කොවිඩ් වසංගතයේ අවසානයක් දකින සේයාවක්වත් නොමැති යුගයක දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් යම් යම් තීන්දු තීරණ ගැනීම අවශ්‍යයි. දිනපතා පාසල පෙර පරිදි පැවැත්වීමට නම් දරුවන් තුළ සමුහ ප්‍රතිශක්තිය ලබා දීම වෙනුවෙන් එන්නත්කිරීම අවශ්‍යයි. ඒ වුනත් දැනට පවතින එන්නත් පිලිබදව හිගතාවයත්…තවම වයස අවුරුදු 18 ට අඩු පිරිස වෙනුවෙන් ප්‍රතිශක්තිකරණ එන්නතක අධ්‍යනයන් අවසාන නොවීමත් නිසා දරුවන් කොවිඩ් වාහකයන් හෝ නිහඩ වාහකයන් වීමේ අවදානමක් තිබෙනවා.
නමුත්…අධ්‍යාපනයත් දරුවන්ට අවශ්‍යයි…
කොවිඩ් නිසා දරුවන්ගේ ජීවිතයේ පසුබෑමක් ඇති කිරීමට බැහැ. ඒ නිසාම පාසල් අධ්‍යාපනය පවත්වා ගැනීමට විකල්ප විසදුම් සොයන යුගයකදී මාර්ගගත හෙවත් ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් අවධානය යොමු වුණා. සමාජ දුරස්ථබව පවත්වා ගත යුතු සහ වෛරසයක් ගුණනය වීමට තිබෙන අවස්ථාවන් අවුරා තැබීම වෙනුවෙන් මාර්ගගත අධ්‍යාපනය අපට ඇති විකල්පය වුනත් එහි හොදට වඩා ඇති නරක බොහෝය කිව්වත් වරදක් නැහැ.
දරුවන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් නොවීම…
මාර්ගත අධ්‍යාපනය පිලිබඳව තීන්දු තීරණ ගැනීමේදී සෞඛ්‍ය අංශයේ අදාල විශේෂඥයන්ගේ දැණුම ලබා ගැනීම ඉතාම වැදගත්. මාර්ගගත අධ්‍යාපනය අපට තවමත් ආගන්තුකයි. ඒ නිසා මෙහි තිබෙන වාසියට වඩා දරුවන්ගේ සෞඛ්‍යට ඇති වෙන බලපෑම ගැන අවදානය යොමු කිරීම වැදගත්. කොවිඩ් වසංගතය සමග වැසී ගිය පාසල් පද්ධතියේ විෂය නිර්දේශය ආවරණය වෙනුවෙන් විවිධ පාසල් විවිධ අන්දමින් මාර්ගගත අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන ගියත් මේ වෙනුවෙන් ජාතික වගකීමක් අවශ්‍යයි.
දරුවන්ගේ සෞඛ්‍යට ඇති කරන බලපෑම්..
මෙතැනදී දරුවා ඉගෙනුම වෙනුවෙන් භාවිතා කරන්නේ විද්යුත් උපාංගයක්. ඇමරිකා එක්සත් ජනපදයේ මනෝ වෛද්‍ය විද්‍යා සංගමය පෙන්වා දෙන අන්දමට කුඩා දරුවන්ට ජංගම දුරකථනය පරිහරනය සුදුසු නැහැ. ඒත් පවතින ගෝලීය වසංගතය ඉදිරියේ අපි යන රැල්ලට යමින් දරුවන්ට මේ අහිතකර මෙවලම පරිහරනයට සම්පුර්ණ අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ වගේම බොහෝ දරුවන් මාර්ගගත අධ්‍යාපනය ලබන්නේ ජංගම දුරකථනය ඔස්සේ. මෙහි තිරය ප්‍රමාණයෙන් ඉතාම කුඩා නිසා ඇසට ආසන්නයේම දිගු වේලාවක් තබා ගැනීමට සිදු වෙනවා. ඒ නිසා ඇසේ පේශි විඩාවට පත් වෙනවා.
- හිසරදය
- ඇස් පෙනීමේ අඩුවක්
- ඇස් වේදනාව, දැවිල්ල
- ඇස්වලින් කඳුළු ගැලීම
ඒ වගේම කුඩා තිරයේදී විහිදෙන ප්‍රබල ආලෝක කිරණ සෘජුවම ඇස්වලට පතිත වීම නිසා ඇස්වල දෘෂ්ටි විතානයට හානි සිදු වෙනවා. එය අපි ඉර දිහා කෙලින්ම බලා සිටිනවා හා සමානයි.ඒ නිසා දෘෂ්ටි විතානයට සිදු වෙන හානිය සුව කිරීම පවා අපහසසුයි.සමහර විට සදාකාලිකවම ඇස් පෙනීමේ දුර්වලතාවයක් ඇති වෙන්න පුලුවනි.
බෙල්ල ප්‍රදේශයේ මාංශ පේශි තද වීම
ජංගම දුරකථනය සමග දිගු වේලාවක් රැදී සිටින විට බෙල්ල ප්‍රදේශයේ මාංශ පේශි තද වීම ස්නායු වලටත් බලපාන්න පුලුවනි.ඒ නිසාම සිරුරේ හිරි වැටෙන ගතියක් ගැන දරුවන් පැමිණිලි කරන්න ඉඩ තිබෙනවා. මේ තත්වය සමහර විට අංශභාග තත්වය තරම් බරපතල විය හැකියි. සමහර විට ශල්‍යකර්ම පවා කරන්න සිදු විය හැකියි.
උදරයේ මාංශ පේශි
දරුවන් සාමාන්‍යයෙන් බොහොම ක්‍රියාකාරි කන්ඩායමක්. මේ දිනවල විකාශය වෙන ගීතයක දැක්වෙන අන්දමින්
” පංතියේදී නුඹ මෙහෙම නැතුව ඇති- නුඹේ දඟ මම දන්නවා….
කියන්නා සේම දරුවන් බොහොම ක්‍රියාශීලියි. එක මොහොතක් එක තැනක රදවා ගැනීම අපහසුයි.නමුත් මාර්ගගත අධ්‍යාපනයේදී ඔවුන් බොහොම අක්‍රිය කණ්ඩායමක්. දෙමව්පියන්ගේ බලපෑමත් සමග දරුවාට හෙලවෙන්නවත් අවසරයක් නැහැ. මේ විදිහට දිගු වේලාවක් වාඩි වී සිටීම නිසා දරුවන්ගේ උදරයේ මාංශ පේශි ඉහිල් වී උදරය නෙරා ඒම සහ අහිතකර කොලස්ටරෝල් මට්ටම ඉහල යෑම, දියවැඩියාව, තරබාරුව වැනි රෝග තත්වයන්ට පත් වෙන්න පුලුවනි.
ඒ වගේම දරුවන් නිවසට කොටු වී හිරු එලියට නිරාවරනය නොවීම නිසා විටමින් ”ඩී ” ඌනතාවය සමග පසුකාලයකදී අස්ථි පිලිබද ආබාධ ඇති වෙන්න පුලුවනි.
විකිරණවලට නිරාවරනය වීම
ජංගම දුරකථනයෙන් අපට නොපෙනන අන්දමින් විහාල වහයෙන් විකිරනවලට දරුවන් නිරාවරනය වෙනවා. මේ තත්වය නිසා දරුවන් අතර විවිධ මානසික රෝග වලට ගොදුරු වීමේ අවදානම ඉතාම ඉහලයි.
- නොසන්සුන්බව
- ආවේගශීලිත්වය
- ආතතිය වැනි මානසික රෝග තත්වයන්ට ගොදුරු වීමේ අවස්ථාවත් ඉහලයි.
ප්‍රාථමික අංශයේ දරුවන්ට
ප්‍රාථමික අංශයේ හෙවත් 1 වසර සිටම දැන් මාර්ගගත අධ්‍යාපනය ඉගැන්වීම සිදු වෙනවා. මේ දරුවන් වෙනුවෙන් එක් සැසියක් පැයකට සීමා වුනත් ඒ සමග තවත් සැසියක් පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මාර්ගගත අධ්‍යාපනයේදී වුනත් විනාඩි තිහකින් පසුව විරාසයක් ලබා දීම අවශ්‍යයි.නමුත් එය සිදු වෙන්නේ නැහැ. ගුරුවරුන්ගේ පැත්තේ වුනත් කාර්ය බහුල නොවන වේලාවන් තෝරා ගෙන ඔවුන් පාන්දර පහට පාඩම් පටන් ගෙන රාත්‍රි 12 වැනි කාලයක් දක්වාම පංති පැවැත්වෙනවා.
අවුරුදු 12 – 16 අතර දරුවන් වැඩි වේලාවක් මෙම කිරණයන්ට නිරාවරනය වීම නිසා මොළයට වැඩි බලපෑමක් ඇති වෙනවා. මේ කාලයේදී දරුවන්ගේ මොලයේ වර්ධනයේ හොඳම අවස්ථාව නිසා නව යොවුන් දරුවන්ටත් ප්‍රබල බලපෑමක් ඇති කිරීමට පුලුවනි.
- දරුවෙක් විනාඩි 45 කට වඩා එක විෂයක් මත රඳවා ගැනීම සුදුසු නැහැ…
අධ්‍යාපඥයන්ගේ අදහස අනුව දරුවෙක් එක විෂයක් වෙනුවෙන් විනාඩි 45 කට වඩා වැඩි කාලයක් රඳවා ගැනීම සුදුසු නැහැ. ඒ නිසා මාර්ගගත අධ්‍යාපනය වෙනුවෙන් ගැලපෙන කාලසටහනක් සූදානම් කර ගැනීම වැදගත්.
අනාගතය වෙනුවෙන් සැලසුමක් අවශ්‍යයි…
කොවිඩ් වසංගත තත්වය සමග අපි හෙටත් ජීවත් විය යුතුයි. ඒ වගේම අපේ දරුවන් නිරෝගී පරම්පරාවක් ලෙසින් අනාගතයට දායාද කළ යුතුයි.නමුත් ඒ වෙනුවෙන් මාර්ගගත අධ්‍යාපනය එකම විසදුම නොවෙයි.
අපට දරුවන්ගේ අධ්‍යාපනය අඛන්ඩව පවත්වා ගැනීමට නම් ගුවන්විදුලියේ අධ්‍යාපන සේවය ඔස්සේ මෙම වැඩසටහන් විසුරුවා හරින්න පුලුවනි. ඒ නිසා දෙමව්පියන්ට අතිරේක වියදමක් දැරීමට අවශ්‍ය වෙන්නෙත් නැහැ.
ගුවන්විදුලිය ශ්‍රව්‍ය මාධ්‍යක් පමණක් වන නිසා රූපවාහිනය ඔස්සේ මෙම අධ්‍යාපන වැඩසටහන් ප්‍රචාරය කිරීමට හැකියාව තිබෙනවා. රූපවාහිනි යන්ත්‍රයක් නොමැති නම් අසල්වැසි නිවසකට හෝ ගොස් මෙම වැඩසටහන් සමග සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා.ඒ වගේම රූපවාහිනි තිරයක් සමග දරුවාගේ ඇස සමීප සම්බන්ධතාවයක් පවත්වන්නේ නැහැ.අවම වශයෙන් රූපවාහිනිය සහ ඇස අතර අඩි පහකවත් දුරක් තිබෙනවා.
ඒ වගේම ”යූ ටියුබ්’ ඔස්සේ මෙම අධ්‍යාපන වැඩ සටහන් ප්‍රචාරය කරන්නත් හැකියාව තිබෙනවා.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නීතිඥ පාලිත බන්ඩාර සුබසිංහ මහතා