- Advertisement -

ඔබේ ගෙදරින් අදම පටන් ගන්න……

-

ප්ලාස්ටික් භාවිතය අවම කරන්න


no_plasticඅපේ රටේ සිසිල් බීම අලෙවි කළේ වීදුරු බෝතල් වල. සුළු ගණනක තැම්පතුවක් තියලා බීම ‍බෝතලේ ගෙදර ගේන්නත් පුළුවන්. බෝතලේ නැවත දුන්නම ඒ තැන්පත් කරපු මුදල ආපහු ලැබෙනවා. මේ වීදුරු බෝතල් නැවත නැවත පුරවා පාවිච්චි කිරීම ඉතාම ක්‍රමවත් විදිහට සිද්ධ වුණා දශක ගණනාවක් තිස්සේම.මෑතක දී ලංකාවේ අපේ සාමාන්‍ය ජනතාව අතරේ බෝතල් කල වතුර ජනප්‍රිය වෙනවාත් එක්කම සිද්ධ වුන දෙයක් තමා අනවශ්‍ය ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් කසල විදිහට එකතු වෙන ප්‍රවණතාවය වැඩිවුන එක. ඒත් එක්කම වීදුරු සිසිල් බීම බෝතලේ මාරුවුණා ප්ලාස්ටික් බෝතලේට. වීදුරු බෝතල් ක්‍රමය ආපහු ලංකාවේ ඇති කරන්න නියමිත කාලය ඇවිල්ලා කියලයි මගේ වැටහීම නම්.

පාරිභෝගික ජනතාව වටහා නොගන්න දෙයක් මේ වෙළඳ උපක්‍රමය ඇතුළේ තියනවා. ඒ ඔවුන් බොන වතුරට හෝ සිසිල් බීම ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ඉවත දමන ප්ලාස්ටික් බෝතලය වෙනුවෙන් ගෙවන්නට සිදුවන බව. පරිසරය ගැන විශේෂ අවධානයක් දක්වන රටවල වගේ අපේ රටටත් වීදුරු වතුර බෝතල් වෙළඳ පොළට හඳුන්වා දීම  කාලීන අවශ්‍යයතාවයක්.

- Advertisement -

පසුගිය කාලේ ජල ගැලීම් වලින් විපතට පත් වුණ පුද්ගලයන්ට අපි ලබා දුන්න  සහනාධාර වලට ඇතුළත් වුන ප්ලාස්ටික් බෝතල් සහ සිලි බෑග් ප්‍රමාණය ඒ ප්‍රදේශවලට අමතර පාරිසරික ගැටළුවක් ඇති කරන්නේ නෑ කියලා  හිතන්න අපහසුයි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article