- Advertisement -

කල්පනාවෙන් …..කොවිඩ් නිසා ගෙදරට කොටු වුණ දරුවා සුරතලා නිසා ලෙඩ වෙන්නත් බැරි නැහැ

-

වසර එකහමාරකටත් අධික කාලයක් පුරා නිවසට කොටු වුණු අපේ පුුංචි පැටව් දවස ගෙවා ගන්න බැරිව බොහොම උදාසීනව කාලය ගත කරනවා. ඔන්ලයින් අධ්‍යාපන වැඩ කටයුතුත් එක්ක අපේ දරුවෝ තවත් අතකින් හිර වෙලා . ඇත්තටම අපේ දරුවොත් ගෙවන්නේ හරිම අසීරු කාලයක්. ඔන්න ඔය අතරේ දරුවන් සුරතලුන් එක්ක ගත කරන කාලය වැඩි වෙලා. මොකද පුුංචි දරුවෝ කවුරුත් සුරතලුන්ට දක්වන්කනේ බොහොම කැමැත්තක්, ආදරයක්. සුරතල් සතුන් එක්ක ඔවුන්ගේ ජීවිතයට ගොඩක්  සුන්දර අත්දැකීම් එකතු වෙනවා. මෙවැනි කාලසීමාවක් තුළ ගෙදරක  සුරතලෙක් ඉන්නවා කියන්නේ නිවසටම කොටු වුණු දරුවෙකුට ලොකු අස්වැසිල්ලක් වුණත් සුරතල් සතුන් නිසා දරුවන් රෝගාතුර විය හැකි අවස්ථාත් ‍තිබෙන බව නම් අමතක කරන්න එපා. මේ ලිපිය තුළින් අපි සාකච්ඡා කරන්නේ සුරතල් සතුන් හේතුවෙන් දරුවන්ට ඇති විය හැකි Toxocara නම් වූ රෝග තත්ත්වය පිළිබඳවයි. 

මොකද්ද මේ Toxocara කියන්නේ ? 

- Advertisement -

එනම්, Toxocariasis යන බල්ලාගේ ශරීරයේ ඇති වන වට පණුවන්ගේ (Round worm) පිලා අවධිය වන Toxocara canis හෝ බළලුන්ගේ සිටින වට පණුවන් වන Toxocara cati ගෙන් ඇති වන ආසාදන තත්ත්වයකි. උද්‍යානවල හා සෙල්ලසම් පිට්ටනිවල පස, මෙම වට පණුවන්ගේ බිත්තරවලින් දූෂිත වීමෙන් පසු මිනිසුන්ට ඇතුළු වී මිනිසා ආශ්‍රිතව ඇති වන ආසාදනයක් වන අතර මින් මිනිසාගේ අක්මාව, පෙනහලු, හෘදය, පේශී, ඇස් හා මොළය ආදී අවයවවලට බලපෑම් ඇති කළ හැකි තත්ත්වයකි. 

මෙම රෝගය එනම් Toxocara ආසාදනය සහ ලක්ෂණ (Syndrome) 3 ක් ලෙස හඳුනාගෙන ඇත. 

1) දරුවන් තුළ ඇති වන Toxocariasis ආසාදනය 

මෙය උණ සහිත රෝග තත්ත්වයකි. මෙහි ලක්ෂණ ලෙස කැස්ස,නිදා ගැනීමේ අපහසුතා, උදර වේදනාව, හිසරදය, හැසිරීමේ වෙනස්කම් ඇති වේ. 

දරුවා පරීක්ෂා  කිරීමේදී දැකිය හැකි ලක්ෂණ 

  • අක්මාව විශාල වීම 
  • වසා ගැටිති විශාල වීම හා ආසාදනය 
  • ස්වසන අපහසුතාව (wheezing

2) Visceral larva migrans 

මෙහිදී මෙම පිළවා මිනිසාලේ අභ්‍යන්තර අවයවවලට ප්‍රදාහමය ප්‍රතික්‍රියාවක් ඇති කරවයි. ලක්ෂණ ගණනාවක් වර්ධනය වේ. තෙහෙට්ටුව, කෑම අරුචිය, බර අඩුවීම, නියුමෝනියාව, උණ, කැස්ස, ක්ලෝමනාල වල ගැස්ම, උදර වේදනාව, හිසරදය, දද සහ කලාතුරකින් වලිප්පුව වැනි තත්ත්ව ඇති වේ.. 

රෝගියා පරීක්ෂා කිරීමේදී දැකිය හැකි ලක්ෂණ 

  • අක්මාව විශාල වීම 
  • වසා ගැටිති ඉදිමී ආසාදයට පත්වීම 
  • ස්වසන අපහසුතාවය (wheezing) 
  • පෙනහලුවල ප්ලූරා පටක අවකාශය තරකලයන් පිරීම (කලාතුරකින්) 
  • දිගු කලක් පවතින කැසීම් (සමේ), රතු පැල්ලම්
  • හෘදයට බලපෑම් (Myocarditis) 
  • ස්වසන අකරණිය (Respiratory failure) 

3) Ocular larva migrans 

මෙම පිලවා කුඩා ළමුන්කේ හා වැඩිවියට පත් ළමුන්කේ ඇස්වල අපර කොටසට ගමන් කරයි. 

රෝගියා පෙන්නුම් කරන ලක්ෂණ

  • ඇසේ එක් කොටසක පෙනීම අඩුවීම 
  • ඇස් රතුවීම 
  • ඇසේ කණීනිකාව සුදු පැහැවීම 
  • දෘෂ්ටිවිතානයේ තන්තු ඇතිවීම (Retinal fibrosis) 
  • දෘෂ්ටිවිතානය ගැලවීම (Retinal detachment), retino blastoma 
  • Retinoblastoma තත්ත්වය 

මෙම Toxocara පරපෝෂිත ආසාදනය මිනිසුන්ට ඇති කරන්න Toxocara canis මගිනි. බලු පැටවුන්ට තම මවගෙන් ඉපදීමට පෙර හෝ කිරි මගින් ශරීර ගත වේ. ඉන්පසු මෙම පිළවා බලු පැටවාගේ අන්තකවල ඉතා වේගයෙන් මේරීම සිදුවේ. බලු පැටවාට වයස සති 3 – 4 වන විට බලු පැටවා තුළ ඇති පණුවන් විශාල ප්‍රමාණයකින් බිත්තර නිපදවීමට පටන් ගනී. ඉන්පසු බලු පැටවාගේ මළ හරහා මෙම බිත්තර පරිසරයට මුදා හැරේ. මෙම ආසාධිත පිලවා බිත්තර තුළ සති 2 – 4 කාලයක් වර්ධනය වේ. ඉන්පසු මෙම බිත්තරවලින් එකක් හෝ මිනිසාට ශරීරගත වුවහොත් ඔහු Toxocariasis ආසාධිතයෙකු බවට පත්වේ. මෙම ආසාදනය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ නොවේ. බිත්තරවලින් දූෂිත උපකරණ මතු පිටවල් හරහා ආසාදනය ඇති වේ. මැස්සන් මගින්ද මෙම බිත්තර ආහාරවලට, මතුපිටවල් (පෘෂ්ඨයන්) මතට ගෙන එයි. ප්‍රමාණවත් ප්‍රමාණයක ඔක්සිනන් හා තෙතමනය ලැබෙන තුරු මෙම බිත්තර ආසාදිත තත්ත්වයෙන් වසර කිහිපයක් වුවද තිබිය හැක. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ බිත්තර වටා පවතින ප්‍රතිරෝධී කටුව මගින් බොහෝ විට පාරිසරික තර්ජනයන් ආරක්ෂා කරන බැවිනි. 

Toxocara රෝග විනිශ්චය 

  • PCR පරීක්ෂආණ 
  • ELISA පරීක්ෂආණය 
  • රුධිර, මස්තු පරීක්ෂආණ 

Toxocara සඳහා ප්‍රතිකාර  

මෙහිදී නිසිවෛද්‍ය උපදෙස් ඖෂධ ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. 

  • Corticosteroids – Prednisolone 20mg – 40mg 
  • Anti parasitic drugs – Albendazole, Mebendazole, Thiabendazole, Diethylcarbamazine 
  • ඇස හා සම්බන්ධ ආසාදනවලදී ප්‍රතිකාර ඉතා දුෂ්කර වේ. මෙහිදී ඇසට සිදු විය හැකි හානිය අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය. 

Toxocara වැළක්වා ගැනීමට 

  • ඔබ විසින් ඇති කරන සුරතලුන් (බල්ලන්, පූසන්) පශූ වෛද්‍යවරුන් වෙත ගෙන ගොස් පරීක්ෂාවට ලක් කිරීකමන් අදාල පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදුකරවා ගන්න
  • සුරතල් සතුන් සමග සෙල්ලම් කිරීමෙන් පසු, ගෙවත්තේ කටයුතුවලින් පසු මෙන්ම ආහාර පිසීම‍ට පෙරත් ආහාර ගැනීමට පෙරත් සබන් යොදා දෑත් හොඳින් පිරිසිදු කරගන්න
  • අත් සේදීමේ වැදගත්කම දරුවන්ට කියා දෙන්න 
  • සතුන්ගේ මළවලින් දුෂිත පස් ආශ්‍රිතව දරුවන්ට සෙල්ලස් කිරීමට ඉඩ නොදෙන්න. 
  • සතියකට වරක් හෝ සුරතල් සතුන් සිටින ස්ථාන පිරිසිදු කිරීම. සතුන්කේ මළ ක්‍රමානුකූලව ඉවත් කිරීමෙන් පසු හොඳින් සබන් යොදා අත් සෝදන්න 
  • පස් මත වැටී තිබුණු හෝ අපිරිසිදු දෑ ආහාරයට ගැනීමේ අවදානම දරුවන්ට අවබෝධ කරවන්න 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article