- Advertisement -

දෙමව්පියන් විසින් දරුවන්ට සංග්‍රහ කළ යුතු සතර ආකාරය

-

දරුවන් තරම් සම්පතක් දෙමව්පියන්ට නොමැති බව ඇත්ත. ඒ නිසා දෙමව්පියන් විසින් තමන්ගේ උපරිමයෙන් දරුවන්ට සංග්‍රහ කිරීමට හදවතින්ම බැඳී සිටිනවා. එහෙමනම් දෙමව්පියන් විසින් දරුවන්ට සංග්‍රහ කිරීමේදී ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් ගැන අවධානය යොමු කළ යුත්තේ කෙසේද…?

  1. ආහාර

දරුවා උපත ලද අවස්ථාවේ පටන් මව්කිරෙන් පෝෂණය වී එතැන් පටන් දරුවාගේ වර්ධනයට අවශ්‍ය ආහරපාන ලබා දෙන දෙමව්පියන් විසින් කාලයකදී දරුවන්ගේ ආහර ගැන එතරම් අවධානයක් දක්වන්නේ නැහැ.දරුවන් ඉල්ලන ආලවටට්ම් ආහාර ගැනම යොමු වෙනවා මිසක ඔවුන්ගේ පෝෂණය වෙනුවෙන් කැපවීම බොහෝ දුරට අඩු වෙන ප්‍රවනතාවයක් තිබෙනවා.

- Advertisement -

අපේ පුතා කන්නේ බර්ගර්, පේස්ට්‍ර ජාති විතරයි කියමින් මේ ගැන උදම් ඇනුවත් දෙමව්පියන් විසින් දරුවන්ගේ ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම අනිවාර්යෙන්ම සිදු විය යුත්තක්.

මෙහිදී ආහාරයන්හි ප්‍රමාණාත්මක බව වගේම ගුනාත්මක බව ගැනත් සැලකිලිමත් වීම දෙමව්පියන්ගේ යුතුකමක්.උදේ ආහාරය නොවැරදීම ලබා දීම, ඒ වෙනුවෙන් වූ පෝෂණය ගැන සැලකිළිමත් වීමට දෙමව්පියන් විසින් වැඩි උනන්දුවක් දැක්වීම අවශ්‍ය වෙනවා.

2. ආදරය

දෙමව්පියන්ගේ ආදරය කොන්දේසි විරහිතයි. එය ඇත්ත.නමුත් මේ ආදරය සඟවා ගෙන සිටීමට වඩා දරුවාට දෙමව්පියන්ගේ ආදරය දැනිය යුතුයි.ආදරය නිසා දරුවාගේ පෞරෂය පිළිබඳව සිදු වෙන වර්ධනය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වැදගත්කමකින් යුක්තයි. ඒ නිසා දරුවාගේ ශාරිරික පෝෂණයට ආහාර වැදගත් වන්නේ යම් සේද,ඔවුන්ගේ මානසික සතුට සහ සුවතාවය වෙනුවෙන් දෙමව්පියන්ගෙන් ලැබෙන සෙනහස මහඟු පිටුවහලක් වෙනු ඇත.

3. ආරක්ෂාව

දරුවන්ගේ ආරක්ෂාව ගැන අද දැඩි විමසිල්ලෙන්  සිටිය යුතු යුගයක් වී තිබේ. අතීතයේදී දරුවාට අම්මා,තාත්තා වගේම මාමා,බාප්පා සීයාගෙන් ලැබුන ආරක්ෂාව ගැන අද යම් කුකුසක් මතු වී තිබේ. කොටින්ම ගැහැණු දරුවාට තමාගේ පියාගෙන් පවා අතවර සිදු වෙන යුගයකදී දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමව්පියන්ගේ අවධානය වැඩියෙන් යොමු වීමේ අවශ්‍යතාවය ඇති වී තිබේ.අපචාරයට ලක්වුන දරුවන් අලලා සිදු කරන ලද සමීක්ෂණ මගින් පෙන්වා දෙන්නේ බොහෝ දරුවන් අපයෝජනයන්ට පත්ව ඇත්තේ ඔවුන්ගේ සමීපතම ඇසුරක් ඇති අසල්වැසියන්,ඤාතීන් හෝ හිතවතුන් මගින් බවයි.

  • ගැහැණු දරුවා වගේම පිරිමි දරුවාටත්..

එදා නිතරම කතා බහ ගොඩ නැගුනේ ගැහැණු දරුවා වෙනුවෙන් ආරක්ෂාව සලසා දුන්නත් පිරිමි දරුවා ගැන එතරම් වෙහෙසිය යුතු නැති බවයි.එහෙත් අද පිරිමි දරුවන් ගැනත් විමසිල්ලෙන් සිටිය යුතු යුගයකි. මත්ද්‍රව්‍ය, අනිසි සම්බන්ධතාවයන්,අස්වාභාවික ලිංගික හැසිරීම් වැනි විවිධ අපචාරයන්ට පිරිමි දරුවන් ගොදුරු විය හැකි කාලවකවානුවක් අප ඉදිරියේ පවතී.

4. අධ්‍යාපනය

උගත මනා ශිල්පයමයි මතු රැකෙනා …කියන්නාසේම දරුවන්ගේ අනාගතය ගොඩ නගා ගැනීමට අධ්‍යාපනය ඉතාම වැදගත් සාධකයක් වේ. අධ්‍යාපනය යනු ඔබේ ඉලක්කයට අනුව දරුවා වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවරයෙකුගේ තැනට පත් කිරීම නොවේ.දරුවාගේ හැකියාවට අනුව ඔවුන්ගේ අධ්‍යාපන මාවත හෙලි පෙහෙලිකර දීමයි.

අධ්‍යාපනය යනු විභාග සහතික එක්රැස් කිරීම පමණක් නොවේ.දැණුම,ආකල්ප සහ කුසලතාවයන් සමග දරුවාගේ ගුණධර්ම වගා කිරීමත් ඉතාම වැදගත්.දෙමව්පියන්ගේ අවධානය විභාග ඉලක්ක කර ගත් විට ඔවුන්ගේ ජීවිතය දැනුමෙන් සන්නද්ධ වන බැව් ඇත්ත. එහෙත් දරුවාගේ ගුණධර්ම වගාව බිඳවැටෙන පරිසරයකදී ඔවුන් අනාගතයට දායාද වන්නේ යහ ගුණ ඇති පුරවැසියන් ලෙසින් නොවේ.

එසේනම් දෙමව්පියන් ලෙස ඔබ දරුවාට දායාද කළ යුතු සංග්‍රහයන් සතරක් මේ අන්දමින් ඉදිරිපත් කළ හැක. අහාර,ආදරය,ආරක්ෂාව සහ අධ්‍යාපනය යන සංග්‍රහයන් ලබන ඔබේ දරුවා මතු දවසේ ලෝකය දිනන පමණක් නොව සංයමයෙන් යුක්ත පුරවැසියෙකු ලෙසින් සමාජගත වෙනු ඇත.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article