- Advertisement -

ඔබේ ගෙදරින් අදම පටන් ගන්න……

-

නව සංකල්පවලට අනුගත වීම


නිවෙස්වල තිබෙන අනවශ්‍ය එහෙත් පාවිච්චියට ගත හැකි ඇඳුම් ආදිය බැහැර කිරීමට විහාර මහාදේවී උද්‍යානය වැනි පොදු ස්ථානයක බහාලුමක් තැබීම‍ට හැකි නම් එය බොහෝ ආපදා අවස්ථාවලට පසු මතුවන ඇඟලුම් අවශ්‍යතා ගැටළුව කඩිනමින් විසඳා ගැනීමට උදව්වක් වේවි. එසේම එය ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කසළ ලෙස වර්ගීකරණය කර ඇති දෙයක් බවත් මතකයේ තබා ගන්න. වඩාත් වැදගත් වන්නේ මෙවැනි නව සංකල්ප හඳුන්වා දුන් පසු මහජනතාව ඒ සඳහා දක්වන යහපත් ප්‍රතිචාරයයි.  මේ අදහසට සමගාමීවම විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහාත් නගරයේ තැන් කිහිපයක බහාලුම් තැබීම‍ ඉතා සුදුසු පියවරක්. බැර ලෝහ මගින් පරිසරයට සිදුවන හානිය අවම කරගැනීමට එයින් විශාල පිටුවහලක් ලැබේවි.

පළමුව, ඔබ ඔබේ ගෙදරින් අපද්‍රව්‍ය කළමනාකරණය පටන් ගන්න. මා යෝජනා කරන්නේ ඉතාම සරල පියවරවල් කිහිපයක් විතරයි.

- Advertisement -
  •  අපද්‍රව්‍ය වර්ගීකරණය කර බැහැර කිරීම‍
  • අපද්‍රව්‍ය හැකිතාක් ප්‍රතිචක්‍රීකරණය කිරීම
  • නැවත නැවත භාවිතයට හුරුවීම
  • වෙළඳ පළට යාමේ දී බෑගයක් රැගෙන යාම තුළින්  පොලිතීන්  සහ සිලි බෑග් භාවිතය සීමා  කිරීම
  • කොම්පෝස්ට් පොහොර  නිවසේ දීම සාදා ගැනීම
  • නව සංකල්ප වලට අනුගත වීම
  • ඔබට අනවශ්‍ය දේ  ප්‍රතික්ෂේප කිරීම
  • පරිසර සංවේදීතාවය ඇති කර ගැනීම සහ පුද්ගල ආකල්ප වෙනස් කර ගැනීම  තුලින් සමාජමය ආකල්ප වෙනස් කිරීම

මෙම ක්‍රියාදාමයේ  පළමු ප්‍රතිලාභියා ඔබයි. අසීමිතව, අතිශය අනර්ථකාරීව අප පරිසරයට බැහැර කරන දේ තුළින් විනාශ වන්නේ අප මෙන්ම අ‍පගේ ඉදිරි පරම්පරා ගණනාවක පැවැත්ම තීරණය කරන ජෛව විවිධත්වයයි. සොබාදහම ඔබේ නොසැලකිලිමත් කම පිළිබඳව පිළිතුරු දෙන දිනක් එනතෙක් බලා නොසිට අපි අදම මේ සමාජමය වගකීම ඉටු කිරීමට අදිටන් කරගනිමු.

https://m.youtube.com/watch?v=g9v4dBVyaD4

kusal_perera_profileඅපද්‍රව්‍ය කළමනාකරණයේ අප වගකීම පිළිබඳව අදහස් දැක්වීම පරිසර ක්‍රියාකාරිකයෙකු සහ පරිසර හිතවේදියෙකු වන කුසල් පෙරේරා (MBA, FCMA , FIB , ACMA( UK),CGMA , MCPM) විසිනි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article