සමාජ ජිවින් විදිහට අපි කවුරුත් සමාජශීලිත්වය ප්‍රිය කරනවා. එය මානව පරිණාමයේ පටන්ම අපේ ජීවිත සමග සම්බන්ධ සංසිද්ධියක්.ඒ වගේම යම් අවස්ථාවලදී අපි හුදෙකලාව සිටින්නත් ප්‍රිය කරනවා. හුදෙකලාව සිටිම සමහර අයගේ විනෝදාංශයක්. ඒ තත්වයත් ඉතාම සාමාන්‍යයි.
සමාජය සමග ගැටෙන පුද්ගලයන් දවසේ යම් විනාඩි කීපයක් හෝ හුදෙකලාව සිටින්නට උත්සාහ කරනවා. ගීතයක් අසන්න…ලස්සන සිතුවමක් දෙස බලන්න..එහෙම නැත්නම් පරිසරය නරඹන්න…මෙවැනි කුමන හෝ අවස්ථාවකින් ඔවුන් ජීවිතයට යම් වින්දනයක් ලැබීමට බලාපොරොත්තු වෙනවා. ගසක කොළයක් සෙලවෙන හැටි…සීතල වතුර පාරක් ගලන රටාව..එහෙම නැත්නම් කුරුල්ලෙක් ලේනෙක් අත්තක් උඩ ඉඳගෙන පළතුරක් රස විඳින හැටි බලා සිටින විට අපේ හිතේ යම් සුවදායක සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ නිසාම බොහෝ දෙනෙක් හිමිදිරියේ තමන්ගේ දවස ආරම්භ කිරීමට පෙරාතුව පරිසරය සමග මේ විදිහට ගොඩ නගා ගන්නා සම්බන්ධතාවයෙන් දවසට නැවුම් nවක් ලබා ගන්නවා. මේ විදිහට ඔවුන් හුදෙකලා වී පරිසරය වින්දනය කරනවා. එහෙමත් නැත්නම් ගීතයක්, නැටුමක් වැනි සෞන්දර්යාත්මක කටයුත්තක යෙදෙන්න පුලුවනි. එවැනි කටයුත්තකින් දරුවාගේ පවා ජීවිතය අලුත් වෙනවා. වෙහෙසකර බව දුරු වෙනවා. ඔවුන්ගේ මනස ප්‍රබෝධමත් වෙනවා. ඒ නිසා අන්දමට හුදෙකලා වීම නිසා අපේ ජීවිතයට සෘණාත්මක බලපෑමක් ඇති කරන්නේ නැහැ.
මානසික හුදෙකලා බව…
නමුත් ඔබ නිතරම මානසිකව හුදෙකලා බවෙන් පීඩා විඳිනවා නම් එය ඔබේ මානසික නිරෝගිතාවයට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ.මට කවුරුත් නැහැ…මට කිසිකෙනෙක් සලකන්නේ නැහැ…මෙවැනි සෘණ සිතුවිලි ඔබේ හිතේ පවා ඇති වෙන්න පුලුවනි. බොහෝ විට ඔබ විසින් ඇති කර ගන්නා මේ මනස් සිතුවිළි පිටුපස කිසිදු සාධාරණත්වයක් නැහැ.ඒත් මානසිකව හුදෙකලා වුන පුද්ගලයා තමන්ට කිසිම කෙනෙක් නැහැ කියන මානසිකත්වයෙන් නිරන්තරව පීඩා විදින්න පටන් ගන්නවා.
දරුවන් අතරත් මානසික හුදෙකලා වීම ඇති වෙනවා…
දරුවන්ට කෑම ඇඳීම , ආහාරපාන ලබා දීමෙන් ඔවුන් තෘප්තිමත්ය කියන ස්ථාවරය දෙමව්පියන් විදිහට ඔබේ හිතේ තිබුනත් ඇත්තටම එය සාධාරණ නැහැ. දරුවන්ගේ මානසිකත්වය තේරුම් ගැනමත් හිතන තරම් පහසු නැත. වැඩිහිටියන් විදිහට ඔබේ මානසික පසුතැවිල්ල සමහර විට ඔබේ වචනවලින්ම පිට වුනත් දරුවන් තමන්ගේ සිතුවිළි වචනයට නගනවා බොහොම අඩුයි. ඔවුන් ඒවා තමන්ගේ හිතේ දරාගෙන පීඩා විඳිනවා.
දරුවන් අතර මානසික හුදෙකලාබව ඇති වෙන්නේ කොහොමද..
දරුවන් නිතරම වැඩිහිටියන්ගේ ආදරය, ආරක්ෂාව අපේක්ෂා කරනවා. දරුවන්ගේ මෙම මානසික අවශ්‍යතාවය වැඩිහිටියන් විදිහට ඔබ තේරුම්ගත යුතුයි.දෙමව්පියන්ගේ පාර්ශවයෙන් යම් අඩුවක් සිදු වුනොත් එහි බලපෑම නිසා දරුවා මානසිකව හුදෙකලා වීමට පටන් ගන්නවා.
අලුත් අමුත්තෙක් නිවසට පැමිණි විට…
කුළුඳුලේ දකින දරුවාට පවුල් පරම්පරාවම ආදරය කරනවා.එය සාමාන්‍ය දෙයක්. මේ අන්දමට හැම දෙනාගේම ආදරය , අවදානය සමග හැදී වැඩෙන පරිසරයක පවුලට අලුත් අමුත්තෙක් එකතු වීම සමග වැඩිමිහල් දරුවාට පැවැති අවධානය නොදැනීම බිඳ වැටෙනවා. එසේ සිදු වෙන්නේ වැඩිමිහල් දරුවා ගැන අනාදරයෙන් හෝ ඔවුන් නොසලකා සිටිමෙන් නොවෙයි. දෙවැනි දරුවෙක් වෙනුවෙන් නිවස සහ මවගේ සූදානම නිසා පුංචි පුංචි අතපසු වීම් සිදු වෙන්න පුලුවනි.දරුවෙක් කියන්නේ වැඩිහිටියෙකුගේ කුඩා කළ අනුරුවක් විදිහට දකින්න අපි සූදානම් විය යුතු නැහැ.ඒ නිසා දෙවැනි දරුවෙක් එහෙමත් නැත්නම් අලුත් අමුත්තෙක් වෙනුවෙන් සූදානම් වෙන දෙමව්පියන් නිතරම ඔබේ වැඩිමහල් දරුවා මානසිකව හුදෙකලා වීමට ඉඩ තබන්න එපා.
මට කවුරුත් දැන් ආදරේ නැහැ…
දරුවෙක් මානසිකව හුදෙකලා වීම සමග , මට කවුරුත් ආදරේ නැහැ…කියන සිතුවිල්ලෙන් පීඩා විඳින්න පටන් ගන්නවා. ඒ නිසා ඇති වෙන වෙහෙසකර මානසිකත්වය කාලයත් සමග විශාදය හෙවත් depression තත්වයට පත් වෙන්නත් පුලුවනි.හුදෙකලාබවට පත් වුන දරුවා වෙතින් යම් යම් චර්යාත්මක වෙනස්කම් දකින්නත් පුලුවනි.
- වෙනදා වගේ සතුටක් නොමැති විම.
- තරහ , නිකරුනේ ඇඬීම, ආවේගශීලිත්වය
- ආහාර වැඩියෙන් ගැනීම හෝ ආහාර ප්‍රතික්ෂෙප කිරීම
මෙවැනි චර්යාත්මක වෙනස්කම් දුටු විට දෙව්පියන් විදිහට ඔබ දරුවා ගැන වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත්. දරුවා තුළ ඇති වෙන මෙවැනි සෘණාත්මක ආකල්ප නිසා ජීවිතයේ ඉදිරිගමන තුළ දැඩි බලපෑම් ඇති වෙන්නත් පුලුවනි.
දරුවා නිතරම දුකින් සහ තරහෙන් සිටින නිසා මානසික සතුට පිරිහි ගිය චරිතයක් නිසාම දුර්වල පෞරෂ ලක්ෂණ ඇති වීමට ඉඩ තිබෙනවා.
- සමාජය සමග සම්බන්ධ වීමට බියක් සහ කුලෑටි බව
- තමන් ගැන ආත්ම විශ්වාසයක් නොමැති වීම.
දරුවන් මානසිකව හුදෙකලා චරිත වීමට ඉඩ තැබිය යුතු නැහැ…
දෙමව්පියන් ලෙස Tබේ දරුවා මානසිකව හුදෙකලා චරිතයක් වීමට ඉඩ දිය යුතු නැහැ. ඒ නිසා නිතරම දරුවාට ආදරය දක්වන්න. දෙමව්පියන්ගේ ආදරය සීමාවක් නැහැ. දරුවන් තුළ ශක්තිය ගොඩ නගා ගැනීමට දෙමව්පියන්ගේ ආදරය දිව්‍ය මන්තරයක්. හැම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවාට ආදරය බව ඇත්ත. නමුත් දෙමව්පියන්ගේ ආදරය ගැන දරුවාගේ හදවතේ ගොඩ නැගෙන විශ්වාසය වඩාත් වැදගත්.ඒ නිසා නිතරම දරුවා පවුලේ වැදගත් සාමාජිකයෙක් බව ඒත්තු ගන්වන්න.