- Advertisement -

Kyphosis එහෙමත් නැතිනම් ඔටු කුදය ගැන දැනුවත්ද?

-

නිරෝගී දරුවෙකු හැම මවකගේ පියෙකුගේම පැතුම වුවත් අපි නොහිතන අවස්ථාවල නොහිතන ආකාරයේ අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වීම ජීවිතයේ ස්වභාවය යැයි පැවසීම වරදක් නොවේ. ඒත් හිටි හැටියේ දරුවෙකුගේ සුෂුම්නාවේ වක්‍ර හේතුවෙන් ඇති විය හැකි Scoliosis (පැති කුදය) හා Kyphosis (ඔටු කුදය) වැනි තත්ත්ව එක්වරම ජීවිතය හිටි හැටියේම නතර වනවා මෙන් දැනෙන තත්වයක් ලෙස හැඳින්වීමේද වරදක් නැත. එය කිසිදු අවස්ථාවක මවක/පියෙක්/දරුවෙක් නොසිතන ආකාරයේ තත්ත්වයකි. අන්න ඒ නිසාම කල් තියා හඳුනා ගනිමින් අවශ්‍ය පිළියම් යෙදීම ඉතා වටි. මේ ලිපිය තුළින් Kyphosis (ඔටු කුදය) යන තත්ත්වය පිළිබඳව අපි දැනුවත් වෙමු. සාමාන්‍යයෙන් මේ තත්ත්වයන් ඇති වන්නේ සුෂුම්නා පටක වල ඇති වන අසාමාන්‍ය වර්ධනයන් නිසා වන අතරම එය සම්පූර්ණයෙන් වළක්වා ගැනීම සඳහා ප‍්‍රතිකාර නොමැත. කෙසේ වුවත් සාමාන්‍යයෙන් වැඩෙන දරුවෙකුගේ සුෂුම්නා පටක වලට හා කොන්දේ පේශී වලට මේ තත්ත්වයන් හේතුවෙන් බලපෑමක් ඇති කළ හැකි නිසා වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක වීම ඉතා වැදගත් වේ.

- Advertisement -

Kyphosis (ඔටු කුදය)

සුෂුම්නාවේ 500 හෝ ඊට වඩා විශාලතාවයකින් ඇති වන වක්වීමකි. වැඩිහිටියන් මෙන්ම ළමුන් අතරද මෙම තත්ත්වය දැකිය හැක. ළමුන් අතර ඇති වන ඔටු කුදය වර්ග 3 කි.

  1. Postural Kyphosis (ස්ථාපිත ඔටු කුදය) – අස්ථි හා පේශී වල අසාමාන්‍ය වර්ධනයක් නිසා ඇති වේ. දුර්වල ස්ථාපිත මේ සඳහා හේතු විය හැක. අවුරුදු 12 – 19 අතර දරුවන්ට වැළඳිය හැකි අතරම මේ තත්ත්වය පිරිමි ළමුන් අතර බහුලය.

2.Scheuermann’s kyphosis කලාතුරකින් තරුණ කාලයේදී ඇති වන්නකි. කශේරුකාවේ ව්‍යුහමය ආබාධයකින් ඇති වේ. 

3. Congenital Kyphosis (ආජන්මන ඔටු කුදය) – උපතේදීම දැකිය හැකි තත්ත්වයකි. කශේරුකාවේ තල්ලු වීම හෝ අස්ථි මඩල් ලෙස නොපිහිටීම මීට හේතුව වේ. 

Kyphosis (ඔටු කුදය) ලක්‍ෂණ

  • කොන්දේ හෝ උරපතු අස්ථියේ තද ගතිය හෝ වේදනාව 
  • පාදයේ හිරිවැටීම හෝ දුර්වල බව
  • අත් හා පාදවල වෙහෙස
  • සමහර අවස්ථාවලදී සුෂුම්නාව මගින් වා මග (air way) තදවීම නිසා ස්වසන අපහසුතාවයක් ඇති විය හැක. 
  • ශරීර සමබරතාවයේ ගැටළු
  • මල මුත‍්‍රා  පාලනය අපහසු වීම

Kyphosis (ඔටු කුදය) සහිත දරුවෙකු රෝග ලක්‍ෂණ වලින් හඳුනාගත් පසුව එය ස්ථිර කරගැනීමට 

  • X කිරණ පරීක්‍ෂණ
  • MRI Scan
  • Bone age Study යන පරීක්ෂණ සිදුකරයි.

Kyphosis (ඔටු කුදය) ඇති වීමට හේතූ

අසාමාන්‍ය කශේරුව මගින් පහත තත්ත්ව ඇති කරයි. 

  • අස්ථි බිදීම – කැඩුණු, බිඳුණු කශේරුව මගින් සුෂුම්නාවේ වක‍්‍රයක් ඇති වේ. 
  • Osteoporosisඅස්ථි තුනි වීම මගින් සුෂුම්නාවේ වක‍්‍රයක් ඇති කරයි. දුර්වල වූ කශේරුව මගින් අස්ථි බිඳීම ඇති වේ. දිගුකාලීනව Steroids වර්ගයේ ඖෂධ ලබාගත් වයසක පුද්ගලයන්ට මෙම තත්ත්වය ඇති වේ. 
  • Disk generationසුෂුම්නාවේ කශේරුකා දෙකක් අතර ඇති මෘදු රවුම් මඬල්, කුෂන් එකක් ආකාරයට ක‍්‍රියා කරයි. වයසත් සමග මේ රවුම් මඬල් වියලී හැකිලේ. මේ හේතුවෙන් ඔටු කුදය ඇති වේ. 
  • Scheuermann’s diseaseගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන් අතර බහුලයි. යෞවනෝදයට පෙර ඇති වේ. 
  • උපත් ආබාධ – සුෂුම්නාවේ අස්ථි උපතට පෙර මනා ලෙස නොවැඩිම නිසා ඇති වේ. 
  • සමහර රෝග තත්ත්වයන් (Syndrome) – Chien, Danlos syndrome, Marfan Syndrome වැනි සමහර රෝග තත්ත්වයන් හා බැඳී ඇත. 
  • පිළිකා සහ ප‍්‍රතිකාර – පිළිකා නිසා සුෂුම්නාව දුර්වල වන අතර එමගින් අස්ථි බිඳී යාමේ හැකියාව වැඩි වේ. පිළිකා සඳහා ලබාදෙන විකිරණ ප‍්‍රතිකාර හා ඖෂධ ප‍්‍රතිකාර මීට හේතු වේ. 
  • Spina – bifida – සුෂුම්නාව සම්පූර්ණ වී නොවැඩිමකි.
  • Paget’s disease අස්ථි දුර්වල වීම හේතුවෙන් වර්ධනය වන අළුත් අස්ථි ෙසෙල විනාශ වීමයි. 
  • Neurofibromatosisස්නායු පද්ධතියට බලපෑම් ඇති කරන ජානමය හේතුවකින් ඇති වන රෝගයකි. 
  • Tuberculosisබැක්ටීරියා ආසාධනයක් නිසා පෙනහළු වල ඇති වන රෝගයකි. 
  • Muscular dystrophy -ඉජානමය හේතුවක් නිසා ක‍්‍රමයෙන් පේශී දුර්වල වීමය. 

 

 Kyphosis (ඔටු කුදය) නිසා ඇති වන සංකූලතා

  • පෙනහලු පීඩනයට පත්වීමෙන් ස්වසන ගැටළු ඇති වීම. 
  • ඇවිදීම, පුටුවක වාඩිවී නැගිටීම, වැතිරීම ආදියේ වේදනාව හේතුවෙන් ශාරීරික ක‍්‍රියාකාරකම් සීමා වීම. 
  • තදබල ලෙස ඇති වන මෙම තත්ත්වයේදී ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු හේතුවෙන් ජීර්ණයේ ගැටලු ඇති වීම
  • ශරීරයේ පෙනුම වෙනස්වීම නිසා සමාජයෙන් කොන්වී සිටීමට උත්සහ දරයි. 

 

Kyphosis (ඔටු කුදය) සඳහා ප‍්‍රතිකාර

ස්ථිර ප‍්‍රතිකාර නොමැති වුවත් කල් තියා හඳුනා ගැනීම නිසා රෝගය වර්ධනය වීම පාලනය කළ හැකිය. ඒ සඳහා යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රම දරුවාගේ වයස/රෝගය පිළිබඳව පවුල් ඉතිහාසය/රෝගයේ වර්ගය මෙන්ම වක්‍රයේ පිහිටීම හා අංශක ප්‍රමාණය මත තීරණය කෙරේ. ප‍්‍රතිකාර ලෙස Braces පැලඳීම/ශල්‍යකර්ම වැනි ක්‍රම වෛද්‍ය නිර්දේශය අනුව සිදු කෙරේ.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article