කවන්න පොවන්න වදයක් නොවන්නට

ආහාරයට රුචියක් දක්වන්නේ රසයට මිස ගුණයට නොවේ. මේ වෙනුවෙන් දරුවන් අතර වු යොමු විම ගොඩ නැගිම ඔවුන්ට හය හතර තේරෙන කාලයේදි නොව බාලකාලයේ පටන්  ගොඩ නගනවා නම් වඩාත් සාර්ථක  බව නවතම අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා.

අම්මා තාත්තාගේ හිතේ නිතරම මානසිකව තිබෙන අසහනය වෙන්නේ අනේ අපි හම්බ කරලා ගෙනෙන දේ මේ දරුවෝ කන්නේ බොන්නේ නැති හැටි.. පුංචි කාලයේ නම් රවටලා හරි කවා පොවා ගත්තා. ඒත් දැන් මොන විදිහකටවත් බැහැ..

දරුවන් පමණක් නොවෙයි අපි හැම කෙනෙක්ම දිනකට පලතුරු සහ එලවළු ග්‍රෑම් 400 ක් ආහාරයට ගන්න අවශ්‍යයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්  පෙන්වා දෙන අන්දමට මේ වෙනුවෙන් අපි දිනකට එළවලු සහ පලතුරු පංගු නවයක්වත් ආහාරයට ගැනීම අවශ්‍යයි.

එලවලු පලතුරු ආහාරයට ගැනීමෙන් දරුවන්ට වුනත් අනාගතයේදී තරබාරුව, පිලිකා, දියවැඩියාව වැනි රෝගාබාධයන් වැළඳීමට තිබෙන අවස්ථාව පහල බහින බව විවිධ අධ්‍යනයන් මගින් පෙන්වා දෙනවා.

මේ පුරුදු ගොඩනගන්නේ කොහොමද…?

මේ වෙනුවෙන් ඔවුන් ලබා දෙන උපදෙස වෙන්නේ බාල කාලයේ පටන්ම එළවළු සහ පලතුරු දරුවන්ගේ ආහාරයට එක් කරන්න. අම්මලා තමන්ගේ පහසුව වෙනුවෙන් දරුවන්ට එලවළු ආහාරයට එක්කිරීම බොහෝ දුරට අඩු‍වෙන් සිද්ධ වුනත් දරුවාගේ නීරෝගීබව වෙනුවෙන් මේ ආහාර ඉතාම වැදගත්.

උයන ක්‍රමය වෙනස් කරන්න

දරුවන්ගේ ආහාර රුචිය ඇති කිරීමට නම් අම්මලා උයන පිලිවෙල වෙනස් කිරීම අවශ්‍යයි. අපේ එකාකාර රටාවෙන් දරුවන් හෙම්බත් වෙලා. මේ වෙනුවෙන් ලෝකයේ වෙනත් රටව ආහාර පිළියෙල කරන පුරුදු දෙස බලන්නත ප්‍රංශයේ එලවළු පිලියෙල කිරීමේදී බොහෝ විට සිද්ධ වෙන්නේ තැම්බීම, ස්ටු දැමීම සහ තම්බා පොඩිකරගෙන ආහාරයට සපයා ගැනීමයි. නෙදර්ලන්තයේ මව්වරුන් අමුවෙන් සහ තම්බාගත් එළවලු දරුවන්ගේ ආහාරයට එකතු කරනවා.ඇමරිකා එක්සත් ජනපදය බොහෝ විට දරුවන් වෙනුවෙන් ලබා දෙන්නේ  අමුවෙන් හෝ තම්බාගත් විදිහටයි.

දේසේ හැටියටම වාසේ අවශ්‍ය නැහැ

දරුවන් එළවලු ප්‍රිය නොකරනවා නම්වෙනස් විදිහකට අත්හසා බැලීමත් වරදක් නැහැ. අනේ අපිට කිරට නම් එපා කියනවා නම් මලවලා දෙන්න.එහෙම නැත්නම් සලාදයක්..ස්ටුවක්…පාට පාට එකතු කරපු සලාදයක් වගේ විදිහට ඇස රවටන විදිහට පිලියෙල කරන්න පුලුවනි. එලවලු මිශ්‍ර කරපු බතකින් ආහාරය වෙනුවෙන් ආකර්ශනය වගේම ගුණයත් එකතු වෙනවා.

අම්මයි තාත්තයි අතරත් උනන්දුවක් තිබෙන්න ඕන…

සමහර අම්මලා තාත්තලාත් එළවළු , පලතුරු වෙනුවෙන් එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. තාත්ලාටත් ආවේණික වුන ආහාර රටාවක් තියෙනවා. කටගැස්මට මිසක ගුණයට ඔවුන්ගේ නැඹුරුව අඩුයි. අම්මාටත් ඉතින් පහසුව බලන නිසා බොහෝ එළවළු ආහාර රටාවෙන් නොදැනීම ප්‍රතික්ෂෙප වෙනවා.කොස්, පොලොස් වැනි ආහාර පිලියෙල කරන්න කම්මැලි වුනත් වස විස නැති මේවා ඉතාම ගුණදායකයි.

උදේට තියෙන කලබලයත් එක්ක මේවා හදන්න පුලුවනෑ

ඇත්ත…අපි හැම කෙනෙක්ම ගෙවන්නේ ඉතාම කාර්ය බහුල ජීවිතයක්. ඒත් අද වැඩ පහසු කරන මෙවලම් බොහොමයි.දර ගින්දර දුම් වදින්නේ නැතුව පොලොස් වැනි ආහාර පිලියෙල කරගත හැකියි. රාත්‍රියේදී සකස් කරල තියන්නත් පුලුවන්. දවස් දෙක තුනක් වුනත් කිසිම කරදරයක් නැතුව ආහාරයට ගත හැකි නිසා කාලයත් ඉතුරුයි.

පුංචි පුංචි උප්පරවැට්ටිත් අවශ්‍ය වෙනවා

දරුවන්ට හෙමින් සීරුවේම ඔවුන්ට නොදැනෙන විදිහට ගුණය ලැබෙන්න ආහාර පිලියෙල කරන්නත් පුලුවන්. සැන්ඩ්විච් වැනි දේ පිලියෙල කරන විට කැරට් වැනි එලවලු සිහින්ව ලියා ගෙන එකතු කරන්න. පිසින ලද විදිහට අකමැති වුනත් නූඩ්ල්ස්, පැස්ටා එහෙම නැත්නම් ඉදිආප්ප කොත්තු විදිහට හෝ එලළුලු හෝ තෙම්පරාදු බතක් වෙනුවෙන් එළවළු වර්ග එකතු කරන්න පුලුවන්.පැපොල් වැනි පලතුරු අකැමැති නම් කැබැලි කපලා සීනි ටිකක් එකතු කරල දෙන්න. එහෙම නැත්නම් පැපොල් යුෂත් දරුවා ප්‍රිය කරාවි.

අද මොනවද හදන්නේ කියන්නකෝ…

ඔබ හදන විදිහට ..එහෙම නැත්නම් ඔබේ ආහාර වට්ටෝරුවට දරුවා ප්‍රිය මනාප නැත්නම් මේ විදිහට කියන්න. අද මාර්කට් ගියාම ඔයා කන්න කැමැති එලවළු ගන්න..එවිට දරුවාට ඔහු මිළට ගත් දෙය නැවත ප්‍රතික්ෂෙප කරන්න බැහැ. ආහාර සකස් කිරීමට පෙරත් දරුවාටම ඒ තැන දෙන්න.

“හා..දැන් පුතා කියන්න අද මොනවද දවල්ට හදන්නේ…” එවිට ඔහු තමාගේ මනාපය පල කරනු ඇති.”හොඳයි..ඔයා කැමැති කිරටද..මිරිසටද…මැල්ලුමක් විදිහටද…” මෙහිදී දරුවාගේ පිලිතුර සලාදයක් විය හැකියි. ඔබ කිස්සේත්ම එය බැහැර කරන්න එපා. දරුවාගේ කැමැත්තට ඉඩ දෙන්න.

ඔබේ බිළිදාගේ බුද්ධි වර්ධනය ගැන ඔබ සිතුවාද? – පළමු කොටස

ඉතා දියුණු තාක්ෂණික යුගයක ජීවත් වෙන අපිට කුඩා දරුවන් සම්බන්ධ කටයුතු වලදී පෙරදාට වඩා වැඩියෙන් අවධානය දිය යුතු අංශ රාශියක් තියනවා.මූලිකවම අපි ඉතා ඕනෑකමින් අවබෝධ කලයුතු දෙයක් තමයි අපේ මුතුන්මිත්තන්, අපේ දෙමාපියන් මෙන්ම අපිද ජීවත් වූ ජීවන රටාවට වඩා වෙනස් යුගයක අපේ දරුවන් ජීවත් වන බව.

මම මෙහෙම කියන්න හේතුව තමයි අපි පැරණ්නන්ගේ මත වලට ගරු කලයුතු උනත් අපේ ගොඩක් අලුත් අම්මලා තවමත් සමහර පැරණි මතවල එල්බගෙන ඉදල අපේ පොඩ්ඩන්ට ලොකූ අසාධාරණයක් කරනව.

ඉතිං මම මේ හැමෝගෙන්ම ඉල්ලන්නෙ මේ ලිපි පෙල කියවීමෙන් පසුවවත් අලුත් විදියට හිතන්න. දියුණු වෙන ලෝකයේ දොර කවුලු අපේ දරුවන්ට විවර කරන්න ඔබේ දායකත්වය උපරිමයෙන් ලබා දෙන්න.

මම මේ ලිපි පෙල මගින් බලාපොරොත්තු වන මූලිකම දෙය තමයි ඒ ඒ වයස් මට්ටම් වල දරුවන්ගේ වර්ධනය වන මොළය තව තවත් ඔප මට්ටම් කරන “බුද්ධි වර්ධන ක්‍රියාකාරකම්” ගැන අපේ අලුත් අම්මලාව දැනුවත් කරන එක.

මේ සියලුම ක්‍රියාකාරකම් අන්තර්ජාලය ඔස්සේ කරනලද සොයාබැලීම් සහ විවිධ රටවල දරුවන්ගේ මොළය වර්ධනයට කරන ක්‍රියාකාරකම් පිලිබඳව කල සොයාබැලීමකින් පසුව සහ මේ ක්‍රියාකාරකම් මගින් දැනට අවුරුද්දයි මාස 11ක් වන මගේ දියණියගේ මම දකින හැකියාවන් වලින් ලත් අත්දැකීම් වලින් තමයි මේ ලිපි පෙල ඔයාලට අරගෙන එන්නෙ.

මුලින්ම මම මගේ මුල්ම ලිපියෙන් උපතේ සිට වයස මාස 3ක් වන දරුවන්ගේ මොළයේ වර්ධනයට කල හැකි ක්‍රියාකාරකම් ඔයාලට පැහැදිලි කරනව.

ඔයාලට හිතෙන්න පුලුවන් මේ තරම් පුංචි වයසෙ බබාලට මොනවද තේරෙන්නෙ කියල.

පුංචි බබෙක් ඉපදුණු දවසේ ඉදල අවුරුදු 3ක් පමණ වෙනකන් කාලය තමයි දරුවෙකුගේ මොළයේ වර්ධනයේ වැදගත්ම අවධිය විදියට ලෝකයේ විවිධ රටවල් කරනලද පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නෙ.

ඉතිං ඒ අනුව මේ ලිපියෙන් විස්තර කරන ක්‍රියාකාරකම් මේ වයසේ දරුවන්ට කරවීම තුලින් ඔවුන්ගේ ඉතා විශාල දියුණුවක් දකින්න පුලුවන් කියල හොයාගෙන තියනව වගේම මා මගේ දරුවාගෙන් ඒ වෙනස ඉතා මැනවින් අත්දකිනව.

පිළිවෙලින් අපි බලමු ඒ ඒ ක්‍රියාකාරකම් සහ ඒවා කරවීම තුලින් දරුවාගෙ කිනම් හැකියාවන් උත්තේජනය වෙනවද කියල.

සර පත් හෙවත් උත්තේජන කාඩ්පත් පෙන්වීම

අපි ගොඩක් දෙනෙක් දන්න විදියට ඉපදිලා සති කිහිපයක් යනකන් දරුවෙකුට පෙනෙන වර්ණ විදියට සලකන්නේ “කලු සහ සුදු” වර්ණ.

ඒ නිසා කලු සුදු වර්ණ භාවිතයෙන් නිර්මාණය කරනලද පින්තූර කාඩ්පත් ,රටා මෝස්තර ,හැඩතල මේ කියන දේවල් දරුවාට දකින්න සැලැස්වීම තුලින් දරුවාගෙ දෘෂ්‍ය සංවර්ධනය ඉතා දියුණු වෙනව.ඒ වගේම ඔවුන්ට දැකිය හැකි පරාසය තුල එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීම,ඉලක්ක කර බලා සිටීම වගේ දේවල් දියුණු වෙනව.

සන්වේදන ක්‍රියාකාරකම්

සන්වේදන ක්‍රියාකාරකම් විදියට අපිට මූලිකවම හදුන්වන්නට පුලුවන් විවිධ සන්වේදන දරුවාට ස්පර්ශ කිරීමට සැලැස්වීම.

උදාහරණ විදියට විවිධ සෞම්‍ය, රලු, පෘෂ්ඨ දරුවාගේ ස්පර්ශයට යොමුකිරීමෙන් මෙන්ම මද උණුසුම් වතුර,සීතල වතුර දරුවාට ස්පර්ශ කරවීම මගින් ඒ ඒ ස්පර්ශයන්ගේ වෙනස හදුනාගන්නට දරුවා විසින්ම තමන්ගේ මොළය උපයෝගී කරගන්නව.

එමගින් ඒ ඒ පෘෂ්ඨයේ මතුපිට ස්වභාවයන්ගේ වෙනස,දැනීමේ වෙනස වටහාගන්නට මොළය දරුවා විසින්ම වෙහෙසවමින් උත්තේජනය කරනව.

කියවීම

මම මගේ දුවට ඇහෙන්න කියවන්න පටන්ගත්තෙ එයා ඉපදෙන්නත් කලින් ඉදන්.අද ඒවගෙ ප්‍රතිඵල මම ඉතා සතුටින් අත්විදින මවක්.

මගෙ දූගෙ වයසට එයා කතාකරන වචන.එයාගෙ වාග්මාලාවේ තියන වචන ප්‍රමාණය ඉතා විශාලයි.

අවුරුද්දයි මාස 10ක් උනත් පින්තූර යක් බලාගෙන ඒක විස්තර කිරීමේ හැකියාවක් මගෙ දූට ලැබුණෙ ඉඩක් ලැබෙන හැම වෙලාවකම මම එයාට ඇහෙන්න පොත් කියවපු නිසා.

නොතේරුම්කමින් අහගෙන හිටියට අපි ශබ්ද කරන විදිය,උච්චාරණය කරන විදිය එයාලගෙ මතකයේ රැදෙනව වගේම ඉතා විශාල පරාසයක වචන ගොන්නක් එයාලගෙ මතකයට යනව කතාකරන්නට බැරි උනාට.

මේ අවධියේ දී පොත් කියවනවිට ඇහුම්කන් දෙන බබාලගෙ කථන හැකියාව ඉතා ඉක්මනින් වර්ධනය වෙනව කියල මම දැනගත්තෙ අත්දැකීමෙන්මයි..

ශබ්ද නැගෙන පාට පාට සෙල්ලම් බඩු

මේක ඉතාම වැදගත්ම ක්‍රියාකාරකමක්.

හැරෙන්න පෙරලෙන්න අමාරු උනත් මේ වයසෙ පැටව් ආසම දෙයක් තමයි මේ පාට පාට සෙල්ලම් බඩු.

මම මගෙ දුවට වයස සති අටේ විතර ඉදල වෛවර්ණ පාට වල ශබ්ද නැගෙන සෙල්ලම් බඩු ගෙනත් එයාට ඇහෙන්න ශබ්ද කලා. ඒ වගේම එක පැත්තක ඉදල තවත් පැත්තකට ඒ සෙල්ලම් බඩු ශබ්ද නොනැගෙන්න බබාට පෙනෙන්න අරගෙන ගියා. ඒ පාට දිහා බලාගෙන එයාගෙ ඇස් වලින් ඒ බඩුව යන දිහාවටම ගියා.

තවත් වතාවක් ශබ්දය පමණක් ඇහෙන්න ඒ සෙල්ලම් බඩුව එහාට මෙහාට අරගෙන ගියා.

ඒ යන හැම වතාවකම ශබ්දයට වර්ණයට අනුව බබාගෙ උත්තේජනයක් දැක්කා.

තවත් වතාවක් ඒ ඒ සෙල්ලම් බඩුවේ වර්ණ මම එයාට ඇහෙන්න කිව්ව.

අද මගෙ දුවට වර්ණ 10 අදුනගන්න වගේම ,දෙයක් දැක්කොත් ඒ දෙයෙහි වර්ණය කීමේ හැකියාව තියනව.

බබාට කතාකිරීම

මේ ක්‍රියාකාරකම මම ඉතාම අසාවෙන් මගෙ දුවට කලේ එයාට වයස සති දෙකේ ඉදල.

මම කරන කියන හැම දෙයක්ම එයාට ඇහෙන්න කිය කිය කලා.

ලෝකයේ විද්වතුන් සොයගෙන තියන විදියට කථන හැකියාව සහ වාග් මාලාවේ වචන ප්‍රමාණය ගොඩක් වැඩිවෙනව කියල හොයාගෙන තියනව මේ ක්‍රමය තුලින්.

ඒක ඇත්තක් බව මම අද අත්දැකීමෙන් දන්නව.

අවුරුදු දෙකක් වෙන්නත් කලින් වචන පහ හයක වාක්‍යය මෙන්ම “පුටුව උඩ තියන පොත මේසය උඩින් තියල සපත්තු අල්මාරියෙන් දාන්න” වගේ සම්බන්ධ වුණු වාක්‍යය හරි ලස්සනට ගලපල කියන්න මගෙ දුවට පුලුවන් උනේ මේ ක්‍රියාකාරකම තුලින් කියල මම ඉතා පැහැදිලිව කියනව.

ඒ වගේම බබාගෙ මතක ශක්තිය වර්ධනය කරන්නත් මේ ක්‍රමය ඉතා උපකාරී වෙනව.

උදාහරණයක් විදියට “අම්මා නිල්පාට ගවුමක් බබාට අන්දවනවා. බබාගෙ සපත්තු සුදු පාටයි, බබාට රවුම් තොප්පියක් තියනව” වගේ එයා නිතර පාවිච්චි ඉතා දියුණු තාක්ෂණික යුගයක ජීවත් වෙන අපිට කුඩා දරුවන් සම්බන්ධ කටයුතු වලදී පෙරදාට වඩා වැඩියෙන් අවධානය දිය යුතු අංශ රාශියක් තියනවා.

මේ වගේ විවිධ වයස් කාණ්ඩ වලට ගැලපෙන ක්‍රියාකාරකම් රැසක් එක්ක තවත් ලිපි පෙලක් ඉදිරියේ ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනව.

ගර්භණී මාතාව රැක ගත යුත්තේ ඇයි?

දරුගැබක් පිලිසිඳ ගත් දිනයේ පටන් සමාජය ඒ ගැබණි මවට සලකනු ලැබුවේ ඉතාම ගරුත්වයෙන්. ආහාරපාන පමණක් නොව දකින දසුන, ඇසෙන වචන පවා ඉතාම ප්‍රියවාදී ලෙසින් ඇයට ඇසෙන්න දකින්න සැලසුවා. ඔවුන් ඒ හැම දෙයක්ම කරනු ලැබුවේ ගැබේ ඉන්න දරුවාට යහපතක්ම වේවා යන අදහසින්.පැරණි සමාජය බඩදරු අම්මා රැකගත යුත්තේ දෙවියෙකුට සමානව බව පැරණි සෘෂි භාෂිතයේ පවා සඳහන්ව තිබෙනවා.

ඒත් අද තත්වය ඊට වෙනස්. ගැබ්ගත් දිනයේ පටන් නාරි සහ ප්‍රසව වෛද්‍යවරුන්ගේ අවවාද උපදෙස් ලැබුවත් මානසිකත්වයෙන් ගැබිණිමවට අද එතරම් සැනසිල්ලක් නැහැ. ඒ තත්වය ඉතාම ප්‍රබල විදිහට දරුවන්ගේ මානසිකත්වයට බලපානවා. අනාගතයේ අකීකරු දරුවන් බිහිවීමටත් මේ තත්වය හේතු වෙන බව අද මනෝ වෛද්‍යවිද්‍යාඥයින්ගේ පිලිගැනීමයි. ඒ නිසා සුවච කීකරු දරුවෙක් ගොඩ නගා ගැනීමට නම් ගැබ් දරණ කාලයේ පටන්ම මේ ගැන අවධානයෙන් සිටීම ඉතාම වැදගත් බව අමතක කරන්න එපා.

වෛද්‍ය විද්‍යාත්මක අදහස… 

පින්ලන්තයේ පර්යේෂකයන් පවා අද මේ තත්වය පිලිගෙන තිබෙනවා.(Daily Mail) සෙනෙහස, මානව දයාව සහ ආදරය වැනි රිද්මානුකූල වචන නිසා දරු කලලලයට ඇති වෙන බලපෑම මුල් කර ගෙන ඔවුන් අධ්‍යනයක් කරනු ලැබුවා. එහිදී තෝරාගත් ගැබිණි මව්වරුන් 33 දෙනෙක් තෝරා ගෙන ඔවුන්ගෙන් 17 දෙනෙකුට දිනකට විනාඩි හතර බැගින් රිද්මානුකූල වචන ඇසෙන්න සැලස්සුවා. සෙසු 16 දෙනා ට එම අවස්ථාව ලබා දුන්නේ නැහැ.සති 29 ක කාලයේ පටන් දරු ප්‍රසුතිය සිද්ධ වෙන තෙක්ම මේ කාර්යය සිද්ධ වුණා.මේ අම්මලා 17 දෙනාගේ දරුවන් ලද පසුව ඔවුන්ගේ දරුවන්ගේ ඊ.සී.ජී වාර්තාවන් ලබා ගත්තා. එහිදි පෙනී ගියේ රිද්මානුකූල වචන ඇසීමට සලසන ලද මව්වරුන්ගේ දරුවන්ගේ ප්‍රතිචාර එම අවස්ථාවට සම්බන්ධ නොවුන මව්වරුන් 16 දොට වඩා ඉතාම යහපත් ලෙස තිබීම පැහැදිලිව පෙනී ගියා. මෙම අධ්‍යනයේ ප්‍රධාණී “අයිෆෝ පර්ටන්” විසින් පෙන්වා දෙන්නේ  මවගේ සිතුවිලි වගේම බාහිර ලෝකයෙන් ලැබෙන බලපෑම දරුවාගේ හැඩගැස්ම වෙනුවෙන් ඉතාම සුබවාදීව බලපාන බවයි.

කලලය අමතන භාෂාව

මේ නිසා ජපානය වැනි රටවල් විසින් දරු කලලයට අමතන භාෂාව වෙනුවෙන් පොත් පවා දැනටමත් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බටහිර රටවල මව්වරුන් තමා නිදා ගන්නා විට ලයාන්විත සංගීතයක් ඇසෙන්න සලස්වනවා. එය අම්මාට විතරක් නොවෙයි..කුස සිටින දරුවාටත් ඇසෙනවා.

මෙම අදහස පැරණි සෘෂිවරුන්විසින් සඳහන් කරන  මවක් සහ පියෙක් තම දරුවන්ගේ හැසිරීම ගැන අවධානය යොමු කළ යුත්තේ දරු කලලය මව්කුසේ දරන කාලයේ පටන්ය…යන නාඩි වාක්‍ය සමග කොතරම් ගැලපෙනවාදැයි දැන් ඔබම තීන්දු කරන්න.

දරුවා ලැබීමෙන් පසුවත් සැලකිලි අවශ්‍යයි

කලලයට හොදින් සැලකුවාටමත් බැහැ. දරුවා ලැබීමෙන් පසුවත් ඔහු සමග ගත කරන කාලය සහ බැඳීමත් සුවච කීකරු දරුවෙක් නිර්මානය කර ගැනීමට හේතු වෙනවා.

බාලකාලයේ ලබන අත්දැකීම්

බොහෝ දරුවන් අකීකරු වීමට බලපාන තවත් හේතුවක් විදිහට ඔවුන් බාලකාලයේ ලබන අමිහිරි අත්දැකීම් පදනම් විය හැකියි. මේ නිසා පවුලක මව්පියන් දරුවන් ඉදිරියේ ලබා දෙන සහනශීලී මානසිකත්වය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් හිතකර පරිසරයක් ගොඩ නගනවා. බාල කාලයේ පටන් දරුවා දකින්නේ බීමතින් නිවසට ගෙට ගොඩ වදින තමන්ගේ පියා නම් ඔහු වැඩිහිටි වයසට පැමිනෙන විට පියාගේ අවවාද වෙනුවෙන් එතරම් සැලකීමක් කරන්නේ නැහැ. ඊට හේතුව ඔහු බාලකාලයේදී දුටු පියා ගැන හිතේ තිබෙන්නේ ප්‍රසන්න සංකල්පයක් නොවේ.

දරුවන් සමග කාලය ගෙවන්න

බොහෝ මව්පියන්ට අද තිබෙන එකම ගැටළුව දරුවන් සමග කාලය ගෙවීමට අවසරයක් නොමැති වීමයි. කාර්යාලයේ වැඩ…ගෙදර දොර උයන පිහන , අස්කරන මේවාගේ දහසක් වැඩ ඔස්සේ දරුවන් එක්කත් ගෙවන්න කාලයක් කෝ…අපිට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ..ඔබ මේ විදිහට කිව්වත් කාලය සමග දරුවන්ට තමන් හුදෙකලා බවට පත් කළ දෙමව්පියන් මුල් කර ගෙන ඇති වෙන කලකිරීම නිසාම ඔවුන් ඉතාම අකීකරු තත්වයට පත් වෙනවා. ඔයගොල්ලන් අපිට මොනවද කළේ…යනුවෙන් ප්‍රශ්න කිරීමට තරම් දරුවන් ඉතාම අකීකරු චරිත බවට පත් වෙන්නේ මේ නිසා බව අමතක කරන්න එපා.

දරුවන් සමග ආහාර ගැනීම

එදා පවුලේ සියළුම අදහස් උදහස් වෙනුවෙන් විවෘත වේදිකාව බවට පත් වුනේ කෑම මේසය වුනත් අද ඒ වෙනුවෙන් කිසිම අවසරයක් නැහැ. සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට දරුවන් සමග මව්පියන් එකට ආහාර ගැනීම ඉතාම වැදගත්. මේ සංවාද මණ්ඩපය නොදැනීම අපේ නිවෙස්වලින් දුරස්ථ වීම නිසා ඇති වුන හිදැස ඔවුන්ටත් නොදැනීම පිටව යන්නේ තමන්ගේම හදා වඩා ගත් දරුවන් අකීකරු වීමත් සමගයි.

පොළවේ පය ගසා සිටින දරුවන් නැහැ

අද මව්පියන් තමන්ගේ දරුවන් හදා වඩා ගන්නේ ඔවුන්ට වඩා ඉහලින් සමාජයේ තැනකට පත් කරන අදහසින්. එහි කිසිම වරදක් නැහැ. විය යුත්තේද එයයි. ඒ වුනත් මේ මානසිකත්වය තුළ තමා සමග ජීවත්වුන සහ ජීවත්වෙන සමාජය නිගරු ලෙසින් සැලකිය යුතු නැහැ. අද බොහෝ දෙනෙකුට අවශ්‍ය වෙන්නේ අතීතයේ තමන් ජීවත්වුන සත්‍ය පරිසරය වසං කිරීමටයි. ඒ නිසාම නෑයින්, හිතමිතුරන් ගැන කිසිම සැලකීමක් නැහැ. අලුතින් ගොඩ නගා ගත් පරිසරයක ජීවත් වෙන විට දරුවන්ට තුළ තිබෙන්නේ හිස් අහංකාරයක් පමණයි. ඒ නිසාම කීකරු යන සංකල්පය ගැන හදවතේ ඉඩක් නැති නිසා ගැටුම් සහ අකීකරුවීම අමුතුවෙන් ඇති වෙන පරිසරයක් නොවේ.

 ආදර්ශය

දරුවන් තුළ කීකරුබව ගොඩ නගා ගැනීමට නම් දෙමව්පියන් තුළත් ඒ ආදර්ශය තිබීම ඉතා වැදගත්. තමන්ගේ දෙමව්පියන් බලුකූඩුවේ දමන, මහමග අතහැර දමා යන තත්වයක සිට  තමන්ගේ දරුවන්ගෙන් කීකරුකමක් බලාපොරොත්තු වීමට බැහැ. මේ නිසා අවවාදයට වඩා ආදර්ශය උතුම් යන සංකල්පයේ පිහිටා කටයුතු කරන්න. එවිට දරුවන්ගේ කීකරුබව ගොඩ නගා ගැනීම එතරම් අපහසු කාර්යක් නොවේ.

වැලන්ටයින්ගේ විපාක තේරෙන්නේ ඔහු ගියාට පසුවයි…

වැලන්ටයින් දිනය එද්දී තරුණ දූ දරුවන්ට අමුතු උණක් හැදෙනවා. ඒත් ඔවුන් දන්නේ නෑ මේ හැදෙන උණ අන්තිමට සන්නිපාත තත්වයට පත් වෙලා ඔවුන්ගේ ජීවිතය පවා නැති වෙන තරම් දරුණුයි. ආදරය කියන්නේ නව යොවුන් වයසත් සමග ඇති වෙන සාමාන්‍ය හැඟීමක්. අනාදිමත් කාලයක පටන් ආදරය වගේ සියුම් හැඟීම් රහසේ තබා ගැනීමට බැරි වුණා. නෑනා මස්සිනා ආදර අන්දරයට වුනත් අද සෞඛ්‍ය හේතූන් මත තහංචි දැම්මත් ඔවුන් අතර මේ ආදරය, ප්‍රේමය වැනි හැඟීම් පැවැතුනා. ඒ සියල්ල තුළ විනයක් තිබුණා. වැලන්ටයින්ලා නොසිටියත් ඔවුන් තමන්ගේ ආදරයෙන් හදවත් අතර වූ ප්‍රබල බන්ධනයකින් ජීවිතය ශක්තිමත් කර ගත්තා. ඒත් අද තරුණ දූ දරුවන් විනාශයට පත් කරන වැලන්ටයින්ගෙන් දරුවන් ආරක්ෂා කර ගත යුතු වගේම සීමාවන් පනවා ගත යුතු කාලය ඇවිත්…

කෙල්ලනේ වරෙල්ලා…කොල්ලනේ වරෙල්ලා… සදාචාරයක් නැති මාධ්‍ය ඔස්සේ වැලන්ටයින් වෙනුවෙන් පානා අඩහැරය එසේය. ඒ සමගම හානා හීය ඊටත් වඩා දරුණුය. මෙම අවස්ථාවට පෙම්වතෙක් සමග යෑම අනිවාර්යය. මේ නිසා එම සුදුසුකම සපුරා ගෙන යනෙන ගමනේ ඇති අනෙක් පැත්ත අපට පෙනෙන්නේ නැත. මේ සියල්ල තුළ ඇත්තේ වාණිජකරණීය වූ රටාවක් පමණි. රෝසමල්, චොකලට් වැනි විවිධතෑගි බෝග වෙනුවෙන් වූ ඉල්ලුම අනේකය. ඒ සියල්ල තුළ ඇත්තේ වාණිජ පරමාර්ථ පමණි.

වැලන්ටයින් දිනය ඉරිදාවක යෙදුනොත් එදාට දහම් පාසල හිස්ය. අතිරේක පංතිවල ඩෙස් බංකුවල ඉඩ කඩ ඕනෑතරම් ඇත. ඒ තරමටම මේ හරසුන් කටයුත්ත අද සමාජගතව ඇත. මාධ්‍ය මගින් සමාජය යහපවැත්මට යොමු කිරීමේ පවතින ප්‍රවනතාවය ඉතා ප්‍රබලය. අතීතයේදී පවා ඔවුන්ට පන්නරය ලබා දුන්නේ පන්හිඳයි. ඒ අද වගේ වෛවාරණ විද්‍යුත් මාධ්‍ය නොමැති වූ නිසාය. අද එසේ නොවේ. හිතට ඉතාම තදින් මෙම අදහස් ඇතුළු කිරීමට ඉඩකඩ තිබේ. විලිබිය ගැන ගුණගායනාවන් මගින් දරුවන් සුමගට යැවීමට මේ මාධ්‍යයන්ට ඕනෑ තරම් ඉඩකඩ ඇත. එහෙත් අද සිද්ධ වෙන්නේ යහගුණ පිරුණ සමාජය ප්‍රසිද්ධියේ නිරුවත් කිරීම පමණි.

එක්තරා ආකාරයකින් අපි මාධ්‍යටම දොස් පැවැරිය යුතු නැත. අම්මා තත්තාටත් මේ වැලැන්ටයින් පිටුපසින් වූ ශෝකාන්තය දරුවන්ට කියා දීමට අවසරය ඇත. නියම ආදරය යනු ප්‍රසිද්ධියේ තෑගි බෝග හුවමාරු කර ගැනීමවත්, පෙම්වතුන් සමග ලැගුම්හලක හුදෙකලා වීමවත් නොවේ. නව යොවුන් දරුවන් අතර බොහෝ දෙනෙක් සිතන්නේ ජිවිතය යනු වින්දනය කරන දෙයක් බවයි. එය ඇත්තකි. ඒත් මේ වින්දනය පසුකාලයකදී විඳවීමක් බවට පත් කර ගැනීමට අවශ්‍ය නැත.ඔබේ දුවට ,පුතාට පෙම්වතෙක් හෝ පෙම්වතියක් සිටිය හැක. එය අමුත්තක් නොවේ. එහෙත් මේ ආදරය සැමරීම වෙනුවෙන් තමන්ගේ චරිතය විනාශ කර ගත යුතු නැත.හැම වසරකදීම වැලැන්ටයින් දිනයෙන් පසුව ඇති වෙන ශෝකාන්ත ගැන ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැත. තරුණ දූවරුන් තමන්ගේ පිරිසිදුකම විනාශ කර ගත් අවස්ථාවන් ගැන වාර්තාවන් තිබුනත් එය බොහෝ විට එක් වාර්තාවක් පමණක් වෙන තරම් සාමාන්‍ය වී ඇත. එයද ඇත්තකි. මෙයින් වන්දි ගෙවන්නේ එම දියනිය පමණි. සෙස්සන්ට එය කථා මාතෘකාවක් පමණි.

ඔබේ දියණිය මේ තැනට පත්වීමට ඉඩ නැතුවා නොවේ. ඔබේ පුතාගෙන් තවත් දියණියක් මේ තත්වයට පත් කිරීමට ගෙවෙන්නේ ඇසිල්ලක අවස්ථාවක් පමනි. හොඳ නරක කියා දීමට කෙනෙක් නැත. මේ දෙයින් මේ දෙය වෙනවාය යන්න ගැන ප්‍රබල සංකල්පනාවන් දරුවන්ට නැත. එහෙත් මව් දෙමව්පියන් විදිහට ඔබට මේ ගැන කරුණු කාරණාවන් ඔවුන්ගේ හදවතට දැනෙන සේ කියා දීමට ඉඩකඩ ඇත.

ආදරය යනු තැන තැන ගොස් ලෝකයට පෙනෙන සේ රඟපෑමේ යෙදීමක් නොව හදවතෙන්ව උපදිනා බන්ධනයකි. ජීවිතය වෙනුවෙන් වූ “ෆන්” ගැනීම මුල් කර ගෙන තරුණ ජීවිත නිකරුනේ කඩා වැටීමට ඉඩ දිය යුතු නැත. මේ නිසරු කටයුතු ගැන දරුවන්ට යා යුතු මග නොමග ගලපා ගැනීමට තරම් ඔවුන් පරිණත නොවන නිසා දෙමව්පියන් වශයෙන් ඔබට ඒ වෙනුවෙන් විශාල වගකීමක් ඇත. ඔබ විසින් ඒ වගකීම ඉටු කරන්නේ නම් දරුවන් අනවශ්‍ය ලෙසින් වූ රැල්ලට හසුවීම බොහෝ දුරට මග හැරෙනු ඇත.මේ නිසා වැලන්ටයින් එනවාට වඩා වැලන්ටයින්ගේ නික්ම යෑමෙන් පසුව ඇති වෙන තත්වය ඉතාම දරුණුය. නපුරුය. එහි වූ ආදීනව නිසා හඩා වැටෙන දරුවන්ගේ කදුළු පිසින්නට වැලන්ටයින් එන්නේ නැත. තවත් අවුරුද්දක් ගෙවුන තැන වැලන්ටයින් එන්නේ නැවත ප්‍රේමවන්තයින්ගේ දිනයක් සැමරීම පිණිසය. එහෙත් එදා මෙදා තුර දියණිවරුන්ගේ ජීවිතයට ඇති වුන කිලිටු කුණු මකා දැමීම පහසු නැත. ඒ නිසා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලෙසින් ඔබ දරුවන්ට මේ යන රැල්ලට මුලා නොවන ලෙසට මානසිකත්වය ගොඩ නගන්න. කොල්ලෙක් වුනොත් පය සෝදා ගෙට ගත හැකියි…යන සංකල්පයෙන් ඔබ්බට ඔබ දරුවන් ගැන සිතන්නනට කාලය එළැඹ ඇත.

ඔබේ දරුවා පිරිමි දරුවෙක් වුනත් ඔහුගෙන් අනාථ වන්නේ තවත් තැනක ආදර අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ දියණියකි. ඒ බව තරයේ සිත තබා ගෙන ආදරය තුළත් විනයක් අවශ්‍ය බව කියා දෙන්න. ආදරයට ආදරය කරන්නේ නම් කිසිදු දිනක එය ප්‍රදර්ශනය අවශ්‍ය නැත. එය ඇත්තේ හදවතේමය. “නැත ලොවේ අන් රසදුනා…ආදරය සේ සුවදෙනා” කියන්නා සේ මේ මිහිරි වූ ආදරයේ තවත් පැත්තකින් දිවෙන වාණිජ ප්‍රෝඩාවෙන් මිදෙන්නනට කාලය එළැඹ ඇත. ඒ නිසා මවාපාන්නා වූ රැල්ලට ගොදුරක් නොවන්න. ඒ පසුපස හමා යන මානසිකත්වයෙන් මිදෙන සේ දරුවන්ගේ මානසිකත්වය ගොඩ නැගීම අද යුගයේ අවශ්‍යතාවයක්ව ඇත.

වාණිජ මට්ටමින් ඔවුන්ගේ වෙළඳලෝකයේ ප්‍රවර්ධනයන් වෙනුවෙන් තහංචි පැනවීමට  අපිට නොහැකි වුනත් විනය, ශික්ෂනය තුළ හැසිරෙන රටාව දරුවාට කියා දීම ඔබට අපහසුවක් නැත.

දෙමාපියන් වන ඔබේ කුසලතා දියුණු කර ගනිමු

උපතේ සිට දරුවකුගේ වර්ධනය කෙරෙහි වැඩිම බලපෑමක් ඇති කරන්නේ දෙමව්පියන් හා පවුලේ පරිසරයයි.යම් දිනක වැඩිහිටියකු වී ස්වාධින ජීවිතයකට හුරු වීමට හා සාර්ථක ජිවිතයක් ගෙවීමට අඩිතාලම වැටෙනුයේ දෙමව්පියන්ගෙනි. විශේෂයෙන් දරුවාගේ ජිවිතයේ මුල් අවධිය තුල දෙමව්පියන් දරුවා රැක බලා  ගන්නා  ආකාරය මෙහිදී විශේෂයෙන් වැදගත් වේ. මන්ද එය පසු කලෙක දරුවා ගේ ජිවන කුසලතා වර්ධනය කෙරෙහි බලපාන බැවිනි. අනවශ්‍ය ලෙස දරුවාට සැලකීමෙන් ඔහුට හෝ ඇයට  ස්වාධීනව ජිවත් වීමේ කුසලතා දියුණු කර ගැනීමට අවස්ථාව නොලැබේ. අනෙක් අතට දරුවාගේ  මානසික අවශ්‍යතා නොසලකා හැරීමෙන් පසු කලෙක අන් අය කෙරෙහි විශ්වාසය ඇති කර ගැනීමේ හැකියාව නොලැබීමද ඒ හේතුවෙන් යහපත් සබදතා ඇති කර ගැනීමේ හැකියාව දුර්වලවිමද සිදු වේ.

ජිවිතයේ මුල් අවුරුදු දෙක තුල දරුවා ඇති කර ගන්නා සම්බන්ධතා පසු කාලින ජිවිතයට බොහෝ සෙයින් වැදගත් වේ.මේ කාලය තුල දරුවාට නිවැරදිව තම අවශ්‍යතා ප්‍රකාශ කිරීම අපහසු බැවින් ඇඩ්ම හෝ හැසිරීම් මගින් අවශ්‍යතා ඉගි කරයි. දෙමව්පියන් හෝ වෙනත් වැඩිහිටියන් මෙය මේවා නිවැරදිව හදුනා ගෙන එම අවශ්‍යතා ඉටු කිරීම තුලින් දරුවා අන් අය ගැන විශ්වාසය ඇති කර ගනී . මෙම කාලය තුල මව හෝ වෙනත් විශ්වසදයී වැඩිහිටියකුගේ සමීප  බව දරුවාට අත්‍යවශ්‍යය.  ඒ තුලින් වැඩිහිටි ජීවිතයේදී ගුණාත්මක සබදතා ඇති කර ගැනීමේ හැකියාවට අඩිතාලම වැටේ .එම කාලය තුල මවගෙන් දුරස් වීම හෝ වරින් වර දරුවාට ඉතා සමීප පුද්ගලයා වෙනස් වීම පසු කලෙක අවේග පාලනය කිරීමේ හා යහපත් අන්තර් සබදතා ඇතිකර ගැනීමේ ගැටළු වලට හේතු විය හැකියි.

දරුවකුගේ මොලයේ වර්ධනය ඉතාමත්ම ශීග්‍රයෙන් සිදු වන්නේ ජිවිතයේ පළමු අවුරුදු හතර තුලය. එබැවින් මේ කාලය තුල දරුවාට බාහිර පරිසරයෙන් ලැබෙන උත්තේජන ඉතාමත් වැදගත් වේ. මේ අවධිය තුල දරුවා වෙනුවෙන් දෙමව්පියන්ගේ කාලයෙන් වැඩි කොටසක් වෙන් කිරීම අත්‍යවශ්‍යය. දෙමව්පියන්ට ඒ සදහා කාලය ගත කිරීම අපහසු නම් දරුවා බලා  ගන්න පුද්ගලයා ඒ පිලිබදුව දැනුවත් කර හැකි පමණ දරුවා වයසට ගැලපෙන ක්‍රියාකාරකම් වලට යෙදවීම සුදුසුය.

දරුවන් වැඩෙන විට ඔවුන් ක්‍රමයෙන් විනයානු කූලව හැඩ  ගැස්වීම අවශ්‍ය වේ. මේ සදහා දෙමාපියෝ  විවිධ ක්‍රම අනුගමනය කරති.මුලික වශයෙන් එබදු ක්‍රම හතරක් විස්තර කර ඇත.

සමහර දෙමාපියෝ දරුවන් සම්බන්ධයෙන් ඉතා තද නීති අනුගමනය කරති. දරුවන් එම නීති ප්‍රශ්න කිරීමකින් තොරව පිලි පදී යයි බලාපොරොත්තු වෙති. දරුවන්ගේ අදහස් වලට කන් නොදේ.දරුවාට හොද නරක කියා දෙනු වෙනුවට දඩුවම් කිරීමට නිතර පෙළබේ.දරුවාට ආදරය දක්වන්නේ කලාතුරකිනි. නමුත් අනෙකුත් භෞතික අවශ්‍යතා ඉටු කර දේ . මෙබදු පරිසරයක හැදෙන දරුවෝ පසු කලෙක පවා නීති ඉතා නිවැරදිව පිළිපැදීමට පෙළබේ.නමුත් ඔවුන්ට ආත්ම ශක්තිය පිළිබද ගැටළු ඇති විය හැක. දරුණු ගතිගුණ ඇති විමට පුළුවන.  එසීම දැඩි දඩුවම් මග හැරීමට බොරු කීමට පෙලබෙති.

සමහර දෙමව්පියෝ දරුවාට හැකි පමණ ආදරය කල යුතු යයි විශ්වාශ කරති. නීති පනවන්නේ කලාතුරකිනි. නීති  පැනෙව්වත් බොහෝ විට එය ක්‍රියාත්මක නොවේ. දරුවාගේ හිත රිදෙ යයි බියෙන් දරුවා කරන ඕනෑම දෙයක් අනුමත කරති. දරුවා කරන ඕනෑම වැරැද්දකට දඩුවම් දෙති. මෙබදු පරිසරයක හැදෙන දරුවෝ බොහෝ විට පාසල හෝ පෙර පාසැල තුල හැසිරීමේ ගැටළු පෙන්නුම් කල හැක.ඊට හේතු වන්නේ නීති පද්ධතියකට අනුගත වීමට ඔවුන්ට හුරුව නැති බැවිනි.

දෙමව්පියන්ගෙන් සමහර කොටසක් දරුවන් ගැන අවශ්‍ය පමණ සොයා නොබලති.උදාහරණ ලෙස දරුවා ගේ පාසැල ගැන , ගෙදර වැඩ ගැන සොයා නොබලති. දරුවන් ආශ්‍රය කරන්නේ කවුදැයි නොදනිති. දරුවා සමග ප්‍රමාණවත් තරම් කාලය ගත නොකරති. දරුවා වෙනුවෙන් නීති පැනවීමට නොවෙහෙසෙති. දරුවන්ගේ කායික මෙන්ම මානසික අවශ්‍යතා කෙරෙහි සැලකිල්ලක් නොදක්වති .මෙබදු පරිසරවල හැදෙන දරුවන් බොහෝවිට අඩු ආත්ම ශක්තිය ,ඇත්තෝ වෙති.එමෙන්ම ඔවුන්ට අද්යාපනික ගැටළු ඇති වීමේ වැඩි අවධානමක්ද ඇත. බොහෝවිට හැසිරීමේ ගැටළු ඇති අතර වැඩිපුර අසතුටින් කල් ගෙවති.

ඇත්තෙන්ම දරුවකුට වඩාත්ම හිතකර  යයි සැලකෙන්නේ Authoritative parenting style ලෙස හැදින්වෙන දෙමාපිය කුසලතාවයයි. එවැනි දෙමව්පියෝ තම දරුවා සමග හොද සබදතාවක් පවත්වා ගැනීමට නිතරම සැලකිලිමත් වෙති. ආදරය පෙන්වනවා මෙන්ම නිත් පද්ධතියක් ක්‍රියාත්මක කෙරෙති. නීති පනවන්නේ ඇයිදැයි දරුවාට විස්තර කර දී. එමෙන්ම දරුවාගේ හැගීම් වලටද සංවේදීය. දරුවන්ට ඔවුන්ගේ අදහස් පල කිරීමට අවස්ථාව ලබා දේ.දරුවාට තම ක්‍රියාවන් තුලින් එහි විපාක හදුනා ගැනීමට අවස්ථාව ලබා දෙනවා මෙන්ම හොද ක්‍රියා අගය කිරීමෙන් ඔවුන්ට නිසි මග පෙන්වීමටද නිරතුරුව වෙහෙසෙති. මෙබදු පවුල් පරිසරයක හැදෙන දරුවෝ ජිවිතයේ නිවැරදි තීරණ ගත හැකි , හොද ආත්ම ශක්තියක් ඇති වන අතර පසු කලෙක සාර්ථක ජිවිතයක් ගත කරති.

ඉහත විස්තර කල ක්‍රම වලට අමතරව සමහර අවස්ථාවල එකම පවුලේ  වැඩිහිටියන් විවිධ ආකාර වලට දරුවාට සලකනු අපි දැක ඇත්තෙමු.එනම් මව තද නීති අනුගමනය කරන අතර පිය දරුවාට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට ඉඩ දෙන අයෙක් ආදී වශයෙනි, නමුත් මෙය දරුවාට අහිතකර වන අතර දරුවාගේ හැසිරීමේ ගැටළු ඇති වීමට හේතුවක් විය හැකියි.

දරුවකුගේ උපතේ සිට වැඩිහිටියෙකු ලෙස ස්වාධින ජිවිතයක් අරබන තෙක් දේමව්පියන් මත ඉතා දැඩි වගකීමක් පැවරී තිබේ. දෙමව්පියන් දරුවා කෙරෙහි දැක්විය යුතු ආකල්ප ගැන ඉහත පරිදි හොද අවබෝධයක් ලබා තිබීම හා තමා තුල ඇති අහිතකර පුරුදු වෙනස් කර ගැනීමෙන් ඔබේ දරුවාගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබට උපකාරී විය හැකියි.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

වැඩිහිටි ඔබේ “රට මානසිකත්වය” දරුවන්ගේ අභිමානය ගිල ගන්නේ මෙහෙමයි

අද අපේ නව යොවුන් දරුවන්ගේ තිබෙන්නේ විදේශගතවීමේ මානසිකත්වයක් යැයි කිව්වොත් එය වඩාත් නිවරැදියි. ඔවුන්ගේ ආකල්පය වී තිබෙන්නේ ලංකාවේ සිටියොත් අනාගතයක් නැති බවයි. ඒත් ඔවුන්ගේ මව් දෙමව්පියන් ඔවුන්ගේ අනාගතය හදා ගත්තේ මේ රටේ බව සඳහන් කළ විට දරුවන් කියන්නේ ඊට වඩා ඉදිරියට තමන් යා යුතු බවයි. මේ මානසිකත්වය නිසා ඔවුන් විදේශගතව දෙවැනි ජාතියක් විදිහට ජීවත්වීමට පටන් ගන්නවා. ඒත් දරුවන්ට අපේ අනන්‍යතාවය,අභිමානය තුළ ජීවත්වීමේ වැදගත්කම දරුවන්ට බාල කාලයේ පටන්ම කියා දීම ඉතාම වැදගත්.

අපේ රට යන සංකල්පයන් ගැන කියා දෙන්න.

බාල කාලයේ පටන්ම දරුවන්ට අපේ රට . ජාතිය. ආගම යන සංකල්පයන් ගැන වඩාත් අවධානයක් දක්වන්න. අද දෙමව්පියන් අතරත් තිබෙන්නේ රට මානසිකත්වයක් පමණයි. ඔවුන් වුනත් අපේ රට ගැන හැඟීමක් දරුවන්ට ඇති කරන්නෙත් නැහැ. රට තිබෙන විසිතුරු සැප සම්පත් මවල ඔවුන්ගේ මොළය තුලින්ම අපේ රට ජීවත්වීමට සුදුසු නැතැයි යන මානසිකත්වය ගොඩ නගනවා. ඒත් එදා අපේ අම්මලා අත්තම්මලා අපිට කියා දුන්නේ අපේ රට තරම් ජීවත්වීමට සුදුසු රටක් තවත් නැති බවයි. කොටින්ම එදා පාසල්වල පවා උදේට ගායනා කරනු ලැබුවේ “ලෝකෙන් උතුම් රට ලංකාවයි…” යන ගීතය බව සමහර අම්මලා තාත්තලාට මතක ඇති.

ළිං මැඩියෝ වෙන්නේ නැහැ.

පිටරටවල විසිතුරු සිරි නොදුටුවහොත් ඔවුන් ළිං මැඩියන් විදිහට සලකනවා. ඇත්තටම ලෝකයට ඇස් විවර කලාට කිසිම ගැටලුවක් නැහැ. අද ලෝකයම විශ්ව ගම්මානයක්. මේ ගම්මානයේ පුංචි තිතක් වගේ හිටියට අපේ රටටත් වටිනාකමක් තිබෙනවා. ඒ නිසා ලෝකයේ සංචාරයේ යෙදීමත්, ඒ රටවලට ගොස් රැකියාවන්හි නිරත වීමත් කිසිම වැරැද්දක් නැහැ.

ජාතිකාභිමාන ගී, කවි කථාන්දර කියා දෙන්න.

ඉස්සර කාලයේ බාල දරුවන්ට නිතරම කියා දුන්නේ අපේ රටේ මද්දුම බණ්ඩාර, පුරන්අප්පු වැනි වීරවරයන් ගැනයි. ඒ වගේම දරු නැලවිලිවලිනුත් ගැයුනේ ජාතිකාභිමානයයි. ඒ නිසා දරුවන්ගේ හිතේ මේ සංකල්ප තදින්ම පැවැතුනා. අද දරුවන්ට මේ වීරවරයන් ගැන කිසිම දැනුමක් නැති වුනත් ඔවුන් ලෝකයේ සිටින වෙනත් චරිත ගැන ඉතාම හොදින් දන්නවා. ඒ බොහෝ දේවල් දරුවන් සොයා ගන්නා දේ බව ඇත්ත. ඔවුන් ඒ තැනට පත් වෙන්නේ මව්පියන්ගෙන් අපේ ඉතිහාසයට ගැන කිසිම දැනුවත් බවක් නොලැබෙන නිසයි. ඒ නිසා ඔබ නිතරම දරුවන්ට අපේ අනන්‍යතාවය ගැන කරුණු කාරණාවන් ඉතා රසවත් සේ අතීතයට ගලපා ගෙන කියා දෙන්න.

අතීතය ගැන කියමින් සිටීම නිෂ්ඵල නැත.

සාමාන්‍ය ජීවිතයේදී නම් අතීතය ගැන මෙනෙහි කිරීමට වඩා අනාගතය වෙනුවෙන් වර්තමානය සකසා ගත යුතු බව සැබෑ වුනත් උරුමයන් පිලිබඳව නම් ඒ තත්වය එතරම් සාධාරණ නැහැ. අපිට කියා සාඩම්බර අතීතයක් තිබුන බව දරුවන්ට කියා දෙන්න. අද ලෝකයේ දියුණු වාරි කර්මාන්ත දෙස බලන විට අපේ පොලොන්නරු රාජධාණියේ කුට්ටම් පොකුන වැනි නිර්මානවලින් ලැබෙන ආභාෂය කියා දෙන්න.රුවන්වැලි සෑය, පොලොන්නරුවේ ගල් විහාරය, අව්කන බුදුපිලිමය, සොරබොරවැව වැනි නිර්මානයන්හි ඇති අපුර්වත්වය ඔවුන්ට පෙන්වන්න. එවිට අපේ අතීත උරුමය මොනතරම් සාඩම්බරද යන්න දරුවන්ගේ හදවතටම ඒත්තු ගැනෙනු ඇත.

නිදහස් දින කටයුතුවලට දරුවන්ද  සම්බන්ධ කරගන්න.

කුමන හෝ වාසනාවකට මෑතක සිට නිදහස් දිනය වෙනුවෙන් අපේ හැම නිවසකම ජාතික කොඩියක් ඔසවා තැබීම සිරිතක් බවට පත්ව ඇත. ජාතික ධජයකින් පිළිඹිමු වෙන්නේ රටක ජාතික අභිමානයයි. ඒ නිසා අල්ලපු ගෙදර කොඩියක් ඔසවන ලද නිසා ඊට වඩා දිගින් පලලින් යුක්ත කොඩියක් ඔබගේ  නිවසේ එසැවිය යුතු නැත. ඒ වගේම කොඩියක් මිළදී ගන්නා විට එහි ප්‍රමිතිය ගැන සලකා බලන්න. මෙහි ප්‍රමිතිය යනුවෙන් අදහස් කරන්නේ එය නිර්මානය කරන ලද රෙදි වර්ගය නොව එහි තිබෙන අපේ සලකුණු සහ වර්ණ නිසි පරිදි ගලපා තිබේද යන්නයි.

එහිදී මෙම කටයුත්ත වෙනුවෙන් දරුවන්ද සම්බන්ධ කර ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම කොඩිය ඔසවන විට එහි ගරුත්වය ගැන සලකා බලන්න. ඇතැම් අවස්ථාවන්හිදී ගසක අතු අගක ජාතික කොඩිය එල්ලා තබන අවස්තාවන් ඇත. එසේ නොමැතිව නිවසේ ඉහලින්ම ගරුත්වයක් ඇති වෙන සේ මෙන්ම සිංහයා යටිකුරුව නොසිටින සේ කොඩිය ඔසවා සිටිමට කටයුතු කරන්න.

ජාතික කොඩියට කළ යුතු බුහුමන්.

ක්‍රිඩා තරඟ ඉසව්වලදී ජය ලද විට ජාතික කොඩිය පොරවා ගෙන නැටීම එතරම් යෝග්‍ය නොවන බව දරුවන්ට කියා දෙන්න. මුහුණේ ජාතික කොඩියේ ස්ටිකර් අලවා ගැනීම වැනි දෙයින් එහි සම්මානනීයත්වයට එතරම් සුදුසු නැත. කුඩා දරුවන්ට මෙවන් ආදර්ශ ලබා දෙන වැඩිහිටියන් ඒ ගැන සැලකිලිමත් වීම වඩාත් උචිතයි.

ජාතික ගීතය ගායනා කරන විට.

ජාතික ගීතය ගායනා කරන විට සිටගත යුතු පිළිවෙල මෙන්ම එහි අභිමානයට ගැලපෙන සේ  අභිමානයෙන් ගීතය ගැයෙන මිනිත්තු තුනක් වැනි කෙටි කාලය ගත කළ යුතු බව අවධාරනයෙන්ම දරුවන්ට කියා දෙන්න.අපේ රටේ ජාතික ගීතය ගායනා කිරීමේදී කිසියම් වැරැද්දක් සිදු වුනත් ඒ පිළිබඳව නීති රීති නැතැත් මෙක්සිකෝවේ ජාතිකයන් ජාතික ගීයට දක්වන්නේ අසීමිත ගෞරවයකි. ජාතික ගීතය වරදවා ගායනා කිරීම නීති මගින් දඩුවම් ලැබිය යුතු වරදකි. වරක් මෙක්සිකෝවේ බොක්ෂිං තරගාවලියක් ආරම්භ කිරීමට පෙරාතුව ඒ වෙනුවෙන් මුල පිරීමට පොප් ගායක “ජෝර්ග් මුනිස්” ට මයික්‍රෝපෝනය භාර දෙන ලදී. අවාසනාවකට මෙන් ඔහුට ජාතික ගීතය ගායනා කිරීමේදී වැරැදද්ක් සිදු වුයෙන් එරට අධිකරණය විසින් පෙසෝ මිලියනයක දඩයක් මෙම ගායකයාට නියම කළ අතර මින් ඉදිරියට ජාතික ගීතය නිවරැදිව ගායනා කිරීමට ඔහුට උපදෙස් දෙන ලදී.

චටාස් පටාස් මොකද්ද ඒ සද්දේ…?

එදා අපේ නවාතැන උනේ ගස් කොලන් වැඩිපුර තියෙන පළාතක්. ටික ටික හවස් වෙද්දී මේ හැම ගෙදරකින්ම වගේ මෙන්න මේ විදියට සද්ද ඇහෙන්න පටන් ගත්තා. එක පාරටම වගේ සැරින් සැරේ ඇහෙන මේ සද්දෙත් එක්ක රෑ තිස්සේ ගැස්සී ගැස්සී ඇහැරුණා මිසක් නින්දක් ලැබුනෙම නැ. අපි එලිවෙනකන්ම බලන් හිටියේ මේ සද්දේ මොකද්ද කියලා දැනගන්න ඉවසිල්ලක් නැතිව.

චටාස් පටාස් කියලා විටින් විට ඇහුනු මේ සද්දේ පාන්දර වෙන්න ලංවෙද්දි පොඩ්ඩක් අඩු උණා. එතනින් පස්සේ තමයි අපේ ඇස් පියවුණේ. ඒත් වැඩි වෙලාවක් නිදා ගන්න ලැබුනේ නැ. මොකද නවාතැනේ හිමිකරු ඇවිත් අපිව ඇහැරුවා.

සමාවෙන්න ඕනේ මහත්තයෝ… මහත්තයලගේ වැඩේට පරක්කු වෙයි කියලයි කතා කලේ…

හා… ඒකට නම් කමක් නැ. මේ එළිවෙන්න තමයි අපෙත් ඇස් පිය උනේ.

හැබෑටම මහත්තයෝ… උන් මහත්තයලට නිදා ගන්න දුන්නෙත් නැද්ද?

කවුද ලොකු උන්නැහේ…

මේ පළාතේ කාටවත් හරි හැටි නින්දක් නෑ උන් නිසා. දවල් දවසේ දරුවෙක් එළියට පහලියට යවන්න බයයි උන් බෝ කරන භයානක ලෙඩේ නිසා.

මට තේරුනේ නෑ ලොකු උන්නැහේ කියන දේ… කවුරු ගැනද මේ කියන්නේ?

මදුරුවෝ මහත්තයෝ මදුරුවෝ…!

එතකොට වටෙන් පිටෙන් දිගටම ඇහුනේ මදුරුවෝ තලන සද්දේද?

අපේ නින්ද කැඩුනේ මදුරුවෝ නිසා නෙවෙයි.

එහෙනම් මහත්තයෝ?

අපේ නින්ද කැඩුනේ “චටාස් පටාස්” කියල මේ  මදුරුවෝ තලන සද්දෙට.

මොනවා..! එක මදුරුවෙක්වත් හිටියේ නැද්ද?

කෝ කොහෙද? මදුරුවෝ අපි ළඟට එන්නේ කොහොමද උන්නැහේ, අපි ළඟට එයාලට ලංවෙන්න තියා හිතන්නවත් බැ.

ඒ කොහොමද ඒ?

අපි පොඩි මැජික් එකක් දන්නවා. එක්කන් එන්නකෝ හැමෝම… අපි කියල දෙන්නම් මදුරුවා එලවන මැජික් එක.

ඔන්න හොඳට අහගන්න, මදුරුවන්ගෙන් බේරෙන්න කරන්න තියෙන්නේ මෙන්න මේ බෝතලෙන් ටිකක් අරගෙන ඇඟේ ගාගන්න එක විතරයි.

මේ මොකද්ද මේ?

මේක තමයි “මොස්ගාර්ඩ්” කියන්නේ, පැය හයක් තිස්සේ ලොකු පොඩි කවුරුත් මදුරුවන්ගෙන් බේරගන්න මොස්ගාර්ඩ් එකට පුළුවන්.

හැබෑට,

නැතුව, මේ අපි නෙවෙයි කියන්නේ… මොස්ගාර්ඩ් ගෑවම පැය හයක්ම මදුරුවන්ගේ කරදර වෙන්නේ නැ කියල කියන්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන්. ඒ විතරක් නෙවෙයි… හමේ අසාත්මිකතා ඇති වෙන්නේ නැති බවට මුම්බායිවල MASCOT SPIN CONTROL පර්යේෂණ මධ්‍යස්ථානයත් සහතික කරනවා. කොළඹ කැම්පස් එකේ Science & Technology Cell  එකයි අපි කවුරුත් දන්න කියන හේමාස් ආයතනයයි එකතු වෙලා කරන දෙයක් නිසා විශ්වාසය 100%ක්ම තියාගන්න පුළුවන්. DEET කියන අහිතකර රසායන මොස්ගාර්ඩ් එකේ අඩංගු නැති නිසා බය වෙන්න කිසිම හේතුවක් නෑ.

තව මොනවත් මේ ගැන දැනගන්න තියෙනවද?

එතකොට පුංචි දරුවන්ට?

බය වෙන්න එපා. මොස්ගාර්ඩ්වලින් පුංචි දරුවනුත් මදුරුවන්ගෙන් බේරගන්න පුළුවන්. දරුවාගේ වයස අවුරුදු හයට අඩු නම් විතරක් ඇඳුමේ කොනක පොඩ්ඩක් තවරන්න. එතකොට එයා ළඟටත් මදුරුවෙක් නම් එන්නේ නෑ.

මොස්ගාර්ඩ් එක්ක එකතු වෙන්න, රෑ තිස්සේ චටාස් පටාස් කියලා තමන්ටම ගහගන්න පුරුද්ද නතර කරගන්න.

-මෙය MosGuard අනුග්‍රහයෙන් පළ කරන ලද ලිපියකි.-

 



ස්මාර්ට් දුරකථනය ඔබේ දරුවාටත් මෙවැනි ඉරණමක් අත් කළොත්….?

ස්මාර්ට් ෆෝන් එකයි ඉන්ටර්නෙට් එකයි මේ වෙද්දී අම්මලා තාත්තලට වගේම පොඩි දරුවන්ටත් නැතිවම බැරි දෙයක් වෙලා. බොහොමයක් නිවෙස්වල ඉන්ටර්නෙට් භාවිතය සිමා කළත් ඇතැම් ගෙවල්වල නම් ඒ ගැන වැඩි තැකීමක් නැ. ඒ නොතැකීම අපේ දරුවන්ට කොයි කොයි විදියට බලපායිද කියලා දැන් නම් හිතන්නම වෙනවා. මොකද අවුරුදු නවය දහය වෙද්දී ටිකෙන් ටික සමාජයට විවර වන අපේ දරුවන්ට කුතුහලය දනවන කරුණු කාරනා වැහිවහලා. මේ විදියට ලියන්න හේතු වුනේ පාසලක සිදු වුණා කියපු කතාවක් අහන්න ලැබුණු නිසයි.

මේ පුංචි දරුවා එයාගේ යාළුවා එක්ක කියපු කතාව මේ ලිපියෙ සටහන් කරන්න අපහසුයි. ඒත් ඒ දරුවා ගැහැනියක හා පිරිමියෙකු අතර ඇති වුණු ලිංගික සිදුවීමක් අම්මගේ දුරකථනයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා නරඹලා තිබුණා. ඒ විතරක් නෙවෙයි බොහොම අසාවෙන් පැහැදිලිව යහළුවන් සමග ඒ ගැන පවසා තිබුණා.

ඔවුන් සමුගෙන තිබුනේ  “තව ගොඩක් දේවල් තියෙනවා ඉන්ටර්නෙට් එකේ, ඔයා අපේ ගෙදර ආවම අම්මගේ ෆෝන් එකෙන් කාමරේට වෙලා අපි ඒවා බලමු” යන ආරාධනයත් එක්කමයි. මේ කතා බහ එළියට ආවේ එතන හිටිය එක දරුවෙක් ඒ ගැන  තමන්ගේ අම්මට කියපු නිසයි.

දරුවෙක් මේ වගේ තත්වයකට නිකන්ම යොමු වෙන්නේ නැ. ඒ එක්කෝ කාගේ හරි මග පෙන්වීමක්වත් තිබිය යුතුයි. අන්තර්ජාලයට පිවිසුණු පමණින් මෙවැනි දේ නැරඹිය නොහැකි බව ඔබත් මමත් දන්නා කරුණක්. එක්කෝ කාගේ හෝ උපදෙසක් මත මේ දරුවා අදාළ වීඩියෝ සහිත ලින්ක් එකක් දැනගෙන තිබිය යුතුයි. මෙන්න මේ කරුණු මත දරුවෙක් කතා බහ කරන්නේ කා සමගද? මොනවාද ? ඔවුන් සම වයස් යහළුවන්  පමණක් නොව වයසින් වැඩි යහළුවනුත් ඇසුරු කරනවාද? ඔබේ ස්මාර්ට් දුරකතනයේ ඔවුන් කුමක් කරනවාද යන්න සිතා බැලිය යුතුය.

ඉතිං කතාව තවම ඉවර නැ… මේ ආරංචිය ලැබුණු අම්මා එයාලගේ අනෙත් යාලුවන්ගේ අම්මලටත් මේ කතාව කිව්වා. කොහොම හරි මෙන්න මේ විදියට පාසලටත් මේ කතාව ආරංචි උණා. ප්‍රශ්න කෙරුණා, අර දරුවට දඬුවම් ලැබුනා. තමන්ගේ වටපිටාවේ ලැජ්ජාවටත් අසරණ බවටත් පත් උණු මේ දරුවා අද වෙනකොට ඉන්නේ කාමරේක මුල්ලට වෙලා. එයා කිසිකෙනෙක් හමුවට එන්න කැමති නැ. මුල් දින කීපයේ පාසැල් ගියත් කිසිම යාලුවෙක් එයාව පිළිගන්න සුදානම් උනේ නැ. මේ හේතු නිසා ඒ දරුවා ලොකු මානසික පීඩනයකට ලක් වෙලා ඉන්නවා. ඒ සඳහා ප්‍රතිකාරවලටත් යොමු වෙනවා.

ඉතිං හිතන්න, මේ දරුවාගේ ජීවිතය කොයි තරම් නම් දුක්ඛිත තත්වයකට ඇද වැටිලද කියල. ඒ දරුවා කොයි තරම් නම් අසරණද කියලා. ඔබේ දරුවා මේ තත්වයට පත් වෙන්න කලින් මේ ගැන හිතන්න ඕනේ නේද?

සමහර දෙමව්පියන්ගේ වැඩවලට දරුවාගෙන් වෙන බාධාවන් මග හැරගන්න මේ ස්මාර්ට් ෆෝන් එකෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මිසක් කාමරේට වෙලා දොරත් වහගෙන දරුවා ෆෝන් එකෙන් බැලුවේ මොනවද කියලා දෙමව්පියන් දන්නෙත් නැ. පුංචි දරුවෙක්ට එයාල නොදන්නා අමුතු දෙයක් දැක්කම විටින් විට ඒවා බලන්න උත්සහ කරන එක අරුමයක් නෙවෙයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ ළමා හා යොවුන් මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථීකාචාර්ය ඒ වගේම රාගම උතුරු කොළඹ ශික‍ෂණ රෝහලේ ළමා සහ යොවුන් මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතාගේ මේ වයස් සිමාවන්ගේ සිටින දරුවන් ගැන මව්වරුන් දැනුවත් කිරීම උදෙසා සකස් කෙරුණු ලිපියක මේ විදියට සටහන් වෙලා තිබුණා.

“ඇත්තටම කිව්වොත් අවුරුදු 9 – 12 වගේ වයසක දරුවෙක් හරි වැරැද්ද සම්පූර්ණයෙන්ම වටහා ගන්න සමත් නැහැ. මිනිසෙකුගේ තීරණ ගැනීම හා තර්කානුකූලව සිතීම සඳහා අවශ්‍ය වන මොළයේ ඉදිරිපස පිහිටි පූර්ව මස්තිෂ්කය සහ limbic පද්ධතිය සම්පූර්ණයෙන්ම වර්ධනය වීමට අවුරුදු  20 කට වඩා වැඩි කාලයක් ගත වෙනවා. limbic පද්ධතිය හරහා හැඟීම් මුල්කරගනිමින් ක‍ෂණික තීරණ ගැනීම සිදු වෙනවා. අන්න ඒ නිසාමයි වයස අවුරුදු 20ක් පමණ වෙනතුරු සිරුරෙන් යම් පුද්ගයයෙකු වර්ධනය වුවත් මානසින් වර්ධනය වී නැහැ කියන්නේ. අන්න ඒ නිසාම මෙම වයස් සිමාවන්ගේ දරුවෙකුගේ මොළයට ලැඛෙන අයහපත් උත්තේජන නිසා අයහපත් ස්නායු සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් තීරණ ගැනීමේදී වැරදි නිවැරදි බව හිතන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්නේ හැඟීම්වලට මුල් තැන දීලා. පරිණත නොවූ මොළයක් මගින් ප්‍රමුඛත්වය ලබාදෙන්නේ හැඟීම්වලට. නිසි මග පෙන්වීම වගේම ආරක්ෂාව නොලැබෙන මේ වයස් සිමාවන්හි සිටින දරුවන් බොහොමයක් වැරදි වෙත යොමු විය හැකියි. පෙම් සබඳතා/මත්ද්‍රව්‍ය භාවිතය/සොරකම් කිරීම ඇතුළු පෙර සඳහන් කළ තත්වයන් වෙතද දරුවන් යොමු වීමට ඉඩකඩ වැඩිය. මෙසේ යම් දෙයක් වෙත ඇබ්බැහි වීමෙන් පසුව උත්තේජනයට පත්වන දරුවා එයින් මුදවා ගැනීම අසීරුයි..”

හැම අම්මෙක් තත්තෙක්ටම තමන්ගේ ජීවිතයටත් වඩා වටින්නේ තමන්ගේ දරුවා. මෙතැනදී වැඩිහිටියන් විදියට අපි ගොඩක් දැනුවත් විය යුතුයි වගේම ඉවසිලිවන්ත විය යුතුයි. ඔබේ දරුවා පිළිබඳව සැක ඉපදෙන යමක් ආරංචි වුවහොත් කලබලයට පත්ව ඒ පිළිබඳව දරුවාට කෑ කෝ ගසන්නේ නම් හෝ එය පැවසු දරුවාගේ මිතුරන් සොයා ගොස් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නම් හෝ ඔබ මතක තබා ගත යුතුම වැදගත් කරුණ වන්නේ එතැනින් එහා කිසිවෙකුත් ඔබට මෙවැනි ආරංචියක් ලබා නොදෙන බවයි. අන්න ඒ නිසාම අදාළ කරුණු කාරණා මනසේ රඳවා ගනිමින් ඒ බව දරුවාට නොඅඟවා නුවනැතිව සැලකිල්ලෙන් සොයා බැලීම බොහොම වැදගත් වෙනවා.

ඔබ ඔබේ දරුවාගේ සමීපතමයන් වන්න. දරුවන්ගේ වැරදි හමුවේ අවවාද හෝ වරප්‍රසාදයක් අහිමි කරවීම වැනි සුදුසු දඬුවමක් ලබා දෙන්න. දරුවන්ගේ අදහස් හෝ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කරන්න. ඔවුන්ට ආදරය දක්වන්න. දරුවන් සමග සමබරව කටයුතු කරන්න. දරුවන් හා ඔබ අතර සවිමත් බැඳීමක් වර්ධනය කර ගැනීමට උත්සාහ කරන්න. ඔබ කොයිතරම් කාර්ය බහුල වුවත් දරුවා පිළිබඳව සැලකිලිමත්ව සිටින්න. දරුවාට නොදැනෙන්නට ඔවුන් කරන්නේ කුමන දේවලද යන්න සොයා බලන්න.

අපේ අවවාද දරුවන්ට එපා වෙන හේතු 5ක්

අපේ දරුවන්ට දැන් කිසිම හොඳක් නරකක් කියන්න බැහැ.. එකක් කිව්වාම හැටක් උත්තර… ඉස්සර කාලයේ පුංචි රාහුල හාමුදුරුවෝ උදේට වැලි දෝතක් උඩට විසි කරල අද දවසට මේ ගනනට මට අවවාද ලැබේවා කියල ප්‍රාර්ථනා කලා. ඒත් අද අපේ දරුවන්ට කිසිම අවවාදයක් රුස්සන්නේ නැහැ…බොහෝ දෙමව්පියන්ගේ මේ අදහස්වලට සමහර විට ඔබත් එකග ඇති. ඇත්තටම දරුවන්ට අවවාද රුස්සන්නේ නැත්තේ ඇයි…

දරුවන් වරද පිලිගැනීමට අකමැතියි

අද බොහෝ දරුවන්ට වරදක් පෙන්වා දුන් විට ඔවුන් ඒ වරද පිලිගැනීමට කිසිම විදිහකින් සූදානමක් නැහැ. ඒ වෙනුවෙන් නිදහසට කාරණා දහසක් ඉදිරිපත් කරනවා. මේ වේලාවට දෙමව්පියන් ඔවුන්ට දොස් නගන්නේ අම්මා තාත්තාටට එකටෙක කියන නරක පුරුද්ද මුල් කර ගෙනයි. ඒත් ඔවුන්ගේ සදහන මේ එකටෙක නොව නිදහසට කරුණු කාරනාවන් බවයි. ඔබ අම්මා තාත්තා බව සැබෑ වුනත් රුවන්ගේ පමණක් නොව ඔබ පවුලේ වෙනත් සිදුවීමකදී වුනත් බහින් බස් වෙන විට ඒ වෙනුවෙන් අනිත් පාර්ශවය දක්වන කාරනාවන්ද සලකා බලන්න. සමහර විට ඔබ නොසිතන පැතිකඩක් එහි තිබෙන්නනට හැකියි. මේ නිසා දරුවන් වරද පිලිගැනීමට අකමැතිව ඒ වෙනුවෙන් ඔවුන්ගේ නිදොස් බව කදහන් තරන විට ටිකක් ඒ වෙනුවෙනුත් කාලය යොදවන්න.

වරදට අවවාද කිරීම එතැනින් නවත්වන්න

කිසිම වරදක් වෙනුවෙන් ඔබ දරුවාට අවවාද කළොත් එය එතැනින් නවත්වන්න. එදා දවස මුලුල්ලේම දරුවා දකින දකින වාරයක් පාසා නැවත නැවත අවවාද කිරීම නිසා එය ඔවුන්ට හිසරදයක් බවට පත් වෙනු ඇත. දරුවා එම වරද නැවත වතාවක් කරන්නේ නම් අවවාදය වෙනුවෙන් යොමු වීම වරදක් නැත එසේ නොමැතිව අතෝරක් නොමැතිව ලබා දෙන අවවාද කළයක් මුනින් නවා ඒ වෙනුවෙන් ජලය වත් කිරීමට සමානය. ඊටහේතුව දරුවා ඒ වෙනුවෙන් කිසිදු අවධානයක් මෙන්ම ප්‍රතිචාරයක් නොදැක්වීමයි.

අවවාද ලබා දීමෙන් පසු නැවත සාමාන්‍ය තැනට පත් වෙන්න

ඔබ දරුවාගේ වරදට අවවාද ලබා දීමෙන් පසුව නැවතත් පෙර සිටි අම්මා තාත්තා ලෙසින්ම ඔවුන් ඉදිරියේ පෙනී සිටින්න. වෙනදා මෙන්ම ආදරයෙන් නැවත ආමන්ත්‍රනය කරන්න. ආරක්ෂාව ලබා දෙන්න. අවවාදයක් ලබා දෙන්නේ දරුවාගේ යහපත වෙනුවෙන්ම බැව් ඔවුන්ට පසුව ආදරයෙන් කියා දෙන්න. ඇතැම් දෙමව්පියන් යම් යම් අවවාද ලබා දීමෙන් පසුවත් ඉතාම අකාරුණික ලෙසින් දරුවන්ට සලකන අන්දම අප දැක ඇත. එය එතරම් හොඳ හැසිරීමක් නොවේ. අවවාදය එතැනට සීමා කරන්න.

අවවාද ලබා දෙන විට තුන්කල් ගලපන්න එපා

බොහෝ දෙමව්පියන් අවවාද ලබා දෙන විට ඔබ එදත්..අදත් මෙම වරද කළ නිසා හෙටත් එය කරනු ඇතියි කියමින් ඉතා දැඩි සේ  ඔවුන් විවේචනය කරනු ඇත. මෙය එතරම් සුදුසු කටයුත්තක් නොවේ. එවිට දරුවාට අවවාදයෙන් මිදී තමන්ගේ වැරැද්ද නිවරැදි කර ගැනීමට සුදුසු මානසිකත්වයක් ඇති නොවේ.ඒ නිසා නිතරම අවවාද ලබා දිය යුත්තේ මේ අවාද නිසා මං දන්නවා මගේ පුතා හොද ළමයෙක් වෙනවා යන උත්තේජකය ඔහුගේ සිතේ ඇති වෙන අන්දමටයි.

කිසිම කෙනෙකුට සංසන්දනය කරන්න එපා

දරුවන්ට අවවාද ලබා දෙන විට ඔහු වෙනත් කිසිම කෙනෙක් සමග සංසන්දනයෙන් කතා කරන්න එපා. අහවලාගේ දුව පුතා…අල්ලපු ගෙදර දරුවන් ඔබේ දරුවාට සමාන කරන්න එපා. එක් එක් දරුවාට වෙන් වුන ගති පැවතුම් ඇති නිසා එසේ සංසන්දනය කරන විට දරුවාගේ හිතේ ගොඩ නැගෙන්නේ කලකිරීමක් පමණයි. තමන්ගේ වැරැදි නිවරැදි කර ගැනීමට මෙහිදී දරුවන් කිසිසේත්ම උත්සාහයක් ගන්නේ නැත. කිසිම කෙනෙක් තවත් කෙනෙකුට සමාන නොවන සේ දරුවන්ටත් වෙන් වෙන් වුන ගති පැවැතුම් ඇති නිසා අල්ලපු ගෙදර දරුවා ලෙසින් නොව ඔබේ දරුවා තවත් සුවිශේෂී දරුවෙක් ලෙසින් ගොඩ නගා ගැනීමට උත්සාහ ගන්න.

ඔබේ ප්‍රියතම Facebook පිටුවේ Posts නොවැරදීම ඔබේ wall එකට ලබා ගන්නා ක්‍රමය මෙන්න

මොකක්ද මේ Explore Feed? මාක් සකර්බර්ග් හිතුනු හිතුනු වෙලාවට Facebook එකේ newsfeed එක වෙනස් කරනවා. ඒ විදියට Facebook ළඟදීම සිදු කල වෙනස තමයි Explore Feed. මේ වෙනස නිසා, ඔබේ Facebook newsfeed එකේ දැන් ඔබට පේන්නේ ඔබේ මිතුරන් සහ ඔබ සාමාජිකත්වය දරන සමූහ (Groups) වලින් පල වෙන posts පමණයි. මෙතෙක් කලක්, Parenting.lk Facebook පිටුවෙන් ඔබේ newsfeed එකට ලැබුණු සියලුම posts, දැන් යන්නේ Explore Feed එකට. කවුරු හරි අපේ article එකක් එයාගේ wall එකේ share කලොත් විතරක්, අපේ post එක එයාගේ යාලුවන්ගේ newsfeed එකට යාවි.

Explore Feed කියන්නේ, ඔයාගේ Facebook App එකේ තියෙන මෙන්න මේ රොකට් එකක් වගේ සලකුණ.

 

Explore Feed රොකට් එක උඩ click කිරීමෙන් පස්සේ ඔයාට පුළුවනි ඔයා like කරලා තියෙන pages වලින් එන posts බලන්න.

හැබැයි ඔබ කැමති නම් අපේ page එකේ අලුත්ම ලිපි නොවැරදීම ඔබේ wall එකට ලබා ගන්න ක්‍රමයක් තියෙනවා.

මෙන්න මේ පියවර කිහිපය අනුගමනය කරන්න.

මුලින්ම, ඔබේ Facebook App එකෙන් අපේ Parenting.lk පිටුව search කරලා අපේ පිටුවට යන්න. අපේ Facebook පිටුව ඔබ විසින් Like සහ Following කර ඇති බව තහවුරු කර ගන්න. Like සහ Following buttons දෙක නිල පාටින් highlight වෙලා තියෙන්න ඕන.

දැන්, Following button එක ටිකක් දිගට (තත්පර දෙකක් විතර) press කරගෙන ඉන්න.

ඔබට මේ වගේ screen එකක් පෙනෙයි. පෙනෙනවද “Default” කියන button එක නිල් පාටින් highlight වෙලා තියෙනවා?

 

දැන් ඔබ “See First” කියන button එක උඩ touch කරන්න.

“See First” button එක නිල් පාටින් highlight වෙලා ඇති බව තහවුරු කර ගන්න.

දැන් “Get Notifications” කියන button එකත් On කර ගන්න.

එපමණයි!

මින් පසු Parenting.lk page එකෙන් post කරන අලුත්ම posts ඔබේ newsfeed එකට කෙලින්ම ලැබේවි.

මේ පියවර අනුගමනය කල බව අපට දැනගන්න, මේ ලිපියේ පහල comment එකක් දෙන්න.

මෙතෙක් කලක් අප හා රැදී සිටි අපේ හිත මිතුරු පාඨකයන්ට අපි ගොඩාක් ආදරෙයි!

“එක්ස්ප්ලෝර් ෆීඩ්” නිසා අපේ බොහෝ ලිපි ඔබේ wall එකේ දිස් නොවනවා ඇති. විනාඩියක් වැය කර මේ වීඩියෝව නරඹා, නොවැරදීම අපේ අලුත්ම ලිපි ඔබේ wall එකට ගෙන්වා ගන්නා අයුරු පිලිබඳ දැනුවත් වෙන්න.

මදුරුවන්ගෙන් දරුවන් රැකගන්න අලුත් ක්‍රමය ගැන ඔයාලටත් දැනගන්න ඕනෙද?

අම්මා කෙනෙක්ට දරුවෙකු තරම් වටින සම්පතක් ලෝකේ කොහෙවත් නැ. ඉතිං මේ ලෝකේ ඕනෙම අම්මා කෙනෙක්ම උත්සාහ කරන්නේ නිදුක් නිරෝගී පැහැබර ජිවිතයක් දරුවන්ට උරුම කරලා දෙන්න. ඒත් එක එක ලෙඩ රෝග හේතුවෙන් දරුවෝ පීඩා විඳිද්දී මව්පියන් හරියට අසරණ වෙනවා.  ඒ නිසාම හැම වෙලේම තමන්ගේ දරු පැටියව අනතුරකින් වළක්වාගන්නේ කොහොමද කියලා එයාලා කල්පනාකාරී වෙනවා. ඩෙංගු කියන්නෙත් ඒ වගේ මව්වරුන් බියට පීඩාවට පත් කරන තත්ත්වයක්. පොඩ්ඩක් හිතන්න තමන්ගේ දුව හරි පුතා හරි මෙන්න මේ වගේ දෙයක් කිව්වොත් අම්ම කෙනෙක්ට මොනවා නොහිතෙයිද කියලා.

අම්මා, අනේ මගේ කකුල් දෙකම කසනවා…

කකුල් කසනවා? ඒ ඇයි චූටි දෝණි, කෝ බලන්න… හානේ පලු දාලා, රතු වෙලා. කසන්න එපා තුවාල වෙයි..

අම්මා මොන්ටිසෝරියේ මදුරුවෝ ගොඩක් ඉන්නවා. ඩෙස්ක් එක යටින් ඇවිත් අපේ කකුල් කනවා. එතකොට කසන්න ගන්නවා.

ඉන්නකෝ මම හෙට උදේට ටීචර් හම්බෙලා බලන්නම්. දැන් අපි වොෂ් එකක් දාලා කෑම කමුකෝ.

චුටි දුවට එහෙම කීවට නිෂානි දුවගේ ඇඟ පත හෝදලා කෑම කැව්වේ හිතේ ලොකු දෙගිඩියාවකුත් එක්ක. ගෙදරදී නෙට් දාලා ජනෙල්වලට දැල් ගහලා මදුරුවෝ එන එක කොයි විදියකින් හරි නතර කරගෙන දරුවෝ පරිස්සම් කරගත්තට කිසිම වැඩක් නෑ නේ, ගෙදරින් එලියට ගියාම දරුවගෙ කකුල් දෙකම මදුරුවෝ කනවා. ලොකු දුවගෙනුත් අහන්න ඕනේ, ඉස්කෝලේ මදුරුවෝ ඉන්නවද කියලා.

පහුවදා නිෂානි මොන්ටිසෝරියට ගියේ වෙනදා වගේ සතුටකින් නම් නෙවෙයි, ඒත් ටීචර් එක්ක මේ ගැන කතා කරන්න කලින් දුවගේ යාළුවගේ අම්ම එක්ක පොඩ්ඩක් කතා කරන්න ඇය හිතුවා.

ගුඩ් මෝනින් රමේෂා!

ගුඩ් මෝනින් ! ගොඩ දවසකින්…

ඉතිං කොහොමද? දුව අසාවෙන් එනවද මොන්ටිසෝරියට ?

අපෝ ඔව්, ගෙදර ගිය වෙලේ ඉදන්ම ඔයාගේ දුවයි එයයි කල වැඩ ගැන තමා කියවිල්ල.

අනේ මම මේ අහන්නමයි හිටියේ, මොන්ටිසොරියේදී මදුරුවෝ කනවා කියලා දුව කම්ප්ලේන් කරන්නේ නැද්ද ?

හ්ම්ම්  නැ  නැ … කොහොමත් මම එයාට මොස්කිටෝ රෙපලන්ට් ලෝෂන් එකක් ගාලා තමයි එවන්නේ… ඇයි අනේ බයයිනෙ , මේ ඩෙංගු පැතිරෙන විදිය ඇහුවම.

මොස්කිටෝ රෙපලන්ට් ලෝෂන් එකක් ? එහෙමද , මොකද්ද ඒක ?

ඔව්… මොස්ගාර්ඩ් එක.

අනේ ඉතින් මේ පුංචි දරුවන්ගේ හමට ප්‍රශ්නයක් නැද්ද ඒ ලෝෂන් එක ගාන එක?

පොඩි බබාගේ නම් මම ඇඳුමට, මේස් දෙකට තමා දාන්නේ. ඒත් ලොකු බබා දැන් අවුරුදු හයට වැඩි නිසා එයාගේ නම් ගාලා යවනවා. කිසිම නරකක් වෙලා නම් නැහැ.

මොකද මදුරුවට තියෙන මගේ බය නැති කරන්නේ මොස්ගාර්ඩ්..

ඒ නිසා තමයි මොස්ගාඩ් එකම ගන්නේ. මම කොහොමටත් වගකීමක් නැති දෙයක් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි කියලා ඔයා දන්නවනේ. මොස්ගාඩ් එන්නේ අපි දන්න කියන හේමාස් ආයතනයෙන්.

ඔන්න ඔයාගේ බය නැතිවෙන්න, හරියටම විස්තරේ කියන්නම්කෝ….

මේක කොළඹ විශ්ව විද්‍යාලයේ Science & Technology Cell  එකත් එක්ක එකතු වෙලා තමයි නිෂ්පාදනය කරන්නේ. ඇත්තටම ආරක්ෂාව පැත්තෙන් බය වෙන්න කිසිම දෙයක් නෑ. ඒ විතරක් නෙවෙයි, මුම්බායිවල  MASCOT SPIN CONTROL පර්යේෂණ මධ්‍යස්ථානයෙනුත් මොස්ගාර්ඩ් ලෝෂන් එක නිසා සමේ අසාත්මිකතා එන්නේ නැති බව සහතික කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයත් කියනවා පැය හයක් පුරාම දරුවන් මදුරුවන්ගෙන් රැකගන්න මොස්ගාර්ඩ් එකට පුළුවන් බව.

හරි හරී…. ඔන්න දැන්නම් හිතේ බයක් නෑ.

බය නැති වෙන්න තවත් දේවල් තියෙනවා ඕනේ නම් කියන්නම්.

ඒ මොනවද? කියන්නකෝ බලන්න.

හ්ම්ම්… හමේ ඇලර්ජි එන්නෙත් නැ. DEET කියන කෙමිකල් එකත් මේකේ නැ. තවත් විස්තර ඕනෙද?

අපෝ එපා.. මොස්ගාර්ඩ් එකම ගන්න ඕනේ ඇයි කියල දැන් හොඳට තේරෙනවා.

පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න, තව එක දෙයක් තියෙනවා…

මතක තියාගන්න, අපි බය වෙන්නේ ඕනේ, මදුරුවට මිසක් මදුරුවාගෙන් අපේ දරුවන්ව බේරගන්න මොස්ගාඩ් එකට නම් නෙවෙයි  ඔන්න…

වැඩි විස්තර සඳහා

ක්ෂණික ඇමතුම්  – (+94) 779 859 859

ඊ මේල් – consumercare@hemas.com

-මෙය MosGuard අනුග්‍රහයෙන් පළ කරන ලද ලිපියකි.-

 



කාලය මෙන්න මේ විදියට කළමනාකරණය කලොත් නරකද?

අපි හැම දෙනාම කාලය මනින්නේ ඔරලෝසු පැය අනුවයි. ඒත් සමහර උදවිය අනේ…අපිට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියද්දී තවත් සමහර අය හිතාගන්න බැරි  විදිහට කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද? ඉස්සර අපි කාලය රන් හා සමානයි කියපු අදහස වුනත් දැන් වෙනස් වෙලා තියෙන්නේ රත්තරන් උපයා ගැනීමට පුලුවන් වුනත් කාලය නැවත කිසිම දිනක ලබා ගැනීමට නොහැකි වීම නිසයි.එහෙමනම් අපි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද…?

කාලය නාස්ති වෙන්නේ කොහොමද සිතා බලන්න

ඔබ ගැන ඔබට වඩා දන්නා කෙනෙක් නැත. ඒ නිසා ජීවිතය දෙස ආපසු හැරී බලන්න. ඔබෙන් කාලය මොනතරම් නාස්ති වුනාදැයි ඔබටම සිතා ගත හැකියි. එයින් නවතිනන් එපා. කාලය අපතේ නොයවා උපරිම ලෙසින් ප්‍රයෝජන ගැනීමට එතැන් පටන් අනන්දු වෙන්න.

දිනපොතක් භාවිතා කරන්න

අද බොහෝ දෙනා දිනපොත් භාවිතා කරන්නේ වෙනත් සටහන් සහ දුරකථන අංක පිළිබඳව සටහන් තැබීමට වුනත් දිනපොතක් මගින් ඉතා සාර්ථක ලෙසින් වැඩ සැලසුම් කර ගත හැකියි. බොහෝ වැදගත් දේ අපට නොදැනීම අමතක වෙන්නේ ඒ ගැන අවධානයක් නොදැක්වීම නිසා බැව් ඔබ නොදන්නවා විය හැකියි. එහෙත් දිනපොතක් භාවිතා කරන්නේ නම් එයින් ඔබ නොදැනම හෙට දිනය සැලසුම් සහගත වෙනු ඇත.

වැඩ වෙනුවෙන් අනුපිළිවෙලක් ලබා දෙන්න

ඔබ දවසේ කරන වැඩ වෙනුවෙන් ප්‍රමුඛතාවය දෙන්න. අත්‍යවශ්‍ය, අවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන දේ අතරින් අතයවශ්‍ය දෙයට මුල් තැන දෙන්න. අනවශ්‍ය දේ වෙනුවෙන් එතරම් වැදගත්කමක් නොදුන්නත් , කාලය අනුව ඉඩක් ඇ‍ත්තේ නම් ඒ වෙනුවෙන්ද යොමු වීම වරදක් නැත.

කාලසටහනකට අනුව කටයුතු කරන්න

ජීවිතය සැලසුම් කිරීමට නම් ඔබ දවස සැලසුම් කිරීම ඉතාම වැදගත්. දවස සැලසුම් නොකොට ජීවිතය සැලසුම් කිරීම එතරම් සාර්ථක කටයුත්තක් නොවේ. මේ නිසා දවස වෙනුවෙන් කාලසටහනක් පිලියෙල කරගන්න. ඒ අනුව ඔබගේ කටයුතු නොදැනීම සැලසුමකට සහ පිළිවෙලකට සිදු වෙනු ඇත.

කාලය උපරිම ලෙසින් ප්‍රයෝජනයට ගන්න

කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් ඒ වෙනුවෙන් ක්‍රමෝපායන් සොයා ගන්න. එකතැන තිබෙන පෝළිමකට වඩා ගමන් ගන්නා පෝලිමක සිටින විට කාලය ඉතිරි කර ගැනීම පහසුය. ඒ නිසා දිගු පෝලිමක නැවතී සිටිනවාට වඩා පෝලිම ගමන් ගැනීමට පටන් ගන්නා කාලය, පෝලිම එතරම් දිගු නොවන අවස්තාවන් ගැන දැන හැදින ගැනීම ඉතා වැදගත්. නරගයට යන්නේ නම් කටයුතු දෙක තුනක් එකම දිනයකදී කර ගැනීමට හැකි පරිදි සැලසුම් සකස් කර ගන්න.

දවස ආවර්ජනය කරන්න

දවස ගෙවී ඔබ නිදාගන්නනට ගිය විට එදා දිනය ගැන ආපස්සට හැරී බලන්න. ඔබ නිකරුනේ මොන තරම් වේලාවක් කාලය ගත කළාද…? යම් කාර්යක් වෙනුවෙන් අනවශ්‍ය ලෙසින් කාලය මිඩංගු වුනාද….? මෙවැනි දේ පිලිබඳව ඔබටම තක්සේරුවක් ගොඩ නගා ගැනීම එතරම් අපහසු නැත. එසේ ගොඩ නගා ගත් තක්සේරුවට අනුව දවස ගෙවුන ආකාරයේ තිබෙන දුර්වලතාවයන් හෙට දිනයේ ඇති නොවන්නනට වග බලා ගැනීම අපහසු නැත.

නින්ද වෙනුවෙන් අනවශ්‍ය කාලයක් අවශ්‍ය නැත

අපේ ජීවිතයෙන් තුනෙන් එකක් පමණ කාලයක් අපි ගෙවන්නේ නින්දටයි. බොහෝ දෙනෙක් නින්දට බෙහෙවින් ඇලුම් කරති.නීරෝගී පුද්ගලයෙකුට දිනකට පැය පහක පමණ නින්දක් ප්‍රමාණවත් බව අපි දනිමු. බොහෝ දෙනෙක් උදේ අවදිවීමට දක්වන්නේ ඉතාම උදාසීනතාවයකි. උදෙන්ම අවදි වූ විට දවසේ කටයුතු වෙනුවෙන් ඇති වෙන්නේ ඉතාම උද්‍යෝගයකි. එම ජවය දවස පුරාම පවතින බැවින් ඔබ දවස උදෙන්ම ආරම්භ කරන්න. එවිට දවස ඉතාම ඵලදායී ලෙසින් ගත කළ බවට එබේ හිත ඔබටම සහතික වෙනු ඇත.