දෙමාපියන් වන ඔබේ කුසලතා දියුණු කර ගනිමු

උපතේ සිට දරුවකුගේ වර්ධනය කෙරෙහි වැඩිම බලපෑමක් ඇති කරන්නේ දෙමව්පියන් හා පවුලේ පරිසරයයි.යම් දිනක වැඩිහිටියකු වී ස්වාධින ජීවිතයකට හුරු වීමට හා සාර්ථක ජිවිතයක් ගෙවීමට අඩිතාලම වැටෙනුයේ දෙමව්පියන්ගෙනි. විශේෂයෙන් දරුවාගේ ජිවිතයේ මුල් අවධිය තුල දෙමව්පියන් දරුවා රැක බලා  ගන්නා  ආකාරය මෙහිදී විශේෂයෙන් වැදගත් වේ. මන්ද එය පසු කලෙක දරුවා ගේ ජිවන කුසලතා වර්ධනය කෙරෙහි බලපාන බැවිනි. අනවශ්‍ය ලෙස දරුවාට සැලකීමෙන් ඔහුට හෝ ඇයට  ස්වාධීනව ජිවත් වීමේ කුසලතා දියුණු කර ගැනීමට අවස්ථාව නොලැබේ. අනෙක් අතට දරුවාගේ  මානසික අවශ්‍යතා නොසලකා හැරීමෙන් පසු කලෙක අන් අය කෙරෙහි විශ්වාසය ඇති කර ගැනීමේ හැකියාව නොලැබීමද ඒ හේතුවෙන් යහපත් සබදතා ඇති කර ගැනීමේ හැකියාව දුර්වලවිමද සිදු වේ.

ජිවිතයේ මුල් අවුරුදු දෙක තුල දරුවා ඇති කර ගන්නා සම්බන්ධතා පසු කාලින ජිවිතයට බොහෝ සෙයින් වැදගත් වේ.මේ කාලය තුල දරුවාට නිවැරදිව තම අවශ්‍යතා ප්‍රකාශ කිරීම අපහසු බැවින් ඇඩ්ම හෝ හැසිරීම් මගින් අවශ්‍යතා ඉගි කරයි. දෙමව්පියන් හෝ වෙනත් වැඩිහිටියන් මෙය මේවා නිවැරදිව හදුනා ගෙන එම අවශ්‍යතා ඉටු කිරීම තුලින් දරුවා අන් අය ගැන විශ්වාසය ඇති කර ගනී . මෙම කාලය තුල මව හෝ වෙනත් විශ්වසදයී වැඩිහිටියකුගේ සමීප  බව දරුවාට අත්‍යවශ්‍යය.  ඒ තුලින් වැඩිහිටි ජීවිතයේදී ගුණාත්මක සබදතා ඇති කර ගැනීමේ හැකියාවට අඩිතාලම වැටේ .එම කාලය තුල මවගෙන් දුරස් වීම හෝ වරින් වර දරුවාට ඉතා සමීප පුද්ගලයා වෙනස් වීම පසු කලෙක අවේග පාලනය කිරීමේ හා යහපත් අන්තර් සබදතා ඇතිකර ගැනීමේ ගැටළු වලට හේතු විය හැකියි.

දරුවකුගේ මොලයේ වර්ධනය ඉතාමත්ම ශීග්‍රයෙන් සිදු වන්නේ ජිවිතයේ පළමු අවුරුදු හතර තුලය. එබැවින් මේ කාලය තුල දරුවාට බාහිර පරිසරයෙන් ලැබෙන උත්තේජන ඉතාමත් වැදගත් වේ. මේ අවධිය තුල දරුවා වෙනුවෙන් දෙමව්පියන්ගේ කාලයෙන් වැඩි කොටසක් වෙන් කිරීම අත්‍යවශ්‍යය. දෙමව්පියන්ට ඒ සදහා කාලය ගත කිරීම අපහසු නම් දරුවා බලා  ගන්න පුද්ගලයා ඒ පිලිබදුව දැනුවත් කර හැකි පමණ දරුවා වයසට ගැලපෙන ක්‍රියාකාරකම් වලට යෙදවීම සුදුසුය.

දරුවන් වැඩෙන විට ඔවුන් ක්‍රමයෙන් විනයානු කූලව හැඩ  ගැස්වීම අවශ්‍ය වේ. මේ සදහා දෙමාපියෝ  විවිධ ක්‍රම අනුගමනය කරති.මුලික වශයෙන් එබදු ක්‍රම හතරක් විස්තර කර ඇත.

සමහර දෙමාපියෝ දරුවන් සම්බන්ධයෙන් ඉතා තද නීති අනුගමනය කරති. දරුවන් එම නීති ප්‍රශ්න කිරීමකින් තොරව පිලි පදී යයි බලාපොරොත්තු වෙති. දරුවන්ගේ අදහස් වලට කන් නොදේ.දරුවාට හොද නරක කියා දෙනු වෙනුවට දඩුවම් කිරීමට නිතර පෙළබේ.දරුවාට ආදරය දක්වන්නේ කලාතුරකිනි. නමුත් අනෙකුත් භෞතික අවශ්‍යතා ඉටු කර දේ . මෙබදු පරිසරයක හැදෙන දරුවෝ පසු කලෙක පවා නීති ඉතා නිවැරදිව පිළිපැදීමට පෙළබේ.නමුත් ඔවුන්ට ආත්ම ශක්තිය පිළිබද ගැටළු ඇති විය හැක. දරුණු ගතිගුණ ඇති විමට පුළුවන.  එසීම දැඩි දඩුවම් මග හැරීමට බොරු කීමට පෙලබෙති.

සමහර දෙමව්පියෝ දරුවාට හැකි පමණ ආදරය කල යුතු යයි විශ්වාශ කරති. නීති පනවන්නේ කලාතුරකිනි. නීති  පැනෙව්වත් බොහෝ විට එය ක්‍රියාත්මක නොවේ. දරුවාගේ හිත රිදෙ යයි බියෙන් දරුවා කරන ඕනෑම දෙයක් අනුමත කරති. දරුවා කරන ඕනෑම වැරැද්දකට දඩුවම් දෙති. මෙබදු පරිසරයක හැදෙන දරුවෝ බොහෝ විට පාසල හෝ පෙර පාසැල තුල හැසිරීමේ ගැටළු පෙන්නුම් කල හැක.ඊට හේතු වන්නේ නීති පද්ධතියකට අනුගත වීමට ඔවුන්ට හුරුව නැති බැවිනි.

දෙමව්පියන්ගෙන් සමහර කොටසක් දරුවන් ගැන අවශ්‍ය පමණ සොයා නොබලති.උදාහරණ ලෙස දරුවා ගේ පාසැල ගැන , ගෙදර වැඩ ගැන සොයා නොබලති. දරුවන් ආශ්‍රය කරන්නේ කවුදැයි නොදනිති. දරුවා සමග ප්‍රමාණවත් තරම් කාලය ගත නොකරති. දරුවා වෙනුවෙන් නීති පැනවීමට නොවෙහෙසෙති. දරුවන්ගේ කායික මෙන්ම මානසික අවශ්‍යතා කෙරෙහි සැලකිල්ලක් නොදක්වති .මෙබදු පරිසරවල හැදෙන දරුවන් බොහෝවිට අඩු ආත්ම ශක්තිය ,ඇත්තෝ වෙති.එමෙන්ම ඔවුන්ට අද්යාපනික ගැටළු ඇති වීමේ වැඩි අවධානමක්ද ඇත. බොහෝවිට හැසිරීමේ ගැටළු ඇති අතර වැඩිපුර අසතුටින් කල් ගෙවති.

ඇත්තෙන්ම දරුවකුට වඩාත්ම හිතකර  යයි සැලකෙන්නේ Authoritative parenting style ලෙස හැදින්වෙන දෙමාපිය කුසලතාවයයි. එවැනි දෙමව්පියෝ තම දරුවා සමග හොද සබදතාවක් පවත්වා ගැනීමට නිතරම සැලකිලිමත් වෙති. ආදරය පෙන්වනවා මෙන්ම නිත් පද්ධතියක් ක්‍රියාත්මක කෙරෙති. නීති පනවන්නේ ඇයිදැයි දරුවාට විස්තර කර දී. එමෙන්ම දරුවාගේ හැගීම් වලටද සංවේදීය. දරුවන්ට ඔවුන්ගේ අදහස් පල කිරීමට අවස්ථාව ලබා දේ.දරුවාට තම ක්‍රියාවන් තුලින් එහි විපාක හදුනා ගැනීමට අවස්ථාව ලබා දෙනවා මෙන්ම හොද ක්‍රියා අගය කිරීමෙන් ඔවුන්ට නිසි මග පෙන්වීමටද නිරතුරුව වෙහෙසෙති. මෙබදු පවුල් පරිසරයක හැදෙන දරුවෝ ජිවිතයේ නිවැරදි තීරණ ගත හැකි , හොද ආත්ම ශක්තියක් ඇති වන අතර පසු කලෙක සාර්ථක ජිවිතයක් ගත කරති.

ඉහත විස්තර කල ක්‍රම වලට අමතරව සමහර අවස්ථාවල එකම පවුලේ  වැඩිහිටියන් විවිධ ආකාර වලට දරුවාට සලකනු අපි දැක ඇත්තෙමු.එනම් මව තද නීති අනුගමනය කරන අතර පිය දරුවාට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට ඉඩ දෙන අයෙක් ආදී වශයෙනි, නමුත් මෙය දරුවාට අහිතකර වන අතර දරුවාගේ හැසිරීමේ ගැටළු ඇති වීමට හේතුවක් විය හැකියි.

දරුවකුගේ උපතේ සිට වැඩිහිටියෙකු ලෙස ස්වාධින ජිවිතයක් අරබන තෙක් දේමව්පියන් මත ඉතා දැඩි වගකීමක් පැවරී තිබේ. දෙමව්පියන් දරුවා කෙරෙහි දැක්විය යුතු ආකල්ප ගැන ඉහත පරිදි හොද අවබෝධයක් ලබා තිබීම හා තමා තුල ඇති අහිතකර පුරුදු වෙනස් කර ගැනීමෙන් ඔබේ දරුවාගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබට උපකාරී විය හැකියි.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

වැඩිහිටි ඔබේ “රට මානසිකත්වය” දරුවන්ගේ අභිමානය ගිල ගන්නේ මෙහෙමයි

අද අපේ නව යොවුන් දරුවන්ගේ තිබෙන්නේ විදේශගතවීමේ මානසිකත්වයක් යැයි කිව්වොත් එය වඩාත් නිවරැදියි. ඔවුන්ගේ ආකල්පය වී තිබෙන්නේ ලංකාවේ සිටියොත් අනාගතයක් නැති බවයි. ඒත් ඔවුන්ගේ මව් දෙමව්පියන් ඔවුන්ගේ අනාගතය හදා ගත්තේ මේ රටේ බව සඳහන් කළ විට දරුවන් කියන්නේ ඊට වඩා ඉදිරියට තමන් යා යුතු බවයි. මේ මානසිකත්වය නිසා ඔවුන් විදේශගතව දෙවැනි ජාතියක් විදිහට ජීවත්වීමට පටන් ගන්නවා. ඒත් දරුවන්ට අපේ අනන්‍යතාවය,අභිමානය තුළ ජීවත්වීමේ වැදගත්කම දරුවන්ට බාල කාලයේ පටන්ම කියා දීම ඉතාම වැදගත්.

අපේ රට යන සංකල්පයන් ගැන කියා දෙන්න.

බාල කාලයේ පටන්ම දරුවන්ට අපේ රට . ජාතිය. ආගම යන සංකල්පයන් ගැන වඩාත් අවධානයක් දක්වන්න. අද දෙමව්පියන් අතරත් තිබෙන්නේ රට මානසිකත්වයක් පමණයි. ඔවුන් වුනත් අපේ රට ගැන හැඟීමක් දරුවන්ට ඇති කරන්නෙත් නැහැ. රට තිබෙන විසිතුරු සැප සම්පත් මවල ඔවුන්ගේ මොළය තුලින්ම අපේ රට ජීවත්වීමට සුදුසු නැතැයි යන මානසිකත්වය ගොඩ නගනවා. ඒත් එදා අපේ අම්මලා අත්තම්මලා අපිට කියා දුන්නේ අපේ රට තරම් ජීවත්වීමට සුදුසු රටක් තවත් නැති බවයි. කොටින්ම එදා පාසල්වල පවා උදේට ගායනා කරනු ලැබුවේ “ලෝකෙන් උතුම් රට ලංකාවයි…” යන ගීතය බව සමහර අම්මලා තාත්තලාට මතක ඇති.

ළිං මැඩියෝ වෙන්නේ නැහැ.

පිටරටවල විසිතුරු සිරි නොදුටුවහොත් ඔවුන් ළිං මැඩියන් විදිහට සලකනවා. ඇත්තටම ලෝකයට ඇස් විවර කලාට කිසිම ගැටලුවක් නැහැ. අද ලෝකයම විශ්ව ගම්මානයක්. මේ ගම්මානයේ පුංචි තිතක් වගේ හිටියට අපේ රටටත් වටිනාකමක් තිබෙනවා. ඒ නිසා ලෝකයේ සංචාරයේ යෙදීමත්, ඒ රටවලට ගොස් රැකියාවන්හි නිරත වීමත් කිසිම වැරැද්දක් නැහැ.

ජාතිකාභිමාන ගී, කවි කථාන්දර කියා දෙන්න.

ඉස්සර කාලයේ බාල දරුවන්ට නිතරම කියා දුන්නේ අපේ රටේ මද්දුම බණ්ඩාර, පුරන්අප්පු වැනි වීරවරයන් ගැනයි. ඒ වගේම දරු නැලවිලිවලිනුත් ගැයුනේ ජාතිකාභිමානයයි. ඒ නිසා දරුවන්ගේ හිතේ මේ සංකල්ප තදින්ම පැවැතුනා. අද දරුවන්ට මේ වීරවරයන් ගැන කිසිම දැනුමක් නැති වුනත් ඔවුන් ලෝකයේ සිටින වෙනත් චරිත ගැන ඉතාම හොදින් දන්නවා. ඒ බොහෝ දේවල් දරුවන් සොයා ගන්නා දේ බව ඇත්ත. ඔවුන් ඒ තැනට පත් වෙන්නේ මව්පියන්ගෙන් අපේ ඉතිහාසයට ගැන කිසිම දැනුවත් බවක් නොලැබෙන නිසයි. ඒ නිසා ඔබ නිතරම දරුවන්ට අපේ අනන්‍යතාවය ගැන කරුණු කාරණාවන් ඉතා රසවත් සේ අතීතයට ගලපා ගෙන කියා දෙන්න.

අතීතය ගැන කියමින් සිටීම නිෂ්ඵල නැත.

සාමාන්‍ය ජීවිතයේදී නම් අතීතය ගැන මෙනෙහි කිරීමට වඩා අනාගතය වෙනුවෙන් වර්තමානය සකසා ගත යුතු බව සැබෑ වුනත් උරුමයන් පිලිබඳව නම් ඒ තත්වය එතරම් සාධාරණ නැහැ. අපිට කියා සාඩම්බර අතීතයක් තිබුන බව දරුවන්ට කියා දෙන්න. අද ලෝකයේ දියුණු වාරි කර්මාන්ත දෙස බලන විට අපේ පොලොන්නරු රාජධාණියේ කුට්ටම් පොකුන වැනි නිර්මානවලින් ලැබෙන ආභාෂය කියා දෙන්න.රුවන්වැලි සෑය, පොලොන්නරුවේ ගල් විහාරය, අව්කන බුදුපිලිමය, සොරබොරවැව වැනි නිර්මානයන්හි ඇති අපුර්වත්වය ඔවුන්ට පෙන්වන්න. එවිට අපේ අතීත උරුමය මොනතරම් සාඩම්බරද යන්න දරුවන්ගේ හදවතටම ඒත්තු ගැනෙනු ඇත.

නිදහස් දින කටයුතුවලට දරුවන්ද  සම්බන්ධ කරගන්න.

කුමන හෝ වාසනාවකට මෑතක සිට නිදහස් දිනය වෙනුවෙන් අපේ හැම නිවසකම ජාතික කොඩියක් ඔසවා තැබීම සිරිතක් බවට පත්ව ඇත. ජාතික ධජයකින් පිළිඹිමු වෙන්නේ රටක ජාතික අභිමානයයි. ඒ නිසා අල්ලපු ගෙදර කොඩියක් ඔසවන ලද නිසා ඊට වඩා දිගින් පලලින් යුක්ත කොඩියක් ඔබගේ  නිවසේ එසැවිය යුතු නැත. ඒ වගේම කොඩියක් මිළදී ගන්නා විට එහි ප්‍රමිතිය ගැන සලකා බලන්න. මෙහි ප්‍රමිතිය යනුවෙන් අදහස් කරන්නේ එය නිර්මානය කරන ලද රෙදි වර්ගය නොව එහි තිබෙන අපේ සලකුණු සහ වර්ණ නිසි පරිදි ගලපා තිබේද යන්නයි.

එහිදී මෙම කටයුත්ත වෙනුවෙන් දරුවන්ද සම්බන්ධ කර ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම කොඩිය ඔසවන විට එහි ගරුත්වය ගැන සලකා බලන්න. ඇතැම් අවස්ථාවන්හිදී ගසක අතු අගක ජාතික කොඩිය එල්ලා තබන අවස්තාවන් ඇත. එසේ නොමැතිව නිවසේ ඉහලින්ම ගරුත්වයක් ඇති වෙන සේ මෙන්ම සිංහයා යටිකුරුව නොසිටින සේ කොඩිය ඔසවා සිටිමට කටයුතු කරන්න.

ජාතික කොඩියට කළ යුතු බුහුමන්.

ක්‍රිඩා තරඟ ඉසව්වලදී ජය ලද විට ජාතික කොඩිය පොරවා ගෙන නැටීම එතරම් යෝග්‍ය නොවන බව දරුවන්ට කියා දෙන්න. මුහුණේ ජාතික කොඩියේ ස්ටිකර් අලවා ගැනීම වැනි දෙයින් එහි සම්මානනීයත්වයට එතරම් සුදුසු නැත. කුඩා දරුවන්ට මෙවන් ආදර්ශ ලබා දෙන වැඩිහිටියන් ඒ ගැන සැලකිලිමත් වීම වඩාත් උචිතයි.

ජාතික ගීතය ගායනා කරන විට.

ජාතික ගීතය ගායනා කරන විට සිටගත යුතු පිළිවෙල මෙන්ම එහි අභිමානයට ගැලපෙන සේ  අභිමානයෙන් ගීතය ගැයෙන මිනිත්තු තුනක් වැනි කෙටි කාලය ගත කළ යුතු බව අවධාරනයෙන්ම දරුවන්ට කියා දෙන්න.අපේ රටේ ජාතික ගීතය ගායනා කිරීමේදී කිසියම් වැරැද්දක් සිදු වුනත් ඒ පිළිබඳව නීති රීති නැතැත් මෙක්සිකෝවේ ජාතිකයන් ජාතික ගීයට දක්වන්නේ අසීමිත ගෞරවයකි. ජාතික ගීතය වරදවා ගායනා කිරීම නීති මගින් දඩුවම් ලැබිය යුතු වරදකි. වරක් මෙක්සිකෝවේ බොක්ෂිං තරගාවලියක් ආරම්භ කිරීමට පෙරාතුව ඒ වෙනුවෙන් මුල පිරීමට පොප් ගායක “ජෝර්ග් මුනිස්” ට මයික්‍රෝපෝනය භාර දෙන ලදී. අවාසනාවකට මෙන් ඔහුට ජාතික ගීතය ගායනා කිරීමේදී වැරැදද්ක් සිදු වුයෙන් එරට අධිකරණය විසින් පෙසෝ මිලියනයක දඩයක් මෙම ගායකයාට නියම කළ අතර මින් ඉදිරියට ජාතික ගීතය නිවරැදිව ගායනා කිරීමට ඔහුට උපදෙස් දෙන ලදී.

චටාස් පටාස් මොකද්ද ඒ සද්දේ…?

එදා අපේ නවාතැන උනේ ගස් කොලන් වැඩිපුර තියෙන පළාතක්. ටික ටික හවස් වෙද්දී මේ හැම ගෙදරකින්ම වගේ මෙන්න මේ විදියට සද්ද ඇහෙන්න පටන් ගත්තා. එක පාරටම වගේ සැරින් සැරේ ඇහෙන මේ සද්දෙත් එක්ක රෑ තිස්සේ ගැස්සී ගැස්සී ඇහැරුණා මිසක් නින්දක් ලැබුනෙම නැ. අපි එලිවෙනකන්ම බලන් හිටියේ මේ සද්දේ මොකද්ද කියලා දැනගන්න ඉවසිල්ලක් නැතිව.

චටාස් පටාස් කියලා විටින් විට ඇහුනු මේ සද්දේ පාන්දර වෙන්න ලංවෙද්දි පොඩ්ඩක් අඩු උණා. එතනින් පස්සේ තමයි අපේ ඇස් පියවුණේ. ඒත් වැඩි වෙලාවක් නිදා ගන්න ලැබුනේ නැ. මොකද නවාතැනේ හිමිකරු ඇවිත් අපිව ඇහැරුවා.

සමාවෙන්න ඕනේ මහත්තයෝ… මහත්තයලගේ වැඩේට පරක්කු වෙයි කියලයි කතා කලේ…

හා… ඒකට නම් කමක් නැ. මේ එළිවෙන්න තමයි අපෙත් ඇස් පිය උනේ.

හැබෑටම මහත්තයෝ… උන් මහත්තයලට නිදා ගන්න දුන්නෙත් නැද්ද?

කවුද ලොකු උන්නැහේ…

මේ පළාතේ කාටවත් හරි හැටි නින්දක් නෑ උන් නිසා. දවල් දවසේ දරුවෙක් එළියට පහලියට යවන්න බයයි උන් බෝ කරන භයානක ලෙඩේ නිසා.

මට තේරුනේ නෑ ලොකු උන්නැහේ කියන දේ… කවුරු ගැනද මේ කියන්නේ?

මදුරුවෝ මහත්තයෝ මදුරුවෝ…!

එතකොට වටෙන් පිටෙන් දිගටම ඇහුනේ මදුරුවෝ තලන සද්දේද?

අපේ නින්ද කැඩුනේ මදුරුවෝ නිසා නෙවෙයි.

එහෙනම් මහත්තයෝ?

අපේ නින්ද කැඩුනේ “චටාස් පටාස්” කියල මේ  මදුරුවෝ තලන සද්දෙට.

මොනවා..! එක මදුරුවෙක්වත් හිටියේ නැද්ද?

කෝ කොහෙද? මදුරුවෝ අපි ළඟට එන්නේ කොහොමද උන්නැහේ, අපි ළඟට එයාලට ලංවෙන්න තියා හිතන්නවත් බැ.

ඒ කොහොමද ඒ?

අපි පොඩි මැජික් එකක් දන්නවා. එක්කන් එන්නකෝ හැමෝම… අපි කියල දෙන්නම් මදුරුවා එලවන මැජික් එක.

ඔන්න හොඳට අහගන්න, මදුරුවන්ගෙන් බේරෙන්න කරන්න තියෙන්නේ මෙන්න මේ බෝතලෙන් ටිකක් අරගෙන ඇඟේ ගාගන්න එක විතරයි.

මේ මොකද්ද මේ?

මේක තමයි “මොස්ගාර්ඩ්” කියන්නේ, පැය හයක් තිස්සේ ලොකු පොඩි කවුරුත් මදුරුවන්ගෙන් බේරගන්න මොස්ගාර්ඩ් එකට පුළුවන්.

හැබෑට,

නැතුව, මේ අපි නෙවෙයි කියන්නේ… මොස්ගාර්ඩ් ගෑවම පැය හයක්ම මදුරුවන්ගේ කරදර වෙන්නේ නැ කියල කියන්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන්. ඒ විතරක් නෙවෙයි… හමේ අසාත්මිකතා ඇති වෙන්නේ නැති බවට මුම්බායිවල MASCOT SPIN CONTROL පර්යේෂණ මධ්‍යස්ථානයත් සහතික කරනවා. කොළඹ කැම්පස් එකේ Science & Technology Cell  එකයි අපි කවුරුත් දන්න කියන හේමාස් ආයතනයයි එකතු වෙලා කරන දෙයක් නිසා විශ්වාසය 100%ක්ම තියාගන්න පුළුවන්. DEET කියන අහිතකර රසායන මොස්ගාර්ඩ් එකේ අඩංගු නැති නිසා බය වෙන්න කිසිම හේතුවක් නෑ.

තව මොනවත් මේ ගැන දැනගන්න තියෙනවද?

එතකොට පුංචි දරුවන්ට?

බය වෙන්න එපා. මොස්ගාර්ඩ්වලින් පුංචි දරුවනුත් මදුරුවන්ගෙන් බේරගන්න පුළුවන්. දරුවාගේ වයස අවුරුදු හයට අඩු නම් විතරක් ඇඳුමේ කොනක පොඩ්ඩක් තවරන්න. එතකොට එයා ළඟටත් මදුරුවෙක් නම් එන්නේ නෑ.

මොස්ගාර්ඩ් එක්ක එකතු වෙන්න, රෑ තිස්සේ චටාස් පටාස් කියලා තමන්ටම ගහගන්න පුරුද්ද නතර කරගන්න.

-මෙය MosGuard අනුග්‍රහයෙන් පළ කරන ලද ලිපියකි.-

 



ස්මාර්ට් දුරකථනය ඔබේ දරුවාටත් මෙවැනි ඉරණමක් අත් කළොත්….?

ස්මාර්ට් ෆෝන් එකයි ඉන්ටර්නෙට් එකයි මේ වෙද්දී අම්මලා තාත්තලට වගේම පොඩි දරුවන්ටත් නැතිවම බැරි දෙයක් වෙලා. බොහොමයක් නිවෙස්වල ඉන්ටර්නෙට් භාවිතය සිමා කළත් ඇතැම් ගෙවල්වල නම් ඒ ගැන වැඩි තැකීමක් නැ. ඒ නොතැකීම අපේ දරුවන්ට කොයි කොයි විදියට බලපායිද කියලා දැන් නම් හිතන්නම වෙනවා. මොකද අවුරුදු නවය දහය වෙද්දී ටිකෙන් ටික සමාජයට විවර වන අපේ දරුවන්ට කුතුහලය දනවන කරුණු කාරනා වැහිවහලා. මේ විදියට ලියන්න හේතු වුනේ පාසලක සිදු වුණා කියපු කතාවක් අහන්න ලැබුණු නිසයි.

මේ පුංචි දරුවා එයාගේ යාළුවා එක්ක කියපු කතාව මේ ලිපියෙ සටහන් කරන්න අපහසුයි. ඒත් ඒ දරුවා ගැහැනියක හා පිරිමියෙකු අතර ඇති වුණු ලිංගික සිදුවීමක් අම්මගේ දුරකථනයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා නරඹලා තිබුණා. ඒ විතරක් නෙවෙයි බොහොම අසාවෙන් පැහැදිලිව යහළුවන් සමග ඒ ගැන පවසා තිබුණා.

ඔවුන් සමුගෙන තිබුනේ  “තව ගොඩක් දේවල් තියෙනවා ඉන්ටර්නෙට් එකේ, ඔයා අපේ ගෙදර ආවම අම්මගේ ෆෝන් එකෙන් කාමරේට වෙලා අපි ඒවා බලමු” යන ආරාධනයත් එක්කමයි. මේ කතා බහ එළියට ආවේ එතන හිටිය එක දරුවෙක් ඒ ගැන  තමන්ගේ අම්මට කියපු නිසයි.

දරුවෙක් මේ වගේ තත්වයකට නිකන්ම යොමු වෙන්නේ නැ. ඒ එක්කෝ කාගේ හරි මග පෙන්වීමක්වත් තිබිය යුතුයි. අන්තර්ජාලයට පිවිසුණු පමණින් මෙවැනි දේ නැරඹිය නොහැකි බව ඔබත් මමත් දන්නා කරුණක්. එක්කෝ කාගේ හෝ උපදෙසක් මත මේ දරුවා අදාළ වීඩියෝ සහිත ලින්ක් එකක් දැනගෙන තිබිය යුතුයි. මෙන්න මේ කරුණු මත දරුවෙක් කතා බහ කරන්නේ කා සමගද? මොනවාද ? ඔවුන් සම වයස් යහළුවන්  පමණක් නොව වයසින් වැඩි යහළුවනුත් ඇසුරු කරනවාද? ඔබේ ස්මාර්ට් දුරකතනයේ ඔවුන් කුමක් කරනවාද යන්න සිතා බැලිය යුතුය.

ඉතිං කතාව තවම ඉවර නැ… මේ ආරංචිය ලැබුණු අම්මා එයාලගේ අනෙත් යාලුවන්ගේ අම්මලටත් මේ කතාව කිව්වා. කොහොම හරි මෙන්න මේ විදියට පාසලටත් මේ කතාව ආරංචි උණා. ප්‍රශ්න කෙරුණා, අර දරුවට දඬුවම් ලැබුනා. තමන්ගේ වටපිටාවේ ලැජ්ජාවටත් අසරණ බවටත් පත් උණු මේ දරුවා අද වෙනකොට ඉන්නේ කාමරේක මුල්ලට වෙලා. එයා කිසිකෙනෙක් හමුවට එන්න කැමති නැ. මුල් දින කීපයේ පාසැල් ගියත් කිසිම යාලුවෙක් එයාව පිළිගන්න සුදානම් උනේ නැ. මේ හේතු නිසා ඒ දරුවා ලොකු මානසික පීඩනයකට ලක් වෙලා ඉන්නවා. ඒ සඳහා ප්‍රතිකාරවලටත් යොමු වෙනවා.

ඉතිං හිතන්න, මේ දරුවාගේ ජීවිතය කොයි තරම් නම් දුක්ඛිත තත්වයකට ඇද වැටිලද කියල. ඒ දරුවා කොයි තරම් නම් අසරණද කියලා. ඔබේ දරුවා මේ තත්වයට පත් වෙන්න කලින් මේ ගැන හිතන්න ඕනේ නේද?

සමහර දෙමව්පියන්ගේ වැඩවලට දරුවාගෙන් වෙන බාධාවන් මග හැරගන්න මේ ස්මාර්ට් ෆෝන් එකෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මිසක් කාමරේට වෙලා දොරත් වහගෙන දරුවා ෆෝන් එකෙන් බැලුවේ මොනවද කියලා දෙමව්පියන් දන්නෙත් නැ. පුංචි දරුවෙක්ට එයාල නොදන්නා අමුතු දෙයක් දැක්කම විටින් විට ඒවා බලන්න උත්සහ කරන එක අරුමයක් නෙවෙයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ ළමා හා යොවුන් මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථීකාචාර්ය ඒ වගේම රාගම උතුරු කොළඹ ශික‍ෂණ රෝහලේ ළමා සහ යොවුන් මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතාගේ මේ වයස් සිමාවන්ගේ සිටින දරුවන් ගැන මව්වරුන් දැනුවත් කිරීම උදෙසා සකස් කෙරුණු ලිපියක මේ විදියට සටහන් වෙලා තිබුණා.

“ඇත්තටම කිව්වොත් අවුරුදු 9 – 12 වගේ වයසක දරුවෙක් හරි වැරැද්ද සම්පූර්ණයෙන්ම වටහා ගන්න සමත් නැහැ. මිනිසෙකුගේ තීරණ ගැනීම හා තර්කානුකූලව සිතීම සඳහා අවශ්‍ය වන මොළයේ ඉදිරිපස පිහිටි පූර්ව මස්තිෂ්කය සහ limbic පද්ධතිය සම්පූර්ණයෙන්ම වර්ධනය වීමට අවුරුදු  20 කට වඩා වැඩි කාලයක් ගත වෙනවා. limbic පද්ධතිය හරහා හැඟීම් මුල්කරගනිමින් ක‍ෂණික තීරණ ගැනීම සිදු වෙනවා. අන්න ඒ නිසාමයි වයස අවුරුදු 20ක් පමණ වෙනතුරු සිරුරෙන් යම් පුද්ගයයෙකු වර්ධනය වුවත් මානසින් වර්ධනය වී නැහැ කියන්නේ. අන්න ඒ නිසාම මෙම වයස් සිමාවන්ගේ දරුවෙකුගේ මොළයට ලැඛෙන අයහපත් උත්තේජන නිසා අයහපත් ස්නායු සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් තීරණ ගැනීමේදී වැරදි නිවැරදි බව හිතන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්නේ හැඟීම්වලට මුල් තැන දීලා. පරිණත නොවූ මොළයක් මගින් ප්‍රමුඛත්වය ලබාදෙන්නේ හැඟීම්වලට. නිසි මග පෙන්වීම වගේම ආරක්ෂාව නොලැබෙන මේ වයස් සිමාවන්හි සිටින දරුවන් බොහොමයක් වැරදි වෙත යොමු විය හැකියි. පෙම් සබඳතා/මත්ද්‍රව්‍ය භාවිතය/සොරකම් කිරීම ඇතුළු පෙර සඳහන් කළ තත්වයන් වෙතද දරුවන් යොමු වීමට ඉඩකඩ වැඩිය. මෙසේ යම් දෙයක් වෙත ඇබ්බැහි වීමෙන් පසුව උත්තේජනයට පත්වන දරුවා එයින් මුදවා ගැනීම අසීරුයි..”

හැම අම්මෙක් තත්තෙක්ටම තමන්ගේ ජීවිතයටත් වඩා වටින්නේ තමන්ගේ දරුවා. මෙතැනදී වැඩිහිටියන් විදියට අපි ගොඩක් දැනුවත් විය යුතුයි වගේම ඉවසිලිවන්ත විය යුතුයි. ඔබේ දරුවා පිළිබඳව සැක ඉපදෙන යමක් ආරංචි වුවහොත් කලබලයට පත්ව ඒ පිළිබඳව දරුවාට කෑ කෝ ගසන්නේ නම් හෝ එය පැවසු දරුවාගේ මිතුරන් සොයා ගොස් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නම් හෝ ඔබ මතක තබා ගත යුතුම වැදගත් කරුණ වන්නේ එතැනින් එහා කිසිවෙකුත් ඔබට මෙවැනි ආරංචියක් ලබා නොදෙන බවයි. අන්න ඒ නිසාම අදාළ කරුණු කාරණා මනසේ රඳවා ගනිමින් ඒ බව දරුවාට නොඅඟවා නුවනැතිව සැලකිල්ලෙන් සොයා බැලීම බොහොම වැදගත් වෙනවා.

ඔබ ඔබේ දරුවාගේ සමීපතමයන් වන්න. දරුවන්ගේ වැරදි හමුවේ අවවාද හෝ වරප්‍රසාදයක් අහිමි කරවීම වැනි සුදුසු දඬුවමක් ලබා දෙන්න. දරුවන්ගේ අදහස් හෝ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කරන්න. ඔවුන්ට ආදරය දක්වන්න. දරුවන් සමග සමබරව කටයුතු කරන්න. දරුවන් හා ඔබ අතර සවිමත් බැඳීමක් වර්ධනය කර ගැනීමට උත්සාහ කරන්න. ඔබ කොයිතරම් කාර්ය බහුල වුවත් දරුවා පිළිබඳව සැලකිලිමත්ව සිටින්න. දරුවාට නොදැනෙන්නට ඔවුන් කරන්නේ කුමන දේවලද යන්න සොයා බලන්න.

අපේ අවවාද දරුවන්ට එපා වෙන හේතු 5ක්

අපේ දරුවන්ට දැන් කිසිම හොඳක් නරකක් කියන්න බැහැ.. එකක් කිව්වාම හැටක් උත්තර… ඉස්සර කාලයේ පුංචි රාහුල හාමුදුරුවෝ උදේට වැලි දෝතක් උඩට විසි කරල අද දවසට මේ ගනනට මට අවවාද ලැබේවා කියල ප්‍රාර්ථනා කලා. ඒත් අද අපේ දරුවන්ට කිසිම අවවාදයක් රුස්සන්නේ නැහැ…බොහෝ දෙමව්පියන්ගේ මේ අදහස්වලට සමහර විට ඔබත් එකග ඇති. ඇත්තටම දරුවන්ට අවවාද රුස්සන්නේ නැත්තේ ඇයි…

දරුවන් වරද පිලිගැනීමට අකමැතියි

අද බොහෝ දරුවන්ට වරදක් පෙන්වා දුන් විට ඔවුන් ඒ වරද පිලිගැනීමට කිසිම විදිහකින් සූදානමක් නැහැ. ඒ වෙනුවෙන් නිදහසට කාරණා දහසක් ඉදිරිපත් කරනවා. මේ වේලාවට දෙමව්පියන් ඔවුන්ට දොස් නගන්නේ අම්මා තාත්තාටට එකටෙක කියන නරක පුරුද්ද මුල් කර ගෙනයි. ඒත් ඔවුන්ගේ සදහන මේ එකටෙක නොව නිදහසට කරුණු කාරනාවන් බවයි. ඔබ අම්මා තාත්තා බව සැබෑ වුනත් රුවන්ගේ පමණක් නොව ඔබ පවුලේ වෙනත් සිදුවීමකදී වුනත් බහින් බස් වෙන විට ඒ වෙනුවෙන් අනිත් පාර්ශවය දක්වන කාරනාවන්ද සලකා බලන්න. සමහර විට ඔබ නොසිතන පැතිකඩක් එහි තිබෙන්නනට හැකියි. මේ නිසා දරුවන් වරද පිලිගැනීමට අකමැතිව ඒ වෙනුවෙන් ඔවුන්ගේ නිදොස් බව කදහන් තරන විට ටිකක් ඒ වෙනුවෙනුත් කාලය යොදවන්න.

වරදට අවවාද කිරීම එතැනින් නවත්වන්න

කිසිම වරදක් වෙනුවෙන් ඔබ දරුවාට අවවාද කළොත් එය එතැනින් නවත්වන්න. එදා දවස මුලුල්ලේම දරුවා දකින දකින වාරයක් පාසා නැවත නැවත අවවාද කිරීම නිසා එය ඔවුන්ට හිසරදයක් බවට පත් වෙනු ඇත. දරුවා එම වරද නැවත වතාවක් කරන්නේ නම් අවවාදය වෙනුවෙන් යොමු වීම වරදක් නැත එසේ නොමැතිව අතෝරක් නොමැතිව ලබා දෙන අවවාද කළයක් මුනින් නවා ඒ වෙනුවෙන් ජලය වත් කිරීමට සමානය. ඊටහේතුව දරුවා ඒ වෙනුවෙන් කිසිදු අවධානයක් මෙන්ම ප්‍රතිචාරයක් නොදැක්වීමයි.

අවවාද ලබා දීමෙන් පසු නැවත සාමාන්‍ය තැනට පත් වෙන්න

ඔබ දරුවාගේ වරදට අවවාද ලබා දීමෙන් පසුව නැවතත් පෙර සිටි අම්මා තාත්තා ලෙසින්ම ඔවුන් ඉදිරියේ පෙනී සිටින්න. වෙනදා මෙන්ම ආදරයෙන් නැවත ආමන්ත්‍රනය කරන්න. ආරක්ෂාව ලබා දෙන්න. අවවාදයක් ලබා දෙන්නේ දරුවාගේ යහපත වෙනුවෙන්ම බැව් ඔවුන්ට පසුව ආදරයෙන් කියා දෙන්න. ඇතැම් දෙමව්පියන් යම් යම් අවවාද ලබා දීමෙන් පසුවත් ඉතාම අකාරුණික ලෙසින් දරුවන්ට සලකන අන්දම අප දැක ඇත. එය එතරම් හොඳ හැසිරීමක් නොවේ. අවවාදය එතැනට සීමා කරන්න.

අවවාද ලබා දෙන විට තුන්කල් ගලපන්න එපා

බොහෝ දෙමව්පියන් අවවාද ලබා දෙන විට ඔබ එදත්..අදත් මෙම වරද කළ නිසා හෙටත් එය කරනු ඇතියි කියමින් ඉතා දැඩි සේ  ඔවුන් විවේචනය කරනු ඇත. මෙය එතරම් සුදුසු කටයුත්තක් නොවේ. එවිට දරුවාට අවවාදයෙන් මිදී තමන්ගේ වැරැද්ද නිවරැදි කර ගැනීමට සුදුසු මානසිකත්වයක් ඇති නොවේ.ඒ නිසා නිතරම අවවාද ලබා දිය යුත්තේ මේ අවාද නිසා මං දන්නවා මගේ පුතා හොද ළමයෙක් වෙනවා යන උත්තේජකය ඔහුගේ සිතේ ඇති වෙන අන්දමටයි.

කිසිම කෙනෙකුට සංසන්දනය කරන්න එපා

දරුවන්ට අවවාද ලබා දෙන විට ඔහු වෙනත් කිසිම කෙනෙක් සමග සංසන්දනයෙන් කතා කරන්න එපා. අහවලාගේ දුව පුතා…අල්ලපු ගෙදර දරුවන් ඔබේ දරුවාට සමාන කරන්න එපා. එක් එක් දරුවාට වෙන් වුන ගති පැවතුම් ඇති නිසා එසේ සංසන්දනය කරන විට දරුවාගේ හිතේ ගොඩ නැගෙන්නේ කලකිරීමක් පමණයි. තමන්ගේ වැරැදි නිවරැදි කර ගැනීමට මෙහිදී දරුවන් කිසිසේත්ම උත්සාහයක් ගන්නේ නැත. කිසිම කෙනෙක් තවත් කෙනෙකුට සමාන නොවන සේ දරුවන්ටත් වෙන් වෙන් වුන ගති පැවැතුම් ඇති නිසා අල්ලපු ගෙදර දරුවා ලෙසින් නොව ඔබේ දරුවා තවත් සුවිශේෂී දරුවෙක් ලෙසින් ගොඩ නගා ගැනීමට උත්සාහ ගන්න.

මදුරුවන්ගෙන් දරුවන් රැකගන්න අලුත් ක්‍රමය ගැන ඔයාලටත් දැනගන්න ඕනෙද?

අම්මා කෙනෙක්ට දරුවෙකු තරම් වටින සම්පතක් ලෝකේ කොහෙවත් නැ. ඉතිං මේ ලෝකේ ඕනෙම අම්මා කෙනෙක්ම උත්සාහ කරන්නේ නිදුක් නිරෝගී පැහැබර ජිවිතයක් දරුවන්ට උරුම කරලා දෙන්න. ඒත් එක එක ලෙඩ රෝග හේතුවෙන් දරුවෝ පීඩා විඳිද්දී මව්පියන් හරියට අසරණ වෙනවා.  ඒ නිසාම හැම වෙලේම තමන්ගේ දරු පැටියව අනතුරකින් වළක්වාගන්නේ කොහොමද කියලා එයාලා කල්පනාකාරී වෙනවා. ඩෙංගු කියන්නෙත් ඒ වගේ මව්වරුන් බියට පීඩාවට පත් කරන තත්ත්වයක්. පොඩ්ඩක් හිතන්න තමන්ගේ දුව හරි පුතා හරි මෙන්න මේ වගේ දෙයක් කිව්වොත් අම්ම කෙනෙක්ට මොනවා නොහිතෙයිද කියලා.

අම්මා, අනේ මගේ කකුල් දෙකම කසනවා…

කකුල් කසනවා? ඒ ඇයි චූටි දෝණි, කෝ බලන්න… හානේ පලු දාලා, රතු වෙලා. කසන්න එපා තුවාල වෙයි..

අම්මා මොන්ටිසෝරියේ මදුරුවෝ ගොඩක් ඉන්නවා. ඩෙස්ක් එක යටින් ඇවිත් අපේ කකුල් කනවා. එතකොට කසන්න ගන්නවා.

ඉන්නකෝ මම හෙට උදේට ටීචර් හම්බෙලා බලන්නම්. දැන් අපි වොෂ් එකක් දාලා කෑම කමුකෝ.

චුටි දුවට එහෙම කීවට නිෂානි දුවගේ ඇඟ පත හෝදලා කෑම කැව්වේ හිතේ ලොකු දෙගිඩියාවකුත් එක්ක. ගෙදරදී නෙට් දාලා ජනෙල්වලට දැල් ගහලා මදුරුවෝ එන එක කොයි විදියකින් හරි නතර කරගෙන දරුවෝ පරිස්සම් කරගත්තට කිසිම වැඩක් නෑ නේ, ගෙදරින් එලියට ගියාම දරුවගෙ කකුල් දෙකම මදුරුවෝ කනවා. ලොකු දුවගෙනුත් අහන්න ඕනේ, ඉස්කෝලේ මදුරුවෝ ඉන්නවද කියලා.

පහුවදා නිෂානි මොන්ටිසෝරියට ගියේ වෙනදා වගේ සතුටකින් නම් නෙවෙයි, ඒත් ටීචර් එක්ක මේ ගැන කතා කරන්න කලින් දුවගේ යාළුවගේ අම්ම එක්ක පොඩ්ඩක් කතා කරන්න ඇය හිතුවා.

ගුඩ් මෝනින් රමේෂා!

ගුඩ් මෝනින් ! ගොඩ දවසකින්…

ඉතිං කොහොමද? දුව අසාවෙන් එනවද මොන්ටිසෝරියට ?

අපෝ ඔව්, ගෙදර ගිය වෙලේ ඉදන්ම ඔයාගේ දුවයි එයයි කල වැඩ ගැන තමා කියවිල්ල.

අනේ මම මේ අහන්නමයි හිටියේ, මොන්ටිසොරියේදී මදුරුවෝ කනවා කියලා දුව කම්ප්ලේන් කරන්නේ නැද්ද ?

හ්ම්ම්  නැ  නැ … කොහොමත් මම එයාට මොස්කිටෝ රෙපලන්ට් ලෝෂන් එකක් ගාලා තමයි එවන්නේ… ඇයි අනේ බයයිනෙ , මේ ඩෙංගු පැතිරෙන විදිය ඇහුවම.

මොස්කිටෝ රෙපලන්ට් ලෝෂන් එකක් ? එහෙමද , මොකද්ද ඒක ?

ඔව්… මොස්ගාර්ඩ් එක.

අනේ ඉතින් මේ පුංචි දරුවන්ගේ හමට ප්‍රශ්නයක් නැද්ද ඒ ලෝෂන් එක ගාන එක?

පොඩි බබාගේ නම් මම ඇඳුමට, මේස් දෙකට තමා දාන්නේ. ඒත් ලොකු බබා දැන් අවුරුදු හයට වැඩි නිසා එයාගේ නම් ගාලා යවනවා. කිසිම නරකක් වෙලා නම් නැහැ.

මොකද මදුරුවට තියෙන මගේ බය නැති කරන්නේ මොස්ගාර්ඩ්..

ඒ නිසා තමයි මොස්ගාඩ් එකම ගන්නේ. මම කොහොමටත් වගකීමක් නැති දෙයක් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි කියලා ඔයා දන්නවනේ. මොස්ගාඩ් එන්නේ අපි දන්න කියන හේමාස් ආයතනයෙන්.

ඔන්න ඔයාගේ බය නැතිවෙන්න, හරියටම විස්තරේ කියන්නම්කෝ….

මේක කොළඹ විශ්ව විද්‍යාලයේ Science & Technology Cell  එකත් එක්ක එකතු වෙලා තමයි නිෂ්පාදනය කරන්නේ. ඇත්තටම ආරක්ෂාව පැත්තෙන් බය වෙන්න කිසිම දෙයක් නෑ. ඒ විතරක් නෙවෙයි, මුම්බායිවල  MASCOT SPIN CONTROL පර්යේෂණ මධ්‍යස්ථානයෙනුත් මොස්ගාර්ඩ් ලෝෂන් එක නිසා සමේ අසාත්මිකතා එන්නේ නැති බව සහතික කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයත් කියනවා පැය හයක් පුරාම දරුවන් මදුරුවන්ගෙන් රැකගන්න මොස්ගාර්ඩ් එකට පුළුවන් බව.

හරි හරී…. ඔන්න දැන්නම් හිතේ බයක් නෑ.

බය නැති වෙන්න තවත් දේවල් තියෙනවා ඕනේ නම් කියන්නම්.

ඒ මොනවද? කියන්නකෝ බලන්න.

හ්ම්ම්… හමේ ඇලර්ජි එන්නෙත් නැ. DEET කියන කෙමිකල් එකත් මේකේ නැ. තවත් විස්තර ඕනෙද?

අපෝ එපා.. මොස්ගාර්ඩ් එකම ගන්න ඕනේ ඇයි කියල දැන් හොඳට තේරෙනවා.

පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න, තව එක දෙයක් තියෙනවා…

මතක තියාගන්න, අපි බය වෙන්නේ ඕනේ, මදුරුවට මිසක් මදුරුවාගෙන් අපේ දරුවන්ව බේරගන්න මොස්ගාඩ් එකට නම් නෙවෙයි  ඔන්න…

වැඩි විස්තර සඳහා

ක්ෂණික ඇමතුම්  – (+94) 779 859 859

ඊ මේල් – consumercare@hemas.com

-මෙය MosGuard අනුග්‍රහයෙන් පළ කරන ලද ලිපියකි.-

 



කාලය මෙන්න මේ විදියට කළමනාකරණය කලොත් නරකද?

අපි හැම දෙනාම කාලය මනින්නේ ඔරලෝසු පැය අනුවයි. ඒත් සමහර උදවිය අනේ…අපිට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියද්දී තවත් සමහර අය හිතාගන්න බැරි  විදිහට කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද? ඉස්සර අපි කාලය රන් හා සමානයි කියපු අදහස වුනත් දැන් වෙනස් වෙලා තියෙන්නේ රත්තරන් උපයා ගැනීමට පුලුවන් වුනත් කාලය නැවත කිසිම දිනක ලබා ගැනීමට නොහැකි වීම නිසයි.එහෙමනම් අපි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද…?

කාලය නාස්ති වෙන්නේ කොහොමද සිතා බලන්න

ඔබ ගැන ඔබට වඩා දන්නා කෙනෙක් නැත. ඒ නිසා ජීවිතය දෙස ආපසු හැරී බලන්න. ඔබෙන් කාලය මොනතරම් නාස්ති වුනාදැයි ඔබටම සිතා ගත හැකියි. එයින් නවතිනන් එපා. කාලය අපතේ නොයවා උපරිම ලෙසින් ප්‍රයෝජන ගැනීමට එතැන් පටන් අනන්දු වෙන්න.

දිනපොතක් භාවිතා කරන්න

අද බොහෝ දෙනා දිනපොත් භාවිතා කරන්නේ වෙනත් සටහන් සහ දුරකථන අංක පිළිබඳව සටහන් තැබීමට වුනත් දිනපොතක් මගින් ඉතා සාර්ථක ලෙසින් වැඩ සැලසුම් කර ගත හැකියි. බොහෝ වැදගත් දේ අපට නොදැනීම අමතක වෙන්නේ ඒ ගැන අවධානයක් නොදැක්වීම නිසා බැව් ඔබ නොදන්නවා විය හැකියි. එහෙත් දිනපොතක් භාවිතා කරන්නේ නම් එයින් ඔබ නොදැනම හෙට දිනය සැලසුම් සහගත වෙනු ඇත.

වැඩ වෙනුවෙන් අනුපිළිවෙලක් ලබා දෙන්න

ඔබ දවසේ කරන වැඩ වෙනුවෙන් ප්‍රමුඛතාවය දෙන්න. අත්‍යවශ්‍ය, අවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන දේ අතරින් අතයවශ්‍ය දෙයට මුල් තැන දෙන්න. අනවශ්‍ය දේ වෙනුවෙන් එතරම් වැදගත්කමක් නොදුන්නත් , කාලය අනුව ඉඩක් ඇ‍ත්තේ නම් ඒ වෙනුවෙන්ද යොමු වීම වරදක් නැත.

කාලසටහනකට අනුව කටයුතු කරන්න

ජීවිතය සැලසුම් කිරීමට නම් ඔබ දවස සැලසුම් කිරීම ඉතාම වැදගත්. දවස සැලසුම් නොකොට ජීවිතය සැලසුම් කිරීම එතරම් සාර්ථක කටයුත්තක් නොවේ. මේ නිසා දවස වෙනුවෙන් කාලසටහනක් පිලියෙල කරගන්න. ඒ අනුව ඔබගේ කටයුතු නොදැනීම සැලසුමකට සහ පිළිවෙලකට සිදු වෙනු ඇත.

කාලය උපරිම ලෙසින් ප්‍රයෝජනයට ගන්න

කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් ඒ වෙනුවෙන් ක්‍රමෝපායන් සොයා ගන්න. එකතැන තිබෙන පෝළිමකට වඩා ගමන් ගන්නා පෝලිමක සිටින විට කාලය ඉතිරි කර ගැනීම පහසුය. ඒ නිසා දිගු පෝලිමක නැවතී සිටිනවාට වඩා පෝලිම ගමන් ගැනීමට පටන් ගන්නා කාලය, පෝලිම එතරම් දිගු නොවන අවස්තාවන් ගැන දැන හැදින ගැනීම ඉතා වැදගත්. නරගයට යන්නේ නම් කටයුතු දෙක තුනක් එකම දිනයකදී කර ගැනීමට හැකි පරිදි සැලසුම් සකස් කර ගන්න.

දවස ආවර්ජනය කරන්න

දවස ගෙවී ඔබ නිදාගන්නනට ගිය විට එදා දිනය ගැන ආපස්සට හැරී බලන්න. ඔබ නිකරුනේ මොන තරම් වේලාවක් කාලය ගත කළාද…? යම් කාර්යක් වෙනුවෙන් අනවශ්‍ය ලෙසින් කාලය මිඩංගු වුනාද….? මෙවැනි දේ පිලිබඳව ඔබටම තක්සේරුවක් ගොඩ නගා ගැනීම එතරම් අපහසු නැත. එසේ ගොඩ නගා ගත් තක්සේරුවට අනුව දවස ගෙවුන ආකාරයේ තිබෙන දුර්වලතාවයන් හෙට දිනයේ ඇති නොවන්නනට වග බලා ගැනීම අපහසු නැත.

නින්ද වෙනුවෙන් අනවශ්‍ය කාලයක් අවශ්‍ය නැත

අපේ ජීවිතයෙන් තුනෙන් එකක් පමණ කාලයක් අපි ගෙවන්නේ නින්දටයි. බොහෝ දෙනෙක් නින්දට බෙහෙවින් ඇලුම් කරති.නීරෝගී පුද්ගලයෙකුට දිනකට පැය පහක පමණ නින්දක් ප්‍රමාණවත් බව අපි දනිමු. බොහෝ දෙනෙක් උදේ අවදිවීමට දක්වන්නේ ඉතාම උදාසීනතාවයකි. උදෙන්ම අවදි වූ විට දවසේ කටයුතු වෙනුවෙන් ඇති වෙන්නේ ඉතාම උද්‍යෝගයකි. එම ජවය දවස පුරාම පවතින බැවින් ඔබ දවස උදෙන්ම ආරම්භ කරන්න. එවිට දවස ඉතාම ඵලදායී ලෙසින් ගත කළ බවට එබේ හිත ඔබටම සහතික වෙනු ඇත.

ළදරු පාසලක් තෝරන විට…

පසුගිය දිනක කේට් සහ විලියම් කුමරුගේ දියණිය ළදරු පාසලට ඇතුලත් කරනු ලැබුවා. ඇය ඇතුලත් කරනු ලැබුවේ විල්කොක්ස් (Willcockes) ළදරු පාසලටයි. ඇය ඇඳ සිටි රතුපැහැති ගවුමේ කර වටා රෝස පැහැති ස්කාෆ් ලේන්සුවක් ගැට ගසා තිබුනා. කොණ්ඩය පැත්තකට පීරා පුංචි පෝනිටේලයක් සහිත හිස කෙස් සැකසුමක් සහිත ඇය මුලින්ම කැමරාවට හසුකර ගනු ලැබුවේ ඇගේ මව කේට් කුමරිය විසින් වීම ඉතාම වැදගත්. කොහොම වුනත් කේට් කුමරියට අවශ්‍ය වන්නේ ඇගේ පවුල මාධ්‍ය ජාලයන්ගේ සහ වෙනත් මුද්‍රිත මාධ්‍යන්ට හසු වීමට පෙරාතුව ඉතාම නැවුම් ලෙස ඇයගේ කැමරාවට හසු කර ගැනීමටයි.

පංතියට ඇතුලත් කරනු ලද චාලට් කුමරිය පංතියේ නවතා දෙමව්පියන් යෑමට සැරසෙන විට ඇය අම්මාට සහ තාත්තාට තමා සමග සෙල්ලම් කිරීමට ටිකක් නවතින ලෙස ඉල්ලා සිටියා. අම්මලාට ඉන්න අවසර නැහැ.කියලා බලධාරින් මව්පියන්ගෙන් දරුවා උදුරා ගත්තේ නැහැ. අපේ අම්මලාට වගේම ළදරු පාසල් ගුරුවරුන්ටත් ළදරුපාසල් යන දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය ගැන බොහෝ දේ දැනගැනීමට මෙය ඉතාම හොඳ අවස්ථාවක්.

මව්පිය සෙවනේ පටන් මුල්ම දුරස්ථ වීම

මව්පියන්ගේ ආදරයෙන් සහ අවධානයෙන් සිටින දරුවා මුලින්ම ඔවුන්ගෙන් ඈත් වෙලා පා තබන්නේ ළදරු පාසලට. ඒ නිසා ළදරුපාසල දරුවාට ඉතාම ප්‍රසන්න තැනක් වීම අවශ්‍ය වෙනවා. බොහෝ දෙනෙක් ළදරුපාසල් පටන් ගන්නේ තමන්ගේ ආර්ථිකයට මිසක අනාගත පරම්පරාව වෙනුවෙන් අවශ්‍ය පෞරෂය ගොඩ නගන අදහසින් නොවෙයි. ඇත්තටම තමන්ගේ ස්වාධීන සහ ඉතාම රසවත් ලෙසින් දරුවන්ගේ ලෝකයට පිවිසිය හැකි ළදරු පාසලකින් ජීවත්වීම කිසිම වරදක් නැහැ. ඒ වුනත් මේ ගුරු වෘතත්ියේ යෙදෙනවානම් ඒ වෙනුවෙන් ළමා සංවර්ධරනය ගැන අධ්‍යාපනය ලැබීම ඉතාම වැදගත්.

අකුරු ගැන සැලකිලිමත් වෙන්න එපා

ඇතැම් අම්මලා තමාගේ දරුවාට ළදරු පාසලක් තෝරා ගන්නා විට මුලින්ම අහන පැනයක් තිබෙනවා. ඒ මොන්ටිසෝරියේ අකුරු උගන්වනවාද…? ඔවුන්ට තිබෙන ප්‍රශ්නය එයයි. අහවලාගේ දරුවා දිනපතා පාසලට යන විට සේරම අකුරු ලියන්න කියන්න දන්නවා. ඔක්කොම ඉගෙන ගත්තේ නර්සරියෙන්..මේ වගේ ආකල්ප අම්මලා තුල තිබුනත් ඇත්තටම දරුවන්ට මේ කාලයේ උගන්වන්නේ අකුරු නොවෙයි..අනාගතයේ අකුරු ලිවීමට අවශ්‍ය හැඩතල විතරයි. ඒ නිසා ළදරු පාසලක් තෝරා ගන්නා විට කිසිම විදහකින් අකුරු උගන්වන ළදරු පාසල් සොයන්න එපා.

හසුරු කුසලතාවයන්ට ඉඩ

ළදරු පාසල් යන තමන්ගේ දරුවා ගැන දෙමව්පියන්ට පසුතැවිලි ඇති වෙන තවත් හේතු තිබෙනවා. අනේ ඒ මොන්ටිසෝරියේ උගන්වන්නේ සෙල්ලම් කරන්නයි..කවි කථන්දර විතරයි…මේ ගැන ඔබ කිසිසේත්ම පසුතැවිලි වෙන්න එපා. චාර්ලට් කුමරිය ළදරුපැසලට ඇතුලත් කරනු ලබන විට ඇයට වයස අවුරුදු දෙකහමාරක් පමණ  වෙනවා. විල්කොක්ස් ළදරු පාසලේ මුල් වසර පුරාවටම උගන්වන්නේ මැටි වැඩ සහ කවි සින්දු පමණයි. ඒ ගැන රාජකීය පවුල ළදරුපාසල් අධ්‍යාපනය ගැන කලකිරෙන්නේ නැහැ. ළදරු මනසට මේ කාලයට අවශ්‍ය වන්නේ හසුරු කුසලතාවයන් දියුණු කර ගැනීමට අවශ්‍ය පරිසරය බව අමතක කරන්න එපා.

ළදරු පාසලේ ගුරුතුමිය දරුවාගේ මිතුරියක් වීම

විල්කොක්ස් ළදරුපාසලට පැමිනෙන මුල් දිනයේදී දරුවා තමා කැමැති සෙල්ලම් බඩුවක් පාසලට අරගෙන එනවා. එයින් දරුවාගේ අලුත් පරිසරයේදී ඇති වෙන බිය සැක නොදැනීම නැතිව යනවා. ඒ වගේම පාසලේ ගුරුතුමිය විසින් ඇගේ ඡායාරූපයක් දරුවාට එදිනට ලබා දෙනවා. ඒ ඡායාරූපය දරුවා තමාගේ කාමරයේ හෝ වෙනත් තැනක නිතර පෙනෙන සේ තබා ගන්නවා. එයින් සිද්ධ වෙන්නේ දරුවා සහ ගුරුතුමිය අතර ඉතාම ශක්තිමත් මානසික් බැඳීමක් ගොඩ නැගීමයි.ළදරුපාසලේ ගුරුතුමිය දරුවන් මට්ටු කිරීමට යැයි සිතමින් මවා ගත් හෝ අනවශ්‍ය පෞරෂයක් ගොඩ නගා ගත යුතු නැහැ. ඇය නිතරම දරුවාගේ තැනට පමණක් නොව ඔවුන්ගේ හිත කියවන තැනට පත් විය යුතුයි.

සමහර විට දරුවන්ගේ බැනුම් අහන්නත් ගුටි කන්නත් වෙන අවස්ථා ඇති

හා පුරා කියා ළදරු පාසලට ඇතුලත් වෙන දරුවන් ඉතාම ආවේගශීලි විදිහට හැසිරෙන අවස්ථාවන් තිබෙනවා. ඇතැම් දරුවන් ළදරුපාසලට ඇවිත් එහි ඉන්න බැහැ කියමින් දෙමව්පියන්ට සහ ගුරුතුමියට පවා පහර දෙනවා.මේවා ගැන එතරම් කම්පා වෙන්න එපා. දරුවා පරිසරයට හුරු වෙන විට මේවා නොදැනීම නිවරැදි වෙනවා. ඒත් සමහර ළදරු පාසල් ගුරුවරුන්ගේ නොදැනුවත්කම නිසා දරුවාගේ මෙම හැසිරීම් ඉතා දැඩි සේ හෙලා දකිනවා. ඇතැම් අවස්ථාවන්හි අසභ්‍ය වචන පවා දරුවන්ගෙන් පිට වෙනන් පුලුවන්. දරුවන් කියන්නේ තේරුම් ගත නොහැකි පිරිසක්. අම්මා , තාත්තා නොහිතන ඔවුන් කිසිසේත් කථා නොකරන වචන පවා මෙවන් අවස්ථාවන්හිදි පිට වෙනවා. දරුවෙක් ආවේගයට මේ අන්දමින් වචන පිට කළ විට එය මුල් කර ගෙන ඔවුන් තක්සේරු නොකිරීමටත් ගුරුවරුන් විසින් වග බලා ගත යුතුයි.

හොඳම ළදරු පාසලට වඩා ළඟම ළදරුපාසල තෝරා ගන්න

අපේ දෙමව්පියන්ගේ එකම හීනය වෙන්නේ ළදරුපාසල වුනත් හොඳම ළදරුපාසල තෝරා ගැනීමයි. මේ නිසාම අපි උදේ හවස දකින ඉතාම සංවේදී දසුනක් තිබෙනවා. දුර බැහැර සිට බැරිබර කරේ තබා ගෙන කර දරුවා පින්නා ගෙන ළදරු පාසලට ඇදෙන මව්වරුන් අපි අතර ඉතාම සුලබයි. මේ දරුවන් පාන්දරින් පැමිනෙන නිසා මවගේ උකුලේ නිදාගෙන ළදරු පාසල ආසන්නයේදිත් අවදි කර ගන්නේ ඉතාම අපහසුවෙන්. දරුවාට ඇති වෙන වෙහෙස ගැන අම්මාට තාත්තාට තේරෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ අපේ දුව හෝ පුතා අහවල් නගරයේ අහවල් හෙවත් ජනප්‍රියම ළදරු පාසලට යන බවට උද්දාමයට පත් වීමයි. හොඳ ළදරු පාසලකින් හොද දේ ලැබෙන බව සැබෑ වුනත් ඊටත් වඩා දරුවාට ඇති වෙන වෙහෙස නිසා ළඟම ළදරුපාසල තෝරා ගෙන අවශ්‍ය පන්නරය ඔබෙන් ලබා දීම නරකද…?

දරුවා ගැන අවධානය දැක්වීම

මව්පියන් වගේම ළදරුපාසලේ ගුරුතුමිය දරුවාගේ හැසිරීම ගැන වැඩි අවධානයක් දක්වනන් අවශ්‍යයි. අපි හැම දෙනෙක්ම ආගන්තුක පරිසරයේදී විවිධ ප්‍රතිචාර දක්වනවා. ඒවා ධනාත්මක විදිහට වගේම සෘනාත්මක විය හැකියි. ළදරුපාසලට ඇතුලත් වුන දරුවටත් මේ ආගන්තුක පරිසරයේ විවිධ හැලහැප්පීම් ඇති වෙන්න පුලුවන්. ඒ නිසා දෙමව්පියන් වගේම පාසලේ ගුරුතුමියන් විසිනුත් අලුත් බබාලාගේ හැසිරීම ගැන වැඩි අවධානයක් දක්වා සිටීම වගේම ඔවුන්ගේ යම් යම් අපහසුතාවයන් වෙතොත් ඒ ගැන පසුවිපරම් කිරීමත් ඉතාම වැදගත්. එසේ නොමැතිම මේ මානසික හැලහැප්පීම් සමග දරුවා ඉදිරියට ගියොත් ඔවුන්ට ළදරු පාසල එතරම් සුවදායක තැනක් බවට පත් වීමට තිබෙන ඉඩ කඩ නොදැනීම නැති වෙන බවටත් අවදානමක් තිබෙනවා.

තාක්ෂණයට අනවශ්‍ය ලෙස හුරු වීම සෞඛ්‍යයට බලපාන්නේ මෙහෙමයි

තාක්ෂණයෙන් ලෝකය ඉදිරියට යද්දී තවත් පැත්තකින් මිනිස් ජීවිතයට සිදු වෙන හානිය විශාලයි. එයින් මුලුතැන්ගෙය පවා අතික්‍රමනය කරන තරම් ප්‍රතිඵල දරුනුයි. හැම දෙයකම හොඳ පැත්තක් වගේම නොහොඳ පැත්තකුත් තිබෙනවා. තාක්ෂණය විසින් අපේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරනවා. ඉන්දියා ටුඩේ සගරාවට අනුව වෛද්‍ය විශේෂඥ වෛද්‍ය එස් ආර්. තමාන් සදහන් කරන්නේ නිවස තුළ සිද්ධ වෙන පරිසර දූෂනය ගැන තවමත් තොරතුරු එතරම් ප්‍රසිද්ධියට පත්ව නැති බවයි.

ඉන්දියාවේ පරිසර දුෂණය පිලිබඳ ඇමරිකානු සංගමය වාර්තා කරන්නේ අපේ නිවස තුළ විශේෂයෙන්ම මුලුතැන්ගෙය ආශ්‍රිතව පවතින කාබන් ඩයොක්සයිඩ් මට්ටම පිටත වායුගෝලයට වඩා 250% කින් ඉහළ මට්ටමක පවතින බවයි. ගොඩනැගිලි ඉදිකිරීම නිසා අපිරිසිදු වාතය පිටතට යෑමට අවශ්‍ය සංවහන තත්වයක් නැහැ. මේ නිසා ඉන්දියාවේ පමණක් වසරකට පුද්ගලයන් 40,000 ක් මියයන බව දැන් හදුනාගෙන තිබෙනවා. අපේ රටටත් මේ තත්වය ඉතාම සාධාරණයි.

අද අපේ රටේ වුනත් මුළුතැන්ගෙයි කටයුතු වෙනුවෙන් භාවිතා කරන උපාංගයන්හි අන්තර්ගත අංශුමය ද්‍රව්‍යන්හි ප්‍රතිශතය ඉතාම ඉහලයි. සල්පර් ඩයොක්සයිඩ්, නයිට්රජන්, ඔක්සයිඩ් වැනි වායු වර්ගයන්හි ප්‍රතිශතය ඉතාම ඉහලයි. මේ නිසා ශ්වසන ආබාධ, කැස්ස, ඇස් දැවිල්ල වැනි රෝගී තත්වයන් ඇති වෙනවා. භුමිතෙල් උදුනකින් නිකුත් වෙනවාට වඩා ගැස් උදුනකින් මේ තත්වය ඉතාම දරුණු අන්දමින් පරිසරයට බලපානවා.

අතීතයේදී නිවසක් සුවදවත් වුනේ ගෙවත්තේ තිබෙන සමන්පිච්ච, සේපාලිකා වැනි මල් සුවඳට වුනත් අද බොහෝ දෙනෙක් මේ සුගන්ධය ලබා ගන්නේ විවිධ සුවදකාරකයන් මගින් පරිසරයට අලුත් බවක් ලබා දීමෙනුයි. මේවායේ අන්තර්ගතව තිබෙන්නේ  “මෙතිල් ක්ගෝරයිඩ් ක්‍රියෝසෝල් හා ඇමෝනියා” වැනි සංයෝගයන් බව ඔබ නොදන්නවා ඇති. මෙම සංයෝග නිසා ශ්වසන පද්ධතිය ආවරණය වී තිබෙන සෛල තට්ටුව අනවශ්‍ය විදිහට උත්තේජනය වෙනවා. මෙම වායු වර්ග මධ්‍ය ස්නායු පද්ධතිය, වකුගඩු හා අක්මාවට ඉතාම අහිතකර විදිහට බලපානවා. ඒ වගේම විවිධ සුවද ධූප වුනත් එතරම් හොඳ නැති බවයි මෙම වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දී තිබෙන්නේ…

දාඩිය දැමීමෙන් මිදුන කෘතිමව සලසා දෙන ලද සුවදායක පරිසරයකට අපි ඉතාම කැමැතියි. මේ නිසා අපි නිතරම වෙහෙසෙන්නේ වායුසමීකරනය කරන ලද පරිසරයක ජීවත්වීමටයි. වෙනතක් තබා බසයක වුනත් ගමන්වියදම වගේ දෙගුණයක් ගෙවලා අපි බලන්නේ දාඩිය නැතුව ගමන බිමන ගිහින් ඒමටයි.වායු සමීකරන යන්ත්‍රයක කාර්යය වෙන්නේ  වාතය පෙරණයක් මගින් ගෙන ගොස් සිසිල් කිරීමෙන් පසුව නැවත නිදහස් කිරීමටයි. මෙම පෙරණය මත රැ‍දෙන විවිධ දූවිලි අංශු , පරාග, බැක්ටීරියා හෙවත් වෛරස නිසා අපි විවිධ ආසාදනයන්ට ලක් වීම ඉතාම සුලබයි.නිවස තුළ විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් රැ‍ඳෙනවා. ඒ වගේම කාබන්මොනක්සයිඩ් මගින් රුධිරයේ ඔක්සිජන් පරිවහනය අඩපණ කිරීම නිසා සිහිමද ගතියක් ඇති වෙනවා. මේ නිසා ඔබට හෘදයාබාධයන්ට ගොදුරුවීමටත් වැඩි අවදානමක් තිබෙනවා.

දුම්පානය කරන පුද්ගලයාට වඩා දුමට නිරාවරනය වෙන පුද්ගලයාට ඇති වෙන බලපෑම වැඩියි.දුම්පානය කරන කෙනෙක් සිටින විට ඒ නිවසේ සෙසු පිරිසත් දුමට නිරාවරනය වෙනවා. එය ඉතාම අහිතකරයි.

පරිසරය අවට ගහක් කොළක් නැති වටපිටාවක් වීම නිසා පිරිසිදු වාතයක් ලැබෙන්නේ නැහැ.විදුලි පංකාවකින් කෘතිම ලෙසින් වාතය කැලඹිම හැරුනාම අලුත් වාතයක් ලැබෙන්නේ නැහැ.

එදා නිවස ඇතුලත වගේම වටපිටාවත් ඉතාම පිරිසිදුයි. පොල්කටු , ටින් , බෙලෙක්ක තැන තැන මුදා හැරියේ නැහැ. ඒ වෙනුවෙන් ඔවුන්ට ස්ථාන තිබුනා. ටින් එකකට පස් පුරවලා මල් පැලයක් එහෙම නැත්නම් ඇට වර්ග තවාන් කලා.ඉවතලද  මී කිරි හට්ටියේ වුනත් මල් ගහක් වවා ගත්තා. බිදුන කොරහ, බේසම පවා මල් පැලයක් එහෙම නැත්නම් කෝමාරිකා , ඉඟුරු වැනි බෙහෙත් ඖෂධයක් රෝපනය කර ගත්තා.මදුරුවන් වෙනුවෙන් මදුරු දඟර හෝ වෙනත් රසායනික විකර්ශනයන් එදා තිබුනේ නැහැ.මදුරුතලා,කැකුණ ඇට වැනි ස්වභාවික දෙයින් මේ අපහසුතාවයන් නැති වුණා.මේ නිසා ඩෙංගු මදුරුවන්ට තවාන් හැදුනෙත් නැහැ. කිසිම කෙනෙක් දඩ ගහන්න පසු විපරම් කලෙත් නැහැ.මේ සියල්ලටම බලපාන ලද එක් හේතුවක් තිබුණා. එවුන් පරිසරය ඉතාම පිරිසිදුවට තබා ගත්තා. කැලි කසල තැන තැන මුදාහැරීම පාපයක් විදිහට සලකනු ලැබුවා. ඒ ස්වයං හික්මීම නිසාම පරිසරය ආරක්ෂා කරන ගති පැවැතුම් ඔවුන්ගේ ජීවිතයේම කොටසක් වුනා.

ප්ලාස්ටික් පිලිස්සීමත් ඉතාම අහිතකරයි. අද ඇසුරුම් සියල්ලම ප්ලාස්ටික් හෝ පොලිතින්වලින් නිර්මිතයි. බත් පත පවා ඔතන්නේ පොලිතින් කොළයක. මේ නිසා මෙම දේවල් ඉවත දැමීම නිසා පරිසරයට විශාල හානියක් සිද්ධ වෙනවා. මුලුතැන්ගෙදර කටයුතු වෙනුවෙන් වුනත් ප්ලාස්ටික් ඇසුරුම් යොදා ගැනීම ඉතාම අහිතකරයි.ඒවායේ තෙල්, කුණු සහ දැලි ඉවත්කිරීම ඉතාම අපහසුයි.මේවා පිලිස්සීමෙන් සිද්ධ වෙන හානියත් ඉතාම අහිතකරයි. එදා මේ වෙනුවෙන් අලු, සබන් වැනි දේ යොදා ගත්තද අද වෛවාරන දියරයන් තිබෙනවා. මේවා මිනිස් සෞඛ්‍යට අහිතරක බව දැන් හදුනාගෙන තිබෙනවා.

අම්මාගේ අනවබෝධය දුවගේ ජිවිතයට අසරණ බව එක්කරන්නේ මෙන්න මේ විදියට

අපේ දරුවෝ දවසින් දවස වැඩිවියට පැමිණෙනවා. ඒත්  බහුතරයක් දෙමාපියන් යොවුන් වියට එන දරුවන්ට ඔවුන්ගේ ඒ වයස් සීමාව ගැන අවබෝධයක් ලබා දෙන්නේ නැ. දරුවෙක්ගේ ඇඟ පතේ වෙනසක් දැක්කම ඒක නොදැක්ක වගේ ඉන්න එක යොවුන් වියේ දරුවෙක්ට කොයි තරම් නම් පීඩනයක්ද කියලා මේ ලිපිය අවසානයේදී ඔබට තේරුම් යාවි. නව යොවුන් වියේ දියණියකගේ අත්දැකීම් එක්ක ලියැවෙන මේ ලිපිය හැම මවකටම පියෙකුටම බොහොම වැදගත් වේවි. ඔබේ දියණියට මේ තත්වයට මුහුණ දීමට ඉඩ තියන්න එපා.

වයසින් වැඩෙත්ම හෝමෝන විපර්යාසයන් සමගම සිරුරේ සිදුවෙන වෙනස්කම් නිසා දරුවෙක් නොසන්සුන් වීම අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. මෙතැනදී දරුවෝ අසරණ වෙනවා. සිරුරේ පුංචි පුංචි වෙනස්කම් වෙනවා කියලා තේරුනාම සමහර දරුවන්ට වටපිටාවට මුහුණ දෙන්න  ලැජ්ජාවක් හිතෙනවා.

මේ අපේම දියණියකගේ ඇත්තම අත්දැකීම්… බලන්න ඔබේ දරුවත් මේ තත්වයන්ට මුහුණ දෙනවා ඇති ඔබ නොදන්නවා උනාට. සාමාන්‍ය තත්වයන් හේතුවෙන් ඔබේ දරුවන් අසරණ විය යුතුද කියල ලිපිය අවසානයේදී ඔබටම හිතේවි.

මේ ඇගේ කතාව,

මම ජිවිතේ හුගක්ම අසරණ උනා මේ මම කියන්න යන සිද්ධිය නිසා. ඒ වෙලේ මට හිතුණේ අනේ මට අක්කා කෙනෙක්වත් හිටිය නම් කියලයි. මට මතකයි මගේ බ්‍රෙස්ට් එකේ පොඩි වෙනසක් වෙනවා කියලා තේරුම් ගිය මුල්ම දවස.. මට කාමරෙන් එලියටවත් එන්න ලජ්ජා හිතුණා. ගෙදර තාත්තත් ඉන්නවා. අයියාත් සීයත් ඉන්නවා. මම බැලුවා ඒක  පිටට නොපෙනෙන විදියට ඉන්න විදි ගැන. අන්තිමට මට තේරුණා අත් උඩට උස්සගෙන ඉද්දි ප්‍රමාණය පොඩ්ඩක් වෙනස් වෙනවා කියලා. මම තාත්තා අය්යා ඉන්න හැම තැනකදීම ඔලුව උඩට අත්දෙකම තියාගෙන ඉන්න එහෙමත් නැත්නම් ඉන්න තැන බිත්තියට අත් ගහගෙන ඉන්න පුරුදු උණා. ඒ හැම අවස්ථාවේම අම්මගෙන් හරි තාත්තාගෙන් හරි මම බැනුම් ඇහුවා. “මොකද ළමයෝ ඔය දෑතෙන්ම ඔලුව බදාගෙන. ඔහොම ඉන්න හොඳ නැ ගෙවල්වලටත්”. ඒත් මම බැනුම් අහ අහා කාමරෙන් එළියේදී නම් හිටියෙ ඒ විදියට. කෑම කන්න ගියාම මම පුළුවන් තරම් පුටුවේ යටට ගිහින් මගේ පපුව නොපෙනන ගානට ඉන්නවා. ඒකටත් අම්මගේ සද්දේ, “කෑම පිගානේ නිකට වදිනකම්ම පුටුවේ දිගා වෙනවා” කියලා. මගේ අය්යා “මෙයාට නම් මේ ළගකදී ඉඳලා පොඩි පිස්සුවක් හැදීගෙන එනවා වගේ” කියලා හිනා වෙන්න පටන් ගත්තා. මම TV බලන්න ගියේ කොට්ටයක් තුරුළු කරගෙන. ඒත් ඉස්කොලේදී පන්තියේදී නම් ගැටලුවක් උනේ නැ. මොකද අපි යාලුවෝ හැමෝගෙම ඒ වෙනස තිබුණා. අපි ඒ ගැන කතා කළා.

මුලින් මුලින් එහෙම පොඩ්ඩක් හරි වහගන්න පුළුවන් උනාට පස්සේ පස්සේ නම් හංගගෙන ඉන්න විදියක් නැති උණා.

මේ විදියට මේ වෙනස්කම් මගේ සාමාන්‍ය ජිවිතයට ගොඩක් කරදර කළා. වෙනදා ස්පෝර්ට් මිට් එකේ මම ගොඩක් දේවල් කලත් මේ දේවල් නිසා ක්‍රීඩා කටයුතුවල යෙදෙන එකත් මට මග හැරුණා. මම දුවන කොට අපේ ක්‍රීඩා බාර ගුරුතුමිය පැත්තකට කතා කරලා කියනවා “මේක මිශ්‍ර පසලක්නේ දරුවෝ. ඉතිං ඔය විදියට ඉද්දි කැතයි. අම්මට කියලා ඊලග දවසේ එද්දී බ්‍රෙෂියර් එකක් ඇඳන් එන්න”.

අපේ අම්මා හැම යුතුකමම ඉටු කළත් මේ දේවල් ගැන කතා කළේම  නැ. ඉතිං මට පුළුවන්ද බ්‍රා එකක් ඉල්ලන්න. මම කලේ ක්‍රීඩා නතර කළ එක. මම බොරු කකුලේ අමාරුවක් කියලා ක්‍රීඩා තරගවලින් අයින් උණා. ඇත්තටම අපේ අම්මා ලැජ්ජාවටද කියන්න මම දන්නේ නැ. ඒත් මම මගේ වටපිටාවේ හරිම අසරණ උණා. අන්තිමට මම වෙස්ට් දෙකක් ඇඳලා බැලුවා. ඒ විසදුමත් ටික දවසකට විතරයි උදව්වක් උනේ. මම පාසැලට පන්තියට යද්දී කරේ එල්ලගෙන යන බෑග් එකට අමතරව CR පොතක් පපුවට තුරුළු කරන්  යන එක. මොකද මට ඒ වෙද්දී හිතිලා තිබුණා ඉස්කෝලේ පිරිමි ළමයි මට හිනා වෙනවා ඇති කියලා. ඒත් හැමදාම උදේට කාර් එකට නගිද්දීත් ඉස්කෝලේ ළඟ බහිද්දීත් අම්මයි තාත්තයි මගේ මේ අලුත් පුරුද්ද ගැන කම්පා උණා.”ඔච්චර ඉඩ තියෙන බෑග් එක ඇතුලේ ඔය පොත දාගන්න බැරිද දුව. අන්තිමට අඩන්න එපා පොත නැති උණා කියලා.” ඒත් එයාලාට තේරුනේ නැ ඒක මගේ කවර් එක කියලා.

කාලයක් ඔහොම යද්දී හැම ගුරුවරියකටම වගේ මේ දේ පෙනෙන්න පටන් ගත්තා. ඒත් ගෙදර ඉන්න මගේ අම්මා නම් අවබෝධ කරගත්තේ නැ. මේ වෙද්දී මගේ යාලුවෝ නම් හැමෝම බ්‍රා එකක් අඳින්න පටන් අරගෙන. මගේ යාලුවෝ මට අම්මට කියන්න කියලා කිව්වත් මේවගේ කිසිම දෙයක් මා එක්ක කතා නොකරන අම්මට මේවා කියන්න මටත් පොඩි බයක් ලැජ්ජාවක් තිබුණා. බනීද දන්නෙත් නෑනේ… “ඒවා අපි වෙලාවට කරන්නම් ඔයා කලබල නොවී ඉන්න” කියලා. වටපිටාවට පෙනෙන දේ ගෙදර ඉන්න අම්මට නොපෙනෙන්නේ කොහොමද කියලා මට හිතුණා. ඒ පැත්තෙන් අම්මත් මමත් අතර සම්බන්දයක් නොතිබුණු ගානයි. ගැහැනියක් වෙලත් අම්මට මගේ අපහසුතාවය වටහ ගන්න බැරි උණා.

ඔන්න එක දවසක් පන්ති බාර ගුරුතුමිය මාව මැඩම් ළගට එක්කන් ගියා. දෙන්නම මට අවවාද කළා. ඒ වෙලේ ඇත්තටම මට ඇඩුනා. මම අඩ අඩම මේ ගැන කිවා. එතකොට මැඩම් අම්මට දෙන්න කියලා ලියුමක් දුන්නා. පහුවදා අම්මා ඉස්කෝලෙට අවේ “මෙයා මොනවා කරලද දන්නේ නෑ” කියා කියා. මමත් බයෙන් හිටියේ. අන්තිමට මැඩම්ගේ ඒ අදහස අනුව මම මේ ලජ්ජාවෙන් බේරුණා. මොකද මගේ අම්මා ලොකු මුදලක් වැය කරලා හොඳම වර්ගයේ බ්‍රෙෂියර් පහක්ම දවස් පහට අඳින්න කියලා මට ගෙනත් දුන්නා. ඒ වෙලේ මට ඇති උනේ ඇය ගැනත් කණගාටුවක්. මට හිතුණා ඇගේ අම්මත් එහෙම වෙන්න ඇති කියලා. අපි වෙනුවෙන් උපයන අන්තිම සතය දක්වාම වියදම් කරන මගේ අම්මාට මේ ගැන මට අවබෝධ කළ යුතු බව හිතෙන්නට නැතිව ඇති. මට හරි අම්මා එක්ක මේ ගැන කතාකරන්න තිබුණා කියලා හිතුනත් අම්මගෙත් මගෙත් අතරේ ඒ පැත්තෙන් තිබුණු දුරස්ථ බව නිසා ඒක කවදාවත් කළ නොහැකි දෙයක් බව නැවත නැවතත් තහවුරු උණා.

හාහාපුරා කියලා බ්‍රේශියරයක් ඇඳගෙන ඊලග දවසේ පාසැලට යද්දී අපහසුතාවයක් ඇති නොවුනත් මේ අලුත් අත්දැකීම පුංචි ලැජ්ජාවක් මගේ හිතට එකතු කළා. එදත් මම ගියේ මගේ සුපුරුදු CR පොත පපුවට තුරුළු කරගෙනම තමයි.

ඒත් මට හිතුණා මුලින්ම මේ ඇඳුම අඳින්න ඕනේ ඉස්කෝලේ නිවාඩු කාලේ කියලා. මොකද නිවාඩුව ඉවර වෙද්දී දන්නෙම නැතිව ඒකට හුරු වෙලා. මේ දේවල් හිත හිත කොරිඩෝව දිගේ මම පන්තියට ගියා. මගේම යාළුවන් ඉස්සරහට මුණ ගැහෙද්දීත් මට පුංචි ලැජ්ජාවක් ඇති වුණා. දවසක් දෙකක් යද්දී හැමදේම වෙනස් උනා. සුපුරුදු විදියටම මම මගේ ක්‍රීඩා වැඩත් පටන් ගත්තා. දැන් නම් හිතට නිදහස්.

මගේ මේ අත්දැකීම පාසැලේ හිටිය හැම ගැනු ළමයෙකුටම වැදගත් උණා. මොකද අපේ මැඩම් දරුවන්ගේ මේ වගේ වෙනස්වීම් ගැන වගේම ඒ අවස්ථාවන්හිදී අම්මලා කළ යුතු දේවල් ගැන සාකච්ජා කරන්න මාස තුනකට වතාවක් වෙලාවක් වෙන් කරගත්තා. ගැහැණු ළමයින්ගේ වගේම පිරිමි ළමයින්ගේ ගැනත් දෙමවුපියෝ දැනුවත් කරා.

ඉතිං තරුණ දරුවෝ ඉන්න අම්මලා තාත්තලට හිතන්න කොයි තරම් දේවල් තියෙනවද නේද?

මම වෙනස් වෙලා දරුවො වෙනස් කරගන්නම්

“අම්මේ කෝ මගේ කොන්ඩ පටිය”

“ඕක මගේ මේස් එක”

“කොන්ඩෙ පීරන්නකො අම්මේ”

“අනේ මට කවලා ඉන්න අම්මේ”

“වෑන් එක ඇවිත් අම්මේ අපි යනවෝ…” දියණියන් දෙදෙනාම එක විට පවසා ගේට්ටුවේන නොපෙනී ගියාය.

නිමල්කා සාලයේ පිටුව මතට බර විය. හිත පුරාම මහා බරකින් පිරී මහා හිස්බවක්  ඇගේ සිතට දැනේනට විය. නිමල්කාගේ සැමියා එතෙර රැකියාවක නියුතුය. අවුරුදු දහසයක හා දහතුනක දියණියන් දෙදෙනෙකුගේම කටයුතු නිමල්කා අතින් සිදු විය. ඔවුන්ගේ තනි නොතනියට සිටියේ සැමියාගේ මවය.

“මොකද දුව කල්පනාව අසනීපයක්වත්ද?”

“නැහැ අම්මා අසනීපයක් නැහැ”

“එහෙනම් කල්පනාව හිතේ අසනීපයක් වගේ”

“හ්ම්…” නිමල්කා දිගු සුසුමක්  හෙලා ලය සැහැල්ලු කරගන්නට උත්සහා කලාය.

“ඔය ළමයි කියන දේවල් වලට හිතරිද්ද ගන්න එපා දුව. දැන් හැදෙන ළමයි කිසි කමකට නැහැ. ”

“ඒත් අපි ඔය වයසට ඔය විදිහට හැදුනේ නැහැනෙ අම්මා ”

නිමල්කා පැවසුවේ දෙනෙතේ පිරි කඳුළු සඟවමින්ය. පෙර දිනයේ සිදුවීම් පෙල ඇයගේ මතකයට ගලා ආවේ නිරායාසයෙන්ය. එදින පොහොය දිනයක් වූ නිසාවෙන් ඇය නිවසේ වැඩ කටයුතු හනිකට අහවර කල නිමල්කා ඇගේ නැගණිය බලන්නට යන්නට සූදානම් වූයේ ඇය අසනීපෙන් සිටි නිසාවෙන්ය. අසිතගේ මවද සිල් ගැනීමට ගිය නිසා තනියට දියණියන් දෙදෙනාත් සමගම යන්නට ඇය සිතා උන්නාය. නින්දේ හුන් දියණියන් දෙදෙනා අවදි කල ඇය පුංචි බලන්නට යන්නට සූදානම් වන්නට කීවාය.

“අනේ අම්මා මට නම් බැහැ ”

“ඔන්න මටත් බැහැ”

“අනේ මට තනියම යන්න බැහැ දරුවනේ අනික ඔයාලව තනියම දාලා යන්නත් බැහැනේ.”

“අනේ අම්මා අපි දෙන්නම ඉන්නවනේ අපට තනියක් නැහැ අම්මා යන්න”

අවසානයේ නිමල්කා තනිවම නැගණිය බලන්නට ගියාය. නැගණියගේ සුව දුක් බලා නිවසට අවශ්‍ය කලමනාත් ගෙන නිවසට එනවිට අඳුර වැටී තිබුණි. අසිතගේ මවද සිල් පවාරණය කොට නිවස පැමිණ සිටියාය.

“මහන්සියි අම්මා, දෝණි වතුර එකක් ගේන්නකො ”

“මං වැඩක් අයියෝ”

“චූටී දුව ඔයා එහෙනම් ගේන්නකෝ”

“අනේ…”

“ඇයි වතුර එකක්වත් ගෙනත් දෙන්න බැරිද දරුවනේ තමන්ගේ අම්මට.”

අසිතගේ මව පවසනු නිමල්කාට ඇසුනි. අවසන නැන්දනිය ඇයට වතුර වීදුරුවක් ගෙන ආවාය. කාමරයට පිවිසි නිමල්කා කේන්තියෙන් කෑ ගසන්නට විය.දියණියන් නිදාගත් ඇඳ ඇතිලි තවමත් එකලාසයක් කර නැත. කාමරය පුරාම රෙදිත් පොතුත් අපිළවෙලට දමා ඇත.

“ලොකු කෙල්ලො දෙන්නෙක් නේද ඔයාලා, තාම නිදාගත්ත ඇඳවත් අස්කරලා නැහැ. ඇඳපු ඇඳුම් එතනමයි. අස් කරනවා මේවා”

“ඇයි ඔහොම කෑ ගහන්නේ ” දෙවන දියණිය තදින් ඇසීය.

“ශෂී !” නිමල්කා දියණියට රවා බැලුවාය

“මොකද අම්මා රවන්නේ ඔවා අස් කරන්නේ අම්මනෙ ” ඇය කිසිත් ගණනකට නොගෙන පැවසුවාය.

දියණියන්ගේ වාග් ප්‍රහාරයෙන් නිරුත්තර වූ නිමල්කා ඇඟපත සෝදා ගැනීමට සැරසුනාය.

“බඩගිනයි කන්න මොනවත් හදන්නකො ” ඒ අතර ලොකු දුව නිෂී පැවසුවාය.

“හ්ම් පොල් ටිකක්වත් ගාන්නකො එහෙනම්”

“අනේ…චූටිට කියන්න”

“මට බෑ ඔය මහ ලොකු ලොකු දුවටම කියන්න.”

“ඇයි දෙයියනේ මට පොඩි හරි උදව්වක් දෙන්න බැරි. ”

“අනේ ඉතින් අපිට තියෙන්නෙ ඉගෙන ගන්නනේ. උයන්න පිහන්න භාර අම්මටනේ”

මේ අකාරුණික දියණියන් නිසා ඇගේ සිත රිදුනාය. ඇය ඉකිගසමින් හඬන්නට විය.

“දන්නවද පුංචිව බලාගන්නේ නංගියි මල්ලියි. ගෙදර හැමදේම කරලා දෙනවා. මම ඔයාලට හැමදේම කරලා දෙනවා. කන්න උයලා දිලා, රෙදි සෝදලා මැදලා හැමදේම කරලා දෙනාවා ඒත් ඇයි ඔයාලා මට මෙහෙම කරන්නේ. ඇයි තමන්ගේ අම්මට මෙහෙම කරන්නේ. අඩුම තරමේ ඔයාලගේ වැඩක්වත් පිළිවෙලට කරගන්නෙ නැහැ.”

අනපේක්ෂිත ලෙස මවගේ හඬා වැටීම නිසාවෙන් දියණියන් දෙදෙනා වික්ෂිප්තව මව වෙත පැමිණියාය.නිමල්කා තමන් පිළිබඳව ඇති වූ දැඩි ආත්මානුකාම්පාව නිසා දිගටම හඬා වැටෙන්නට විය.

දියණියන්ට මව කිසි ලෙසකින්වත් අස්වසන්නට නොහැකි වූ නිසා අත්තම්මා හා එක්ව රාත්‍රී ආහාරයට යමක් පිළියෙල කරන්නට විය. නිමල්කා නිරාහාරවම නින්දට ගියාය.

ඇත්තටම තමන්ට වැරදුනේ කොතැනදැයි නිමල්කා සිතන්නට වූවාය. ඇය දියණියන් දෙදෙනාට පණ මෙන් ආදරය කරමින් රැක බලා ගත්තද දියණිය මෙතරම් ආත්මාර්ථකාමී වූයේ කෙසේද යන්න ඇයටම ප්‍රශ්නාර්ථයක් විය.

සිතෙහි පවතින නොසන්සුන්කාරී  කලකිරීම් සහගත බව දුරු කරගන්නට ඇය තම නැගණියට දුරකථන ඇමතුමක් ගෙන පෙර දිනයේ සිදු වූ සිදුවීම් සියල්ලම පැවසුවාය. එයින් ඇගේ සිතට යම් නිදහසක් දැනෙන්නට විය.

“අක්කා ඔයා තමයි දරුවන්ව නරක් කරගත්තේ. කෙල්ලෝ වුනාම ගෙදරින් ගියාට පස්සෙත් වැඩ කරන්න වෙනවා කියලා බෝනික්කො වගේනේ හැදුවෙ. දරුවන්ට ස්වාධීනව හැදෙන්න දෙන්න ඕනී. දරුවන්ට ආදරෙයි කියලා එයාලගේ හැම රාජකාරියක්ම අපි කරලා හරියන්නෙ නැහැ. ඔයා තනියම ගෙදර වැඩ, දරුවොත් එක්ක කතා බහ කරන්න ,එයාලට ආදරේ එලිපිට දක්වන්න ඔයා කාලයක් හදාගත්තෙ නැහැනේ. ඔයාට මතකද අපි ඉස්සර ඉස්කොලෙ ඇරිලා ඇවිත් එදා දවසෙ සිද්ධ වුන හැමදේම අම්මට කියනවා. අපි දන්නෙම නැතිව උයන්න පිහන්නත් ඉගෙන ගත්තෙ කුස්සියෙදි අම්මත් එක්ක කියවද්දි.අමුතුවෙන් අම්මාටත් අපට උදව් වෙන්න කියන්න අවශ්‍ය වුනේ නැහැ.”

“හ්ම් එක නම් ඇත්ත. අම්මා ඉස්සර අපිට වැඩ බෙදලා දුන්නත් එක්ක නේද? ගෙවල් අතු ගාන්න, මිදුල අතු ගාන්න පිඟන් කෝප්ප හෝදන්න, පොල් ගාන්න  අපිට දවස් තිබුණා. අපි දෙන්නට විතරක් නෙමේ අයියටත්”

“ඒකනේ අම්මට උදව් කරන්න ඕනි බව අපිටම හිතුනා. ඒ අම්මා අපිව හුඟක් සමීප කරගෙන සාමාන්‍ය පුරුද්දක් විදිහට වදයක් නොවෙන්න අපිව ගෙදර වැඩ වලට එකතු කරගත්ත නිසා. දැන්වත් ඔයා දරුවන්ට දොස් කියන්නෙ නැතිව හිමීට එයාලව ලං කරගෙන එයාලට සමීප වෙන්න බලන්න. අපේ දෙන්න නම් ඉතින් මට නොකියන දෙයක් නැහැ. අපි ළමයින්ට හිතින් ආදරේ කරලා මදි එයාලට ආදරෙයි කියලා දවසට දෙතුන් පාරක්වත් කියන්න. එයාලගෙ ආදරෙත් එතකෙට විවෘතව කියනවා.”

“අනේ මන්දා නංගී”

“අනේ මන්දා නෙමේ අක්කා. ළමයි වයස යන්න යන්න එයාලට සමීප වෙන්න ඕනී. අනික ඉතින් හිතුමනාපෙට වැඩ කරන්න ආස වයස නිසා බොහොම කල්පනාවෙන් තමයි එයාලත් එක්ක වැඩ කරන්න ඕනී. වැඩි කතා මොකටද අපි ආපස්සට ගිහින් අපේ පුංචි වයසට ගිහින් හිතුවොත් දරුවො දෙන්නත් එක්ක වැඩ කරන්න ඔයාට පහසුවක් වෙයි. මම නම් එහෙමයි.”

“දැන් නම් හිත සැහැල්ලුයි. බලමු මම වෙනස් වෙලා දරුවො වෙනස් කරගන්නම්. එහෙනම් තියනවා නංගී”

දුවේ, පුතේ විභාග ප්‍රතිඵල මත ජීවිත සිහිනය මිලිනවන්නට ඉඩ නොදෙන්න

අපේ රටේ අධ්‍යාපන රටාව ඇත්තටම නූතන ලෝකයට ගැලපෙන ලෙස ප්‍රායෝගික නැති වුවද පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ කියන අධ්‍යාපන කඩ ඉම් පසු කරගෙන උසස් අධ්‍යාපනය වෙත අපේ දරුවන්ට පිය නගන්නට සිදුව ඇත.අවුරුදු එකලොහක් හෝ දහතුනක් පුරාවට ගුරුවරුන් උගන්වන දෑ හොඳින් ඉගෙන ගෙන පැය කිහිපයක් තුල ඒ අවුරුදු එකලොහ හෝ දහතුන පුරාවටම එකතු කරගත් දැනුම ප්‍රශ්න පත්‍ර මිනුම් දණ්ඩෙන් මනියි. ජීවිතේ ඉදිරියට සාර්ථක කරගන්නට පිටුවහලක් වෙන මෙම විභාග නිසා වෙන්ම දරුවන් තම ජීවිතෙන් සදහටම සමුගන්නා කතන්දරත් දැන් දැන් අහන්නට සිදුව ඇත. පහු ගිය සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය නිසා දරුවෙක් සදහටම ජිවිතෙන් පැරදී දෙනෙත් පියා ගත් පුවතත් එවැන්නකි. මා මේ ලිපිය ලියන මොහොතේ 2017 උසස් පෙළ ප්‍රතිඵල පිටවී දින කිහිපයක්ම පසුවී ඇත. එහෙත් තමන් අපේක්ෂා කල කඩඉම වෙත ලඟා වන්නට නොහැකි වූ දුවා දරුවන් තවමත් දුක් වන බව නිසැකය.

ජීවිතේම තීරණය කරන එකම සාධකය විභාගද?

ආදරණීයේ දුවේ පුතේ විභාගයක් කියන්නේ අපේ මුලු ජීවිතේම තීරණය කරන එකම සාධකය නොවන බව සිතට ගන්න. විභාගයකන් යනු ජීවිත පොතේ තවත් එක් පරිච්ජේදයක් පමණක්මය. ඉතින් ජිවිත පොතේ තවත් පරිච්ජේද බොහෝමයක් ලියන්නට විභාග කියන  සාධකය බාධකයක් නොකරගන්න. ලෝකයේ මෙන්ම අපේ රටේද අධ්‍යාපන අතින් ඉහළට නොගිය එහෙත් ජීවිතය ඉහලින්ම ජයගත් බොහෝමයක් දිරිය මිනිසුන් ජීවත් වෙති. මිනිසකු තුල උගත් කමටත් වඩා ප්‍රබල බුද්ධිමත් බව යන්න මා තරයේ විශ්වාස කරමි. මන්ද පොතේ දැනුම ගුරුවරුන් ලබා දෙන දැනුම හොඳින් උකහා ගත්තද ඒ දැනුම ජීවිත පොත ලියන්නට නිසි ලෙස උපයෝගී කර ගන්නට නොහැකි නම් ඔබ උගත් දෙයින් කවර ප්‍රතිලාභයක්ද? අපට අවැසි දැනුමින් පෝෂිත උගතුන් පමණක් නොව දැනුමින් පෝෂිත උගත් බුද්ධිමතුන්ය.

ජීවිතේ අභියෝගයකි

ජීවිතය පොතකි. එහි අනෙක් පිටුවට පිවිසෙන්නට ලෙහෙසියෙන් නොහැකිය. ඔබ මෙලොවට උපන්දා කොයිතරම් නම් අන්ත අසරණව සිටියාද? අම්මාගේත් තාත්තාගේත් අධාර, උපකාර, ආදරය, රැකවරණය නොලැබෙන්නට අද ඔබට ජීවිතේ දෙපයින් නැගී සිටින්නට නොහැකි වනු ඇත. එවන් දුෂ්කර ගමනක් පසු කොට අවුරුදු දහසයක් දහ අටක් ජීවිත පොත ලියූ ඔබ ජීවිතය පොතෙහි එක් පරිච්ජේදයක එක් පිටුවක් ලියා නොගත්තා කියා ජීවිතෙන් පලා යන්නට සැරසීම කොයි තරම් නම් අනුවණ තීරණයක්ද? ආදරණීය දුවේ පුතේ ජීවිතේ අභියෝගයක්. එක් අභියෝගයක් සාර්ථකව නිම කරද්දි තවත්  අභියෝගයක් ඔබ වෙනුවෙන් සුදානම්ව ඇත. බාධක හමුවේ ගලන ගඟ සුන්දරය. එනිසාවන් පරාජයන් හමුවේ නොසැලී පන්නරය ගෙන සිත ශක්තිමත් කරගන්න.

ජීවිතේ දිනන්ට ඔබට මාවත් බොහෝමයකි

සරල දිවිපෙවතක් ගත කල අපි අද කාර්්‍යයබහුල ඉතා සංකීර්ණ ජීවිත රටාවකට කොටුව ඇත. වෛද්‍යවරුන් ඉන්ජිනේරුවන් නීතීඥයන්, ගුරුවරුන් වැනි වෘත්තීන් පමණක්ද මේ සමාජයට අවශ්‍ය. සරසවි සිහිනය බොඳව ගියද ඔබගේ උසස් අධ්‍යානයට එය බාධාවක් නොවන්නේය.

  • රජයේ උසස් තාක්ෂණ ආයතනය මගින් නොමිලේම ලබාදෙන වටිනා ඩිප්ලෝමා පාඨමාලාවට සම්බන්ධ විය හැකිය. මෙම ඩිප්ලෝමා කිහිපයකම උපාධියට සමාන සුදුසුකම් ඇත.
  • රජයේ විශ්ව විද්‍යාල මගින් පවත්වන බාහිර උපාධි පාඨමාලා හෝ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධියක් හැදෑරීමේ අවස්ථාව ඇත.
  • මෙරට ඇති පෞද්ගලික විශ්ව විද්‍යාලයකට හෝ විදේශීය විශ්ව විද්‍යාලයකට ඇතුළු විය හැකි ය.

එසේම සාමාන්‍ය පෙලින් පසු ද ඔබට ජිවිතයේ නව හැරවුම් ලක්ෂයක් කරා ගෙන යා හැකිය. ඔබට ජිවිතේ ඉහළටම පියනගන්නට හැකි කේෂත්‍රය නිවැරදිව හඳුනා ගැනීම ප්‍රථමයෙන්ම සිදු කරන්න. ඔබ කාර්මික අංශයට කැමැති නම්, කාර්මික විද්‍යාලයකට ඇතුළු වී ඒ අංශයේ අධ්‍යාපනය ලබාගත හැකිය. කලා අංශයට කැමති නම් ඒ ඔස්සේ තව දුරටත් අධ්‍යනය කරන්න.ගීත ගායනයට නර්ථනයට, පරිඝණක අංශයට, නව නිපැවුම් තනන්නට, අත් වැඩට උපන් හපන් දරුවන් කොතෙකුත් ඇත. රූපලාවන්‍ය ඉවුම් පිහිවුම්, මෝස්තර නිර්මාණ ශිල්පය මෙවැනි එකී මෙකී නොකී කේෂත්‍ර බෝහෝමයකින් ඔබේ අනාගතය පැහැබර කරගන්නට අඩිතාලම යෙදිය හැකිය. ඒ අනුව ඔබේ විභාග ප්‍රතිඵල මත ඔබේ ජීවිත සිහිනය මිලින නොවන්නට කටයුතු කරන්න.වෘත්තිමය වශයෙන් ඔබට සුදුසු වෘත්තියක් තෝරාගෙන ඔබේ ජීවිතයේ නව පරිච්ජේදයේ ඇරඹුමට සූදානම් වන්න. ඔබට ජීවිතය දිනිය හැකිය.