”චූටි පුතාගේ ඇස් රතු වෙලා..
පන්තියේ කවුරු හරි ළමයෙකුට ඇස් ලෙඩ ඇති. ඉස්කෝලෙ වැඩ පාඩු වෙන නිසා හොඳ වෙන්න කලින්ම අම්මලා ඉස්කෝලෙට දරුවෝ එවනවා. ඒකෙන් හැමෝටම ලෙඩ බෝ වෙනවා.”
ප‍්‍රධාන වශයෙන් ස්පර්ෂයෙන් බෝවන එනම් රෝගී අයෙකුගේ කදුළු හෝ කබ නිරෝගී අයෙකුගේ ඇස් මත තැරවීමෙන් ඇති වන ඇස් රෝගයට ප‍්‍රධාන හේතුව වෛරසයක් බව අපි කවුරුත් දන්නවා. ( නමුත් බැක්ටීරියා සහ අනෙකුත් ක්‍ෂුද්‍ර ජීවීන් මගින් ද ඇති විය හැකි අවස්ථා ද තිබිය හැකිය)
ඇස් රෝගයෙන් වැලකෙන්න නම් :
- රෝගය හා බෝවන ආකාරය පිළිබඳ දරුවන් දැනුවත් කරන්න
- අපිරිසිදු දෑත්වලින් දෑස් ඇල්ලීමෙන් වළකින්න
- පොදු ස්ථානයක ගැවසුණු පසු අනිවාර්යෙන්ම දෑත් පිරිසිදු කරන්න
- සැමවිටම හෑන්ඞ් සැනිටයිසර් එකක් අත්බෑගයේ හෝ වාහනයේ තබාගන්න පුරුදුවන්න
- රෝගය සම්පූර්ණයෙන් සුව වනතුරු වැඩිහිටි ඔබ රැුකියාවට යෑමෙන් මෙන්ම දරුවන් පාසැල හෝ ටියුෂන් පන්ති වෙත යැවීමෙන් වළකින්න
- රෝගී අයෙකුගේ පෑන්, පොත් ඇල්ලීමෙන් වලකින්න
- වෙනත් අය පාවිච්චි කළ ටිෂූ කඩාදාසි, ලේන්සු භාවිතයෙන් වළකින්න
- වෙනත් අය භාවිත කළ තුවා, කොට්ට, ඇඳ ඇතිරිලි භාවිතයෙන් වළකින්න
සැළකිය යුතුයි :
- සැමවිටම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න
- අත් බෙහෙත් භාවිතයෙන් වළකින්න
- ඇස් රෝගය සාමාන්‍යයෙන් දින 5කින් පමණ සුව වන අතරම සමහරවිට සති දෙකකට වැඩි කාලයක් වුවද පවතින අවස්ථා ද නැතුවාම නොවේ
- රෝගය සම්පූර්ණයෙන් සුවවන තුරු නිවසින් පිටතට නොයන්න
- ඇස්වලට දූවිලි යාම වළක්වා ගන්න