දෙමාපියන් ලෙස ඔබ තම දරුවාගේ මුවින් “අම්මා” හෝ “තාත්තා” යන වදන් පෙල ඇසීමට නොඉවසිල්ලකින් පසුවෙයි. ඔබ එම මොහොතෙ එනතෙක් බලා සිටින්නේ නම්, දරුවාගේ භාෂා හැකියාවන් වර්ධනය වන කාලය මෙන්ම ඔවුන් කතා බහ කිරීමට පටන් ගන්නා අවධිය පිළිබඳ අවබෝධයකින් සිටීම වැදගත් වේ. දරුවා වචන ගලපමින්, විවිධ ශබ්ධ නගමින් කතා බහ කිරීම ප්‍රගුණ කරන තීරණාත්මක අවධිය පිලිබඳ ඔබ දැනුවත්ව සිටීම අනිවාර්ය වේ.
බිළිදෙකුගේ එකම සන්නිවේදන මාර්ගය හඬා වැලපීමයි. එය ගෝෂාකාරි විය හැකි අතර හැඬීමට හේතුව විවිධාකර විය හැකිය. කෙසේ නමුත්,බිළිඳන් භාෂා හැකියාවන් වර්ධනයේ ඉක්මන් පිම්මක් පනියි. කෙමන් කෙමෙන් හඬා වැලපුනු දරුවා තම අදහස් වචන වලින් ප්‍රකාශ කිරීමට වෙර දරයි. Play on Words හි නිර්මාතෘ ශෙරි ආර්ට්මෙන්කෝ වෘත්තියෙන් භාෂා හා කථන අපහසුතා සම්බන්ධ රෝග විනිශ්චවරයකි. ඇය පවසන ආකාරයට දරුවා විවිධ ශබ්ධ අත්හදා බලා, ඇහුම්කන් දීමෙන් හා විවිධ ප්‍රතිචාර මනාව අධ්‍යයනය කිරීමෙන් සමාජ සම්බධතා වර්ධනය කිරීමට උත්සාහ ගැනීමේදි, දරුවා පසු කරන පලමු ඉලක්කය වන්නේ සන්නිවේදනයේ ආරම්භය වන වචන මුමුණන අවධියයි. දරුවා ඇවිදීමට පෙර බඩ ගාන්නට පුරුදු වෙයි. මෙලෙසම දරුවා කතා බස් කිරීමට පෙර වචන මුමුණන්නට පුරුදු වේ.
භාෂා, සමාජ හා ඥානාත්මක යන කථන වර්ධනයේ විවිධ පැතිකඩවල්.
දරුවා ජීවිතයේ වැදගත් ඉලක්කයක් වන කථන හැකියාව ප්‍රගුණ කිරීමේදි, ඔහු/ඇය ක්‍රමක්‍රමයෙන් තම භාෂා හැකියාවන්ද ප්‍රදර්ශනය කිරීමට පටන් ගනියි. බොහෝ වේලාවට ඇය මේසේ මුමුණන වචන ඔබට තේරුම් ගැනීමට අපහසු වූවත් මෙම අවධිය දරුවාට විවිධ වචන ගැලපීම සඳහා මහත් සේ උපකාරි වේ. ඇයගේ මෙම වචන මිමිණීම හා යමක් කීමට පෙර මොහොතක් කල්පනා කිරීම දරුවාගේ ඥානාත්මක වර්ධනය පිළිවඳ යම් අදහසක් ගැනීමට උදව් වේ. (උදා : එකම ශබ්ධ කිහිප වතාවක් පිට කිරීම, වටාපිටාවේ ඇති දේ අධ්‍යයනය කොට අත් සඥා වලින් හෝ ශබ්ධ වලින් තම අවශ්‍යතා ප්‍රකාශ කිරීමට වෙර දැරීම)
ඔබගේ දරුවා වචනයක් පිට කිරීමට පෙර, මිනිසුන් තම ශබ්ධ වලට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව අවට සමාජයේ භාෂා නීති ඉගෙන ගනියි. කුඩා දරුවන් භාෂා හැකියාවන් වර්ධනය කිරීමෙහිලා ඉමහත් උනන්දුවක් දක්වයි. ඔවුන්ගේ මෙම වර්ධනය, තමා සමඟ සන්නිවේදනය කරන පිරිස මත තීරණය වේ.
දරුවන් කතා කිරීමට පටන් ගැනීම.
ආර්ට්මෙන්කෝ මහත්මියට අනුව දරුවාගේ වාචික යාන්ත්‍රණය වර්ධනය වූ පසු, ඇයගේ භාෂා හැකියාවන් විවිධ අවධි ඔස්සේ තම පරිසරයට අනුකූලව වර්ධනය වේ. ඇමරිකාවේ Speech-Language-Hearing Association හි අධිපති ඩියෑන් පෝල් (PhD) ට අනුව බිළිඳුන් මාස 2-3 කාලයේ සිට ගූ, පූ යන ශබ්ධ වලට ශාරිරිකව ප්‍රතිචාර දක්වන අතර දරුවාගේ 4 වන මාසයේ සිට ඔහු/ඇය වචන හා ශබ්ධ මුමුණන්නට පටන් ගනියි. මිමිණීමේ පළමු අවධියේදි, දරුවා සාමාන්‍යයෙන් “බ, ප හා ම” යන ශබ්ධ පිට කිරීමට පටන් ගනියි. මෙම ශබ්ධ තොල් එක් කර පිට කිරීමට පහසු වීම ඊට හේතුවයි. එම නිසා මාස 4 සිට බිළිඳාගේ මුවින් නිතරම “ම..මා..බ..බා හෝ පාපා” ලෙස ශබ්ධ පිටවනවා ඇසෙන්නට පුළුවන.
දරුවාගේ භාෂණ හැකියාවන් වර්ධනයෙහි ලා දෙමාපියකු ලෙස ඔබට උපකාරි විය හැක්කේ කෙසේද?
දරුවාගේ කථන හා භාෂා හැකියාවන් වර්ධනය කිරීම සඳහා ඔබට කල හැකි දේවල් කිහිපයක් පහත දැක්වේ.
-දරුවා සමඟ කතා බස් කර ඇයව/ඔහුව ඔබගේ සාකච්ඡාවට හවුල් කර ගන්න.
-මදක් නතර කර දරුවාට ඔබ පැවසූ දේ තේරුම් ගැනීමට ඉඩ දෙන්න. යම් මොහොතකට පසු දරුවා වචන ගලපමින් ඊට ප්‍රතිචාර දක්වනු ලැබේ.
-විවිධ ශබ්ධ හා ස්වර නගමින් සන්නිවේදනයේ යෙදෙන්න. මෙමඟින් දරුවා කණට හුරු නොවූ අලුත් ශබ්ධ නැගීමට පුරුදු වෙයි.
-පරිසරය ආශ්‍රය කරගෙන දරුවාට විවිධ ශබ්ධ නැගීමට පුරුදු කරවන්න. ඇය වටපිට බලා “බා බා මමා” යැයි පැවසූ විට ඔබ ” බබාට වතුර බෝතලේ ඕනේද? වතුර බෝතලේ කොහෙද?” යනුවෙන් පැවසිය හැකිය.
සමීක්ෂණයකට අනුව බිළිඳා සමඟ ඔබ භාවිතා කරන වචන ප්‍රමාණය ඇයගේ භාෂා හැකියාවන්වල වර්ධනය කෙරෙහි මහත් ලෙස බලපාන බව ආර්ට්මෙන්කෝ මහත්මියගේ මතයයි. එම නිසා දරුවා සමඟ නිතරම අත් සඥා හා වචන මඟින් සන්නිවේදනය කිරීමට උත්සාහ ගන්න.
දරුවාගේ ප්‍රතිචාර කෙරෙහි මනා අවධානයකින් පසුවන්න.
සෑම දරුවෙකුම එකිනෙකාට වෙනස්වන අතර ඔවුන්ගේ භාෂා හැකියාවන්වල වර්ධනයේද වෙනස්කම් දක්නට ලැබේ. ඔබගේ දරුවා කථන හැකියාවන් ප්‍රගුණ කර ඔබ සමඟ කතා බහේ නියැලෙන තෙක් ඔබට කිසිසේත් වද විය යුතු නැත. කෙසේ නමුත් දරුවාගේ භාෂා වර්ධනය යම් මොහොතක නැවතුණි නම් හෝ ඇය මාස 15 වන තෙක් කිසිදු ශබ්ධයක් හෝ වචන මිමිණීමක් නොකරන්නේ නම් ඔබට කථන-භාෂා අපහසුතා සම්බන්ධ විනිශ්චයවරයෙකු හෝ ළමා සෞඛ්‍යය සම්බන්ධ වෛද්‍යවරියක් මුණ ගැසිය යුතුය. කථන හා භාෂා අපහසුතා කල්තියාම හඳුනා ගෙන ඊට නිසි ප්‍රතිකාර ලබා ගැනීම දරුවාගේ අනාගතය සඳහා උපකාරි වේ.