- Advertisement -

ඔබටත් කෙටි කාලීන මතකය අමතක වෙනවාද ?

-

දෙමව්පියන් නිතරම තමන්ගේ දරුවන් ගැනම හිතනවා මිසක තමන්ගේ නිරෝගිකම ගැන එතරම් සැලකීමක් නැහැ. දෙමව්පියන්ගේ අද දවස තරුණ වුනත් දරුවන්ගේ වැඩීමත් සමග කාලය නොදැනීම ගෙවී යනවා.ඒ සමග තමන්ගේ ශරීර ශක්තිය වගේම නිරෝගිබවත් නැති වෙන්න පුලුවන්.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවන් ගැන වෙහෙසෙනවා වගේම ඔබේ සෞඛ්‍ය ගැනත් අවධානයක් දැක්වීම ඉතාම වැදගත්.වයසත් සමග ඇති වෙන රෝගාබාධයන් වගේම වයසට පෙරාතුව වැලදෙන රෝගාබාධ ගැනත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්.මේ අතර අපි ඒ තරම් නොසලකන වගේම වැඩ වැඩි හින්දා යන උපකල්පනය ගොඩ නගා ගෙන වැඩි සැලකිල්ලක් නොදක්වන රෝග තත්වයක් තිබෙනවා. මේ ”කෙටිකාලීන මතකය අමතතක වීම” රෝග තත්වය සමහර විට ඔබටත් දැනෙන්න පුලුවනි.මේ විදිහට කෙටි කාලීන මතකය අමතක වෙන්නේ ඇයි..?

කෙටි කාලීන මතකය අමතක වීම

- Advertisement -

කාලය සමග බොහෝ දේ අමතක වීම සාමාන්‍ය දෙයක්.ඒත් කෙටි කාලීන සිදුවීම් අමතක වීම ඔබේ දෛනික ජීවිතයටත් ගැටළුවක්.උදාහරණයක් විදිහට අල්මාරියේ යතුර තිබු තැන…දරුවෙකුගේ පනිවිඩය වැනි අද හෝ ඊයේ සිදු වුන දෙයක් අමතක වෙනවා නම් එය ඇත්තටම ගැටළුවක්.මේ ගැටළුව සමග ජීවත්වීම තවත් ගැටළුවක්..

ක්‍රියාශිලී නොවීම..

දරුවන් ලැබුනාම ඇතැම් මව්වරුන්ගේ අතට පයට කටයුතු සිදු වෙන නිසා ඔවුන් තමන්ගේ පැටියා සමග අධි විවේකී ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. තාත්තා වුනත් කාර්යාලයේ වැඩ වෙනුවෙන් වෙහෙසුනත් ශාරිරික ක්‍රියාකාරකම් වල නිරත නොවන රටාවක් තිබෙනවා. මේ අක්‍රියශීලී ජීවිතය නිසා කෙටිකාලීන මතකය අමතක වෙන තත්වයක් ඇති වෙන්න පුලුවන්.

මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතය

මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතය නිසා ඇති වෙන්නේ දියවැඩියාව,පිලිකා, හදවත් රෝග සහ ශ්වසන ආබාධ පමණක් යැයි හිතන්න එපා.මේ අනිසි භාවිතය නිසා මොළයේ සෛල වලට සිදු වෙන හානිය නිසා කෙටි කාලීන මතකය අමතක වීමේ ගැටළු ඇති වෙන්න පුලුවන්.

මානසික සෞඛ්‍ය පිරිහෙනවා..

යහපත් මානසික තත්වයක් ඇති විට අමතකවීමක් ගැන පැමිණිල්ලක් ඇති වෙන්නේ නැහැ.ඒ වුනත් මානසික අවපීඩනය, සාංකාව,මානසික වෙහෙස වැනි හිතට කනස්සල්ලක් ඇති මානසික තත්වය නිසා කෙටි කාලීන දේ වුනත් අමතක වෙන්න පුලුවනි.

නින්ද

නින්ද නිසා අපේ මොළය පිරිසිදු වෙනවා. සුවදායක නින්දක් නැති නම් එය සිරුරටත් වෙහෙසක්.ඒ විතරක් නොවෙයි, දිගින් දිගිටම නින්ද නොයා හිටියොත් කෙටිකාලීන මතකයත් අමතක වෙන්න පුලුවනි.ඒ නිසා දරුවන් වෙනුවෙන් වෙහෙසෙන බව ඇත්ත. ඒත් සුවදායක නින්දක් ලබා ගන්නත් අමතක කරන්නත් එපා.සමහර විට ඔබ සතියේ දිනයන්හි සුව නින්දක් නොලබන නිසා සති අන්තය හෝ අවස්තාවක් ලැබෙන විට වැඩි වේලාවක් නිදා ගත් පමනින් ඔබ සාමාන්‍ය නින්දකින් ලබන සුවය ලැබෙන්නේ නැහැ.දිගින් දිගටම නින්ද අඩු වීම නිසා ඇති වෙන ”ලයිම් ” රෝගය පසුකාලීනව ඔබේ මතකය අමතක කරන තත්වයට පත් කරන්න පුලුවනි.

තයිරොයිඩ් ග්‍රන්ථි පිලිබද ගැටළු

ඔබගේ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග තත්වයක් තිබෙනවා නම් එය කෙටි කාලීන මතකය පිලිබඳ ගැටළුවලට හේතු වෙන්න පුලුවනි.

දුර්වල ආහාර

අම්මා,තාත්තා දරුවන් පෝෂණය කළත් තමන්ගේ පෝෂණය ගැන හිතන්නේ නැහැ.දරුවෝ කෑවා නම් ඒ ඇති කියලලා හිතුවත් ඔබේ මතකය හොදින් පවත්වා ගැනීමට නම් ආහාර ගැනත් උනන්දු වෙන්න.දුර්වල ආහාර පුරුදු හා පෝෂණයක් නැති ආහාර නිසා මතකය ඉක්මනින්ම අමතක වෙන්න පුලුවනි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article