විශේෂ අවශ්‍යතා යනු පුළුල් පරාසයක විවිධ වූ රෝග හා තත්ත්වයන් සහිතව විහිදුණු සංකල්පයකි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට වර්ධන ප්‍රමාදයන්, වෛද, මානසික ගැටලු, සංජානනීය තත්ත්වයන් තිබිය හැකිය. මෙම විශේෂ අවශ්‍යතා හඳුනා ගැනීම තුලින් එම තත්ත්වය ඇති වීමට බලපා ඇති හේතුව, ඒ සඳහා අවශ්‍ය වන සේවාවන් ලබාගැනීම සඳහා යොමුවීමට, සුදුසු ඉලක්ක තබාගැනීමට සහ ඔබේ දරුවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට ඔබට හැකියාව ලැබේ.
තවද ” විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ” යන යෙදුමෙන්ම පැහැදිලි වන්නේ මෙම දරුවන් හට සාමාන්‍ය දරුවන්ට මෙන් නොව විශේෂ වූ අවශ්‍යතා සහිත බවයි. එම විශේෂ වූ අවශ්‍යතා එකිනෙකාගෙන් වෙනස් මෙන්ම දරුවාටම ආවේනික වූ දෙවල් ව හැකිය.
එසේම විශේෂ අවශ්‍යතා යන්න පොදුුවේ අර්ථ දැක්වීම් බොහෝ පවති. එහිදී දරුවාට කළ නොහැකි දේ, වයසත් සමඟ වර්ධන සංදිස්ථාන නොගැලපීම, වයසත් සමඟ ක්‍රියාකාරකම් නොකිරීම ආදී බොහෝ දේ ඒ තුළ ගැබ්වී තිබිය හැක. දරුවන් තුළ පෙන්නුම් කරන විශේෂ අවශ්‍යතා විවිධ වූ බැවින් ඒවා හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. ඇතැම් විට උපතට පෙර, උපතේදී හෝ උපතට පසුු එම තත්ත්ව හඳුනාගත හැකිය.
විශේෂයෙන්ම වෛද්‍යවරුන් විසින් හඳුනා ගන්නා මෙම තත්ත්වයන් විවිධාකාරවලට වෙන් කරනු ලබයි. මෙම වර්ගීකරනයන් සංකීර්ණ වන අතර වඩා වැදගත් වන්නේ දරුවන් කල් තියා හඳුනා ගැනීම (Early identification) සහ ඒ සඳහා හැකි විගස ක්‍රියාත්මක වීමයි (Early intervention).
- කල් තියා හඳුනා ගැනීම (Early identification) වැදගත් වන්නේ ඇයි?
දරුවන් තුළ පෙන්නුම් කරන ගැටලු පළමුව හඳුනා ගන්නේ දරුවාගේ වෛද්‍ය වරයා විය හැකිය. ඒවා උපතට පෙර හා උපතේදී සිදුවන ගැටලු වන අතර ඒවා බොහෝමයක් ඒ ඒ අවස්ථා වලදීම හඳුනා ගනිති. එමනිසා අවස්ථාණු කූලව අවශ්‍ය වන්නා වූ ප්‍රතිකාර ක්‍රම ඒ අවස්ථාවේදීම ආරම්භ කිරීමට ඉඩකඩ පවතී. උදාහරන ලෙස ඩවුන් සහලක්ෂණ (Down’s Syndrome) තත්ත්වය උපතට පෙර හෝ උපතේදී හඳුනා ගතහැකි තත්ත්වයක් බැවින් ඒ සඳහා මැදිහත් වීම පහසුවේ.
නමුත් උපතට පසුව ඇතිවන ගැටලු හඳුනා ගැනීමට දෙමාපියන් වශයෙන් ඔබගේ දැනුවත් භාවය ඉතා වැදගත් වේ. ඒ සඳහා දෙමාපියන් වන ඔබ දරැවාගේ වර්ධන අවදීන් පිළිබඳ දැනුවත් වීම, සාමාන්‍ය තත්ත්වය සහා කුමක්ද අසාමාන්‍ය තත්ත්වය යන්න තේරැම් ගැනීමට හැකියාව පැවතීම ගැටලු අවම කර ගැනීමට උපකාරීවේ. ඇතැම් විට දරුවා පෙරපාසල් යන විට පෙරපාසල් ගුරුතුමිය ඇතැම් ගැටලු හදුනාගනීයි. නමුත් දරුවා සමඟ සමීපයෙන්ම සිටින පුද්ගලයින් දෙමාපියන් බැවින් දරුවාගේ ශාරිරික, මානසික, සාමාජීය, හැසිරීම සහා ඉගෙනුම් කුසලතා වර්ධනය කෙරෙහි ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය. උදාහරණ ලෙස ඔටිසම් තත්ත්වය, ශ්‍රවණ ඌණතා, ඌණ අවධාන සහ අධික්‍රියාකාරී බව, කථන හා භාෂා ප්‍රමාදය, උච්ඡාරන දෝෂ සහ ඉගෙනුම් දුබලතා ආදී බොහෝ ගැටලු හඳුනා ගැනෙන්නේ උපතින් පසු බැවින් ඒ පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත්වේ.
Early identification එනම් කල්තියා හඳුනා ගැනීම වැදගත් වන්නේ දරුවා නිවැරදි තක්සේරුකරණයට ලක්කර ගැටලුවක් පවතිනවාද නැද්ද යන්න හඳුනා ගැනීම සහ ගැටලුවක් ඇත්නම් ඒ සඳහා මැදිහත් වීම ආරම්භ කිරීමටයි.
- ක්ෂනික මැදිහත් වීම (Early intervention ) යනු කුමක්ද?
දරුවන්ගේ ගැටලු සහ විශේෂ අවශ්‍යතා හඳුනා ගැනීම වැදගත් වනවා සේම ඒ සඳහා සුදුසු ලෙස මැදිහත් වීම එනම් ඒ සඳහා අත්‍යාවශ්‍ය වන ප්‍රතිකාර ඇත්නම් ඒ සඳහා හෝ අවශ්‍ය චිකිත්සාවන් වෙත යොමු වීමද ඉතා වැදගත්වේ.
ඇතැම් විට බොහෝ දෙමාපියන් ඇතැම් තත්ත්ව හඳුනා ගත්ත හඳුනාගත් ද කෙටි කාලයකින් හරියාවි යැයි සිතීම, චිකිත්සාවන් සඳහා පිළිවෙලට නොකඩවා සම්බන්ධ නොවීම, කාලයත් සමඟ දරුවාගේ වර්ධනයන් පිළිබඳ සැහීමකට පත් නොවීම නිසා ඉච්ඡාභංගත්වයට පත්වීම සිදුවීම දැකගත හැකිය.
නමුත් Early intervention හි වැදගත් කම නම් දරුවාගේ තත්ත්වය මොහොතේ සිට ඒ සඳහා මැදිහත් වී දරුවාගේ කුසලතා වර්ධනයට අවශ්‍ය වන්නා වූ ප්‍රතිකාර සහ චිකිත්සාවන් වෙත යොමුකිරීමයි. මන්ද දරුවාගේ මුල් අවුරුදු පහක කාලය තුළ මැදිහත් වීම තුළින් වඩාත් සාධනීය වර්ධනයක් කරා ලගාවිය හැකි බැවිනි. එමනිසා දෙමාපියන් වශයෙන් දරුවන්ගේ සාමාන්‍ය වර්ධනය මෙන්ම සමාන්‍ය නොවන වර්ධනය පිළිබඳව ද දැනුවත්වීම අවශ්‍යවෙි.
කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.