- Advertisement -

ඔබේ ගෙදරින් අදම පටන් ගන්න……

-

අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට සහාය වන්න


recycling-support-02මේ අදහසත් අලුත් දෙයක් නෙවේ. පෙර මා සඳහන් කළ විදිහට ඔබ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ලෙස වර්ගීකරණය දේ ඔබගේ නිවස ළඟට ඒවා මිළදී ගන්න එන අයටම දෙන්න ඔබට අවස්ථාවක් තියනවා. කඩදාසි , පත්තර, ටින්, වීදුරු බෝතල් , පරණ ප්ලාස්ටික්, පොල් කටු  වගේ දේවල් එකතු කරන පුද්ගලයන්ට ලබා දීමෙන් ආර්ථික වාසියක් ලබා ගන්න පුළුවන්. මේ අතරින් පොල් කටු  වලින් නිශ්පාදනය කරන සක්‍රීය කාබන් සඳහා පවතින්නේ විශාල ඉල්ලුමක්. අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ මැදිහත් වීමෙන් ඉවත දමන දේ මිළදී ගන්නා පොළක් කලින් කලට පවත්වන බව ඔබ මෙතෙක් නොදන්නවා ඇති. සමහර විට ඔබට හිතේවි ඒ ලැබෙන මුදල  ඉතා  සුළු ගණනක් කියලා. ඒත් ඒ ඉවත දමන දේ  ප්‍රයෝජනයක් ගත හැකි  අයෙකුට ලබා දීලා  ගෙදර කසල බඳුන ඉතිරී යාමේ හිසරදයෙන්  නිදහස් වීමේ පහසුව සුළුවට සලකන්න බෑ නේද? අන් අය ඉවත දමන දෙයම තමන්ගේ ජීවනෝපාය කරගත්ත කොටසකුත් සමාජයේ ඉන්නවා කියන එකත් අමතක කරන්න එපා.

මෙහිදී තවත් කරුණක් අවධාරණය කළ යුතුයි. ඔබේ සුළු කැපවීමක් තුළින් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ලෙස වර්ග වන අපද්‍රව්‍යයක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍යයක් බවට පත් කිරීමට පුළුවන්. උදාහරණයක් ලෙස ඉවත දමන යෝගට් කෝප්පය සෝදා පිරිසිදු කිරීමෙන් පසු එය ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍යක් බවට පත්වෙනවා. ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කාණ්ඩයේ දේවල් පරිහරණය හැකි පමණ සීමා කිරීමට ඔබ උත්සාහ දරන්නේ නම් එය ඉතාම අගය කළ යුතු දෙයක්.

- Advertisement -

මගේ පෞද්ගලික අදහස නම් නගර සභාව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය ලැයිස්තුව වැඩි දියුණු විය යුතුයි කියන දෙය. රබර් වැනි දේවල් ප්‍රතිචක්‍රීකරණය කිරීම එතරම් අපහසු වෙන්නේ නැහැ.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article