දියවැඩියාව කියූ සැනින් වැඩිහිටියන්ගේ රෝගයක් ලෙස සිතුණත් අද වන විට මේ රෝග තත්ත්වයට ගොදුරු වූ කුඩා දරුවනුත් දැකගත හැකියි. කාබොහයිඩ්‍රේට් පරිවෘත්තියෙහි අසාමාන්‍යතාවයක් මත රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ අගයක පවතින නිසා මුත‍්‍රා සමග ග්ලූකෝස් පිටවන රෝගී තත්ත්වයක් වන මේ රෝග තත්ත්වය මේද හා ප්‍රෝටීන පරිවෘත්තියෙහි අසාමාන්‍යතා හේතුවෙන්ද ඇති විය හැකිය. වේ. මෙය Auto Immune රෝගයකි. මෙහිදී ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛලවලට හානිකරයි. ඉන්සියුලින් යනු හෝමෝනයකි. එමගින් රුධිරයේ ඇති සීනි සෛල තුළට ඇතුළු කිරීමට උපකාරී වේ. මෙසේ රුධිරයේ ඇති සිනී ප‍්‍රමාණය සෛල තුළට ඇතුළු නොවීම නිසා රුධිරයේ සිනී මට්ටම වැඩිවේ. මෙය Hyperglycemia (අති මධුරක්තිය) ලෙස හඳුන්වයි.
දියවැඩියා රෝග තත්ත්වයේදී සිරුරේ ඇති වන වෙනස්කම් පහත පරිදි වේ.
- අග්න්‍යාශයෙන් ප‍්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිෂ්පාදනය නොවීම.
- ශරීරයට ග්ලූකෝස් නියම ආකාරයෙන් දහනය කිරීමට නොහැකි වීම.
- මේදය හා ප්‍රෝටීන අසාමාන්‍ය ලෙස දහනය වීම.
- පටකවලට අවශ්‍ය ශක්තිය ලබාගැනීමට ග්ලූකෝස් ප‍්‍රයෝජනයට ගැනීමට නොහැකි බැවින් රුධිර සිනී මට්ටම වැඩිවීම.
- වකුගඩු වලින් රඳවා ගත හැකි ප‍්‍රමාණයට වඩා රුධිරයේ ග්ලූකෝස් ප‍්‍රමාණය ඉහළ යාමෙන් ග්ලූකෝස් මුත‍්‍රා සමග පෙරී යාම.
- ශරීරයෙන් වැඩිපුර ජලය පිටවීම නිසා විජලනය ඇතිවීම.
- වකුගඩු ක‍්‍රියාකාරීත්වය අඩපණ වීම.
- මේදය අසාමාන්‍ය ලෙස දහනය වීමෙන් රසායනිකයක් වන කීටෝන දේහ ඇතිවීම.
- මුත‍්‍රා සමග කීටෝන දේහ පිටවීම.
- කීටෝනියාව වැඩිවීමෙන් ඇසිඩෝසියාව ඇතිවීම.
දියවැඩියාව ප‍්‍රධාන ලෙස ආකාර 02 කි.
- පළමු වර්ගයේ දියවැඩියාව (Type I Diabetes Mellitus)
- දෙවන වර්ගයේ දියවැඩියාව (Type II Diabetes Mellitus)
පළමු වර්ගයේ දියවැඩියාව (Type I Diabetes Mellitus)
මේ තත්ත්වය ඕනෑම වයසක පුද්ගලයෙකුහට ඇති විය හැකි අතර දරුවන් අතර බහුලව දැකිය හැකි වන්නේ වයස අවුරුදු 4 – 6 හා අවුරුදු 10 – 14 යන වයස් ඛාණ්ඩවලයි. මෙහිදී අග්න්‍යාශයේ බීටා සෛල ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් විනාශ කිරීම නිසා ඉන්සියුලින් නිපද නොවේ. මෙය ආරය නිසාද ඇති විය හැක. තයිරොයිඩ් ග‍්‍රන්ථි රෝග ඇති දරුවන්ට ද රෝගය ඇති වීමේ අවධානමක් පවතී.
ඉන්සියුලින් හිඟවීම නිසා මේ තත්ත්වයට පත්විය හැකි අතරම සැකිලි පේශීවලට ග්ලූකෝස් භාවිත කිරීමට නොහැකි වේ. මේ නිසා ශක්තිය ලබාගැනීමට මේදය බිඳ හෙලයි. මේදය බිඳ හෙළිමෙන් කීටෝන දේහ ඇති වේ. මෙමගින් රුධිරයේ ආම්ලිකතාවය වැඩිවේ. කීටෝ ඇසිඩෝසියම (Keto acidosis) ඇති වේ. මේ තත්ත්වය මත ජීවිත තර්ජනයක් වුවද ඇතිවිය හැක.
දෙවන වර්ගයේ දියවැඩියාව (Type II Diabetes Mellitus)
වයස අවුරුදු 15 – 19 අතර දරුවන්ට බහුලව ඇතිවිය හැකි තත්ත්වයක් ලෙස දෙවන වර්ගයේ දියවැඩියාව (Type II Diabetes Mellitus) හැඳින්විය හැකි අතරම අතර දරුවාගේ මහත/තරබාරුව (Obesity) යන තත්ත්ව මත සමානුපාතිකව ඇති වේ. අග්න්‍යාශයෙන් ඉන්සියුලින් ශ‍්‍රාවය වන මුත් විවිධාකාරයෙන් ඉන්සියුලින්වලට ප‍්‍රතිරෝධී වේ. ශ‍්‍රාවය වන ඉන්සියුලින් ප‍්‍රමාණය රුධිරයේ සිනී මට්ටම පාලනයට ප‍්‍රමාණවත් නොවේ. මෙයට බොහෝ විට හේතු වන්නේ තරබාරු බව හා පවුලේ ආරයයි.
දියවැඩියා තත්ත්වයේදී දරුවෙකු පෙන්නුම් කරන මූලික ලක්ෂණ
- පිපාසය
- අධික ලෙස මුත‍්‍රා පිටවීම
- දරුවන්ගේ Diapers නිතර මාරු කිරීමට සිදුවේ.
- දහවල් කාලයේ මුත‍්‍රා අසංයමයක්ද පැවතිය හැක.
- රාත‍්‍රී කාලයේදී වැඩිපුර මුත‍්‍රා පිට වීම (ඇඳ තෙමීම, ඇඳුම්වල මුත‍්‍රා පිටවීම)
- අධික ලෙස ඇතිවන කුසගින්න (polyphagia) නමුත් බර අඩුවේ.
- ශරීරය ක්‍ෂය වීම
- ඉතා ඉක්මණින් වෙහෙසට පත්වීම.
සුළු ලක්‍ෂණ
- චර්ම ආසාධන
- සම වියළීම
- ගැහැනු දරුවන්ගේ යෝනි ආශ්‍රිතව දීලිර ආසාධන ඇති වීම (යෝනි ප‍්‍රදාහය)
දියවැඩියා තත්ත්වය උග්‍ර වීමෙන් ඇති විය හැකි තත්ත්ව
මධුමේහ ඇසිඩෝසියාව (Diabetic ketoacidosis (DKA))
මෙහිදී පෙර කෝමා අවස්ථාවේදී
- නිදිබර ස්වභාවය
- වියළි සම
- දෙතොල් රත්පැහැවීම
- ස්වසන වේගය වැඩිවීම
- ඔක්කාරය හා වමනය
- උදර වේදනාව වැනි රෝග තත්ත්ව පෙන්නුම් කරයි.
එසේම කෝමා තත්ත්වයේදී
- කූෂ්මාල් (දියවැඩියා රෝගියා අශ්වාස ප්‍රශ්වස කිරීමේ ආකාරයක්) ස්වසනය
- ඇස් යටට ගිලීයාම
- උදරයේ තද ගතිය
- දුර්වල වේගවත් නාඩි
- ශරීර උෂ්ණත්වය අඩුවීම
- රුධිර පීඩනය අඩුවීම
වකුගඩු අක්‍රිය වීම
වකුගඩු අක්‍රිය වීම ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා රෝගී දරුවා පහත පරීක්ෂණ වෙත යොමු කරනු ලබයි.
1.FBS – Fasting Blood Sugar
පැය 8 ක කාලයක් නිරාහාරව සිට ශිරා රුධිර සාම්පලයක් ගැනීම. (රුධිර සීනි ප‍්‍රමාණය ≥126mgldl (≥7mmol-1) ට වඩා වැඩිවීම)
2.RBS – Random Blood Sugar
දවසේ ඕනෑම වේලාවකදී රුධිරය ලබාගෙන සිදු කළ හැක.
RBS ≥200mgldl (≥11.1mmdl-1)
3.PPBS – Post Prandial Blood Sugar
ඉතා හොඳ සමබල ආහාර වේලක් ගෙන පැය 2 කින් පසුව රුධිර සාම්පලයක් ගෙන පරීක්‍ෂා කරයි.
HbA1C ≥6.5%
4.GTT – Glucose Tolerance Test
ග්ලූකෝස් 75mg ජලය 150ml දියකර බීමට දී රුධිර සාම්පල් හා මුත‍්‍රා සාම්පල් ගැනීම. පරීක්‍ෂණ ආරම්භ කිරීමට පෙර රුධිර හා මුත‍්‍රා සාම්පල් ගත යුතු වේ.
අද වන විට දරුවන් දියවැඩියා රෝග තත්ත්වයට ගොදුරු වීමේ වැඩි අවදානම් ඇතැයි කිවහොත් නිවැරදිය. නිසි සමබල ආහාර වේලක් නොගැනීම, ක්‍රියාශීලී බවින් තොර වීම මේ තත්ත්වයට හේතුවන තවත් කරුණු වේ. එසේම දරුවෙක් පෙන්නුම් කරන රෝග ලක්ෂණ කෙරෙහි මව්පියන්ගේ විශේෂ අවධානය යොමු විය යුතුය. තවත් ලිපියකින් දියවැඩියාව හේතුවෙන් දරුවන්ට ඇතිවිය හැකි සංකූලතා, ප්‍රතිකාර මෙන්ම දරුවෙකුට සාත්තාර කළ යුතු ආකාරය ගැන සකච්ඡා කරමු.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
පළාත් මහා රෝහල, කුරුණෑගල