සිංහල අලුත් අවුරුද්ද කියන්නේ තවත් එක් දවසක් කිව්වත්, අපට වගේම අපේ දරුවන්ටත් මානසිකව ම් අලුත් විමක් අවශ්‍යයි.එරබදුමල් පිපිනෙ විට, කොහාගේ නාදය ඇසෙන විට එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද අතීතයේ පටන්ම දරුවන්ගේ ජීවිතයේ මිහිරිම අත්දැකීම් ලබා දුන් දින කීපයක් බැව් ඇත්ත.අස්වනු නෙලා ගැනීමෙන් පසුව නිවසේ ඇති වෙන ආර්ථික ශක්තිය සමග මානසිකව ලැබෙන සැහැල්ලුව නිසාම ”බක් ” මාසය භාග්‍යවන්ත මාසයක් ලෙස සැලකුණා.ඇත්තම කිව්වොත් සිංහල අලුත් අවුරුද්ද පොඩිත්තන්ට විතරක් නොවෙයි, වැඩිහිටි අපටත් ජීවිතය අලුත් කරවන නැවුම් හුස්මක් ලබා දෙනවා කිව්වොත් නිවරුදියි.
කවුද මේ අවුරුදු කුමාරයා…?
අපේ පොඩිතත්න්ගේ මනසේ හැසිරෙන අවුරුදු කුමාරයා පිලිබඳ සංකල්පය සෘග්වේදයේ පටන් පැවැතෙන සංකල්පයක්. ”අදිති ” නම් දෙව්දුව අවුරුදු කුමාරයාගේ මවයි. ඇගේ පුතා ” ආදිත්‍ය ” ලෙසින් සැලකෙන අතර මෙම කුමාරයාට සහෝදරයින් දොළොස් දෙනෙක් සිටිනවා. ”බක් ” මාසය භාරව ඇත්තේ මේ කුමාරයාටයි.
දැරුව කිරුළ හිසකේ සුවඳ තවරා
සරුව බරණ හැඳ ගී නද පතුරා
සරුව කුසුම් තවරා තුග හසරා
මෙළොව පහළ වෙයි ”අවුරුදු කුමරා”
අවුරුදු සූදානම හෙවත් පරණ අවුරුද්ද
සිංහල අලුත් අවුරුද්දට පෙරාතුව ලද අස්වැන්නෙන් මුල් කොටස ඉෂ්ට දේවතාවන් වෙනුවෙන් පිදීම සිදු කරන අතර එය අනාගත අස්වැන්න වෙනුවෙන් ආශිර්වාදයක් සේ සැලකේ.සෙංකඩගල රාජ්‍ය කාලයේදී ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා රන්දැකැත්තකින් ගොයම් කැපීම සිදු කර තිබේ. මේ වෙනුවෙන්ම ”තිගුල වෙල ” නමින් වෙල් යායක් පැවැති අතර නුවර වැව ඉදිකිරීමේදී මෙම බිම් ප්‍රදේශය වෙනුවට අලුත් සහල් මංගල්‍ය සඳහා ”ගුරුදෙණිය වෙල ” යොදා ගෙන තිබේ.
අලුත් අවුරුද්දට සඳ බැලීම
සඳ ලොවට ශාන්තිය සලසනු ලැබේ.ඊශ්වර දෙවියන්ගේ අෂ්ට මූර්තිවලින් එකක් ලෙස සැලකෙන සඳ බැලීම වෙනුවන් සුබ නැකැත කලින්ම නියම කර තිබේ.
අවුරුදු පෙර සූදානම
අවුරුදු පෙර සූදානම වෙනුවෙන් ගේ දොර පිරිසිදු කිරීම, කැවිළි පෙවිළි සකස් කිරීම සිදු වේ. අවුරුදු කැවිලි ලෙසින් කැවුම්, කොකිස්, අතිරස වැනි රසකැවිළි පිළියෙළ කෙරේ. තෙල් තාච්චිය ලිප තැබීම සුබ දිනක සිදු වේ. තාච්චිය ලිප තබා තෙල් පුරවා ගෙන කැවුම් හැන්ද සහ තවත් ලී කෝටුවකින් තාච්චිය හතරට බෙදා ”හතර දිසාවෙන් පැමිණෙන උපද්‍රව වලකා දෙවියන්ගේ ආරක්ෂාව ලබා හතර පේරුවට බෙදන්න….මුට්ටිය පිරෙන්න කැවුම් ඉදෙන්න…යැයි ආශිර්වාද කරයි.මුල් කැවුම් තුන ලිග්ගල මත තබා පසුව ” කෝදුරු කැවුම ” ලෙස එල්ලා තබයි.
දර දිය ඇදලා ගොම මැටි ගාලා මහගේ කළ එළි කර ගන්නේ
බොර දග කඩලා රටා වියාලා පන්නන් වියමන් කරපන්නේ
පෙරයම අලුසල් මංගල්ලේ කර කැවිලි තහංචිය අරවන්නේ
දුර නෑ වරිගෙ බලාගෙන ටපර අවුරුදු කාලය එන්නේ
පරණ අවුරුද්දට ස්නානය
නිවස පිරිසිදු කිරීමෙන් පසුව තමන්ගේ ශාරිරික පවිත්‍රතාවය වෙනුවෙන් පිරිසිදු වීම සඳහා වූ ස්නානයටත් ලිතේ සුබ වේලාවක් වෙන් වී තිබේ.
නොනගතය
පරණ සහ අලුත් අවුරුද්ද අතර කාලය ”නොනගතයයි.සුබ කටයුතු වෙනුවෙන් නොගැලපෙන මේ කාලයේදී පොළවට පතිත වෙන හිරු කිරණ විෂ සහිත නිසා අපල සමනය කර ගැනීමට පුණ්‍ය කටයුතුවල යෙදීම යහපත් වේ.
අවුරුදු උදාව
නොනගත කාලයෙන් පසුව අවුරුදු උදාවේ. මෙහිදී ප්‍රධාන අවස්ථාව වන්නේ ”ලිප ගිනි මෙලවීමයි “” එය පවුලේ අම්මා , අත්තම්මා වැනි චරිතයක කාර්යය වේ.අනුමත වර්ණයෙන් සැරසී අදාල දිසාව බලා ලිප ගිනි මෙලවීම සිදු වේ. ආහාර පිසීමේදී ”කිරිබත ” ප්‍රධාන වේ.
ගණුදෙණු කිරීම සහ වැඩ ඇල්ලීම
වැඩ ඇල්ලීමේදී පිරිමින් මිදුලේ කිරි ගසක අත්තක් කපනු ලැබේ.කාන්තාවන් ” වං මෝල් ඇල්ලීම ” ලෙසින් වංගෙඩිය සහ මෝල්ගස් ගෙන සංකේතවත්ව වැඩ ඇල්ලීම සිදු කරයි.
ගණුදෙණු කිරීමේදී පිරිසිදු හදවතක් ඇති යහමින් මුදල් ගැවසෙන තැනැත්තෙකු තෝරා ගැනේ. ඔහු බුලත් කොළයක ඔතන ලද මුදලක් පිළිගන්වන අතර එම මුදලට වැඩි මුදලක් නැවත ඔහු වෙත ලබා දීම සිදු වේ.
ආහාර අනුභවය.
නැකතට ලිප දල්වා පිසින ලද ආහාර නියමිත නැකැත් වේලාවේදී පවුලේ සියලු දෙනා විසින් එකට එක්ව බුත්ති විදිනු ලැබේ. කිරිබත ප්‍රධාන කැවුම් ආදි කැවිලිවලින් ආහාර මේසය පිරී තිබේ. ශ්‍රි ලංකාව පීතෘමුලික සමාජයක් බැවින් ආහාර අනුභවයේ ප්‍රධාන චරිතය පියාය.පියා විසින් බිරිඳට සහ දරුවන්ට ආහර පිළිගන්වනු ලැබේ.
හිසතෙල් ගෑම
හිසතෙල් ගෑමේ අවස්ථාව පන්සල, දේවාලය, කෝවිල, වෙදමහතාගේ නිවස වැනි විශේෂ ස්ථානයක සිදු වේ.හිසතෙල් ගෑම වෙනුවෙන් ”නානු ” පිළියෙළ කර ගනු ලැබේ.තෙල් ගැල්වීමේ ස්ථානය සුදු වියනක් බැඳ, බිමට පිරුවට දමා ඒ මත පිරුවටයක් එලන ලද පුටුවක් තබා තිබේ.තෙල් ආලේප කිරීමේ දිසාව සහ අඳින වර්ණය නියමිතව තිබේ.හිසට සහ පයට තබන ශාඛ පත්‍ර නියම වී තිබේ.හිසතෙල් ගෑමෙන් සෙත් පිරිත් මැද සිදුවේ. නානු ගෑමෙන් පසුව ස්නානය සිදු වේ. ඒ සමග ඇති නුදුරු දිනක රුකිරක්ෂා සදහා පිටත්ව යෑමෙන් පසු සැම දෙනාම නැවතත් තම තමන්ගේ සුපුරුදු ජීවන රටාවට යොමු වීම සිදු වේ.
සිංහල අලුත් අවුරුද්ද නිසා මතු වෙන ගුණධර්ම
කෘතගුණ සැලකීම
සිංහල අලුත් අවුරුදු සංකල්පය සම්පූර්ණයෙන්ම කෘතවේදිත්වය සමග සම්බන්ධව ඇත. ළිඳ සමග ගණුදෙණු කරන සංකල්පයේදී පවා තමන්ගේ ජීවිතයේ පැවැත්මට ජලය ලබා දෙන ලිඳට කෘතගුණ සැලකීම සිදු වේ.ගණුදෙණු කිරීම වෙනුවෙන් ගෘහණිය ලිඳට යන්නේ හිස් අතින් නොව කහ, මිරිස් ,තඔ කාසි ආදිය සමගයි. ඒවා ළිඳට දමා එයින් වතුර කළයක් පුරවා ගැනේ.වසරක් පුරා පානීම ජලය ලබා දුන් ළිදට කෘතගුණ දැක්වීමේ චාරිත්‍රය එයින් අර්ථවත් වේ.
නුවර කාලවිය සමාජයේදී පරණ අවුරුදු දිනයේදී ලිප අතුගා අලු කුල්ලක් එකතු කර ගනී. අවුරුදු උදැසන මෙම අලු කුල්ලට කැවුම්, අතිරස හා බුලත් කොළයක් මත පුවක්,හුණු ආදිය තබයි. ”මීදුම් අම්මාට ” යාතිකා කරමින් ලිපේ ගින්දර නොනිවී දැල්වීමට ලැබේවා යැයි ආහිර්වාද කරනු ලැබේ.
අවුරුදු පණිවිඩය රුගෙන එන කොවුලා වෙනුවෙන් කෘතගුණ දැක්වීමට අලු කුල්ලක් මත කෙසෙල් කොළයක් තබා බත්. ව්‍යංජන , වතුර ආදි කැවිලි තබා පහනක් දල්වා කඩුල්ල අසල තබයි.
වසරක් පුරා රෙදි පෙරෙදි සෝදා දෙන රෙදි නැන්දා, හේන මාමා වැනි වෘත්තින්හි නියැලි අයටත් ” දි්වෙල් දීම ” ලෙස අල, පරිප්පු ,කරවල ,කැවිළි ආදි වියලි සහ වෙනත් ද්‍රව්‍ය ලබා දීම සිදු වේ.
ආගමික වටපිටාව
නොනගතයට ගමේ පන්සලට ගොස් ආහිර්වාද ලැබීමට අමතක නොවීය. වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන සංකල්පය අනුව කටයුතු කරමින් අලුත් අවුරුද්ද ලැබීමට පෙරාතුව මහා සංඝරත්නය හමුවට ගොස් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීමට අමතක කළේ නැත.
මව්පිය වැඩිහිටි වන්දනාව
සිංහල අලුත් අවුරුදු කාලය යුතුකම් වගකීම් සමග බද්ධව ඇත. පැරණි කෝන්තර සියල්ල අමතක කර දමා මප්විය වැඩිහිටියන් වෙත ගොස් බුලත් හුරුලු දී කළ වැරදි ඇතොත් සමාවී නව වසර වෙනුවෙන් ආහිර්වාද ලබති.
විනෝදය සහ සහජීවනය
මේ කාලසීමාව තුළ ලැබී ඇති විවේකය කෙළිදෙලෙන් ගෙවන අතර ඒ සදහා වූ ක්‍රීඩාවන්ද කළ එළි බසිති. සිංහල අලුත් අවුරුදු සමයේ ඇති ජනක්‍රිඩාවන් අතර අං ඇදීම, පොරපොල් ගැසීම, කඹ ඇදීම, තාච්චි පැනීම, කල්ලි ගැසීම වැනි එළිමහන් ක්‍රිඩා මෙන්ම පංචදැමීම, ඔලිද කෙළිය වැනි ගෘහස්ථ ක්‍රිඩාවන්ද වේ.මෙම ක්‍රිඩාවන්ගෙන් ලැබෙන ශාරිරික ව්‍යායාම නිසා මේද දහනය වී ශාරිරික යෝග්‍යතාවය ගොඩ නැගෙනු ඇත.
සිංහල අලුත් අවුරුද්ද මුලුමනින්ම මානව සම්බන්ධතාවයන් මත ගොඩ නැගී තිබේ. හොඳ සිත් ඉදිරියට ගෙන යන , නොහොඳ සිත් හොඳ කරන මේ කාලය තුළින් මානව ජන ජීවිතයට ලැබෙන්නේ ආලෝකයක් පමණක් නොව ආශිර්වාදයක් බවත් අමතක කළ නොහැක. වසරක් පුරා කායික ලෙසින් වෛහස මහන්සි වි උපයා සපයා ගත් අස්වැන්න හැම දෙනා සමග එක්ව ප්‍රිතියෙන් බෙදා හදා ගැනීමත්, එකකාර රටාවට කැත්තේ උදැල්ලේ හැපෙමින් ගෙවුන ජීවිතය සමුහයක් ලෙසින් විනෝදයෙන් ගෙවා තවත් අලුත් වසරක් වෙනුවෙන් ප්‍රබෝධයෙන් මුහුණ දීමට අතීතයේ පටන් අපේ ජනසමාජය හුරුපුරුදුව සිටි බවට මේ හොඳම සාක්ෂියයි.
පුදා පිදුම් දෙවියන්හට දෙන හරිය
හදා බත් මාලු සරිකර හිත පිරිය
මුදා කිරිහට්ටි කිසි අඩුවක් නැතුව
මෙදා කෝණ තනියම කන්නට බැරිය