- Advertisement -

දරුවන් වෙනුවෙන් ලබා දෙන එන්නත ප්‍රජා මධ්‍යස්ථානයකදී ලබා නොදී රෝහලක් තෝරා ගන්නේ ඇයි…?

-

2019 වසරේ පටන් පැතිරෙන කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් ආරක්ෂාවක් ලබා ගැනීමට විකල්ප වෛද්‍ය පිලිවෙත් ගැන ලෝකයේම පර්යේෂකයන් සහ විද්‍යාඥයන් විමසිලිමත් වුණා. ඒ අතර කොවිඩ් පැතිරීර්‍ම පාලනය වෙනුවෙන් වූ ප්‍රතිශක්ති එන්නත ගැන දැනට යම් විශ්වාසයක් ගොඩ නැගී තිබෙනවා.

එන්නතකින් සිදු වෙන්නේ වෛරසයකට, ආසාදනයකට හෝ රෝගයකට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් අපේ සිරුර සූදානම් කිරීමයි. රෝග කාරක ජිවියාගේ අක්‍රිය හෝ දුර්වල කරන ලද නැතහොත් එම ජීවියා ශරීරගත වූ විට ඇති කරන බලපෑමට සමාන බලපෑමක් ඇති කරන එකි ජිවියාගේ අනු පිටපතක් මිනිස් සිරුරට ඇතුලත් කරනවා. එවිට එම ජීවියා සිරුරට ඇතුලු වී ඇති බව හඳුනාගත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ඊට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිදේහ නිපදවනවා.

- Advertisement -

පාසල් දරුවන් අවදානම් කාන්ඩයේ හෝ එන්නත ලබා දීමේ ප්‍රමුඛතා කණ්ඩායමට ඇතුලත් නොවීම

ඇමරිකා එක්සත් ජනපදයේ රෝග වැලැක්වීම සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානය පවසන අන්දමට එන්නත යනු රෝග සුව කිරීමට ඇති ඔසුවක් නොව එම රෝගය වැළඳීමට තිබෙන අවස්ථාව වලක්වන හැකියාව ඇති ශක්තිමත් දෙයකි. කොවිඩ් ආසාදිතව මිය ගිය අතර පසුගිය කාලයේදී වැඩි පිරිසක් අයත් වුනේ වයස අවුරුදු 60 ඉක්මවු , විවිධ සංකුලතාවයන් ඇති කන්ඩායමටයි. ඒ වගේම එන්නත් සැපයුම සමග ඇති වෙන හිගතාවය නිසාත් දරුවන් වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දීම නොදැනීම මග හැරී ගියා. 

 එන්නත් බෙදා හැරීමේ සදාචාරාත්මක බව ඉදිරියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත ලබා දීමේ ප්‍රමුඛතාවය මෙසේ පෙළ ගස්වා තිබෙනවා. ඒ අනුව  මුල් අදියරේදී එන්නත්කරණය වෙනුවෙන් පාසල් දරුවන් සම්බන්ධ කර ගත්තේ නැහැ.ඒ වගේම  දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්ති එන්නත ලබා දීමේ සුරක්ෂිතතාවය ගැනත් මේ වෙන විට ප්‍රමාණවත් දත්ත ලැබී තිබුනේ නැහැ.නමුත් දැන් ලැබී තිබෙන දත්ත අනුව දරුවන්ට එන්නත ලබා දීම ගැන විද්‍යාත්මක තහවුරුවීමක් තිබෙනවා.

රටක ඉදිරි පෙළ සිටින සෞඛ්‍ය අංශයේ නිරත වෘත්තිකයන් ඇතුලු සියලු සේවා කාර්ය මණ්ඩල /ආරක්ෂක අංශ

විදුලිය, ජල , සනීපාරක්ෂක සේවාවන්හි නිරත පිරිස

වයස අවුරුදු 60 ට වැඩි විවිධ සංකුලතාවයන් ඇති පුද්ගලයන්

නොවන රෝග ඇති පිරිස- මුල් කොවිඩ් 19 වසංගතයේදී ආසාදිත වී මියයෑමට වැඩි අවස්ථාවක්  ඇත්තේ බෝ නොවන රෝගවලින් පීඩා විඳින රෝගීන් වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දීමට තීරණය වුනා.

නමුත් වසංගතයේ පැතිරීමේ වේගය සහ ප්‍රාදේශීය ව්‍යාප්තියේ සිඝ්‍රතාවය අනුව එන්නත්කරනයේ ප්‍රමුඛතාවයේ වෙනස්කම් සිදු වී තිබෙනවා.

එන්නත් ලබා දීමේ ප්‍රමුඛතාවය වයස අවුරුදු 30 ට වැඩි පිරිසට ලබා දීම නිසා පාසල් දරුවන් පමණක් නොව උසස් අධ්‍යාපනය ලබන කණ්ඩායමත් මුල් අදියරේදී මෙතැනට ඇතුලත් වුනේ නැහැ.

එන්නත ගැනීමට තරුණ කණ්ඩායම බිය ඇයි…?

කොවිඩ් වෙනුවෙන් එන්නත නිපදවීමට ගත වුන කාලය කෙටි වීම නිසා එන්නත ගැන බොහෝ දෙනාගේ ඇත්තේ යම් සැකයක්.එය ඇත්තක්. එන්නතක් පිලිබඳව අධ්‍යනයන් දිගු කාලයක් පුරා සිදු වෙන ක්‍රියාවලියක්. 

නමුත් කොවිඩ් වැනි වසංගත තත්වයක් හමුවේදී එවැනි දීර්ඝකාලීන අත්හදා බැලීම් සිදු කරන්න දිගු කාලයක් ලැබුනේ  නැහැ. ගෝලීය වසංගතයක් නිසා වසරක් වැනි ඉතාම කෙටි කාලයකින් එන්නත අත්හදා බැලීමට සිදු වුණා. එන්නතක අත්හදා බැලීම  වෙනුවෙන් වසර හත අටක කාලයක් ගෙවුනත් කොවිඩ් වෙනුවෙන් එන්නත හඳාුන්වා දීම වසර එකහමාරක් වැනි ඉතාම කෙටි කාලයකදී සිදු වුනා. එහෙත් එන්නතක් සමාජයට හඳාුන්වා දීමේදී අනුගමනය කරන ක්‍රියාවලියේ එක් අවස්ථාවක්වත් අත් හැරියේ නැහැ. හදිසි තත්වය යටතේ මෙම අවස්ථාවන් අතහැර යෑමක් නොව අදාල ක්‍රියාවලියේ අවස්ථාවන් අතර සමපාත කිරීම පමණක් සිදු වුනා.ඒ නිසා කෙටි කාලයකින් කොවිඩ් වසංගතය වෙනුවෙන් වූ ප්‍රතිශක්තිකරණ එන්නත ගැන අනිසි සැකයක් ඇති කළ ගත යුතු නැහැ.

දරුවන් අනාරක්ෂිතද…?

ඉහත දැක්වෙන දරුවන් අතර කොවිඩ් 19 ආසාදිත දරුවන් සිටින්න පුලුවනි. නමුත් ඔවුන් ගෙන් බොහෝ දෙනෙක් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ.අපහසුතාවයක් පෙන්නුම් කරන්නෙත් නැහැ. එහෙත් ඔවුන් ආසාදිතයි. මේ නිසා ඉහත කණ්ඩායම් සමාජයේ රෝග වාහකයන් විදිහට ඔවුන්ගේ ආශ්‍රිත කන්ඩායම් වෙත රෝගය සම්ප්‍රේෂනය කරන්න පාසල් දරුවන් සමුහ හැසිරීම් ඇති පිරිසක්. ඒ වගේම පාසල, පංතිය සමග ගැටෙන විට මිතුරන් සමග හැසිරෙන විට කොවිඩ් වසංගතයක් සමග අපි ජීවත්වෙනවාය යන සංකල්පය දරුවන්ගේ හිතේ නැහැ.ඒ නිසා ආසාදිත පවුලක පළමු ආශ්‍රිතයෙකුගෙන් හෝ නිහඬ වාහකයන්ගෙන් දරුවන්ට කොවිඩ් ආසාදනය වීමට හැකියාවක් තිබෙනවා.දැනටමත් ශ්‍රි ලංකාව පුරා එන්නත්කරණ වැඩ සටහන ක්‍රියාත්මක වන නිසා දරුවා වෙනුවෙන් ප්‍රතිශක්ති එන්නත නොලැබුනත් පවුලේ වැඩිහිටියන් කුමන හෝ කණ්ඩායමකට ඇතුලත්ව එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබනවා.ඒ නිසා දරුවාත් කොවිඩ් වැළඳීමේ අවදානමෙන් බොහෝ දුරට නිදහස් වෙන්න පුලුවනි.

දරුවන් වෙනුවෙන් ලබා දෙන එන්නත..

ෆයසිර් සහ මොඩර්නා

ෆයසිර් සහ මොඩර්නා යන එන්නත් දෙකම හැඳින්වෙන්නේ mRNA (Messenger RNA) එන්නත් ලෙසයි. ඊට හේතුව මෙම එන්නත් නිපදවීම සිදු කර ඇත්තේ ජාන කේත (genetic code) කොටස් නැනෝ අංශුවක දවටා සිරුරට ඇතුලු කරනවා.  මෙම එන්නත් මගින් 90% ක සඵලතාවයක් ලැබෙනවා. වයස අවුරුැදු 19 ඉක්මවූ කණ්ඩායම් වෙනුවෙන් ඉහත එන්නත් දෙක ලබා දී තිබෙනවා. නමුත් වයස අවුරුදු 12 -19 අතර පාසල් දරුවන් වෙනුවෙන් ෆයසිර් එන්නත ලබා දීම දැනට නිර්දේශ වී තිබෙනවා.

කොවිඩ් වෛරසය නිසා වැඩි අවදානමක් ඇති දරුවන් කවුද…?

කොවිඩ් 19 වෛරස රෝග තත්වයට දරුවන් ගොදුරු වීමේ අවදානම වැඩිහිටියන්ට සාපේක්ෂව අඩු වුනත් යම් ලෙසකින් මෙම කණ්ඩායමේ දරුවන්ට වෛරස ආසාදනය වීමේ යම් අවදානමක් ඇති වෙනවා.

උපතින්ම දරුනු ශ්වසන ආබාධ සහිත දරුවන් 

දරුණු හතිය 

පෙනහලු ආබාධ

සංජානනීය හෘද රෝග

උපතින්ම ප්‍රතිශක්තිය දුර්වල දරුවන්

මෙවැනි දරුවන් වෙනුවෙන් ප්‍රතිශක්ති එන්නත ලබා දීමේදී රෝහලකින් ලබා ගැනීම වඩාත් ආරක්ෂිතයි.

වයස අවුරුදු 12-19 කාණ්ඩයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ලබා දෙන එන්නත ප්‍රජා මධ්‍යස්ථානයකදී ලබා නොදී රෝහලක් තෝරා ගන්නේ ඇයි…?

දරුවන් තුළ අපි මතුපිටින් නොදකින සෞඛ්‍ය ගැටලු තිබෙන්න පුලුවනි. සමහර විට ඔවුන්ගේ ආසාත්මිකතාවයන් තිබුනත් තවම ඒ වෙනුවෙන් දරුවන් නිරාවරනය නොවුන නිසා එවැනි ආසාත්මිකතාවයන් හඳුනාගෙන නැති වෙන්න පුලුවනි. වයස අවුරුදු 20 ඉක්මවන විට තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන යම් තහවුරු වීමක් තිබෙනවා.

ඒ වගේම තවමත් වයස අවුරුදු 19 ට අඩු දරුවන් වෙනුවෙන් එන්නත ලබා දීම ආරම්භක අවස්ථාව නිසා එහි ප්‍රතිචාර හඳුනාගෙන නැහැ. හදිසියේ හෝ ඇති වෙන ආසාත්මිකතාවයකදී ප්‍රජා මධ්‍යස්ථානයකට වඩා රෝහලකින් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. එය දරුවන් වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂාවක්.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය ධනුෂ්කා දසනායක

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article