සෑම ක්ෂීරපායී ජිවී කොට්ඨාසයකම ආරම්භ ආහාරය මව්කිරි. ඒ සෑම ක්ෂීරපායී සත්ත්වයකුගේම සැකස්ම සැකසී ඇති අන්දමයි. දරුවෙකු හෝ ක්ෂීරපායී සත්ත්වයකු ගැබ්ගත් මොහොතේ පටන් ගර්භාෂයේ සිටින ඒ සත්ත්වයාගෙ පෝෂණය මවගේ රුධිරය මගින් ලැබෙන පෝෂණය මගින් සැපයෙනවා. ඒ වැදෑමහ එක් කෙළවරක් මවගේ ගර්භාෂ තුලත් අනෙක් කෙලවර දරුවාගෙ පෙකණියත් අතර සම්බන්ධ වීමෙන්. මෙය මවගේ ගර්භාෂයට සම්බන්ද වී මවගේ රුධිර නාළ මගින් රැගෙන එන කොටස් රැගෙන පෙකෙනි වැල හරහා දරුවාට රැගෙන ගොස් ගර්භාශය තුලදී දරුවා පෝශණය කරනු ලබනවා. එසේ සැකසී නිවැරදි නිසි පෝශණය මගින් නිරෝගී දරුවෙකු මෙලොවට බිහිවනවා. බිහිවන ඒ දරුවාට එතන් පටන් ජීවය පවත්වා ගැනීමට පෝශණය සලසාලන්නෙ මවගේ ස්තන ග්‍රන්ථි තුල නිශ්පාදනය වන මව්කිරි මගින්. ගර්බනී වූ අවස්ථාවේ පටන් ස්තන ග්‍රන්ථි තුල මව්කිරි නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වන්නෙ ඒ නිසයි.
මව්කිරි ස්තන ග්‍රන්ථි තුල නිෂ්පාදන වූවාට මේ සදහා ප්‍රධාන බලපෑම වන්නෙ ගර්භනී වීමත් සමග මවගෙ ශරීරය තුළ සිදුවන හෝමෝනමය ක්‍රියාවලියයි. එසේ හෙයින් මව්කිරි නිෂ්පාදනය, කිරි ස්‍රාවය වීම යනාදී මේ ක්‍රියාවලි දෙකම පාලනය කරනු ලබන්නෙ ඔක්සිටෝසීන් හා ප්‍රෝලැක්ටීන් නම් හෝමෝන දෙවර්ගයයි. මේ හෝමෝන උත්තේජනය නිසා මව්කිරි නිෂ්පාදනය වීමත් ස්‍රාවය වීමත් සිදුවනවා. මේ හෝමෝන උත්තේජනයෙ ඊලග වැදගත් පියවර වන්නෙ උපන් දරුවා කිරි උරා බීමයි. මේ ක්‍රියාවලිය සිදුවූ වහාම මොළයට ලැබෙන පණිවුඩයක් මගින් කිරි නිෂ්පාදනය කිරීමේ හා ස්‍රාවය වීමේ ක්‍රියාවලිය සිදුවෙනවා. මව්දරු සම්භන්දතාව නිවැරදි හා සාර්ථක නම් මේ ක්‍රියාවලිය හොදින් සිදුවනවා. එවිට මව්කිරි යාන්ත්‍රණය සාර්ථක ලෙස සිදුවනවා. ඒ නිසා මෙහිදී වැදගත් වන්නෙ මව්කිරි දීම සදහා මවතුල ඇති සූදානම, ක්‍රියාත්මක වීම හා එය නිවැරදි ලෙස සිදුවීමයි. ඒ මගින් ප්‍රශස්ථ මට්ටමට මව්කිරි ලබාදීමේ ක්‍රියාවලිය සිදුකිරීමේ හැකියාව ලැබෙනවා. ඒ සදහා බාහිර බලපැම් ලෙස මවගේ පෝශණය, මානසික මට්ටම වගේම සමාජීය උදව් වගේම මවගේ අධිශ්ඨානශීලී බවද හේතුවනවා.
මවක් මානසිකව ශක්තිමත් වන්නට ඒ මවට හොද මානසික පෝශණයක් වගේම ක්‍රියාශීලීව වැඩකිරීමට හැකි දැනුමත් උනන්දුවත් වගේම කුසලතාවයත් අත්‍යවශ්‍ය වනවා. මේ සදහා පූර්ව ගර්භනී සමය තුල ලැබෙන දැනුම යහපත් සමාජීය ප්‍රතිචාර මගින් මවගේ මව්කිරි දීමේ අධිශ්ඨානය නංවාලන්නටත් එයට හොදින් මුහුණ දීමටත් හැකියාව ලැබෙනවා. එසේ ශක්තිය ලබාදීමේදී පවුලේ අයගෙන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් වගේම සමාජීය වශයෙන් අසල්වැසි හිතමිතුරන් වෙතින් ලැබෙන පිළිගැනීම, උනන්දුව අගය කිරීම වගේම ඇය පිලිබදව දක්වන යහපත් ආකල්ප ඇයට ශක්තියක්.
මේ ශක්තිය ලැබීමට ඇයගේ මව්කිරි යාන්ත්‍රණය පවත්වාගන්නට ඇයට මහගු පිටුවහලක් වනවා. එසේ වුවද පෝශණය පමණක් මීට කෙලින්ම බලනොපාන නමුදු මවට යහපත් අයුරින් ජීවිතයට මුහුණ දීමට නම් ඇය කායිකව හොද පෝශණයකින් සිටිය යුතුයි. එසේ හෙයින් ගර්භණී කාලය තුලදී වගේම කිරිදෙන කාලය තුලත් ඇගේ පෝශණය පිලිබදව සැලකිලිමත් වීම වැදගත්. සාමාන්‍ය ජීවිතයට අමතරව ඇයට අවශ්‍ය වන අමතර පෝශණය සදහා ආහාර තුලින් සුවිශේෂී මැදිහත් වීමක් ඇයට ලබාදිය යුතුයි. එසේ හෙයින් ඇයට අමතර ශක්තියක් සදහා අවශ්‍ය ආහාර මෙන්ම පේෂී අස්ථි ශක්තිමත් කරමින් හොද රුධිර සැපයුමක් පවත්වාගැනීමට අවශ්‍ය කරන වර්ධක ආහාර මෙන්ම විටමින් කැල්සියම් යකඩ වැනි පෝශක අඩංගු ආහාරත් ඇයගේ ආහාරයට නිරතුරුවම එක්කර ගත යුතුයි. මෙම ක්ෂුද්‍ර පෝශක හා ලවණ විටමින් අඩංගු ආහාර අපේ ආහාර සංස්කෘතිය තුල බොහොමයක් ස්වාභාවිකවම තිබෙනවා. ඒ අපේ ආහාර විවිධත්වය තුල අපි ආහාරයට ගන්නා විවිධ ආහාර වර්ග තුල මේ පෝශක කොටස් අඩංගුව තිබෙනවා. එසේ හෙයින් ස්වාභාවිකවම අපි ලබාගන්නා ආහාර තුලින් කිරි මවගේ පෝශණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙ හැකියාව තිබෙනවා. ඒ ආහාර කාන්ඩ පිලිබදව මූලික අවබෝධයකින් පසුවීම තුලින් එම ආහාර ආහාරයට එක්කර ගැනීමෙ හැකියාව අපිට ලැබෙනවා.
එසේ හෙයින් පරිසරය තුලින් අපට ලබාගත හැකි බොහෝ ආහාර මගින් ආහාරයට අවැසි විවිධ පෝශක කොටස් අපට ලබාගත හැකිවනවා. යම්සේද ඒ මගින් අපේ පෝශණ අවශ්‍යතා පිරිමසා ගැනීමටද අපිට හැකියාව ලැබෙනවා.
ආහාරයේ විවිධත්වය ඇතිකර ගැනීමට විවිධ ආහාර අවශ්‍ය වන්නෙ යම්සේද විවිධ පෝෂක කොටස් සදහා විවිධ ආහාර කාණ්ඩ ලබාගැනීමට පෙළබීම වඩා වැදගත්. එසේ වුවද ස්වාභාවිකව ලබාගත හැකි ආහාර පිලිබදව විමසිලිමත් වීම වඩා වැදගත්.
ආහාර කාන්ඩ තුල වඩාත් සුවිශේෂී පෝෂක කොටස් හැටියට ප්‍රෝටීන වගේම කැල්සියම් වැනි ලවණත් හේතුවක් වනවා. ඒවා බොහෝවිට අඩංගුව ඇත්තෙ සත්ත්ව ආහාර තුල වීමත් විශේෂත්වයක්. එසේ හෙයින් අවශ්‍ය කරන ප්‍රෝටීන් හා කැල්සියම් බහුල ලෙස අඩංගු ආහාර ලෙස මාලු, කිරි ආහාර ආදිය හැදින්විය හැකියි. එසේම මාලු අතර වඩාත්ම සුදුසු වන්නෙ පොඩි කෙදි සහිත මාලු. ඒ වගේම කිරි ආහාර තුලද බහුලව ප්‍රෝටීන් හා කැල්සියම් අඩංගුව තිබෙනවා. එසේ හෙයින් කිරි මවක් සදහා කිරි ආහාර ලබාදීම සුදුසු වෙනවා. එසේ වුවද කිරි ආහාර ස්වාභාවිකව අපිට නැවුම් දියර කිරිලෙස ලබාගත හැකිනම් එය වඩාත් සුදුසු වනවා. එය ස්වාභාවික මෙන්ම නැවුම් බවින් යුක්ත නිසා එහි ඇති පෝෂණ ගුණයද ඉහළයි. මේ බව තේරුම් ගැනීම වඩාත් වැදගත්. ගර්භණී බාවය සදහා හෝ කිරිදෙන මව සදහා යැයි සුවිශේෂී කිරිපිටි වර්ගවලට වඩා පෝශණ ගුණය සැරැකි ස්වාභාවික නැවුම් දියර කිරි ලබා ගැනීම වැදගත් වන්නෙ එය ප්‍රායෝගික ලෙස මෙන්ම ස්වාභාවික ලෙසද අපිට පෝශණ ගුණය ලැබෙන නිසයි.
ඒ වෙනුවෙන් සැකසූ යැයි සම්මත දේවල් ලබාගැනීම මානසිකව බලපාන කරුණක් පමණක් වන හෙයින් එම මිත්‍යාවෙන් මිදී ස්වාභාවික ආහාර එකතුකර ගැනීම වඩාත් වැදගත්.
යහපත් දිවි පැවැත්මකට පෝෂණීය ආහාර වැදගත් වන බව සත්‍ය වුවද එම ආහාර ස්වාභාවික වස විසෙන් තොර වීමත් සෞඛ්‍යට බලපානු ලබනවා. එසේ ආහාර තෝරාගැනීමේදී එම කරුණු ගැනත් සැලකිලිමත් වීම වටිනවා.
සුවිශේෂී කාලපරිච්ඡේදයක සිටින අයකු වුවද ස්වාභාවික සමබල ආහාරයක් වැදගත් වන්නෙ යම්සේද එය ලබාදීම වැදගත් වනවා සේම කායික පෝෂණය පිලිබදව සැලකිලිමත් වීම මානසික පෝෂණයටද හේතුවක් වනවා. එසේ හෙයින් මවගේ මානසික යහපැවැත්ම උදෙසා ගනුලබම තීරණවලදී මවට සාපේක්ෂ ලෙඩ තීරණ ගැනීම වැදගත් වන්නෙ ඒ සියල්ල ඇයට බලපෑම් එල්ලකල හැකි බැවිනි. සියලු පෝෂණයන් සපිරි ආහාර ලබාදී කායික පෝෂණය පවත්වා ගනිමින් කටයුතු කෙරෙමින් සිටින අවස්ථාවක හෝමෝන ක්‍රියාවලියක් නිසා සිදුවන මව්කිරි යාන්ත්‍රණය සදහා වෙනත් ආදේශක ආහාරවලට බලපෑම් එල්ල කල නොහැකි නිසා එවැනි ඒ වෙනුවෙන්ම සැකසූ ආහාර යැයි ලේබල් ගහගත් ආහාර මවට නොලැබිම මගින් මව්කිරි යාන්ත්‍රණයට බලපෑමක් එල්ල නොවේ. එසේ හෙයින් පූර්ව ගර්භණී සමයේ පටන් මේවා පිලිබදව මව්වරු දැනුවත් කිරීමත් මව්වරු දැනුවත් වීම මගින් අනවශ්‍ය මිත්‍යාවන් වලින් මිදී දිවිය ගතකිරීමට මව්වරුනට හැකිවනවා.
ජීවය පවත්වා ගැනීමටත් කායික මානසික යහපැවැත්ම උදෙසා පෝශණය විසින් කෙරෙන කාර්යභාරය තේරුම්ගෙන ආහාරයේ අවශ්‍යතාවය තේරුම්ගෙන කටයුතු කිරීම මගින් අත්‍යවශ්‍ය පෝශක කොටස් අඩංගු ආහාරයේ ගුණාත්මක භාවය තේරුම්ගැනීමටත්…ඒවායෙ අවශ්‍යතා පිලිබදව සැලකිලිමත් වීමත් ජීවිතයට මහත් තේරුමක් අත්කර දෙනවා.
සුවිශේෂී අවස්ථාවන් වලදී අන් අවස්ථාවලට වඩා සංවේදීව කටයුතු කිරීමත් සැමදෙනාම එකමුතුව කටයුතු කිරීමෙ වැදගත්කමක් ඇති හෙයින් ඒ ඒ අවස්ථාවලට ගැලපෙන අයුරින් මැදිහත්ව කටයුතු කිරීමට අප උනන්දු විය යුතු අතරම ඒ ඒ අවස්ථාවලට ගැලපෙනවා යැයි සැකසූ ආහාර ගැනීමට වඩා ස්වාභාවික ආහාරයට හුරුවීම වැදගත් වනවා සේම ඒවා ජීවිත පුරුදු බවට පත්කර ගැනීමත් වඩාත් වටිනාකමක් ගෙන දෙනවා.
එසේ හෙයින් මේ කරුණු සලකා බැලීමේදී ගම්‍ය වන්නෙ ස්වාභාවික ආහාර සපිරි අපි විසින් කෘතිම ආහාරයන්ට මුල්තැනක් නොදී අපේ ආහාර සකස්කර ගැනීමට උනන්දු වීම…ජිවිතයේ සෑම කාලයකදීම වැදගත්වන බවයි.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බුලත්සිංහල