- Advertisement -

දරුවන් සතුටින් තබා ගන්න

-

දරුවන් සතුටින් තබා ගැනීමට මව්පියන් නොගන්නා  උත්සාහයක් නැහැ. ඒත්  සමහර අවස්ථාවල දරුවන් සතුටින් නොසිටන විට 

‘‘අනේ මන්දා මේ  දරුවා කොහොම සතුටු කරන්නද මන්දා…යැයි ඔබත් පසුතැවිලි වෙනු ඇති. නමුත් ඔබ දරුවන් සතුටින් තබන මන්තරය ඉගෙන ගත්තා නම් මෙය එතරම් අපහසුතාවයක් නොවනු ඇති.

- Advertisement -

නිවසේ සාමය….

දරුවාගේ මුල්ම නවාතැන ඔවුන්ගේ නිවසයි. සතුටේ උල්පත ඇත්තේද එතැනයි. ඒ නිසා නිතරම පවුල තුළ සතුට සහ සමාදානය පැවැතීම අත්‍යවශ්‍ය සාධකයක්. බොහෝ මව්පියන් අතර ඇති වෙන අරගල නිසා දරුවන් වෙහෙසට පත් වෙනවා. එය අඹු සැමියන් පමණක් නොව, පවුලේ නැන්දම්මා, නෑනා වැනි චරිත මුල් කර ගෙන පවා ඇති වෙන්න පුළුවනි. සැමියාගේ මව නිතරම ඔබ සමග ගැටෙනවා නම් එයද දරුවාගේ හිතට වෙහෙසක්. ඒ නිසා නිතරම පවුලේ සමගිය සහ සමාදානය ගැන වැඩි තැනක් ලබා දීම ඉතාම වැදගත්.

මේ ගැන සිතන දෙමව්පියන්ද නැත්තේම නැහැ. එක් අඹු සැමි යුවලක් ඔවුන්ගේ පවුලේ ප්‍රශ්න ගැන කථා කිරීම දරුවන් නින්දට යන තෙක් ප්‍රමාද කරනවා. ඊට හේතුව විදිහට මේ දෙදෙනා සඳහන් කළේ දරුවන් ඉදිරියේ අපේ බහින් බස් වීමක් ඇති වුනොත් එය එතරම් සුදුසු නැහැ. සාමාන්‍ය වයසකට පැමිණි පසුව නම් දරුවන්ට පවුලේ පුංචි පුංචි අඩ දබර ඇති වුනත් දරා ගන්න පුළුවනි. නමුත් පුංචි කාලයේදී ඒ අන්දමින් නිවස තුළ නිතරම ගැටුම්කාරී පරිසරයක් නිර්මාණය වුනොත් එයින් දරුවන් වඩාත් පීඩාවට පත් වෙනවා. ඒ නිසා නිතරම පවුලේ සමගිය දරුවාගේ සතුටට හේතුවක් වෙන බැව් අමතක කරන්නත් එපා.

දරුවා රවටන්න එපා…

දරුවන්ගේ හිත් මල් වගේ බැව් අපි දන්නවා. අපි නොසිතන අන්දමේ පුංචි පුංචි සිදුවීම් නිසා හිත් රිදෙන්න පුළුවනි. ඒ නිසා කිසිම දිනක දරුවාට බොරුවට පොරොන්දු නොදෙන්න. ඔබට යමක් කළ නොහැකි නම් නිශ්ශබ්දව සිටිනන්. බොරු පොරොන්දු දී දරුවා මුලා කිරීම නිසා මව්පියන් මුල් කර ගෙන දරුවා තුළ තිබෙන විශ්වාසය බිඳ වැටෙනු ඇති. ඒ නිසා පොරොන්වක් ඉටු කිරීමට නොහැකි නම් පොරොන්දු නොදී ඉන්න.

හැම දෙනාටම සමසේ සලකන්න…

පවුලක දරුවන් කීප දෙනෙක් සිටිනවා නම් ඔවුන් තුළ විවිධ ගති පැවැතුම් තිබෙනවා. මේ විවිධ ගති පැවැතුම් නිසා දරුවන් අතර සුවිශේෂීත්වයක් ගොඩ නගන්න එපා. ඇඟිලි පහ එක හා සමාන නොවුනත් සෑම ඇඟිල්ලකම කුමන හෝ වටිනාකමක් ඇති බවත් අමතක නොකරන්න.බාල ාකලෙය්දී පවුලක දරුවන්ට සංග්‍රහ කරන විවිධ ක්‍රම නිසා ඔවුන්ගේ හිතේ යම් යම් දුක් සංකාවන් ගොඩ නැගීමට ඇවැසි පරිසරයක් නොදැනීම නිර්මානය වෙනවා. ඒ නිසා සෑම දරුවාම ඔබේය. ඔවුන්ට විවිධ හැඳි වලින් බෙදන්න එපා. එසේ වුනොත් පුංචි හිතේ අහිංසක සතුට ඔබ විසින් උදුරා ගැනීමක් සිදු වූ බවට කවදා හෝ ඔබේ සිත ඔබටම දොස් නගනු ඇති.

නිවස ප්‍රසන්නව තබා ගැනීම…

නිවසක ප්‍රසන්න බව යනු එහි ගොඩනැගිල්ලේ වටිනාකම නොවේ. නිවසක් යනු මනසට ප්‍රියජනක පරිසරයක් ලෙසින් තබා ගැනීම වැදගත්.අවට පිරිසිදු බව, පිළිවෙළ මෙතැනදී ඉතාම වැදගත්. පලදායිතාවය ගැන කථා කිරීමේදී අපි අද එස් පහ ගැන වැඩි තැනක් දී තිබෙන බැව් ඔබ දනන්වා. එහි සම්පූර්ණ පදම වී තිබෙන්නේ පිලිවෙළයි. පිළිවෙල නිසා කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය ඉබේටම ගොඩ නැගෙනවා. ඒ නිසා ඔබත් නිවස ප්‍රසන්නව තබා ගන්න. එය දරුවාගේ මනසට විවේකයක් ලබා දෙන තෝතැන්නක් කරන්න. දරුවාගේ සතුටේ අත්තිවාරම එතැනින් ගොඩ නැගනෙ බවත් මතකයේ තබා ගන්න.

පුංචි වුනත් යම් යම් වගකීම් ලබා දෙන්න..

දරුවන් පුංචි වුනත් ඔවුන් අනාගතය වෙනුවෙන් දළු,මල්, ඵල දරණ විශාල රුක්ෂ බවට පත් වෙන දිනයක් එළැඹෙනු ඇත. ඒ නිසාමත් අද දවසේ නිවසේ යම් යම් වගකිම් ලබා දීම වැදගත්. ඊටත් වඩා දරුවන්ට පුංචි පුංචි වගකීම් ලැබෙන විට ඔහුත් නිවසේ වැදගත් සාමාජිකයෙක්ය යන සිතුවිල්ල සිතට නැගෙනු ඇති.උදේට ජනේලය අරින්න..හවසට ජනේලය වසන්න…වැනි ඔවුන්ගේ වයසට කළ හැකි කටයුතු පවරා දෙන්න. එවැනි පුංචි වගකීම් නිසා පවුල තුළ තමන් වෙනුවෙන් ඇති භුමිකාව දරුවා විසින් හදුනා ගැනීමත් පුංචි මනසට සතුටක් ලබා දෙන සිදු වීමක් බැව් සිහියේ තබා ගන්න.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article