- Advertisement -

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් පුංචි පැටියාගේ සුමුදු සමට සත්කාරයක්‍

-

පුංචි පැටියෙක් ලැබෙනවා කියන්නේ අම්මෙක්ට තාත්තෙක්ට ලෝකයක් තරම් වටිනා සම්පතක්. ඉතින් ඔවුන් දිවා රෑ වෙහෙසෙමින් ඒ පැටියා වෙනුවෙන් හැමදේම හොඳම විදිහට ඉටු කරන්නට උත්සාහ ගන්නවා. ඒ වගේම ඔවුන්ට තියෙන ආදරේ නිසාම පැටියා වෙනුවෙන් තෝරාගන්නා නිෂ්පාදනත් හොඳම ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගනිමින් සැකසුණු ඉහළ ප්‍රමිතියකින් යුතු විශ්වසනීය වෙළඳනාමයක් යටතේ නිපදවෙනවාද යන්න පිළිබඳවත් දෙමාපියන් සැලකිලිමත් වෙනවා. අන්න ඒ නිසාම වසර 58ක් පුරා ශ්‍රී ලාංකික මව්වරුන්ගේ  විශ්වාසය දිනාගත් බේබි ශෙරමි වෙත මව්වරුන් යොමුවන්නේ  තමන්ගේ කිරිකැටියා වෙනුවෙන් හොඳම දේ හඳුන්වා දෙන බව දන්නා නිසාමයි. 

සෙනෙහසේ සුමුදු පහස ලෙසින් මව්වරුන්ගේ පළමු තේරීම වන බේබි ශෙරමි තවතවත් වැඩි දියුණු කළ මෘදු සුවඳකින් හා ස්වාභාවික පිච්ච සහ කස්තුරි කහ අඩංගු කොට නවතම බේබි ශෙරමි ලෝෂන් වෙළදපලට හදුන්වා දෙන්නේ දරුවන්ගේ සුමුදු සමට ගෙනෙන මුදු පහස තව තවත් දියුණු කරමිනි. 

- Advertisement -

පුංචි පැටියාගේ සම මත ආලේප කරන ඇතැම් ක්‍රීම් වර්ග නිසා සම තෙල් ගතියකින් යුතු බවට මව්වරුන් මැසිවිලි නගනවා. එවැනි ගැටලුවක් ඇති මවකට ද හොඳම විසදුමක් ලෙස පිච්ච සහ කස්තුරි කහ අන්තර්ගත කොට නිපදවුණු නවතම බේබි ෂෙරමි ලෝෂන් හඳුන්වා දිය හැකිය. ඉතා ඉක්මනින් අවශෝෂණය වී දිගු වේලාවක් පැටියගේ සමේ තෙතමනය ආරක්ෂා කිරීමේ විශේෂ ගුණයක් පිච්ච සහ කස්තුරි අඩංගු ෂෙරමි බේබි ලෝෂන්   සතු වීම සැබවින්ම  මව්වරුන්‍ට සුබ  ආරංචියක්.

පිච්ච සහ කස්තුරි  අතීතයේ පටන්ම සම රැක ගැනීමට මෙන්ම ආයුර්වේදයේදීත් යොදා ගත් ඖෂදීය ගුණයෙන් යුතු  අමුද්‍රව්‍ය වේ. එසේම අතීතයේ සිටම මව්වරුන් ළදරු සම ආරක්ෂා කර ගැනීමට ස්වභාවික ශාක සාර භාවිත කර  ඇත්තේ මෙවැනි ස්වභාවික අමුදුව්‍ය මගින් ළදරුවෙකුගේ සමට හිමි වන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් නිසාමය. කස්තුරි මගින් සම මත ඇති විෂබීජ විනාෂ කර ආරක්ෂා කරන අතරම සම පැහැපත් කරවයි. එසේම පිච්ච සාරය සම මත මුදු බව පවත්වා ගනිමින් තෙතමනය රැක ගැනීමට සහය වේ. නවතම බේබි ෂෙරමි ලෝෂන් මගින් දරුවාගේ සමේ සිනිදු බව රැක  ගන්නා අතරම සම මත තෙතමනය ආරක්ෂා කිරීමට සමත් වන්නේ පිච්ච සහ කස්තුරි කහ යන ඒ සුවිශේෂී අමුද්‍රව්‍ය අන්තර්ගත නිසාමය. තවද පිච්ච සහ කස්තුරි කහ මගින් ළදරු සම  පෝෂණය  කරමින් සම ආරක්ෂා කරයි. මෘදු සුවඳ වහා අවශෝෂණය වී දිගු කාලයක් සම මත  පවත්වාගනී.

එසේම ළදරුවන් වෙනුවෙන්ම වැඩිදියුණු කළ උසස් නිෂ්පාදන හඳුන්වා දෙන බේබි ෂෙරම් වෙතින් ගෙන එන පිච්ච සහ කස්තුරි කහ අන්තර්ගත බේබි ලෝෂන්වල බිලිඳු සමට අහිතකර පෙට්‍රෝලියම් තෙල්, ෆෝමැල්ඩිහයිඩ් හෝ පැරබන් වැනි ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවීම සුවිශේෂී කරුණකි. තවද පුංචි පැටියාගේ සුමුදු සමට සුදුසු බවට සායනිකව සනාථකර ඇති බේබි ෂෙරමි ලෝෂන් IFRA (ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය)  මගින් අනුමත කරන ලද ළදරු සමට ගැලපෙන මෘදු සුවඳකින් නිපදවා ඇත. 

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article