- Advertisement -

ඔබේ පුංචි සමනළයට ඉගිලෙන්න ඉඩ දෙන්න

-

ඔබේ දරුවා පුංචි සමනළයෙක්.ඒ වගේම ඔවුන් ඉගිලෙන්නේ තවත් පුංචි සමනළ රෑනක් සමගයි.ඉතින් මේ පුංචි සමනළ රෑන  තුළ ඔබේ පුංචි සමනළයා ඉගිලෙන්නත් ඕන. ඒත් ඔබේ පැටියාට අනෙක් සමනළයන් මෙන් වේගයෙන් පියඹන්න බැරි වේවි. ඔහු යා යුතු වේගයක් සහ දුරක් තිබෙනවා.ඉතින් ඔබේ පුංචි සමනළයාට යා හැකි දුර පියඹන්න ඔබ උදව්වෙන්නේ කොහොමද…?

හැඩතල දකින්න අවසර තිබෙනවා

- Advertisement -

ඉගිලෙන සමනළ රෑනක් අතරින් ඔබේ පැටියාගේ හැඩතල දකින්න අවසරය ඔබට තිබෙනවා. ඔබ දරුවාගේ හැඩතල හඳුනා ගැනීමේ ප්‍රධාන චරිතය බවට පත් වීම වැදගත්.

ඔයාගේ පුතා හරිම දක්ෂ විදිහට උදේ රැස්වීමේ කතා කරනවා..අහගෙන ඉන්න ආස හිතෙනවා..පංතියේ ගුරුතුමියගෙන් මේ පනිවිඩය ලැබෙන්න පෙරාතුව එය දෙමව්පියන්ගේ තෙවැනි ඇසට හසු විය යුත්තක්. දෙමව්පියන් විදිහට පැටියාගේ මේ හැකියාව ඔබේ ඇසට තවමත් හසු වී නැත්නම් එයින් පෙනෙන්නේ ඔබේ පුංචි සමනළ පැටියාගේ හැඩතළ තවමත් හරියට හදුනා ගෙන නැති බවයි.

සමනළ තටු බොහොම මෘදුයි..

පුංචි දරුවන් බොහොම සියුමැලියි. මෘදුයි. ඒ නිසා ඔවුන් සමග ගණුදෙණු කිරීම බොහොම පරිස්සමින් සිදු විය යුතුයි. දෙමව්පියන් විදිහට ඔබ දරුවාගේ හැකියාවන් තේරුම් ගැනීම ඉතා වැදගත්. සමහර විට දරුවාගේ හැකියාවන් ඔබේ බලාපොරොත්තු සමග නොගැලපෙන්න පුලුවනි. ඒත් ටිකක් ඉවසා ගෙන සිටීම නම් වැදගත්.ඒ ඇයි කිව්වොත් ඔබේ බලාපොරොත්තු සමග දරුවා ගලපන්න බැහැ. පුංචි සමනළ පැටියාගේ හැකියාවන් ඔබ හදුනා ගැනීම ඉතාම වැදගත්.

  • පුතා ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න බැහැ කියනවා නම් අපෙන් උදව්වක් නැහැ..එයාට අපි කියන දේ කරන්න බැරි නම් අපිත් එයා කියන දේ අහන්න සූදානම් නැහැ.

නමුත් විය යුත්තේ එය නොවෙයි.දරුවාගේ කැමැත්ත අනුව තෝරා ගැනීමට ඉඩ දෙන්න.එහෙම නැතුව ඔබේ දරුවාග් පුංචි හිත ඔබේ දැඩි තීරණ මගින් තලා දමන්න එපා.විටෙක ඒවා දරුවාට දරා ගැනීමටත් අපහසු වෙන්න පුලුවනි.

ඉගිලෙන්නේ පුළුවන් දුරකටයි..

පුංචි සමනළ පැටව් හැම දෙනාම ලස්සනයි. අහිංසකයි. හැබැයි මේ පැටව් ඉගිලෙන්නේ ඔවුන්ට පුළුවන් දුරකයි ඉතින් ඔබේ සමනළ පැටියා ඉගිලෙන්නේ එයාට හැකි දුරක පමණයි. දෙමව්පියන්ට අවශ්‍ය දුරකට සමනළ පැටියා මෙහෙයවන්න බැහැ.හැබැයි සමනළ පැටියාට හැකි දුරකට පියඹන්න අවසර දීම වැදගත්…

හැබැයි සඳ අල්ලන්න ගියොත් අඩුම ගණනේ තරුවක්වත් ඩැහැ ගන්න පුලුවනි..

පුංචි පැටියාගේ ගමන් මගට ඉඩ දෙන්න. එය ආපස්සට හරවන්න උත්සාහ කරන්න එපා.දෙමව්පියන් විදිහට ඔබ ඒ අන්දමින් දැඩි බලපෑම් කලොත් දරුවාගේ අනාගතය සම්පූර්නයෙන්ම වෙනස් වෙන්නත් පුලුවනි.

ඒ නිසා පුංචි පැටියාගේ සමනළ පියාපත්වලට සවිය ලබා දීම ඉතාම වැදගත්. ඔබ ”තාරේ සමින් පර් ” චිත්‍රපයට නරඹා තියෙනවා නම් මේ ගැන මනා අවබෝධයක් ලබා ගන්න පුලුවනි.ඉගෙණුම් දුර්වලතාවයෙන් පසු වුන කුඩා දරුවෙකුගේ දුබලතාවයන් හඳුනාගෙන ඒ වෙනුවෙන් ලබා දුන්  ශක්තිය ඔස්සේ ගමන් කිරීම නිසා ලත්  ජයග්‍රහණය මගින් පවා පෙන්වා දෙන්නේ දරුවන්ගේ ගමන්මගට අවශ්‍ය ශක්තිය ලබා දීමේ වැදගත්කමයි.ඔබ ලබා දෙන සවිය නිසා දරුවා සඳ අල්ලන්න නොහැකි වුනත් අවම වශයෙන් තරුවක් හෝ ඩැහැ ගන්නා බවයි.

සමනළ පැටව් සසඳන්න එපා..

සමනළ රෑනක වුනත් වෙනස්කම් බොහොමයක් තිබෙනවා.පුංචි දරුවන් අතරත් මේ වගේ වෙනස්කම් බොහොමයක් තිබෙනවා.රක් පැටියෙකුට සමාන වෙන තවත් පුංචි පැටියෙක් නැහැ.හැබැයි ඒ බව දෙමව්පියන් විසින් සංසන්ඳනය කිරීම නම් නොකළම යුතුයි.මේ සංසන්දනය නම් කිසිසේත්ම ඔරොත්තු දෙන්නේ නැහැ.සංසන්දනය කිරීමෙක් කිසිදු වාසියක් ලැබෙන්නේ නැහැ.එයින් දරුවාට ඇති වෙන්නේ පීඩනයක් පමණයි.

නිදහසේ පියඹන්න ඉඩ දෙන්න..

පුංචි සමනළයන්ගේ ලෝකය බොහොම විසිතුරුයි.ඒ විසිතුරු ලෝකයේ ඔවුන්ට නිදහසේ ගැවසෙන්න ඉඩදෙන්න.ඕනෑම පුද්ගලයෙකුගේ සුන්දරම අවදිය ළමා කාලයයි.එය නිදහසේ අත්විඳින්න අවසරය ලැබිය යුතුයි. එසේ නැති වුනොත් අනාගතයේදී ඔබේ පුංචි පැටියාත් ළමා ලෝකයේ අසුන්දර අත්දැකීම් සිහිපත් කරමින් හදවතින් හඬා වැටෙන්නට පටන් ගනී. එවන් දිනයක් උදාවන විට දරුවාගේ හදවතේ තුවාල පැසවා ඔඩු ගොස් ඔවුන්ගේ පෞරෂයත් විනාශ කර අවසානයි. ඒ නිසා නිතරම දරුවාගේ සමනළ ලෝකය දෙමව්පියන් විසින් උදුරා ගත යුතු නැහැ. එහි නිදහසේ ඉගිලෙන්න ඉඩ දෙන්න. 

සමනළ රංචුවේ ඉදිරියම අවශ්‍ය නැහැ

ඉගිලෙන සමනළ රෑනක් තුළ දෙමව්පියන් නිරන්තරවම වෙහෙසෙන්නේ පුංචි සමනළ පැටියා මේ සමූහයේ ඉදිරියෙන්ම පියාසලනු දැකීමටයි.බොහෝ දෙමව්පියන්ට අවශය වන්නේ තම දරුවාගේ තැනට වඩා අල්ලපු දෙර දරුවාගේ තැන ගැන දැනීමටයි.

  • අද මට ලකුණු 85 යි….දරුවා එසේ කියද්දී
  • සුපුන්ට..ගයාන්ට..සුපිනිට…ඔබ නොඉවසිලිමත්ව විමසන දෙමව්පියෙක්ද..?

මෙවැනි සංවාද වලින් පෙනී යන්නේ ඔබගේ අවශ්‍යතාවය මේ සුන්දර සමනළ පෙරහැරේ ඔබේ සමනළ පැටියා මුලින්ම රැගෙන යෑමට නොවේද..?එය ඔබ සිතන තරම් පහසු කරුණක් නොවේ.සමනළ පැටියා පියඔන්නේ තමාගේ හැකියාවෙන්…තමාට හැකි දුරකයි.එහෙත්… සමූහයේ කොතැන සිටියත් ඔබේ දරුවා  තවත් එක් සමනළ පැටියෙකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article