීමට පෙරාතුව එය වලක්වා ගැනීම ඉතාම වැදගත්.

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here