- Advertisement -

ඔබේ ගෙදරින් අදම පටන් ගන්න……

-

අපද්‍රව්‍ය වර්ගීකරණය කරන්න


recycle-catergarizeමොහොතකට මෙහෙම හිතන්න. අපි අපේ කිළුටු රෙදි සේදීමට පෙර වර්ග කරනවා නේද? ඒ වගේම ශීතකරණයේ ආහාර ඇසිරීමේදීත් කිසියම් ආකාරයකට වර්ග කරනවා නේද? එසේ කටයුතු කරන අපි පහසුවටත්, පුරුද්දක් නැතිකමටත්  සිදුකරන වැරදි ක්‍රියාවක් වන්නේ සෑම අපද්‍රව්‍ය වර්ගයක්ම එක බඳුනකට බැහැර කිරීම. කොළඹ මහා නගර සභාවෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා මුද්‍රණය කළ අත් පත්‍රිකාවක අපද්‍රව්‍ය පහත දැක්වෙන ආකාරයට කොටස් තුනකට වර්ග කීරීමට උපදෙස් ලබා දෙනවා.

දිරන කසළ :
  • මුළුතැන්ගෙයි ඉවතලන අපද්‍රව්‍ය
  • ගෙවත්තෙන් එකතු වන කොළ සහ මල්
  • කැබලි වලට කැපූ තැඹිලි කෝම්බ
ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ :
  • වීදුරු
  • කඩදාසි, කාඩ්බෝඩ්
  • පිරිසිදු පොලිතීන්/ප්ලාස්ටික්
  • ලෝහ ද්‍රව්‍ය
  • පොල් කටු
  • පිරිසිදු කරන ලද ටින් සහ යෝගට් කෝප්ප වැනි ප්ලාස්ටික් කෝප්ප වර්ග
  •  ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මුළුතැන්ගෙයි උපකරණ
ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කසළ :
  • අපිරිසිදු පොලිතීන්/කඩදාසි
  • සනීපාරක්ෂක පැළඳුම්
  • අපිරිසිදු යෝගට්‍ කෝප්ප
  • කිරි පැකට්, ෂැම්පූ/සෝස්/මයිලෝ පැකට් වැනි දෑ
  • ඉවතලන හිසකෙස්
  • රෙදි හා සපත්තු
  • තලය සහිත රේසර්
  • අපිරිසිදු ටින්‍
  • බෙහෙත් ද්‍රව්‍ය
  • රබර්
  • පිඟන් මැටි පෝච්චි, පිඟන් මැටි භාණ්ඩ

මේ ආකාරයට අපද්‍රව්‍ය ටික වෙන් කරලා බැහැර කරන්නට කටයුතු කළොත් නිවසේ අපද්‍රව්‍ය තබා ගැනීමට සිදුවන අපහසුතාවයෙන් මිදෙන්නට ඔබට හැකි‍වේවි. එයිනුත් ඔබේ  දිරන කසළ එකතුවෙන් කළමනාකරණය කිරීමට වඩාත් අපහසුම කොටස වන මුළුතැන්ගෙයින් ඉවත දමන දේ වෙනම බැහැර කළහොත් ඔබට අවබෝධ වේවි එය සාපේක්ෂව කුඩා ප්‍රමාණයක් බව. සැබෑවටම නාගරික පරිසරයේ නිවෙස් වල  ගැටළුව වෙන්නේ  ඉවත දමන ආහාර කොටස් පමණයි. එය දෛනික කසල එකතුවෙන් එය  1/20 ක වගේ ප්‍රමාණයක්. ඉතුරු වෙන ආහාර කුරුල්ලන්ට කෑමට දෙන්නත් පුළුවන්. ඒකෙන් කසළ ප්‍රමාණය තවත් අඩුකරගන්න හැකියාව තියනවා. මේ විදිහට  ඉවත දමන දේ වෙන් කිරීමෙන් තමන්ගේ නිවසින් ඉවත දමන කෑම ප්‍රමාණය කොච්චරක් ද කියලා ගෘහණියකට හොඳ අවබෝධයක් ලැබෙන නිසා ආහාර නාස්තිය අවම කරගන්න පියවර ගන්න පුළුවන්. දෛනිකව නිවසින් බැහැර කිරීමට සිදු වෙන්නේ මේ අපද්‍රව්‍ය ප්‍රමාණය විතරයි.

- Advertisement -

ඒ වගේම අනෙකුත් වර්ගීකරණය කළ අපද්‍රව්‍ය  නිතර බැහැර කිරීමේ අවශ්‍යතාවක් මේ මගින් ඔබට ඇති නොවේවි. මේකේ තවත් වාසි සහගත පැත්තක් පෙන්නලා දෙන්න පුළුවන්. අතපසුවීමකින් අපද්‍රව්‍ය බඳුනට දමන වැදගත් ලියවිල්ලක් නගර සභාවේ කුණු ගොඩට ක්ෂණියෙන් එකතු නොවී ඔබේ නිවසේ අදාල ‍බඳුනේ සාපේක්ෂව වැඩි කාලයක්  රැදෙමින් ඔබට එය සොයා ගැනීමට අවස්ථාවක්  ලබාදෙනවා. මේ ප්‍රායෝගික සත්‍යයට මුහුණු දුන්  පුද්ගලයන් මා කියන දේ පහසුවෙන් වටහා ගනීවි.

ඒ වගේම වර්ග කරන ලද අපද්‍රව්‍ය ඒවා රැගෙන යන නගර සභා සේවකයන්ටත් විශාල පහසුවක් ගෙන දෙන බව අවබෝධ කරගන්න. එක ධනාත්මක කාරණයක් විදිහට මට පෙන්නලා දෙන්න පුළුවන් මේ වනවිට ඔබ බොහෝ දෙනා අපද්‍රව්‍ය වර්ගීකරණය කොට බැහැර  කිරී‍මේ  කටයුත්තට නැමියාවක් දැක්වීම.  මේ අපද්‍රව්‍ය ඔබ බලාපොරොත්තු වුන ආකාරයටම ක්‍රමානුකූලව එකතු කර රැගෙන යාමට නගර සභා‍‍‍ව  සතු සම්පත් ප්‍රමාණවත් නොවුන අවස්ථා තිබෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවක මාර්ග අයි‍නේ එම අපද්‍රව්‍ය මළු තැබීමට නගර සභාව කිසි ලෙසකින්වත් ඔබට අවසර ලබා දී නැහැ.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article