- Advertisement -

ඔබේ ගෙදරින් අදම පටන් ගන්න……

-

මල්ලක් ගෙනියන්න


Eco-Friendly-Jute-Bagsවර්තමාන සමාජයේ සීග්‍රයෙන් ඉවත් වෙලා යන පුරුද්දක්. මීට අවුරුදු කිහිපයකට පෙර කඩයට ගියත්, පොළට ගියත් බඩු ටික දාගෙන එන්න වෙනම බෑගයක්, වේවැල් කූඩයක් අපි ගෙනියනවා. ගෙදර ඒ බෑග් එක වෙන් කරලා තියෙන්නෙත් ඒ සඳහාමයි. ඒත් අද සුපිරි වෙළඳ සැල් වලින් ඔබ මිළදි ගන්නා අයිතම ප්‍රමාණයට සමානවම සිලි බෑග් ප්‍රමාණයක් ඔබ ගෙදර ගේනවා. ඒ සඳහා අමතර මිලක් ඔබට ගෙවන්න නොවෙන නිසා හෝ පහසුව නිසා හෝ ඔබ ඒ ගැන තැකීමක් නොකරනවා ඇති. ඒ විතරක් නෙවේ එක සිලි බෑගයක් ඇතුළේ තවත් පොඩි බෑග් තියනවා එළවළු වෙනම අසුරලා තියන. මේ විදිහට එක සුපිරි වෙළඳ සැලකින් එක් ගෙයකට එක සතියක්  වෙනුවෙන් කොපමණ සිලි බෑග් ප්‍රමාණයක් ලබා දෙනවද කියලා ඔබ කල්පනා කරලා තියනවද? ඒ විතරක් නෙවේ කඩයකින් ඔබට  දෙන අමතර  සිලි බෑගය අනවශ්‍ය නම් එය ප්‍රතික්ෂේප කිරීමට ශක්තිය තියනවාද? එපා දේ එපා කියන්න. ඔබ එලෙස ප්‍රතික්ෂේප කරන්නේ එක බෑගයක් විතරක් වෙන්න පුළුවන්. නමුත් ඒ විදිහට සියළුම දෙනා ක්‍රියා කළොත් අපේ පරිසරයට එකතු වන පොලිතින් ප්‍රමාණය කොපමණ අවම කරගන්න පුළුවන්ද කියලා හිතලා බලන්න.

තවත් දෙයක්,  මීට දශක දෙකකට විතර කළින් කඩවල්වල සීනි, පරිප්පු නැත්නම් පාන් පිටි වගේ දෙයක් දුන්නේ කඩදාසි ගොට්ටක් ගහලා, වැඩි ආරක්ෂාවට ගෝනි ලණුවකින් බැඳලා. ඒ වගේම කඩදාසි බෑග් වුනත් බහුලව පාව්ච්චි කළා. මේ පිළිබඳව විමසුවාම වෙළෙන්ඳන් කියන්නේ දැන් කඩදාසිවල අසුරලා බඩු දුන්නොත් නැවත ඒවා සිලි බෑග් එකකට දාලා දෙන්න කියලා පාරි‍භෝගිකයන් ඉල්ලීම් කරනවා කියලා. අපේ පරණ පරිසර හිතකාමි යුගයට ආපහු යන්න නම් මේ පාර්ශව දෙකම ඒ ක්‍රමවල වටිනාකම තේරුම් අරගෙන කටයුතු කළ යුතු  වෙනවා.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article