තාකෂණයේ දියුණුවත් සමගම වෛද්‍ය ක්‍ෂේත්‍රය වේගයෙන් ඉදිිරියට ඇදී යයි. අද වන විට ශ්‍රී ලංකාව තුළද සෞඛ්‍ය ක්‍ෂේත්‍රය හා සම්බන්ධ උපරිම පහසුකම් මෙන්ම සුදුසුකම් සපිරි පළපුරුදු වෛද්‍යවරුන්ගේ උපරිම සේවාව මත රෝගීන් වෙත වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අවස්ථාව සැලසී ඇත. මේ තත්ත්වය මෙසේ පැවතිය ද දියවැඩියාව, ස්ථූලතාවය හා අධිරුධිර පීඩන තත්ත්වය නිසා පීඩාවට පත්වන රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම සැබවින්ම කණගාටුවට කරුණකි. එපමණක් ද නොව එම රෝගාබාධ හේතුවෙන් සමීපතමයන් අහිමි වීමද දුකට කරුණකි. සැබවින්ම ආහාර හා සම්බන්ධව ඇති වන මෙවැනි රෝග තත්ත්වයන් අවම කිරීමට අද සිටම ඔබ දැනුවත් විය යුත්තේ අපේ සමීපතමයන් මෙවැනි රෝග තත්ත්වයන් හේතුවෙන් අකාලයේ අපට අහිමි විය හැකි බැවිනි. ආහාර හා සම්බන්ධ රෝගාබාධ, ලොව වෙසෙන දරුණුතම ඝාතකයා ලෙස හැඳින්වීමේ වරදක් නොමැති බව ඔබව මේ ලිපිය තූළින් දැනුවත් කරනු ඇත. මන්ද අප මේ සිට්න්නේ ඒ හා සම්බන්ධව ඍජු තීරණයකට එළැඹිය යුතු ප්‍රබලතම අවස්ථාවකයි.
ශ්‍රී ලංකාවේ වෙසෙන දියවැඩියාව හා ආහාර සම්බන්ධ රෝගාබාධ සහිත රෝගීන් වෙනුවෙන් වසරකට මිලියන ගණනක් වැය වන බව ඔබ දන්නවාද? වසර දහයක් ඉදිරියට මේ තත්ත්වය මේ ආකාරයෙන්ම පැවතුණහොත් ඒ සඳහා වැය වන මුදල දෙගුණයක් විය හැකි අතරම එය රටේ ආර්ථීක තත්ත්වයට ද අහිතකර ලෙස බලපෑ හැකිය.
මිනිසුන්ගේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වා වූ සෑම සැමරීමක් හා සමගම මූලික ස්ථානය ගන්නා ආහාර නිසි ලෙස පරිභෝජනය කිරීම පිළිබඳව නිවැරදි අවබෝධය නොමැතිකම, අද වන විට උද්ගතව ඇති මේ තත්ත්වයට හේතුවයි. දියවැඩියාව මෙන්ම ආහාර හා ඇති විය හැකි රෝගාබාධ කෙමෙන් කෙමන් සීග්‍ර ලෙස ව්‍යාප්ත වීමට හේතු වන්නේ එයයි. අන්න ඒ නිසාම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට අප සියලූ දෙනාම හුරුවී ආහාර හේතුවෙන් ඇති විය හැකි රෝග වළක්වා ගැනීම පිළිඳව දැනුවත් විය යුතුය. එය අනිවාර්යෙන්ම ඔබට කළ හැක්කකි.
අපි, ආහාර සහ ඒවායේ ගුණාගුණ පිළිබඳව දැනුවත් වෙමු
පසුගිය වසර 30 කාලයක පමණ සිට කෂණික ආහාර වර්ග වෙත අපේ රටේ මුල් තැන හිමිව ඇති බව ඔබ පිළිගන්නවාද? ආර්ථීක අරගලය හා සටන් වදින පියවරුන්ගේ සහයාට බොහෝ මව්වරුන් ද සහය ලබාදෙමින් රැකියාවල නියුක්ත වීම හේතුවෙන් ඇති වූ කාර්ය බහුලත්වය එයට මූලික එක් හේතුවක් ලෙස දැක්විය හැකියි. එසේම ලබන ආදායම අනුව ඉහළ යන ආහාර මිලට ඔරොත්තු දීමේ නොහැකියාව මතද කෂණික ආහාර කෙරේ ජනතාව යොමු වීම සිදු විය.
මේදය, සීනි හා කාබෝහයිඩ්රේට්වලින් පරිපූර්ණ කෂණික ආහාර අධි කැලරි ආහාර ලෙස නම් කළ හැකිය. නමුත් එම ආහාර වර්ග පෝෂණ ගූණයෙන් ඇත්තේ ඉතා ඉතාම පහළ තලයකයි.
අපි, අප ලබාගත යුතු ආහාර ප්‍රමාණය ගැන දැනුවත් වෙමු
අප එක් වේලක් සඳහා ලබාගත යුතු ආහාර ප්‍රමාණය පිළිබඳ බොහෝ පිරිස් තුළ ඇත්තේ අනවබෝධයකි. එනම් ලබාගන්නා ආහාර වේලේ ඇතුළත් කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, මේදය ප්‍රමාණයන් පිළිබඳව දැනුවත් පිරිස විරලය. බොහෝ නිවෙස්වල කාබෝහයිඩ්රේට් අඩංගු දේ වැඩි ප්‍රමාණයක් ආහාරයට එක්කරගන්නා අතරම ප්‍රෝටීන, තන්තු අඩංගු ආහාර ද්‍රව්‍ය එක්කරගන්නේ මද වශයෙනි.
ප්‍රමාණය ඉතා බහළ වන අතරම ප්‍රෝටීන ප්‍රමාණය අවමය. සෞඛ්‍ය සම්පන්න ආහාර පිඟාන පිළිබඳ සංකල්පය ජනතාව අතරට ගෙන යා යුතු වන්නේ ඒ පිළිබඳව අවශ්‍ය දැනුවත් බව ලබාදීමටයි.
අපි, අපට නැතිවම බැරි සීනි පිළිබඳව දැනුවත් වෙමු
”සීනි එපා” යැයි පැවසීමට තරම් ඔබ බලසම්පන්න අයෙක්ද?
ඔබේ නිරෝගී බව උදෙසා ඒ හැකියාව ඔබ සතු විය යුතුමය. අද සිටම ඔබත් අහාර සඳහා සීනි එක්කිරීම අවම කළ යුතුය. වැඩි දෙනෙක් අධික ලෙස සීනි භාවිතයට හුරුව තිබේ. නිවසේදී පවා සකසන පලතුරු සලාදයට, පලතුරු යුෂ වීදුරුවට අධික ලෙස සීනි මෙන්ම ලූණු එක්කිරීම තුළින් ඔබ විසින් සැකසූ එම පානයේ ඇති පෝෂණ ගූණයට ද හානි වේ. සීනි රසයට හුරු වූ පසු එය ඔබට දිගින් දිගටම අවශ්‍ය වන අතරම එය පාලනය කරගැනීම තුළින් ඔබට ලැඛෙන ප්‍රතිලාභ පිළිබඳ අවබෝධ කරගන්නට උත්සාහ කරන්න.
උදාඃ පාසැලේදී පන්තියේ ආපන ශාලාවේදී සිසුන් කිරි පැකට් මිලදී ගැනීමට පුරුදුව සිටී. ඒවාට යොදන වර්ණක, රසකාරක මෙන්ම සීනි නිසා ඉතා රසවත් පානයක් වන එයට දරුවන් හුරුවේ. එහි ප්‍රතිඵලය වන්නේ නිවසේදී පවා කිරි වීදුරුවට සීනි මිශ්‍ර නොකළහොත් දරුවා කිරි වීදුරුව ප්‍රතික්ෂේප කිරීමයි. සැබවින්ම දරුවන් හා සම්බන්ධ පූර්ණ වගකීම පැවරෙන්නේ දෙමාපියන් වන ඔබටයි. කුඩා වියේ සිට දරුවන් මේ තත්ත්වයෙන් මුදා ගැනීමට මව්වරුන් වශයෙන් ඔබ අද සිටම ක්‍රියාත්මක විය යුතුය.
සෑම වැඩිහිටියෙකුම තමාට මෙන්ම දරුවන්ට ද ලබාදෙන ආහාර පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් වේ. ආහාර වර්ග නිෂ්පාදනය කරනු ලබන සමාගම් මගින් ජනතාව වෙත අදාල නිෂ්පාදනයේ අඩංගු දේ පිළිබඳ සියලූ නිවැරදි තොරතුරු ඇසුරුමේ සඳහන් කොට තිබිය යුතු අතර එය ඔවුන් සතු වගකීමකි. එසේම පාරිභෝගිකයා සතු අයිතිවාසිකමකි. මේ තත්ත්වය ඇතැම් නිෂ්පාදනවල සැකසෙමින් පැවතුණද නිෂ්පාදන වැඩි ප්‍රතිශතයක් තුළ තොරතුරු ඇත්තේ ජනතාව නොමග යවන අයුරිනි. ඇතැම් නිෂ්පාදවල කිසිදු තොරතුරක් ඇතුළත් නොවේ.
අපිටම වළක්වා ගත හැකි මේ රෝග තත්ත්වයන් වළක්වා ගැනීම පිළිබඳව නිසි ලෙස දැනුවත් වීම තුළින් නිරෝගී හෙට දවසක් කොයි කාටත් උදාවනු නිසැකය. නිරෝගී හෙට දවසක් උදෙසා ආහාර විප්ලවය හා එක්වන්ට සැමට ඇරයුම් කරන්නේ එබැවිනි. ඒ තුළින් විශාල වෙනසක් ඇති කළ හැකි අතරම නිරෝගි බව ඔබට, ඔබගේ ඥාති හිතමිත්‍රාදීන්ට පමණක් නොව රටට දැයටද අභරණයකි. ආඩම්බරයකි. ඉතිං ඒ සඳහා පළමු පියවර ඔසවමු.
- අද සිටම කෂණික ආහාරවලින් ඈත් වී කාර්ය බහුලත්වය නම් වූ අභියෝගය ජයගනිමින් ඉක්මණින්, රසවත් ආහාර වේලක් සකසා පවුලේ සැවොම සමග ආදරයෙන් ඛෙදා හදාගැනීමට මව්වරුන් සැරසෙන්න. මේ සඳහා ඔබට විශාල මුදලක් වැය නොවේ. වැදගත් වන්නේ කැපවීමයි.
- පාසැල් යන ඔබේ දරුවාට සීනි, ලුණු සහ මේදය අවම කොට ඉහළ පෝෂකාංගයන්ගෙන් සපිරි පෝෂ්‍යදායී ආහාර වේලක් සකසා දීමට උනන්දු වන්න.
- ඔබ ආහාර ලබාගන්නා පිඟාන ”සෞඛ්‍ය සම්පන්න ආහාර පිඟාන”නම් වූ සංකල්පය ඇතුළත් කරන්න.
ඔබේ ආහාර පිඟානේ
1/4ක් – බත් (කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර වර්ග – බත්)
2/4ක් – එළවළු වර්ග සහ මැල්ලම්
1/4ක් – සත්ත්ව ආහාර (ප්‍රෝටීන අඩංගු ආහාර – මස්, මාළු, බිත්තර, හතු, සෝයා වැනි)
මේ නිරෝගී පරපුරක් බිහිකරන්නට අවැසි සෞඛ්‍ය සම්පන්න ආහාර පිඟාන නම් වූ සංකල්පයයි. කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර වර්ග පිඟානේ 1/4කට සීමා කළ යුතු අතරම පිඟානේ හරි අඩක පමණ ප්‍රමාණයක එළවලූ වර්ග තිබිය යුතුය. ඒ මගින් පෝෂණය පමණක් නිස සිරුරට අවශ්‍ය තන්තු ප්‍රමාණය නිසි ලෙස ලැබීම හේතුවෙන් උදරය තුළ යහපත් පරිසරයක් සැකසීමට සහය වේ. එසේම පිඟානේ ඉතිරි 1/4 කොටස මස් මාංශ බිත්තර හෝ ශාක ආහාර පමණක් ආහාරයට ගන්නේ නම් හතු, සෝයා වැනි ප්‍රෝටීන සහිත ද්‍රව්‍ය විය යුතුය.
ශ්‍රී ලංකා රජය අද වන විට ආහාර හේතුවෙන් ඇති වන රෝග සහ වසංගත රෝග තත්ත්ව වළක්වා ගැනීම උදෙසා පියවර රැසක් මේ වන විට ක්‍රියාත්මක කොට ඇත. සෑම පානයකම අඩංගු සීනි ප්‍රමාණය නිරූපනය වන ලෙස වර්ණ ලේබල් යෙදීම, අධ්‍යාපන අමාත්‍යංශය මගින් පාසැල් තුළ ඇති ආපනශාලා වෙත ප්‍රතිපත්ති මත නිති පද්ධතියක් ක්‍රියාත්මක කර තිබීම ඒ අතරට ඇතුළත්ය. සෑම නිවසකම පෝෂණයෙන් ඉහළ ආහාර පිසීමට මෙන්ම ආහාර පිළිබඳව දරුවන් දැනුවත් කිරීම උදෙසා මේසා ක්‍රියාමර්ග දියත් කර ඇත්තේ ආහාර හේතුවෙන් ඇති වන රෝග තත්ත්ව වළකමින් නිරෝගි පුරවැසියන්ගෙන් සපිරි රටක් දැකීමේ අරමුණෙනි. ඒ සඳහා ඔබ, ඔබ වෙතම ඔබගේ උපරිම සහයෝගය ලබාදෙන්න.
වෛද්‍ය සමන්ති කුරේ,
දියවැඩියාව හා හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය,
ශිකෂණ රෝහල, කුරුණෑගල