සෑම දරුවෙකුම උපදින විට ඔවුන් කුස තුල සිටි ඉරියව්ව අනුවම ඉන්නවා අපිට දකින්න පුලුවන්. ඒ දරුවාට ලැබුණු ඉඩකඩ හෝ ඔහුට ලැබුණු ක්‍රියාකාරකම් හෝ අනුව. එහෙම උනාම අපිට පේන්නෙ සමහර ඉන්ද්‍රියන් හැදිලා මදි එහෙම නැත්තම් ඇදයි, මිටියි මේ ලෙසින්. ඉතින් අපි එහෙම දකින ඉන්ද්‍රියන් අපි හිතන විදියට හදාගන්න පුලුවන්ද කියන ප්‍රශ්නය අපිට එනවා.
ඒ එක්කම අපිට හිතෙන්නෙ නෑ දරුවා තවම පුංචී, එහෙම නැත්තම් මෝරලා නෑ වගේ දේවල්. එතකොට අපිට හිතෙනවා මේවා ටිකක් අතගාලා හදන්න පුලුවන් කියලා. එහෙම හිතුවට ඇත්තටම ඒක කරන්න පුලුවන්ද, එහෙම වෙනවද කියන එක නම් ප්‍රශ්නයක්.
ඉපදෙන කොට හැම බබෙක්ම එකවගේ. ගැහැණු පිරිමි පවා අදුරගන්න මූණ බලලා බැහැ.විශේෂිත ආබාධ තත්ත්වයන් ඒ කියන්නෙ මොළය නිසි වර්ධනයක් නැති හෝ මන්ද බුද්ධික ලක්ශණ පෙන්නුම් කරන ඩවුන් වැනි තත්ත්ව වලදී පැහැදිලි ලෙස දැකිය හැකි යම් ලක්ශණ තිබුනත් එහෙම නොවන හැම දරුවෙකුගේම මානව ලක්ශණ බොහෝ දුරට සමානයි. ඒ වගේම ජානමය ලක්ශණ වලින් ඉවත් කලාම හුගක් අයගෙ ඇස්කන් නාස පිහිටීම වගේම ඒවායේ දුරස්ථ බව හෝ අනුපාතය එක සමානයි. එහෙම උනත් ජානමය ලක්ශණ සහිත දරුවන්ගේ ඒ ජාන ලක්ශණ අනුව උස් මිටි බව පැතලි රවුම් බව නළලේ ස්වාභාවය, නාසයේ පිහිටීම, ස්වාභාවය බොහෝදුරට දෙමව්පියන්ගේ ලක්ශණ වලට සමාන වෙනවා. දරුවන් පුංචි නිසා එම ලක්ශණ කුඩාකල දුටුවිට වෙනස් කල හැකියි කියලා තමයි ගොඩක් අය හිතන්නෙ. ඒත්…. උස යන කොට ශරීර බර වැඩිවෙන කොට, සම යට මේද තැම්පත් වෙලා එනකොට ගොඩක් ඒ ලක්ශණ පහසුවෙන් අදුරගන්න බැරි වෙනවා. ඒත්… කුඩා කල මේවා වෙනස් කරන්න පුලුවන් කියලා අනවශ්‍ය ලෙස අතපත ගෑම නම් හොද නෑ. මොකද බොහෝ වෙලාවට ශරීර බර දරාගෙන ක්‍රියාකාරකම් කරන්න නැගී සිටින කාලයට දරුවන්ගේ ඒ ශරීර බර හා ක්‍රියාකාරකම් දරාගැනීමත් සමගම දකින ඇද හෝ බකල ලක්ශණ පහව යනවා. එහෙම වෙන්නෙ දරුවා බයෙන් බයෙන් හෝ නැගීසිටින අවදියේදී නෙවෙයි. හොදින් නැගීසිටීමට හා ඇවිදීමට හැකියාව ලැබෙන විට ගුරුත්ව කේන්ද්‍රය අනුව ශරීර බර රැදෙන විට එය හරියන ලෙස පාදවල පේශි ශක්තිමත්ව සකස් වෙනවා. එතකොට අර ඉබාගාතෙ තියපු පාද නියමිත පරිදි බර දරාගන්නට උත්සහ දරන නිසා නිවැරදි ඉරියව්ව ඉබේම පිහිටනවා.
යමක් නැවී හෝ වැරදියට පිහිටින විට අතගා එය මත දිගින් දිගටම පීඩනය යෙදීම මගින් එය සකස් කරගත හැකි වුවද දරුවන්ගේ දෑත දෙපය මත අපිට එසේ පීඩනය යෙදිය නොහැක්කේ ඒවාට පීඩනය ලැබිය යුත්තේ දරා සිටින ශරීර බර අනුපාතිකව වන හෙයිනි. එහි ප්‍රමාණය අපිට පැහැදිලි ලෙස නිර්ණය කරගත නොහැකි නිසා අප යොදන පීඩනය අනවශ්‍ය බරක් වුවහොත් සමාන පරිදි වැඩීමට ඉඩ තිබූ දේවල් අපගේ පීඩනය නිසා වෙනස් තත්ත්වයකට පත්විය හැකි නිසයි.
එහෙත්…දරුවන් නාවන විට නහය අතගෑම, කකුල් අතපය අතගෑම දරුවන්ට සංවේදන ලබාදෙන සිද්දියක් වූ විට ඒ හරහා දරුවාට දැනෙන සිනිදු සීතල හෝ ලිස්සන සුලු අත්දැකීම් මොළයේ වර්ධනයට දායක කරගත හැකියි. එහෙයින්…අතපත ගෑමේ වරදක් දැකිය නොහැකි වුවද ප්‍රමාණට ඉක්මවා සිදුවන යම් යම් ක්‍රියාකාරකම් නිසා එය හානි දායක ලෙස බල පෑ හැකිය.
දරුවන් කුසතුල සිටින විට එම අවකාශය පරිදි සිටින ඉරියව් සකසා ගන්නෙ යම්සේද ඉපදී වැඩෙන විට මේ පරිසරය හා ක්‍රියාත්මක වීමට හැකි ලෙසින් අවයව සකස් වීම සිදුවන හෙයින් ඒ සදහා විශේෂිත ලෙසින් සත්කාර අවශ්‍ය නොවේ. කාලයක් තිස්සෙ පැවත එන ක්‍රමවේද යල්පැන ගියා යැයි ප්‍රතික්ෂේප නොකල යුතු නමුදු අප විසින් කලයුත්තේ විද්‍යාත්මක ක්‍රමවේද ඒ තුල වේදැයි විමසා බැලීමයි. එසේ නොවූ කල පරම්පරා දෙකක ගැටලුවක් බවට පත්වීමත් නිවැසියන් අතර මතභේද හටගැනීමටත් හේතු විය හැකි මෙවන් කරණු පැහැදිලි කරගැනීම මෙන්ම පැහැදිලි කර දීමත් වඩාත් යෝග්‍ය වේ.
කුස තුල සිටින දරුවා යෝනි කුහරය තුලින් මෙලොවට පැමිණීමේදී එහි ප්‍රමාණය හා හැඩය අනුව බිහිවීම පහසු වීම සදහා හිසේ අස්ථි පවා වෙනස්වෙමින් හැඩය වෙනස් කර ඉඩ හදාගනු ලබනවා. එසේ බිහිවන දරුවාගෙ උල් හැඩයක් ගන්නා බවත් සමහර ප්‍රදේශවල දොදොල් වැනි මෙලෙක් ස්වාබාවයක් ඇතිවීමක් සිදුවුවද ක්‍රමයෙන් එම අස්ථි කොටස් දරුවාගෙ වැඩීම සමගම සමාන පරිදි සකස් වී නියම උරුමකම් ඇති හැඩයට හිස පත්වීම සිදුවනවා. එය අපි විසින් බලපෑම් එල්ලකර අතගෑම තුලින් වෙනස් කිරීමට නොහැකි අතරම එසේ කිරීමට යාමෙන් වෙනත් අනතුරු ඇතිවීමට ඉඩකඩ පවතිනවා.
නහය ඇදීම හෝ අතපය අත ගෑම රිදෙන හෝ වේදනාකාරී ලෙසින් සිදුකිරීම දරුවාට හිරිහැරයක් වන අතර එසේ නොවන ලෙසින් සියුම්ව සුමුදුව කරනවා නම් එය දරුවාට ආදරනීය වූ හැගීමක් ඇතිකිරීමට කල හැකි නම් වරදක් හෝ හිරිහැරයක් නොවනු ඇත. සකස් වූ අවයව වැඩීම සාමාන්‍ය පරිදි සිදුවන බැවින් අතින් ඇද තදින් අතගෑමෙන් වෙනස් කිරීමට ලක්කල නොහැකි බැවින් ඒ බව වැඩිහිටියන්ට වටහා දීම අපේ වගකීම වනවා.
පරම්පරාවෙන් ජානගතව උරුම වූ ලක්ශණ වෙනස් කිරීමට නොහැකි සේම දරුවා වැඩෙත්ම ඔහු සිදුකරන ක්‍රියාකාරකම් සමග ශරීර සමබරතාවයට අදාල වන සේ අතපය වල හැඩගැසීම් සිදුවන හෙයින් කුස තුලදී ඒ හැඩයට අනුවම වකුටු වී තිබූ අතපය ක්‍රම කමයෙන් දිග හැරීමත් ශරීර බරට මෙන්ම සංචරනයට පහසු වන සේ පැහැදිලි ලෙස ඉරියව් ගතවීමත් දරුවාට අවුරුදු දෙකක් පමණ ගතවන විට සිදුවන හෙයින් ඒවා සදහා කලබල වීම අනවශ්‍යයි.
කේසේ නමුත් සහජ ආබාධ තත්ත්වයක් නිසා සිදුවන අත්පාවල වකුටු වීම් හදුනාගැනීමත් මේ සමගම වැදගත් වනවා. එවැනි ආබාධ තත්ත්වයක් හදුනා ගැනිමත් ඒ සදහා වෙද්‍ය ප්‍රතිකාර ලබාදීමත් අවශ්‍ය වන අතර එවැනි අවස්තාවලදී ශල්‍යකර්ම සිදුකිරීම, ප්ලාස්ටර් යෙදීම වැනි ක්‍රම වලට අමතරව සිදුකරනු ලබන භෞතික චිකිත්සක ප්‍රතිකාර වේ නම් ඒවා නිසි පරිදි හා වෛද්‍ය නියමයන්ට අනුකුලව සිදුකල යුතුයි. කැල්සියම් හෝ විටමින් D ඌනතාවය මෙන්ම සංජානනීයව උපතේදීම ඇතිවන එවන් තත්ත්ව වලදී අසීරු අවස්තාවන් හදුනා ඒ අනුව නියමිත ප්‍රතිකාර සිදුකිරීමද එකසේ වැදගත් වෙනවා.
නියමිත පරිදි පෝෂණය ලැබීමට අවැසි පසුබිම සැකසීමද වැදගත් කාර්ය භාරයක් වනුයේ කුඩා දරුවන් සීග්‍ර වර්ධනයක් පෙන්වන හෙයිනි. එසේම ආබාධිත තත්ත්වයන් ඇති වීමට හේතුවිය හැකි අවස්ථාවන් හදුනා ගැනීමත් වඩාත් වැදගත් වන්නෙ කුස තුල සිටම නියමිත පෝශණයක් පවත්වා ගැනීම මගින් කලල අවස්තාවේදී ඇතිවන ආබාධ අඩුකරගත හැකිවන බැවිනි.
මේ ලෙස සලකා බැලීමේදී දරුවන්ගේ හිස අතපය නහය ආදිය සකස් වූ ඒවා අත ගෑමෙන් හෝ ඇදීමෙන් වෙනස් හැඩවලට පත්කර ගත නොහැකි බව ඔබට අවබෝධ වනවා ඇති. එසේම අනවශ්‍ය රිදීම්,බාධාවන් මගින් ඇතිකරන කරදරකාරී හැගීම් වෙනුවට ආදරණීය ලෙසින් සිදුකරනු ලබන අතපත ගෑම මගින් දක්වන සෙනෙහස ආදරය දරුවාගෙ මුල් ළමාවිය සංවර්ධනයටද මහගු පිටුවහලක් වනු ඇති.
එසේ හෙයින් අවශ්‍ය පරිදි වැඩෙන්නට ඉඩ ප්‍රස්තාව සපුරා දීමත් දුර්වලතා හෝ අඩුපාඩු ඇති තැන්වලදී ඒව අධ්‍යයනය මගින් තේරුම් ගෙන ඒවාට පිළිතුරු සෙවීමත් සෑම කටයුත්තකදීම අප විසින් කල යුතු වෙනවා. දරුවන්ට දරුවන්ගේ ලෝකය තුල ස්වාධීනව කටයුතු කල හැකි අවස්තාවන් හිදී බලපෑම් ඇති නොකිරීමටද ප්‍රශස්ත මට්ටමක වර්ධනයක් හා සංවර්ධනයක් ඇතිකිරීමට ඇති බාධාවන් ඉවත්කල අවැසි පරිදි ශේස්ත්‍ර සටහන් උදව් සැපයීම ළමා ලෝකය ලස්සන කිරීමට ඇති හැකියාව වැඩි දියුණු කරනවා.
නහය අතපය හෝ ඔලුව අතගෑම තුලින් බලාපොරොත්තු වන ඇද කුද ඉවත් නොවන බව තේරුම් ගැනීමටත් හැකිවන සේ අපගේ දැනුම වැඩිදියුණු කරගත යුතු අතරම මෙවන් වූ දුර්මත සමාජගත වීම වළක්වා ගැනීමත් පාරම්පරිකව පවත්වාගෙන ආ දේවල් සිත් රිදවීම් රහිතව ඉවත් කිරීමට උත්සාහ ගැනීම කලයුතු වෙනවා. පරම්පරා දෙකක ගැටුම නැති කර ගැනීමට නම් විද්‍යානුකුලව ඇති සත්‍යතා පැහැදිලි කල හැකිවන සේ දැනුම වැඩිදියුණු කරගත යුතුමය. තවද අත්තම්මලා ආච්චිලා යනු අත්දැකීම් බහුල කණ්ඩායමක් හා නිවැරදි හා පැහැදිලි ලෙසට දරුවන්ට සැබෑම ආදරය දක්වන්නන් බවත් අප තේරුම් ගත යුතුය. ඒ අනුව අපහට මේ සියලු කරුණු වලදී මැදිහත් විමටත් අවබෝධයයෙන් යුතුව ක්‍රියාකිරීමටත් ඇති හැකියාව විද්‍යාමාන වනුයෙ කටයුතු කිරීමට ලබාගන්නා හැකියාව තුලින් ඔවුනට නව පරම්පරාවෙ අදහස් තේරුම් ගැනීමටත් ඔවුන් පිලිබදව ඇති විශ්වාසය ගොඩ නැගීමටත් හැකි පරිසරයක් ගොඩ නැගීම තුලිනි. එවිට මෙවන් මතභේදාත්මක තත්‍ත්වයන් වළක්වා දරුවන්ගෙ හෙට දවස ආලෝකමත් කිරීමට පරම්පරාවෙ සියලු පුරුක් වලට හැකියාව ලැබෙනවා.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බුලත්සිංහල