- Advertisement -

කිරි සිහිනය පමා කරන PCOS තත්ත්වය හදුනා ගනිමු..

-

විවාහක යුවලකගේ ජීවිතේ පලමු පැතුම වන්නේ තමන්ගේම දරු පැටියෙකුගේ කිරි සිනා දැකීමයි. අද බොහෝ  කාන්තාවන්ට කිරි සිහිනය, සිහිනයක් පමණක්ව තිබීම නිතර අසන්නට  දකින්නට පුලුවන්. මේ සඳහා විවිධ හේතු බලපානු  ලබන අතර  පෙරට වඩා කාන්තාවන් මෙන්ම පිරිමි පාර්ශවයද එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් කරා යොමුවීම නිසා නිසි ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල ලබගෙන දරු සුරතල් බලනවා.

කාන්තාවන්ට දරුඵල පමාකරන නැතිනම් මඳසරුභාවය ඇති කරන තවත් එක් මූලිකම තත්ත්වයක් ලෙස PCOS රෝගය හඳුන්වන්න පුලුවන්. මෙමගින් සිදුවන්නේ  කාන්තාවන්ගේ ඔසප්  චක්‍රයේ  අක්‍රමවත් භාවයක් පැවතීමයි. එනම් ඩිම්බ කෝෂ මගින් නිසියාකාරව මේරූ ඩිම්බ පිට නොවීම නිසා ඇතිවන සංකූලතා තත්ත්වයකි. මෙම හේතුව නිසා බොහෝ කාන්තාවන්ට  දරුඵල ලබාගැනීමේ හැකියාව පමා වී ඇත. මෙම ගැටලු කාරී තත්ත්වය අද  කාන්තාවන්  අතර බහුලව දක්නට  ලැබෙන අතර PCOS  තත්ත්වය ගර්භනීභාවය පිළිබද සෘජු සම්බන්ධතාවයක් පවතී.

- Advertisement -

PCOS මගින් සාමාන්‍යයෙන් ආර්තව චක‍්‍රයට බාධා ඇති කරමින් ගැබ්ගැනීම අසීරු කරයි. PCOS ඇති කාන්තාවන්ගෙන් 70% 80% සඳහා සරුභාවය පිළිබඳ ගැටළු ඇති වේ. මෙම තත්ත්වය ගර්භනීභාවයේදී සංකූලතා ඇතිවීම වැඩි කිරීමට  පවා ඉවහල් වේ. 

මෙම PCOS තත්ත්වය නැතිනම් ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව  ඇති කාන්තාවන්  ගර්භනීභාවයට පත්වුවද,

  • ගබ්සා වීම් (miscarriages) 
  • අධික රුධිර පීඩනය (Hypertension) ඇතිවීම 
  • ගර්භනී කාලයේදී ඇතිවන දියවැඩියා තත්ත්වයට (Gestations Diabetes) මුහුණ දීමට සිදුවීම වැනි ගැටලු කාරී තත්ත්වයන්ට පවා මුහුණ දීමට සිදුවිය හැක.

මෙම PCOS තත්ත්වය නැතිනම් මේරූ ඩිම්බ නිසියාකාරව ඩිම්බ කෝෂ මගින් පිට නොවීමෙන් සිදුවන සංකුලතා සදහා නිසි ප්‍රතිකාර ලබාගැනීමට යොමු විය හැකි අතර ඒ පිළිබඳව නිසියාකාරව දැනුවත් වීමද වැදගත්වේ. මේ ලිපියේ අරමුණ වන්නේද එයයි.  ඕනෑම කාන්තාවකට  ඩිම්බරණය දියුණු කරගෙන සරුභාවය සදහා ප‍්‍රතිකාර ගැනීමෙන් ගර්භනී භාවයට පත්වීමට  පුලුවන්. ඒනිසා ඒ ගැන බිය විය යුතු තත්ත්වයක් නැහැ.

ඒවගේම PCOS තත්ත්තවයට මුහුණ දුන් ගර්භනී කාන්තාවකට බර අඩු කරගැනීම, රුධිරයේ සීනි මට්ටම අඩුකර ගැනීම තුලින් නිරෝගී දරු උපතක් ලබාගැනීමේ හැකියව පවතී. එමෙන්ම   ආහාර පුරුදු  හා ජීවන රටාව වෙනස් කිරීම මගින්ද සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.

ශරීරයේ බර අඩු කරගැනීම, ආහාර පාලනය හා ව්‍යායාම මගින්ද  ජීවන රටාවේ වෙනස්කම් ඇති කරගැනීම සමග PCOS  සදහා ප‍්‍රතිකාර ලබා ගැනීමට පුලුවන්. පවතින  අධික ශරීර බරින්  5%-10% අඩු කරගැනීමෙන් ඔසප් චක‍්‍රය ක‍්‍රමානුකූල කරගෙන බර අඩුකර ගැනීමෙන් ද සාර්ථක ප්‍රතිඵල අත්විදිය හැක.

 ඒ විතරක් නෙමෙයි එම යහපුරුදු මගින් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩුකරගැනීම, හෘද රෝග හා දියවැඩියා අවදානම  අඩුකර ගැනීමෙන් නීරෝගී දිවි පෙවතකට හුරුවීමේ භාග්‍යයද උදා වේ. PCOS සදහා පිෂ්ඨය අඩු ආහාර සුදුසු වන අතර මෙමගින්  බර අඩු කරගැනීම හා ඉන්සියුලින් මට්ටම පාලනය කළ හැක.  විශේෂයෙන් කාබෝහයිඩ්‍රේට් අඩංගු 1000 glycemic Index (low GI) ආහාර මේ සඳහා වඩාත් උපකාරී වන අතර පළතුරු, එළවළු හා ධාන්‍ය වර්ග  මගින්  බර අඩු කරගැනීමටත්  වඩා ආර්තව චක‍්‍රය පාලනයට උපකාරී වේ. 

එසේම මේ සමබන්ධව කරන ලද අධ්‍යයනයකදී හෙලි වී ඇත්තේ මිනිත්තු 30ක් පමණ  මධ්‍යස්ථ ප‍්‍රමාණයේ සිට තීව‍්‍ර ප‍්‍රමාණය දක්වා සතියකට දින 3 ක් බැගින් ව්‍යායාම කිරීමෙන්  PCOS සහිත කාන්තාවන්ගේ බර අඩු කරගැනීමට හැකියාව ලැබුන  බවයි. ඒ අනුව  නිසියාකාර ව්‍යායාම සිදුකිරීම තුලින් ශරීරයෙ බර අඩුකර ගැනීම හා ඉන්සියුලින් මට්ටම පාලනය කිරීමෙන්  ඩිම්බහරණය වර්ධනය කරගැනීමේ හැකියාවක් පවතින බව පෙනේ.

PCOS තත්ත්වය සදහා ව්‍යායාම හා ආහාර පාලනයට අමතරව පොදු ප‍්‍රතිකාර ක්‍රම ද රාශියන්  පවතිනවා.

උපත් පාලන පෙති හා වෙනත් ඖෂධ මගින් ඔසප් චක‍්‍රය ක‍්‍රමවත් කර PCOS ලක්‍ෂණ වලට ප‍්‍රතිකාර ලබාදීමද සිදුකරනවා.

උදාහරණ ලෙස  රෝම වර්ධනය, කුරුලෑ සදහා ප්‍රතිකාර කිරීම දරක්විය හැක.

1) උපත් පාලන පෙති ලබාදීම  – Birth control pills

progesterone සහිත පෙති දිනපතා ගැනීමෙන්

හෝමෝන සමබරතාවය යථා තත්ත්වයට පත්වේ. 

  • එමගින් ඩිම්බනිහරණය ක‍්‍රමානුකූල වේ
  • අධික රෝම වර්ධනය වැනි ලක්‍ෂණ නැති වී යයි. 
  • අන්තෝචක්වාලයේ (ගර්භාෂයේ ඇතුළු ස්තරයේ) පිලිකා ඇතිවීමේ අවදානම අඩු කරයි. 

2) මෙට්ෆොමින් (Metformin)

මෙම ඖෂධය  දෙවන  වර්ගයේ දියවැඩියාව සදහා ප‍්‍රතිකාරයක් ලෙස භාවිතා කරයි. එමගින් ඉන්සියුලින් මට්ටම වැඩි දියුණු කරගැනීම තුලින් PCOS  වලට ප‍්‍රතිකාරයක් ලෙස යොදාගැනීමද සිදුවේ.

3) Leptazol

මෙම ඖෂධය කාන්තාවන්ගේ සරුභාවය ඇති කරවන ඖෂධයක් වන අතර PCOS සහිත කාන්තාවන්ට ගැබ් ගැනීමට උදව් වේ. බොහෝ අවස්ථාවල මෙම ඖෂධය මගින් සාමාන්‍යයෙන්  නිවුන් දරු උපත් ඇතිවීම වැඩි කරයි. 

4) PCOS තත්ත්වයට පත්වූ කාන්තාවන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස අනවශ්‍ය රෝම ඇතිවීම දැක්විය හැකි අතර එය කාන්තාවන්ට මානසික වශයෙනුත් මහත් පීඩාවක් ගෙන දෙන තත්වයකි.  අනවශ්‍ය රෝම කූප ඉවත් කිරීමේ ඖෂධ ලෙස එෆ්ලොරමිතින් (Eflornithine cream) ආලේප කිරීම හැදින්විය හැකි අතර එමගින් බොහෝ දුරට රෝම වර්ධනය අඩු කරගත හැක. මීට අමතරව Laser nail removal සහ electrolysis මගින් මුහුණේ හා ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කළ හැක. 

5) ශල්‍යකර්ම සිදුකිරීම ද තවත්  එක් ප්‍රතිකාර ක්‍රමයකි. ඩිම්බකෝෂ මත කරන ප්‍රතිකාර ක්‍රමයක් වන අතර  (Ovarian drilling) යනුවෙන් එය හඳුන්වයි. මෙමගින් ඩිම්බ කෝෂය තුල ලේසර් කිරණ හෝ තුනී රත්කල ඉදිකටුවක් ආධාරයෙන් කුඩා සිදුරු ඇති කරයි. මෙමගින් මේරූ ඩිම්බ පිටවීම  යථා තත්ත්වයට පත්වේ. මේ අනුව දැන් PCOS, තත්ත්වයට මුහුණ දී කාන්තාවන් තවදුරටත් කනස්සල්ලට හා පත් වී බිය විය යුතු නොවේ. විවධ ප්‍රතිකාර ක්‍රම මගින් එම ගැටලුව නිරාකරණය කරගැනීමට පුලුවන්. 

මෙම තත්ත්වය සඳහා කෙනෙකු ප්‍රතිකාර සදහා යොමු වීමට නම් තමාට එම රෝගී තත්ත්වය වැලදී ඇති බව දැන ගන්නේ කෙසේද කියන කාරණයත් විමසා බලන්න අවශ්‍යයයි. ඒ අනුව ඔබ  වෛද්‍යවරයෙකු හමුවීමට නම් මෙන්න මේ තත්වයන්ට ඔබ මුහුණ දී  තිබේදැයි සිතා බලන්න.

  • මාසික ඔසප් වීම වරින් වර සිදුවීම හා ගැබ් නොගැනීම
  • ශරීරයේ, මුහුණේ අනවශ්‍ය රෝම ඇතිවීම වැනි PCOS ලක්‍ෂණ
  • අවුරුද්දකට වැඩි කලක් ගැබ්ගැනීමට උත්සහ කලද ප‍්‍රතිඵල නොලද විට
  • ඔබට අධික පිපාසය, අධික බඩගින්න, බොදවී පෙනීම හෝ අනවශ්‍ය ලෙස බර අඩුවීම වැනි දියවැඩියාවේ ලක්‍ෂණ ඇතිවීම. 

මෙන්න මේ කාරණා එකකට හෝ කිහිපයකට ඔබ මුහුණ දී තිබේ නම් වෛද්‍යවරයෙකු හමුවී ප‍්‍රතිකාර සදහා යොමුවිය යුතු වේ. වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබා ගැනීමත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වී  නිරන්තරයෙන් ව්‍යායාම ජීවිතයට එක්කර ගැනීමෙනුත් මෙම රෝගී තත්ත්වයෙන් මිදී කිරි සිහිනය මල්ඵල ගන්වා ගෙන ජීවිතයේ ඒ සුබ පණිවිඩය ලබන්නට දැන් ඔබටත් පුලුවන්. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article