- Advertisement -

දරුවන් තුළ පෙන්නුම් කරන “අවධාන ගැටළු” (Attention difficulties) හඳුනා ගනිමු.

-

තම දරුවාගේ නිසි වර්ධනය සෑම දෙමව්පියෙකු ගේ ම සිහිනයකි. එම සිහිනය කරා යන ගමනේදී දරුවෙකුගේ කුඩා කාලයේ පසුබෑමක්, ගැටළුවක් ඇති වුවහොත් එය දෙමව්පියන් වශයෙන් හඳුනා ගැනීම හා ඊට අවශ්‍ය අයුරින් කටයුතු කිරීම අවශ්‍යම දෙයක් ලෙස හඳුන්වා දිය හැකිය. 

අද අප සාකච්ඡා කරන්න ට බලාපොරොත්තු වන්නේ බොහෝ දෙමව්පියන් ට පොදු ගැටළුවක් වන දරුවන් තුළ පවතින අවධානය පවත්වා ගෙන යාමේ ගැටළුව හඳුනා ගන්නා ආකාරය හා ඊට සුදුසු පිළියම් කිහිපයකි. 

- Advertisement -
  1. දරුවාගේ අවධානය යේ ගැටළුවක් පවතින බව ඔබ හඳුනාගන්නේ කෙසේද?

දරුවා යම් කිසි ක්‍රියාකාරකමක් කරන විට ඊට ලබා දෙන අවධානය එහි සාර්ථකත්වයට ඉතාමත් ඉහළින් බලපානු ලබයි. ඔබේ දරුවාටත්, 

  • ක්‍රියාකාරකම කරන විට ඊට අවශ්‍ය අවධානය ලබා නොදෙන්නේ නම්
  • යම් විධානයක් පැවසූ විට ඊට අදාළ වැදගත් තොරතුරු මගහරිනවා නම් 
  • එකම දේ කීප වරක් කියා දුන්න ද දරුවා එකම වරද්ද දිගින් දිගටම සිදු කරනවා නම් (no past attention)
  • ක්‍රියාකාරකම හෝ යම් විධානයක් සම්පූර්ණයෙන්ම ඇහුම්කන් නොදෙන්නේ නම් 
  • දරුවා ක්‍රියාකාරකමක් කරන විට ඒ සඳහා පෙර සූදානම් කිරීම අපහසු නම්

උදා: අධික ලෙස ක්‍රියාශිලි වීම, නිදිමත ගතිය, කම්මැලිකමක් හෝ අලස කමක් පෙන්වීම ආදී 

  • ක්‍රියාකාරකමක් කරන විට පොඩි පිටස්තර දෙයටත් අවධානය බිඳීම වැනි ලක්ෂණ තිබේ ද? එසේ නම් ඔබේ දරුවාටත්  අවධානය සම්බන්ධ ගැටලුවක් ඇති බව පූර්ව අනුමානය කට පැමිණිය හැකිය. 

 

  1. දරුවාට අවධානය සම්බන්ධ ගැටලුවක් ඇති විට එය හේතු කර ගෙන ඇතිවන වෙනත් ගැටලු මොනවාද?
  • දරුවාගේ වර්ධනයත් සමඟ ප්‍රගුණ කළ යුතු අලුත් කුසලතා ඉගෙනීම ගැටලුකාරී වීම
  • සාර්ථක සමාජානුයෝජනය ක් සිදුවීම අවම වීම
  • සංකීර්ණ විධාන අනුගමනය කිරීම අපහසු වීම 
  • භාෂාව අබෝධයේ ගැටලු ඇති වීම
  • ඇතැම් ක්‍රීඩා ඉගෙනීමට ගැටලු ඇති වීම 
  • සාර්ථක ලෙස ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පන්ති කාමරය  තුළ සිදු කිරීම අපහසු වීම ප්‍රධාන වශයෙන් පෙන්වා දිය හැකි ය.
  1. මෙම තත්ත්වය නොසලකා සිටිය හැකි තත්වයක් ද?

සරල ම පිළිතුර නම් “නැත” යන්නයි. මන්ද දරුවාගේ අවධානය ලබා දීම පිළිබඳ ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳ දැනුවත් වී ඊට අවශ්‍ය ලෙස මැදිහත් වීම හා ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය ම කළ යුත්තකි. තවද මෙය මග හැර සිටියහොත් කල්යත්ම, 

  • අධ්‍යාපන කටයුතු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වීම 
  • දරුවා වැඩෙත්ම විවිධ අවස්ථාවල මානසික පීඩනය ඇතිවීමේ ඉඩකඩ 
  • කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතැම් විට ඇතැම් ක්‍රීඩා වැනි කටයුතු සිදු කිරීමට අපොහොසත් වීම 
  • දිගු කාලයක් එක ක්‍රියාකාරකම ක ට අවධානය දීම ගැටලුකාරී වීම හේතුවෙන් විභාග වැනි දේ අඩාල වීම 
  • පාසලේ දී විධාන අනුගමනය කිරීම ගැටලුකාරී වීම හා කල්යත්ම වෘත්තිය ජීවිතය තුළද එම ගැටලුව පෙන්නුම් කිරීම 
  • මිතුරන් ඇති කර ගැනීම, විවිධ සමාජ ස්ථර වලට අනුව තම හැසිරීම අනුගත කර ගැනීම ආදියට අපොහොසත් වීම තුළින් පසුකාලීනව මානසික පීඩනය වර්ධනය වීම වැනි ගැටලු දරුවා තුලින් මතු වීමට ඉඩ ඇති බැවින් ඊට සුදුසු කළ පිළියම් කළ යුතුමය.

 

  1. මෙම ගැටළුව ට දෙමව්පියන් වශයෙන් ඔබට කළ හැකි දේවල් මොනවාද?
  • ඔබ දරුවාට විධානයක් ලබා දුන් විට දරුවා ට එය නැවත ඔබ ට ප්‍රකාශ කරන ලෙස පවසා ඔබ ලබා දුන් විධානය ඔහු හෝ ඇය නිවැරදිව ග්‍රහණය කර ගත්තා දැයි පරික්ෂා කිරීම 
  • නිතර දරුවාගේ ඇස් මට්ටම ට ගොස් දරුවාගේ අවධානය ඔබට ලබා ගැනීම 
  • නිතර සරල භාෂාවක් භාවිතා කිරීම හා පැහැදිලි ලෙස  විධාන ලබාදීම 
  • යම් ක්‍රියාකාරකමක් කරන විට පරිසරයේ ඇති විය හැකි අනිසි බලපෑම් (environmental disturbances)  අවම කිරිම 
  • දරුවාගේ භාෂා කුසලතා හා ශ්‍රවණ කුසලතා පිළිබඳ සැලකිලිමත් වීම 
  • අවශ්‍ය නම් දරුවා සම්බන්ධ සුවිශේෂී ක්‍රියාකාරකම් ලබා ගැනීමට කථන හා භාෂා චිකිත්සකවරයෙකු හෝ වෘත්තීය චිකිත්සකවරයෙකු වෙත යොමු වීම ප්‍රධාන වශයෙන් ඔබට කළ හැකි දේවල් ලෙස හඳුන්වා දිය හැක. 

 

සටහන: කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article