ඉන්දීවරී හනි හනිකට ලක ලෑස්ති වුණේ කාර්යාලයට යන්නටය. රූපවාහිනියේත් පරිඝණක යන්ත්‍රයේත් වයර් සියල්ල ගලවා අල්මාරියට දැමූ ඇය. අත් බෑගයත් රැගෙන සාලයට පිවිසියාය. ලොකු දුව ශ්වේතාත් පුතා ගගනත් සාලයේ සෙටිය මත කපලපා හෙලු කෙසෙල් කඳන් මෙන් ඔහේ වැටී සිටිනු දුටු ඇයට සිතට නැගුණේ නොරිස්සුම් සහගත තත්ත්වයකි.
“මොකද මේ දෙන්න තැන් තැන් වලට වෙලා නිකන් බලාගෙන ඉන්නේ පොතක් පතක් නැද්ද? ”
“අනේ අම්මා අපිට හරි පාලුයි දවසම ගෙදර ඉන්න ගියාම එපා වෙනවා.”
“ඉතින් කතා පොතක් කියවන්න ඉස්කෝලෙ වැඩ කරගන්න. හවසට බයිසිකල් පදින්න, එහා ගෙදර නංගියි ඉස්සරහා ගෙදර මල්ලිලා දෙන්නයි, පහළ ගෙදර අක්කයි අයියි එක්කලා සෙල්ලම් කරන්න. ”
“හැමදාම ක්‍රිකට් මැච් ගහලම එපා වෙනවා අනේ.”
“ඇයි වෙන සෙල්ලම් ඇත්තෙම නැද්ද?”
“එකම ජාතියේ සෙල්ලම් කරලා එපා වෙනවා.”
“මේ දවස් ටිකේම උදේ ඉඳලා මම එනකල්ම දෙන්නා ටීවී එක ඉස්සරහා පොතක පතක වැඩක් කරලා නෑ.ඒක නිසා ටීඩී තහනම්. කොයි දේක වුනත් සීමාවක් තියෙනවා. අත්තම්මට කරදර නොකර ඉන්න.”
පුතාගේත් දුවගේත් පාලුවෙන් පිරුණු කිසිම සතුටක් නැති ඇස් නිසා හිතට ගෙන ආවේ අවිවේකී බවක්. සැමියාත් කාර්යය බහුල නිසා දරුවන් සමඟ ගත කරන්නට ඒ තරම් කාලයත් තිබුණෙ නැහැ. ඉන්දීවරී පෞද්ගලික ආයතනයක සහකාර ගණාකාධිකාරිණියක් ලෙස සේවය කළා.
එදින සෙනසුරාදාවක් බැවින් එකයි තිහට කාර්යාලයෙන් නික්ම ආ ඇය නිවසට අවශ්‍ය බඩු බාහිරාදියත් මිලදී ගෙන ත්‍රීරෝද රථයට ගොඩවිය. ඇත්තෙන්ම දරුවන් කොයි තරම් හුදකලා වී ඇත් දැයි ඇයටම සිතුනා. තමන් කුඩා කල වින්ද ජීවිතත් අද තමන්ගේ දරුවන් විඳින ජීවිතත් අහසට පොළව මෙන්ය. ඉස්සර සෙල්ලම් බඩු කියා මහා බඩු කන්දරාවක් තිබුණේ නැත. බට්ටා පනින්නට හරිම පරිස්සමට පරිස්සම් කර ගත් සමතලා ගල් කෑල්ලක් , කුරුම්බැට්ටි, සිප්පි ගහන්නට බීම බෝතල් වල බෝතල් මූඩී, පොල්කටු කිහිපයක් සෙල්ලම් මැටි ඇතිලි කට්ටලයක්, විවිධ ප්‍රමාණයේ ටින්, ටෙනිස් බෝලයක්. වගේ එහෙන් මෙහෙන් සොයා ගත් සෙල්ලම් බඩු තිබුණේ. ඒත් අද ප්ලාස්ටික් කෑලී ගොඩක්, පරිඝණක,ටැබ්ලට් එක්ක ළමයිගෙ ජීවීත ගෙවෙන්නේ.
“අම්මා ආවා”
පුතා දුවගෙන ආවේ සතුටින්.
“මොනවද කළේ දෙන්නත් එක්ක”
“ඉංග්‍රීසී පන්තියේ වැඩ ටික කළා, ගණන් පාඩමක් කළා ෂර්ලොක් හෝම්ස් කියෙව්වා”
“මම අපේ ගම කියෙව්වා චිත්‍රයක් ඇන්දා ”
“ඉන්නකො මම ඉක්මනට මේ ටික අස්පස් කරලා ඇඟ සෝදගෙන එන්නම්”
මේ කොරෝනා වසංගතයත් සමඟ මිනිස් ජීවිත කොයි තරම් උඩු යටිකුරු වුණාද දරුවන්ගේ ළමා කාලය ගෙවල් වලටම සින්න වෙලා අධ්‍යාපනය ඇණ හිටලා,පරිඝක, ස්මාර්ට් දුරකථන, ටැබිලට් නැතිවම බැරි උපාංග වුණා වගේම දරුවොත් මේ ඉලෙක්ට්‍රොනික් උපකරණ නිසා විවිධ රෝග වලට ගොදුරු වෙලා. පහුගිය දවස් වල අධ්‍යාපන කටයුතු නිසා දරුවන් වැඩි කාලයක් ගත කළේ පරිඝණකය හෝ ස්මාර්ට් දුරකථනය ඉදිරියේය. දරුවන් විවේකය ගත කළේ රූපවාහිනියේ පෙන්වූ විදේශිය රට වල නිපද වූ කිසිඳු වැදගත්කමක් නැති කාටුන් බලමින්ය. ඒ කාටුන් වලින් බොහෝ විට පෙන් වූයේ ඉරිසියාව , ක්‍රෝධය හා ප්රචණ්ඩත්වය යි. මේ ව්‍යවසනයට විසඳුම දිය යුතුම කාලය පැමිණ ඇත. අපි ආයෙත් අතීතයට ගමන් කළොත් හරි. කල්පනාවේ නියැලෙමින් වැඩ කටවුතු අහවර කොට ඇය ඉදිරි පසට යන විට අසල්වාසී දරුවන්ද සමඟින් ශ්වේතා හා ගගණ බර කතාවකය.
“හැමදාම කරන සෙල්ලම වෙනුවට අපි අද බට්ටා පනිමු”
“ඒ මොකද්ද ඉන්දීවරී නැන්දේ? ”
“මම කියලා දෙන්නම්කො ”
ඉන්දීවරී නැවත ළමා කාලයට පියමැන්නාය. අටේ බට්ටා පනින්නටත් ඇය පොඩ්ඩන්ට කියා දුන්නා.
“අනේ ඒ සෙල්ලම ෂෝක් ”
දරුවන් රාත්‍රිය උදාවන තුරුම ආසාවෙන් සෙල්ලම් කරද්දි ඉන්දීවරීගේ සිත ද සතුටින් පිරුණා.
අපි ගස් මාරූ පෙති මාරූ, හැංගි මුත්තම් අල්ලන සෙල්ලම් සම්බෝල, ටීක් බෝල ගැසීම, සිප්පි ගැසීම, මස්කට්ට,අයිස්පයිස්, ටක් ටක් ටක කවුද ආවේ? , වන් ටූ ත්‍රී බම්බල පී, සෙල්ලම් ගෙවල්, දාං ඇදීම, කොටු පිරවීඹ , ගැහැණු පිරිමි මල් පළතුරු කොයි තරම් නම් සෙල්ලම් අපි කලාද? හැමදේම යන්නේ පරපුරෙන් පරපුරට ඉතින් අපි අපේ දරුවන්ට මේ සෙල්ලම් කියලා නොදෙන තාක් කල් එයා ඒ ගැන දැන ගන්නනෙ කොහොමද ? වගකීම අපේ අතේමයි අපි වින්ද ජීවිතේ අපේ දරුපැටවුන්ටත් දායද කළොත් දරුවොත් එයාලගෙ දරුවන්ට කියා දේවී. පුංචි කාලේ අපි කරපු සෙල්ලම් ආයේ දරුවන්ට කියා දෙන්න ඕනී ඇය සිතා ගත්තා.
දවස ගෙවිලා ගියේ වේගයෙන් ඉන්දීවරී දරුවන්ගෙ දැක්කෙ වෙනස්ම හැසිරීමක්. වෙනදාට හතර පහ වෙනකොට රූපවාහිනයට ඇදුණු දරුවන්ට දැන් රූප වාහිනය පිළිබඳ මතකයක්වත් නැත. පොඩ්ඩො ඇඳිරි වැටෙන තුරුම දහඩිය, කුණු දූවිලි පෙරාගෙන නටනවා. අතරින් පතර සිදුවන රණ්ඩු වල කෙළවරක් තිබුණේ ද නැත. ඒත් ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ම විසඳා ගනිමින් කිසිත් සිදු නොවන තාලයට සෙල්ලමේ යෙදෙනවා. එක අතකින් ඔවුන් ජීවිතේ රසවිඳින අතර අනාගතයේ පුද්ගල සබඳතා පවත්වා ගන්නා අකාරයත් ඉගෙන ගන්නවා. තමන්ගෙ වාරය එනතුරු ඉවසීමෙන් සිටීම, කණ්ඩායම් හැඟීම වගේම අලුත් අදහස් ක්‍රියාවට නංවනවා.
ඉතින් තවත් පරක්කු වෙන්නෙ ඇයි ඔබත් ඔබේ දරුවන්ව ඔබේ කුඩා කාලයට ගෙන යන්න