මව් කුස තුලදී ආරම්භ වන මොළයේ සංවර්ධනය වයස අවුරුදු 3 ලබන විට 80% කින් සම්පූර්ණ වේ. මේ කාල වකවානුව තුල දරුවාගේ සංවර්ධන ක‍්‍රියාවලි සඳහා ලබාදෙන උත්තේජන මත සංවර්ධන ක‍්‍රියාවලි තීරණය වේ. එසේ හෙයින් මේ සඳහා අප සැමගේ අවධානය යොමු වීම එම ක‍්‍රියාවලීන් වල සාර්ථකත්වයට හේතුවක් වේ.
මොළයේ සංවර්ධනය සඳහා ජාන හා පරිසරය බලපායි. ජාන දෙමාපිය උරුමයෙන් ලැබෙන අතර අපට පහසුවෙන් හිතකර පරිසරයක් ගොඩනඟා දීම මගින් ක‍්‍රියාවලි උත්තේජනය වේ.
එම කාර්ය සාර්ථක වීම සඳහා පූර්ව ළමා විය සත්කාරය ප‍්‍රශස්ත ලෙස ලබාදීම කළ යුතු වේ. දරුවෙකුගේ මෙම ක‍්‍රියාවලි සඳහා වර්ධනය මෙන්ම සංවර්ධනය යන්නද ඉතා වැදගත් මාතෘකා වේ.
වර්ධනය යනු ශරීරයේ වර්ධනය එනම් ප‍්‍රමාණාත්මකව සිදුවන විශාල වීමයි.
සංවර්ධනය යනු ක‍්‍රමානුකූලව සිදුවෙන්නා වූ වෙනස් වීම් මත සංකීර්ණ චලන පද්ධතියට සිතීමේ, ඇසීමේ හා හැඟීම්/අදහස් ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රියාවලිය හා අන්තර් පුද්ගල සම්බන්ධතා වලට එක් වීමයි.
සංවර්ධනය ක‍්‍රමානුකූලව පියවරෙන් පියවර සිදුවන එහෙත් එක් දරුවෙකුගෙන් තවත් දරුවකුට වෙනස් වූ ක‍්‍රියාවලියකි. එසේම සංවර්ධනය වූ කලී දිගටම සිදුවන අන්තර් ක‍්‍රියාවලියේදී හෝ එකිනෙක ගැටීමේදී සිදු වන්නකි. මෙය පිළිසිඳ ගත් අවස්ථාවේ පටන් ගෙන ඉපදීමෙන් පසු දිගටම සිදුවන්නකි.
මේ සඳහා වැදගත් වන්නේ පූර්ව ළමා වියේ සත්කාරය පිළිබඳ අප දැනුවත් වීමයි. දරුවෙකුගේ සම්පූර්ණ අවශ්‍යතා සැල කල සෞඛ්‍ය, පෝෂණ්‍ය, පානීය ජාලය, සනීපාරක්‍ෂක පහසුකම් මෙන්ම ප‍්‍රජානනීය හා මනෝ සමාජීය සංවර්ධනය යන්න ඊට ඇතුලත් වේ.
මෙම පූර්ව ළමා විය කාලය තුල දරුවාගේ පංච ඉන්ද්‍රියයන් ආශ‍්‍රිත උත්තේජනයන් යහපත් ලෙස ලබාදීම තුලින් පරිසර සාධක ප‍්‍රශස්ත මට්ටමකින් දරුවාට ලබාදිය හැක.
සංවේදන ලබාදීමේදී දැනෙන හා හඳුනා ගන්නා අයුරින් ඒ ඒ ක‍්‍රියාකාරකම් වඩාත් තීව‍්‍ර වේ. එසේම ඉගෙනුම් ක‍්‍රියාවලියද මේ හඳුනාගන්නා සංවේදන මත තීරණය වේ.
උපතේදී අරමුණක් රහිතව දෑත් දෙපා සැලූවද මාස 3 පමණ වන විට දෑත් චලනයන් නිරීක්‍ෂණයට දරුවාට සමත් වේ. මෙසේ හෙයින් දෑතින් ඇඟිලි නවමින් දිගහරිමින් සෙල්ලම් කිරීමට පටන් ගනී. එසේම ඇඟිලි මුඛයට දමා උරා බීමටද හැකියාව ලබාගනී. මේ සම්බන්ධතාවය තීව‍්‍ර වීම මොළයේ සංවර්ධනයටද රුකුලක් වේ. මෙසේ හෙයින් මේ දෑත් ක‍්‍රියාත්මක කරවන්නට පටන් ගත් මොහොතේ සිට ඊට සමගාමීව උත්තේජන ලබාදීමට අප උනන්දු විය යුතුයි.
මෙසේ හෙයින් අතින් අල්ලා ගත හැකි කුඩා සෙල්ලම් බඩුවක් දුන් විට එය මුහුණට ලං කිරීමට උත්සහ කරයි. එහෙත් මුහුණට ලංවන ඒවා බැලීමට හැකියාව ලබන්නේ මාස 4 – 4 ½ දී පමණය.
මේ වයස වන විට අතින් යමක් අල්ලා ගැනීමට හැකි හෙයින් ඇඟිලි නිසි පරිදි ක‍්‍රියාකරවීම සඳහා අතින් අල්ලා ගැනීමට හැකි සෙල්ලම් බඩුවක් ලබාදී එය අතින් ඉවතට අදින විට අතේ ග‍්‍රහණය තද කරයි. මේ මගින් ඇඟිලි වල පේශී ශක්තිමත් වේ. එසේම අත දිගු කර යමක් අල්ලා ගැනීමට හුරු කිරීමට අතේ දුරින් සෙල්ලම් බඩු තබන්න. ඒවා ගැනීමට උනන්දු කරවන්න.
මාස 6 වන විට අත් දෙකෙන්ම එකවර භාණ්ඩ අල්ලා ගැනීමට හැකි වන නිසා ඒ සඳහා බෝලයක් වැනි පිරුණු යමක් අල්ලා ගැනීමට දෙන්න.
මේ වන විට එක් අතක ඇති සෙල්ලම් බඩු අනික් අතට මාරු කිරීමට හැකි නිසා ඒ සඳහා සුදුසු සෙල්ලම් බඩුවක් අතට දෙන්න. එවිට එය අතින් අතට මාරු කරයි. සෙල්ලම් බඩුවෙන් ශබ්දයක් නැගෙන්නේ නම් දරුවා එය සොලවන්නට උගනී. මෙය සොලවන විට ශබ්දයක් පිටවන නිසා එය සොලවමින් එම ශබ්දය ශ‍්‍රවණය කරයි.
වයස මාස 7 දී මව්කිරි බොන විට මවගේ පියයුර මත අත තබයි. එසේම ආහාර හුරු කරනා සමයේ නිසා කෝප්පයකින් බීමට යමක් දෙන විට කෝප්පය අල්ලා ගනී. මේ නිසා මේ කාලය වන විට අතට ග‍්‍රහණය කළ හැකි දේ ලබාදීමෙන් අතැඟිලි ශක්තිමත් වේ.
මාස 9 ක් වන විට තනි අතකින් යමක් අල්ලා ගැනීමට හැකි මුත් එය ප‍්‍රවේශමෙන් බිම තැබීමට නොහැකි නිසා එය බීමට අතහරී. එවිට ශබ්දයක් නැගේ නම් එය දිගටම සිදු කරයි. එසේම මාපටඟිල්ල හා දබරඟිල්ල් එක්කර ඇල්ලීමට මේ වන විට හැකියාව ලබයි. මෙසේ හෙයින් අතින් අල්ලා කෑමට හැකි ආප්ප වාටියක්, කැරට් අල කැබැල්ලක්, අඹ ඇටයක් වැනිදෑ ලබාදිය හැකියි. එසේම මාපටඟිල්ල හා දබරඟිල්ල එක් කොට අල්ලා ගැනීමට හැකියාව ලබන නිසා පිඟානකට දැමූ බත් ඇට, හොඳින් තැම්බූ කව්පි/මුං ඇට වැනි දෑ මේ වන විට ලබාදීමෙන් මෙම ඇඟිල්ල ක‍්‍රියාකරවීම කළ හැකියි.
මාස 12 දී මෙම මාපටඟිල්ල හා දබරඟිල්ල එක් කොට අල්ලා ගැනීමේ හැකියාව හොඳින් සිදු කල හැකියි. එය සියුම් ග‍්‍රහණය (Pincer grasp) නම් වේ. මෙසේ හෙයින් මාස 12 – 15 දරුවන්ට තනිව ආහාර ගැනීමට දිය හැකියි.
මාස 18 දී නූලක් වැනි සියුම් දෙයක් වුවද අල්ලා ගැනීමට හැකියාව ඇත.
අවුරුදු 2 ක් වන විට දෑතම හොඳින් ක‍්‍රියාත්මක කළ හැකි අතර ඉතා කුඩා වස්තු අල්ලා ගැනීමටත් පරිස්සමට එය තැබීමටත් හැකියාව ලබයි.
මාස 10 – 11 වන විට යමක් දෑතින්ම අල්ලා ගැනීමට හැකියාව ලබන නිසා ආධාරයක් ඇතොත් අල්ලා නැගී සිටීමට උත්සහ දරයි. ක‍්‍රමයෙන් අල්ලා ගත් දෙය තදින් ග‍්‍රහණය කරගන්නා නිසා මෙසේ අල්ලා ගෙන ඇවිදීමට පෙළඹේ. මෙසේ හෙයින් අල්ලාගෙන නැගිටීමට හැකි අත් වැටක් සපයා දීමත්, අල්ලා ගෙන තල්ලූ කරගෙන යා හැකි කරත්තයක් ලබාදීමත් තුලින් ඇඟිලි තදින් ග‍්‍රහණය කරගැනීමට හුරු පුරුදු වේ.
එසේම වසරක් පමණ වන දරුවා අතින් අතට යමක් ගන්නට හැකියාව ලබන හෙයින් ඒවා අතට ගෙන එකිනෙක තට්ටු කිරීමට හැකියාව ලබාගනී. මේ නිසා මේ සඳහා සුදුසු බර අඩු ලී කුට්ටි, ප්ලාස්ටික් ඝනක වැනි දෙයක් ලබාදීම සුදුසුය.
මාස 18 පමණ වන විට බිල්ඩින් බ්ලොක්ස් 2,3 යොදාගෙන කණුවක් සාදන්නට හැකියාව ලබයි. මේ වන විට පෑනක්, පැන්සලක් හෝ හුනු කූරක් ලදොත් එය මුළු අත්ලම පාවිච්චි කර අල්ලාගෙන බලි කුරුටු ගායි. එසේ හෙයින් මේ සඳහා අවශ්‍යතාව හඳුනාගෙන ඉඩ හසර ලබාදීම කළ යුතු වේ.
වයස අවුරුදු 1 ½ ක් වන විට දෑතම භාවිත කලද හුරු අත කුමක්ද යන්න හඳුනාගත හැකි වේ.
අවුරුදු 2 දී අතේ මාපටඟිල්ල දබරඟිල්ල හා මැදැඟිල්ල පාවිච්චි කර පෑන්, පැන්සල් තුඩ පැත්තට ඇල්ලීමට හැකියාව ලබයි. මේ වන විට ඒවා ලබාදීම ඔහුගේ ඇඟිලි ක‍්‍රියාත්මක වීම වැඩි දියුණු කරයි. මේ වන විට වක‍්‍ර හැඩ රූප අඳින්නටද තරමක් පුළුවන් වේ.
වයස අවු. 3 – 4 දී යමක් බලාගෙන පිටපත් කල හැකියි. එසේම මේ වන විට වැඩිහිටියන් මෙන් මාපටඟිල්ල, දබරඟිල්ල හා මැදඟිල්ල ආධාර කරගෙන වැඩිහිටියන් අල්ලන ලෙසට එහෙත් තුඩට ඈතින් පැන්සල් අල්ලයි. එසේම එසේම T, V, H, වැනි අකුරු +, _ , × , ^ ,<, වැනි සංකේත පිටපත් කිරීමට හැකියි.
මේ වන විට අක්‍ෂර පූර්ව අභ්‍යාස අවධියේ දරුවා සිටින හෙයින් නිදහසේ ඇවිදිීමට අවස්ථාව සලසා දෙන්න. එවිට ඔවුන් ලද දේවල් සඳහා නම් ලබාදීම පවා සිදු කරයි.
වයස 1 ½ දී පමණ එකකින් එකකට තට්ටු මාරු කිරීමට ආදී ක‍්‍රියා කල හැකි හෙයින් පොල් කටු ප්ලාස්ටික් හැඳි, කෝප්ප, බේසම් ආදිය ලබාදීම සෙල්ලම් කිරීමට අවස්ථාව සලසා දිය යුතුයි.
වසර 2 ½ – 3 දී දරුවන්ට වැලි සෙල්ලම් බත් උයන්න, කෝම්පිට්ටු හදන්න අවස්ථාව ලබාදෙන්න. එසේම මැටි වලින් විවිධ දේ කිරීමට අවස්ථාව සලසා දීමෙන් ඇඟිලි ක‍්‍රියාත්මක වීම හොඳින් සිදු වේ.
මේ වන විට දරුවාට ඉරට්ටක මල් අමුණන්න ආදී ලෙසින් ඇඟිලි ක‍්‍රියාත්මක කළ හැකි ක‍්‍රියාකාරකම් කළ හැකියි. එසේම සෙල්ලම් බත් පිසීම, කෝම්පිට්ටු, කොස් කොල තොප්පි ආදිය නිර්මාණයට අවස්ථාව සැලසීමෙන් ඇඟිලි සඳහා ලැබෙන සංවේදන හඳුනා ගැනීම පහසු වේ.
වයස අවුරුදු 4 ½ පමණ වන විට ක‍්‍රියාකාරකම් ලැබූ දරුවා මිනිස් රූප අඳින්නට, රූප/අකුරු පිටපත් කරන්නට හැකියාව ලබාගනී. මේවා සඳහා හේතු කාරක වන්නේ ඇඟිලි ක‍්‍රියාකාරකම් හා නිරතුරුව යෙදීමයි. අත එහෙට මෙහෙට හරවන්නට, නවන්නට, ඇඟිලි ගුලි කරන්නට ආදී ලෙසින් කරන ක‍්‍රියාකාරකම් හරහා සෑම විට ඇඟිලි හා මොළය අතර සිදුවන සමායෝජනය හේතුවෙන් මොළයේ සංවර්ධනය තීව‍්‍රව සිදුවේ.
එසේම දරුවන් මෙසේ අත්දැකීම් බහුල ලෙස ලබන විට ඉගෙනීමේ ක‍්‍රියාවලිය ඉබේම උත්තේජනය වේ. ප්ලාස්ටික් ඝනක/ලී කුට්ටි හිස් සබන් පෙට්ටි මගින් කුළුණු හදන්නට හැකියාව ලබයි. මැටි/ක්ලේ ලබාදීමද ඇඟිලි හොඳින් ක‍්‍රියාත්මක වීමට හොඳම අවස්ථාව වේ.
මේ අනුව
මාස 15 දී ඝනක 2 ක කුළුනක්
මාස 18 දී ඝනක 3 ක කුළුනක්
අවුරුදු 2 දී ඝනක 6-7 ක කුළුනක්
අවුරුදු3 දී ඝනක 9-10 ක කුළුනක්
අවුරුදු 3 ½ දී ඝනක යොදාගෙන නිවාස, වාහන, පාලම් ආදිය
අවුරුදු 4 දි ඝනක 10 ක් පමණ යොදාගෙන පෙන්වූ කුළුණක්, පාලමක් සාදයි.
අවුරුදු 5 දී ස්ථර සහිත ආකෘති – පඩි
දරුවන් සියුම් දේ පිළිබඳ බොහෝ විට හසුරු කුසලතා ලබන්නේ අවරුදු 2 දී පමණ බැවින් ඒ කාලසීමාවේදී මැටි අනන්න, පොල් කුඩු මිරිකන්න ආදිය ලබාදිය යුතුයි.
අතින් යමක් අල්ලා ගන්නා විට ඇඟිලි වලට දැනෙන සංවේදන වැඩි දියුණු කිරීම සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය වල ස්වභාවයද ඇඟිලි වලට දැනෙන්නට සැලැස්වීමට නම් රළු, සියුම් ආදී ලෙසින් දැනෙන්ට සැලැස්විය යුතුයි. මේ සඳහා කුරුල්ලකු, රෙදි වලින් සාදා දෙන විට බඩ පැත්තට සිනිඳු රෙදි කඩක් හිස පැත්තට හා පිට පැත්තට ඝනකම වෙනස් යෙදීම තුලින් ඇඟිලි වලට දැනෙන සංවේදන වෙනස් කළ හැක.
අවුරුදු 2 – 2 ½ වන විට කොල ඉරන්නට, ගුලි කරන්නට දීමද ඇඟිලි වල සංවේදන සඳහා ඉවහල් වේ. එසේම අවුරුදු 3න් පසුව කොළ ගුලි මගින් කරන නිර්මාණ, ඇට වර්ග අලවා කරන නිර්මාණ ආදිය ම`ගන්ද අතර දැනෙන සංවේදන වෙනස් කළ හැකිය.
මෙසේ ඇඟිලි වලට නිසි ක‍්‍රියාකරකම් ලද දරුවා අවුරුදු 4 – 5 වන විට සබන් ඝන බවත්, වතුර සමග ගෑවුනු විට ලිස්සන බවත්, මැටි වල ගල් වැලි ඇති විට රළු බවත් උගනී. එසේම ගල් වැලි ඇති විට රළු බවත් අතක ඇඟිලි අනෙක් අතේ දබරඟිල්ල පාවිච්චි කර ගණන් කිරීමටද උගෙනී.
මේ සියළු ක‍්‍රියා වල ප‍්‍රතිඵලය වන්නේ ඇඟිලි තුඩු අත්ල ක‍්‍රියා වල ක‍්‍රියාකාරකම් ශක්තිමත් වීම මතින් පැහැදිලි ලෙස දකින රූප, අකුරු ආදිය පිටපත් කල හැකි වන සේ මැණික් කටුව සන්ධියෙන් හා අතේ ඇඟිලි එහා මෙහා කරමින් සිදු කරන ක‍්‍රියා සඳහා ශක්තිමත් පසු බිමක් ගොඩනැඟීමයි.
මෙසේ හෙයින් දරුවන්ට අත භාවිත කර කල හැකි ක‍්‍රියාකාරකම් සඳහා ඉඩ හසර ලබාදීම මගින් හොඳින් අකුරු කරන්නටත්, සියුම් හා විශාල නිර්මාණකරණය සඳහා යොමු වීමටත් හැකියාව ලැබීමයි. ඒ නිසා කුඩා කල සිට දරුවාට අල්ලන්න, මිරිකන්න, අදින්න, තල්ලූ කරන්න, අලවන්න, අමුණන්න ආදී ලෙසින් ඇඟිලි, අත භාවිත කර කරන ක‍්‍රියාකාරකම් සඳහා ඉඩ ලබාදීම හොඳ නිර්මාණශීලි දරුවකු බිහි කරලීමේ අඩිතාලම දමයි.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බුලත්සිංහල