නිරෝගී දරුවෙකු තරම් වටින සම්පතක් දෙමාපියනට මිහිපිට නොමැත. දහසක් වේදනා අතරේ දරුවෙකු මෙලොවට බිහි කර ඒ සතුට අත්විදින අතරේ වයස අවුරුදු තුනක් පමණ වන විට දරුවා යම් සුව කළ නොහැකි රෝග තත්ත්වයකට ගොදුරු වුවහොත් දැනෙන වේදනාව වචනයෙන් විස්තර කළ හැකිද?
හීන වී අවසානයේ දරුවාගේ ශරීරයම අඩපණ කරවන මයෝපති වයස අවුරුදු තුන පමණ වයසැති දරුවන්ට වැලදෙන එවන් සුව කළ නොහැකි රෝග තත්ත්වයකි. මෙම රෝගය වැඩි වශයෙන් පිරිමි දරුවන්ට වැල`දීම විශේෂත්වයකි. මේ තත්ත්වය ඇති වීමට බලපාන හේතු සාධක මොනවාද යන්න පිළිබ`දව අද වන විටත් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී නොමැත.
මෙම රෝග තත්ත්වයේදී මාංශ පේශිවල ඇති Creating phosphokinase සංයෝගය තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි වීමක් දැකිය හැකිය. එවිට මාංශ පේශිවලින් ක්‍රියාකාරකමක් කිරීමට නොහැක.
මුල් අවධියේදී දරුවාගේ මාංශ පේශි අඩපණ වී ශක්තිය හීන වීම නිසා කි‍්‍රයාශීලීව කටයුතු කරන දරුවා නිතර ඇද වැටීමට ලක්වන අතරම ශරීරයට ඇතිවන විඩාව නිසා දරුවාගේ කි‍්‍රයාශීලි බව අඩු වී බාහිර කි‍්‍රයාකාරකම්වලට යොමු වීමට මැළි වේ.
රෝග ලක්ෂණ
- පෙර පරිදි සෙල්ලම් කිරීමට සහ පෙර කළ කි‍්‍රයාකාරකම්වලට යොමු නොවේ
- ඇවිදිමින් සිටි දරුවා එය ටිකෙන් ටික අඩු කර නිතර වාඩි වී සිටීමට යොමු වේ
- මේ තත්ත්වය උත්සන්න වූ පසු දරුවා වාඞී වී සිට හිටගැනීමේදී සිය දෙපාවලට වාරු වී සිට ගනී. මෙය ‘ගවර්නස්’ ලක්ෂණය ලෙස හඳුන්වයි. නැතිනම් අන් අයගේ උදව්වෙන් හිට ගනී
- දරුවාගේ මාංශ පේශි ඉතා හොඳින් වර්ධනය වී තිබෙන බව මෙහිදී දැකිය හැකි වුවද මාංශ පේශිවල ශක්තිය සම්පූර්ණයෙන්ම හීන වී ගොස් තිබේ. මේ තත්වය ව්‍යාජ විශාලත්වයක් ලෙස හැ`දින්වේ
- සම්පූර්ණ පේශි අකර්මණ්‍ය වූ පසු එක්තැන් වේ
මෙම රෝගී තත්ත්වය වයස අවුරුදු තුනේදී පමණ ආරම්භ වී අවුරුදු 12 පමණ තෙක් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වේ. මෙය ඩ‍්‍රසේන් වර්ගයේ මයෝපති රෝගයක් ලෙස හඳුන්වනු ලබයි. කෙසේ වුවද මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කිරීමට හැකි ඖෂධයක් තවමත් සොයාගෙන නොමැත. ඒ නිසා අවසාන වශයෙන් සම්පූර්ණයෙන්ම පේශි අඩපණ වූ පසු මේ තත්ත්වය හදවතේ වූ පේශිවලට බලපෑමක් ඇති කරයි. එහිදී හෘද පේශි අඩපණ වීම නිසා අවසානයේදී ඒ තත්ත්වය ජීවිතයට තර්ජනයක් විය හැකිය.
මෙම රෝග ඇති වීමට නිශ්චිත කරුණක් ඉදිරිපත් කළ නොහැකි වුවද රෝගී දරුවන්ගෙන් යම් යම් නිගමනවලට එළඹීමෙන් ලේ නෑකම් විවාහ, මව දරුවා බිහි කරන අවස්ථාවේදී අඩු වයසක පසුවීම හා මවගේ වයස වැඩි වීම, දරුවන් ලැබීමේ පරතරය අඩු වීම යන හේතු සාධක මේ තත්ත්වයට වැඩි බලපෑමක් දක්වන බව තහවුරු වී ඇත. නමුත් මේ සාධකවල බලපෑමක් නොමැතිවද මේ රෝගය දැකිය හැකි අවස්ථා තිබේ.
මෙවැනි රෝගී තත්ත්වයක් වැලඳී ඇත්ද යන්න මාංශ පේශී බයෝප්සී (Muscle Biopsy) ඉලෙක්ට්රෝ මයොග‍්‍රැෆි (EMG) හා කියෙටීන් පොස්පො කයිනේස් සාන්ද්‍රණය (Cpk) යන පරීක්ෂණ ක්‍රමවලට යොමු කිරීමෙන් පසු තහවුරු කරගැනීම සිදු කරයි. එම පරීක්ෂණවලින් තහවුරු වූ පසු දරුවා අදාළ ප්‍රතිකාරවලට යොමු කරනු ලැබේ. කෙසේ වුවද මේ රෝග තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නැත. මේ රෝගය පාලනය කිරීමෙන් පමණක් සම්පූර්ණයෙන්ම අඩාල වීම හෝ ජීවිත තර්ජනයක් ඇති වීම අවම කර ගැනීමට හැකියාව ඇත. මේ රෝගයේදී දරුවාට ලබාදෙන ආහාර වර්ග පිළිබඳ මෙන්ම විශේෂයෙන්ම භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම පිළිබඳවද වැඩි අවදානයක් යොමු විය යුතුය.
මයෝපති ස`දහා හොඳම ප්‍රතිකාර ක්‍රමය භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රමයයි. එහිදී රෝගියාගේ පේශිවල වර්ගීකරණයක් සිදු කර එම පේශි බිංදුවේ සිට පහ දක්වා පෙළ ගැසීම කර, ඒ ඒ අදාළ පේශිවලට සිදු කළ යුතු ව්‍යායාම හඳුන්වාදෙයි. මෙවැනි රෝගී දරුවන් සඳහා භාවිත කළ හැකි භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම කිහිපයකි.
- විද්‍යුත් උත්තේජක ප්‍රතිකාර
- මාංශ පේශි ශක්තිමත් කරවීම ස`දහා සිදු කරන ශක්ති ජනක ව්‍යායාම
- සස්පෙන්ෂන් තෙරපි ප්‍රතිකාර ක්‍රමය
- ජල චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය
මීට අමතරව පේශිවල දිග පවත්වා ගැනීමට පේශි ඇදීමට ලක්කරන ව්‍යායාම කළ යුතුය. එමෙන්ම මේ රෝගී තත්ත්වය හමුවේ රෝගියාට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වැලඳුණු විට සෙම ශ්‍රාවයන් පෙණහලූවලින් ඉවත් කරගැනීමට අපහසුතා ඇති වී නිව්මෝනියාව වැළ`දීමේ අවදානම ඇති විය හැකි බැවින් ඒ සඳහා උරස් චිකිත්සක ප්‍රතිකාර සිදු කර එම ශ්‍රාවයන් ඉවත් කිරීම සිදු කළ යුතු වේ. මයෝපති තත්ත්වය සම්පූර්ණයෙන් සුව කළ නොහැකි වුවද රෝගය පාලනය කළ හැකිය. එබැවින් මෙවැනි රෝග ලක්ෂණයක් ඔබ කිසියම් අවස්ථාවකදී දුටුව හොත් ඉතා ඉක්මනින් භෞතචිකිත්සක නිලධාරියකු වෙත යොමු වී ඒ සඳහා ප්‍රතිකාර ලබාගන්න.
කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.