- Advertisement -

විටමින් E හොඳද? නරකද?

-

ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැහැ කියන්නා වගේ ශරීරයේ යහ පැවැත්ම උදෙසා අපි ලබාගන්නා විටමින් වර්ග වුවත් අධික මාත්‍රාවන්ගෙන් ලබා ගැනීම සුදුසු තත්ත්වයක් නොවන බව කිව යුතුමය. විටමින් කොහොමත් සිරුරට හොඳයිනේ කියන අදහසේ එල්බගෙන ඇතැම් අය වැඩි මාත්‍රාවන් ලබා ගන්නා අවස්ථා කෙතෙකුත් තියෙනවා. අදට අදාල මාත්‍රාව යම් අමතක වීමකින් මගහැරුණ හොත් හෙට දින මාත්‍රාව සමග එය මාත්‍රා දෙකක් එකවර ලබාගන්නා අයත් ඉන්නවා. නමුත් එය කිසිසේත්ම සුදුසු නැහැ. වැඩිවෙන්න වැඩිවෙන්න හොඳ දේත් නරක අතට හැරෙන්න බැරි නැහැ. මේ ලිපිය තුළින් අපි සාකච්ඡා ‍කරන්නට බලාපොරොත්තු වන්නේ විටමින් E ගැනීමේදී ප‍්‍රවේශම් විය යුතු කරුණු සම්බ්න්ධවයි.

විටමින් E වල අතුරු ආබාධ 

- Advertisement -

මාත‍්‍රාව වැඩිවීමත් සමග ඇති වන අතුරු ආබාධ ප‍්‍රමාණයද වැඩිවේ. 

  • ඔක්කාරය හා වමනය
  • පාචනය
  • ආමාශයේ අපහසුතාවයන්
  • තෙහෙට්ටුව
  • දුර්වලභාවය
  • හිසරදය
  • බොඳවී පෙනීම
  • සමේ දද ඇති වීම
  • සමේ රත්පැහැ සිරීම් ඇති වීම
  • රුධිර වහනය

දිනක මාත‍්‍රාව 1000mg වඩා ගැනීම අනාරක්‍ෂිත වේ. කෘත‍්‍රිම විටමින් E (all-rac-alpha-tocopheryl) ස්වභාවික විටමින් E (RRR-alpha tocopherol) වේ. කෘත‍්‍රිම විටමින්  E මාත‍්‍රාව 1100IU, ස්වභාවික විටමින් E මාත‍්‍රාව – 1500IU ටසමාන වේ. 

විටමින් E ගැනීමේද ප‍්‍රවේශම් විය යුතු කරුණු

  • ගර්භනී මුල් සති 8 තුල වෛද්‍ය උපදෙස් වලින් තොරව විටමින් E ගැනීමෙන් වළකින්න 
  • ගර්භනී අවධියේ අවසාන මාස 3 දී ගත හැකි අනුමත දිනක මාත‍්‍රාව වන්නේ 800mg වේ. 
  • අවුරුදු 14 – 18 දක්වා හා අවුරුදු 18 ට වැඩි කාන්තාවන්ට ලබාගත යුතු දිනක මාත‍්‍රාව 1000mg වේ. 
  • මව්කිරි ලබාදෙන කාන්තාවන්ගේ දිනක මාත‍්‍රාව 800mg වේ. 
  • දරුවන් අවුරුදු 1 – 3 දිනක මාත‍්‍රාව 300IU/අවුරුදු 4 – 8 දිනක මාත‍්‍රාව 450IU/අවුරුදු 9 – 13 දිනක මාත‍්‍රාව 900IU/අවුරුදු 14 – 18 දිනක මාත‍්‍රාව 1200IU වේ.
  • නොමේරූ දරුවන්ට විටමින් E  අන්ත:ශෛරීකව (සේලයින් ලබාදෙන ආකාරයට) ලබාදීම අනාරක්‍ෂිත විය හැක. 
  • රුධිරවහනය වීමේ රෝග තත්ත්ව ඇතිවිට විටමින් E ගැනීමෙන් එම තත්ත්වය දරුණු විය හැක. 
  • හෘද රෝගීන් විටමින් E ගැනීමෙන් ජීවිතය පවා අවදානමට ලක් විය හැකි අතරම අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත ලබා දෙන මාත්‍රාව ගත යුතුය. 
  • දියවැඩියාව සහිත රෝගීන්ගේ හෘද අකරණිය තත්ත්වය වැඩිකරවීමේ අවදානම වැඩි කරවයි. 
  • හිස හා ගෙල ආශ‍්‍රිත පිළිකාවලදී මෙම විටමින් E මගින් නැවත පිළිකාව ඇතිවීමේ අවදානම වැඩි කරයි. දිනක මාත‍්‍රාව වන 400IU වඩා නොගත යුතුයි. 
  • අස්ථි පර්වදාහයේදී අස්ථි ශක්තිමත් කිරීම සඳහා සමහරවිට ව්‍යායාම භාවිත කරයි. නමුත් ව්‍යායාම, විටමින් E හා විටමින් C මගින් අස්ථි ශක්තිමත් කිරීම සඳහා සිදුකරන ව්‍යායාම වල ප‍්‍රයෝජන අඩු කරයි. 
  • දැනටමත් පුරස්ථි ග‍්‍රන්ථිය ආශ‍්‍රිත පිළිකා තත්ත්වයේදී එම තත්ත්වය වැඩි දියුණු කරයි. 
  • ශල්‍යකර්මයක් සිදු කරන පුද්ගලයෙකුගේ රුධිරය වහනය වීමේ අවදානම ශල්‍යකර්මය තුලදී හා පසුව වැඩි විය හැක. මේ නිසා ශල්‍යකර්මයට සති දෙකකට පෙර විටමින් E ගැනීම නැවැත්විය යුතුය. 

ඖෂධ අතර විටමින් E සමග ඇතිවන අන්තර් ක‍්‍රියා

  • Cyclosporine drug සමග විටමින් E ගැනීමෙන් එම ඖෂධය ශරීරයට උරා ගන්නා ප‍්‍රමාණය වැඩි කරයි. ප‍්‍රතිඵල වැඩිවනවා සේම අතුරු ප‍්‍රතිඵලද වැඩි කරයි. 
  • සමහර ඖෂධ අක්මාවේදී වෙනස්වී බිඳ හෙලීමකට ලක්වේ. විටමින් E මගින් ඖෂධ අක්මාව තුල බිඳ හෙලීම ඉක්මන් කරවයි. මේ නිසා ලැබෙන ඵලදායී බව අඩු වේ. 

උදා: lovastatin, Ketoconazole, Itraconazole, Fexofenadine, triazolam

  • විටමින් E මගින් රුධිර කැටි ඇතිවීම ප‍්‍රමාද කරවයි. මේ නිසා රුධිරවහනයක්, සමේ තැනින් තැන රතුවීම් ඇති විය හැක. 

උදා: aspirin, clopidogrel, diclofenac, Ibuprofen, Naproxen, enoxaparin, heparin, Warfarin

  • විටමින් E ප‍්‍රතිඔක්සිකාරක ගුණයක් ඇති නිසා පිළිකා සඳහා ගන්නා සමහර ඖෂධ වල ඵලදායී බව අඩු කරයි. 
  • කොලෙස්ටරෝල් අඩු කිරීම සඳහා ගනු ලබන ඖෂධ වල ඵලදායී බව අඩු කරයි. 
  • Niacin වල ප‍්‍රයෝජන අඩු කරයි. Niacin මගින් HDL (සිරුරට හිතකර කොලෙස්ටරෝල්) ප‍්‍රමාණය වැඩි කරයි. විටමින් E සමග ගැනීමෙන් මෙම සිරුරට හිතකර කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අඩු කරයි. 
  • Warfarin මගින් රුධිර කැටි ප‍්‍රමාද කරයි. විටමින් E මගින්ද ප‍්‍රමාද කිරීම නිසා රුධිරවහනය ඉක්මනින් ඇති විය හැක. 

විටමින් E අඩංගු ආහාර

  • තිරිඟු
  • කොට්ටම්බා
  • සූරිය කාන්ත ඇට
  • අලිගැට පේර
  • රටකජු
  • මාළු – මාළුන්ගේ ඇති Omega – 3 fatty acid වල ප‍්‍රතිඵල වැඩි කිරීමට ඉවහල් කරයි. 
  • රතු බෙල් පෙපර්
  • එළවළු තෙල් (සූරියකාන්ත, බඩ ඉරිඟු, තිරිඟු, සෝයා බෝංචි)
  • කොළ පැහැති කොළ එළවළු – නිවිති, බ්‍රොකලි
  • පළතුරු යුෂ
  • මාගරින්
  • පළතුරු – අඹ, කිව් ෆෘට්, බ්ලැක් බෙරි, කළු මිදි, වෙරළු, ඇප්‍රිකොට්

විටමින් E ඌනතාවය ඇති විය හැකි රෝග 

පහත රෝග ඇති අයට විටමින් E ඌනතාවය ඇතිවීමේ අවදානම වැඩියි. 

  • කාලීන අග්න්‍යාශයික දාහය
  • පිත්තාශයේ ආසාධන
  • cystic fibrosis
  • ප‍්‍රාථමික පිත්තාශයික සීරෝසියාව
  • Crohn’s disease
  • short bowel syndrome

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article