අද වෙනකොට නම් දරුවෙක් උසස් පාසලකට ඇතුලත් කර ගන්න දෙමවුපියන් අතර පවතින්නේ පුදුමාකාර තරගයකි. දරුවා කුස පිළිසිද ගන්නටත් පෙර ඇතැම් දරුවන් තම දරුවා ඇතුලත් කරනු ලබන පාසල තීරණය කොට හමාරය. දෙමාවුපියන් මේ හරහා උත්සහා කරන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබා ගත හැකි පහසුකම් ඇති පාසලකට ඇතුල් කිරීමය. ඔබ ඔබේ දරුවා ඉහල පෙලේ පාසලකට ඇතුලත් කල පමණින් ඔබේ සිහින ඒ ආකාරයෙන්ම ඉටු කර ගත හැකි බව ඔබ සිතනවාද
ඔබේ දරුවා පාසලට පිටත් වී ගිය මොහොතේ පටන් ඔබ දරුවා පිලිබදව අවධානයෙන් සිටිය යුතුය. දරුවා දරුවා සුදුසු පාසලකට ඇතුලත් කල පමණින් දරුවා පිලිබදව ඇති වගකීම් වලින් ඔබට මිදෙන්න බෑ. සමහරවිට ඔබේ දරුවා විශේෂයෙන්ම පිරිමි දරුවන් නරක මිතුරන් ඇසුරට වැටි අනියම් මාර්ග වල ගමන් කරනවා ඇති. දියණියක් නම් පාසල් ඇදුමින් නිවසින් පිට වී ගොස් පසුව තම පෙම්වතා සොයා යන්නට පුළුවනි. ගුරුවරුන් අසල දරුවන් යම් කාලයක් ගත කරති. ඒ කාලය තුළ දරුවා ආරක්ෂා වනු ඇත. මන්ද බොහෝ ගුරුවරුන්ද දෙමවුපියන් මෙන් දරුවන්ගේ ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වන හෙයිනි.
පාසලේ දී දරුවන්ට කොතරම් හොද පුරුදු කියා දුන්නත් ගෙදර ඒ සදහා පසුබිමක් නොමැති නම් ගුරුවරුන් ගන්නා වූ උත්සාහය අසාර්ථකය. ඔබ, ඔබේ දරුවාට තිබෙන පොතක් අල්ලපු ගෙදර දරුවාට අවශ්‍ය වනවා යැයි සිතන්න. එවැනි අවස්ථාවක ඔබේ දරුවාගේ පොත, දරුවාගේ මිතුරාට ලබා දෙන්න එපා යැයි ඔබ පවසන්නේ නම් දරුවා පාසලේ දී ඉගෙන ගන්න යහපුරුදු වලින් වැඩක් නැත. ” අල්ලපු ගෙදර ළමයාට ඔයාගේ සෙල්ලම් බඩු අල්ලන්නවත් දෙන්න එපා. ඔයාගේ පොතක්වත් එයට දෙන්න එපා” ආදී ලෙස ඔබ පවසනවානම් දරුවා මහත් ගැටලුවකට පත් වනු ඇත. පුංචි දරුවන්ගේ සිත් වලට නරක සිතුවිලි ඇතුල් කරන්නේ දෙමවුපියන් විසින්මයි.
එමෙන්ම පාසල් යන ඔබේ දරුවා හා ඔහුගේ මිතුරන් අතර ඇති වන ගැටළු වලට ඔබ මැදිහත් වන්න එපා. දරුවන් අතර කුඩා ගැටුම් ඇති වීම සාමාන්‍ය දෙයකි. ” මගේ පුතාගේ පොත අර නිමල් කියන ළමයා ඉරලා දාලා. අදම මම පන්තියේ ටීච හම්බවෙලා කියනවා.” මෙවෙනි ආකාරයට බොහෝ දෙමවුපියන් පවසනවා. කුඩා දරුවන් අතර ගැටුම් ඇති වන්නේ ඉතාමත් කෙටි කාලයකටය. එය ඔබ තේරුම් ගත යුතුය. ඔවුන් අතර ඇති වන ගැටළු ඔවුන්ටම විසදා ගන්න ඉඩ හරින්න. එක පන්තියක ළමයි 40ක් විතර ඉගෙන ගන්න විට තවත් අය සමග ගැටළු ඇති වනු ඇත. මෙහි ගැහැණු, පිරිමි භේදයක් නැත. ඔවුන් අතර ගැටුම් ඇති වන්නේ පුංචි පුංචි දේවල් වලටය. ඇතැම් විට පාසල ඇරී ගෙදර යෑමට පෙරම ඔවුන්ගේ ගැටුම් සමතයකට පත් වනු ඇත. ඔබ ගොස් දරුවන් අතර ඇති වන ගැටළු තවත් වැඩි කරන්න එපා.
සමහර දෙමවුපියන් තම දරුවා සමග ගැටුම් ඇති කර ගත් තවත් දරුවෙකුට බැන වදින අවස්ථා ද ඇත. එසේම තම දරුවා සෑම විටම හරි යැයි හරි යැයි සිතනවා. නමුත් ඒ දරුවත් ඔබේ දරුවා වගේම දරුවෙක් බව අමතක කරන්න එපා.
දරුවා පාසල් ඇරී නිවසට එන විටම පාඩම් කරන ලෙස පවසන්න එපා. ඔබත් සමහරවිට දරුවාට නිතර නිතර පාඩම් කරන ලෙස පවසනවා ඇති. එය දරුවාට වුව කන්දොස්කිරියාවකි. දරුවන්ගේ වසර අවසන් විභාග වලදී මෙතරම් ලකුණු ප්‍රමාණයක් ගන්න යැයි ඔවුන්ට පීඩනයක් ලබා දෙන්න එපා. ” මේ වාර විභාගේ අවසන් වෙන කොට නම් ගණිතය, ඉංග්‍රීසි විෂයන් වලට ලකුණු 50ක්වත් වැඩියේ නැතුව ගෙදර නම් එන්න එපා.” මෙය බොහෝ දෙමවුපියන් විසින් සිදු කරනු ලබන අනුණුවන ක්‍රියාවකි.
දරුවාට ඔබ බලාපොරොත්තු වන ප්‍රථිපල නොලැබුනත් බැන වදින්න එපා. ඔබගේ සැඩ පුරුෂ වචන වලින් දරුවා කම්පනයට ලක් විය හැකිය. එවැනි අවස්ථාවල ” ඔයා ඔයාට පුළුවන් තරම් උත්සහා කලානේ. ඒ ගැන දැන් දුක් වෙන්න එපා. ඊලග පාර තව ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න.” ආදී ලෙස ධනාත්මක සිතුවිලි දරුවාගේ මනස තුලට ඇතුල් කරන්න.
පාසලට දරුවා ඇතුල් කල පසුව ද දරුවා සමග නිතර සිටින්න. ඔහුගේ මිතුරෙක් බවට පත් වෙන්න. දරුවා උසස් පාසලකට ඇතුල් කල පමණින් ඔහු හොද අධ්‍යාපනයක් ලබා ගනීවි යැයි අපට කිව නොහැකිය.