කුඩා කාලයේ දී දරුවන්ගේ කනේ ආසාදන ඇති වීම සුලභ තත්ත්වයක් ලෙස හඳුන්වා දිය හැකිය. බොහෝවිට පිටත කන තුළ ආගන්තුක දේ රැඳීම, මැද කන ආසාදනය වීම ආදී බොහෝ ගැටළු කුඩා කාලයේ දරුවන් තුළ පෙන්නුම් කරති. දෙමාපියන් වශයෙන් ඔබ එහි ගැටලූකාරී ප්‍රතිඵල පිළිබඳ නොසිතන්නට ඇත. දරුවන් තුළ ඇතිවෙන කනේ ආසාදන දරුවාගේ කතාව, භාෂාව හා සන්නිවේදන ට බලපෑම් කළ හැකි බව ඔබ මොහොතකටවත් සිතුවාද? නවතම පරියේෂණ තුළින් සොයාගෙන ඇත්තේ දරුවන්ගේ කුඩා කාලයේ ඇතිවන කනේ ආසාදන සඳහා ප්‍රතිකාර සිදු නොකළහොත් හෝ ප්‍රතිකාර කර ද නිතර නිතර මතු වීමෙන් දරුවන් තුළ ශ්‍රවණ අපහසුතා, කථන ප්‍රමාදයන් ඇති වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.
- කනේ ආසාදන දරුවාගේ කතාවට බාධා කරන්නේ කෙසේද?
මෙය බොහෝ දෙමාපියන් හට ඇති ගැටලුවකි. දරුවකු මවු කුස පිළිසිඳ ගත් දා පටන් භාෂාව ඉගැනීම ආරම්භ වන අතර මෙලොව එළිය දුටු පසු ද තම භාෂාව, කතාව, සන්නිවේදනය ඉගෙන ගනු ලබන ප්‍රධාන මාධ්‍යය වන්නේ ශ්‍රවණය යි.
දරුවාගේ කුඩා කාලයේ දී ඇතිවන කනේ ආසාදන මෙම ශ්‍රවණයට බාධා ඇති කරනු ලබයි. ඇතැම්විට ඔබගේ බිලින්දාගේ කනේ ආසාදන සඳහා ප්‍රතිකාර සිදු නොකර මග හැරියොත් හෝ ඇතැම් විට ප්‍රතිකාර කළ ද නිතර නිතර එම ආසාදන මතුවෙනවා නම් එය දරුවාගේ ශ්‍රවණයට බලපෑම් සිදුකර හැකි අතර එම ශ්‍රවණයට ඇතිවන බලපෑම හේතුවෙන් දරුවාගේ කතාවද භාෂාව, සන්නිවේදනයේද ප්‍රමාදයන් හා ගැටලු ඇති කරනු ලබයි.
- කුඩා කාලයේ දී දරුවන්ගේ කනේ ආසාදන හා ශ්‍රවණය කෙරෙහි උනන්දු විය යුත්තේ කෙසේද?
බොහෝ රටවල දරුවෙකු ඉපදුණු විගස ශ්‍රවණ පරීක්ෂණයට යොමු කිරීම සිදුකරනු ලබයි. ලංකාවේද දැන් වන විට ඒ සඳහා කටයුතු සූදානම් වෙමින් පවතින අතර ඇතැම් රෝහල්වල ඒ කටයුතු සිදුකෙරෙමින් පවතී. නමුත් වඩාත් වැදගත් වන්නේ කුඩා කාලයේ දී දරුවන්ගේ කන පිරිසිදු කිරීමේ දී ඔබ කොට්න්බඩ් හෝ වෙනයම් ආධාරක භාවිතය දී ප්‍රවේශම් වීම, හැකිතාක් මෙවන් ආගන්තුක දෙය කනට ඇතුළු කිරීමෙන් වැළකීම, නිතරම බාහිර කන තුළ යම් යම් ආගන්තුක දේ රැඳී තිබෙන්නේ ඒ පිරික්සීම ( ආහාර, කෘමි සතුන් ආදී), එවැනි යමක් රැඳී තිබෙනවා නම් ඔබ එය ඉවත් කරනවා වෙනුවට උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම, දරුවන්ගේ කණින් දියර වැනි යමක් පැමිණෙනවා දැයි නිතර සැලකිලිමත් වීම, දරුවා කන තුළට බාහිරෙන් යම් යම් දේ ඇතුළු කර ගනීදැයි නිතර විමසිල්ලෙන් පසුවීම, දරුවා නිතර නිතර කනේ ආසාදන වලට ලක්වෙනවා නම් ලක්වෙනවා නම් ශ්‍රවණවේදියෙකු හමුවීම, ශ්‍රවණ පරීක්ෂණයකට යොමුවීම, දරුවා නිසි වයසට කතා කිරීම ආරම්භ නොකළේ නම් කථන හා භාෂා චිකිත්සකවරයකු වෙත යොමු වීම ආදී දේ දෙමව්පියන් වශයෙන් සැලකිලිමත් විය කලයුතු දේවල් අතර වේ.
- කුඩා කල කනේ ආසාදන ඇතිවන සෑම දරුවෙකුටම කථන ප්‍රමාදයන් ඇතිවෙනවාද?
සරලම පිළිතුර නම් ‘නැත’ යන්නයි. කලින් ප්‍රකාශ කළ ආකාරයට ම දරුවන් තුළ ඇතිවන ආසාදන තත්ත්වයන් හා ඒ ඒ ගැටලුවලට අනුව දරුවන්ට ඇතිවන කථන ගැටලු ද විවිධාකාරයි. එමනිසා කුඩා කාලයේ දී ඇතිවන සෑම කනේ ආසාදනයක් හේතුවෙන්ම මෙම තත්ත්වය ඇතිවේ යැයි කිව නොහැකියි. වඩාත් වැදගත් වන්නේ මේ පිළිබඳ දැනුවත් වීම හා නිසි ක්‍රමවේද අනුගමනය කිරීමයි.
- කුඩා කල සිට කනේ ආසාදන පවතින දරුවෙකුට කතාව හා භාෂාවේ ප්‍රමාදයක් ඇති නොවීමට කටයුතු කල යුත්තේ කෙසේද?
එය තරමක් සංකීර් ණ ප්‍රශ්නයක් වුවද දිය හැකි සරලම පිළිතුර නම් දරුවාගේ ශ්‍රවණය හා කථනය එකිනෙක බැඳී පවතින එකිනෙකට සමාන්තර දෙයක් බවයි. එමනිසා දරුවා පෙන්නුම් කරන කනේ ආසාදන තත්ත්ව, ශ්‍රවණ ගැටළු ආදිය විව්ධාකාරයි. එම තත්ව නිසාවෙන් දරුවන් තුළ පෙන්නුම් කල හැකි වෙනත් ගැටළුද පවතින බැවින් දෙමාපියන් වශයෙන් ඔබ වඩාත් දැනුවත් වීම ඉතා වැදගත් වේ. තවද නිතරම කනේ ආසාදන පවතින දරුවෙකු, ශ්‍රවණ ගැටලු පවතින දරුවෙකු, කතාව භාෂාවේ ගැටලු අවම කර ගනිමින් කටයුතු කිරීමට ඔබට නිතරම උගුර කන නාස නාසය පිළිබඳ වෛද්‍යවරයෙකු සමග සම්බන්ධතාවය පවත්වාගෙන යාම, ශ්‍රවණවේදීන් සමඟ සම්බන්ධතාවය පැවතීම මෙන්ම කුඩා කල සිටම කථන චිකිත්සකවරයකු හමු වී ගැටළුව පැහැදිලි කර ගෙන ශ්‍රවණ වාර් ථා පෙන්වා සුදුසු ලෙස චිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීම තුළින් ගැටළුව අවම කර ගැනීමට හැකියාව පවතී.
- කනේ ආසාදන හා ශ්‍රවණ ගැටලු හේතුවෙන් කතාවේ ප්‍රමාදයන් ඇති වූ දරුවන් හට කතාව දියුණු කර ගැනීමට පවතින ක්‍රමවේද මොනවාද?
මෙය දරුවාගෙන් දරුවාට වෙනස් වන අතර දරුවන් පෙන්නුම් කරන ගැටළු අනුවද වෙනස් වේ. මේ සඳහා හඳුනාගත් චිකිත්සක ක්‍රමවේද බොහෝමයක් පවතී. සම්පූර් න සන්නිවේදනය (Total Communication), භාෂා උත්තේජක ප්‍රතිකාර (Early Language Stimulation), ශ්‍රවණ පුහුණුව (Auditory Training) ආදී බොහෝ දේ ඒ අතර වේ. එමනිසා වඩා වැදගත් වන්නේ දරුවා පිළිබඳ සැලකිලිමත් වීම හා සුදුසු ලෙස කථන චිකිත්සකවරයකු වෙත යොමු වී ඒ සඳහා සුදුසු චිකිත්සක ක්‍රමවේද ලබා ගැනීමයි.
කථන හා භාෂා චිකිත්සක සජිනී පෙරේරා මහත්මිය විසිනි.