Home Blog Page 146

දූ දරුවන්ගේ ජීවිතයට පියෙකුගෙ ඇති වැදගත්කම

දරුවෙකුට පියා වැදගත් ඇයි?

දරුවෙකුගේ බිලිඳු අවස්ථාවේ සිට වැඩිහිටි අවස්ථාව දක්වා, පියෙකු දරුවෙකුගේ වර්ධනය සඳහා විශාල කාර්යභාරයක් සිදු කරයි. මෙතෙක් කල් මේ සඳහා කල විවිධ අධ්‍යනයන් වලට අනුව, පියෙකු සිටින දරුවෙකුට හොඳ අධ්‍යාපනයක් සහ සමාජීය හැකියාවන් , පියෙකු නැති දරුවෙකුට වඩා ඇතිබව සොයාගෙන ඇත. පියෙකු සමඟ සිටින දරුවන්ට හැසිරීමේ හෝ භාෂා හැසිරවීමේ දුර්වලතා ඉතා අඩුය. මෙහි නරක ප්‍රතිඵල, දික්කසාද වූ පවුල් වල දරුවන්ටද ඇතිවේ. ඒ සඳහා බලපාන්නේ පියා දරුවන් සමඟ එකට ජීවත් වෙනවාද නැද්ද යන නිසා නොවේ, වැඩි වශයෙන්ම බලපාන්නේ පියා දරුවන් සමඟ සමඟ ඇති සම්බන්ධතාවය නිසාය.

ඇමරිකාවෙ ඉලීනොයිස් විශ්ව විද්‍යාලයේ (Illinoise University) කරන ලද සමීක්ෂණයට අනුව, පියෙකු දිනපතා දරුවන් පිලිබඳව අවධානයෙන් සිටීම හේතුවෙන්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳ මට්ටමක තිබෙන බව සොයාගෙන ඇත. දරුවන් දිනපතා ඉගෙනගත් දෙවල් පිලිබඳව, දරුවන්ගේ දිනපතා ක්‍රියාකාරකම් පිලිබඳව සහ දරුවන් සම්බන්ධතා පවත්වන අය පිලිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කිරීම හිතකර ලෙස බලපායි. එසේම පියකු තම දරුවන් පිලිබඳව නොතකන විට, එම දරුවන්ගේ අඩු අධ්‍යාපන මට්ටමක් පවතී. එමෙන්ම එම පියා, දරුවාගේ ජානමය ලෙස සමාන කමක් දක්වන පියාම වීමට අවශ්‍ය නැත. එම පියා, දරුවා හඩා වඩා ගැනීමට ගත් පියා, දරුවාගේ සීයා හෝ මුත්තා නැතහොත් වැඩිහිටි පිරිමියෙක් වූවාට ප්‍රශ්ණයක් නැත.

එමෙන්ම එක්සත් රාජධානියේ පිහිටි ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයේ (Oxford University) කරනු ලබන අධ්‍යනයේදී ඔවුන්ටද මෙයට සමාන ප්‍රතිඵලයක් ලැබුනි. මෙහිදී එක්සත් රාජධානියේ පාසලක ළමුන් 17,000ක් පමණ මෙම පරීක්ෂණයට යොදා ගන්නා ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අධ්‍යාපනික දියුණුව සහ දෙමව්පියන්ගේ සම්බන්ධීකරණය අතර සම්බන්ධයක් ඇතිබව සොයාගන්නා ලදී. මනෝවිද්‍යාඥ ඊරින් ෆ්ලෝරි (Eirine Flouri) පවසන ආකාරයට දරුවන් පිලිබඳව කැක්කුමක් ඇති පියෙකු, තම දරුවාව කෙටි විනෝදගමනක්, කියවීමට උදව් වීම, දරුවා පාලනය කිරීම සහ දරුවාගේ අධ්‍යාපන කටයුතු පිලිබඳව උනන්දු වෙයි.
පුතෙකු කෙරෙහි ඇති පියාගේ බලපෑම

එක්සත් රාජධානියේ ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයේ (Oxford University) අධ්‍යනයකට අනුව, පුතෙකු තම පියා සමඟ හොඳ සම්බන්ධතාවයක් තිබීම හේතුවෙන්, තම වැඩිහිටි කාලයේදී නීතිය කඩකිරීමේ වරදට අසුවීමේ අඩු තත්වයක් දක්නට ලැබුනි. පියාට තම පුතාට සුභවාදී ආදර්ශයක් ලබා දිය හැක. තම පුතාට හැඟීම් දැනීම් පිලිබඳව දැනුවත් කිරීමක් ලබාදීමට උදව් විය හැක.

පුතෙකුට අර්ථවත් පුරුෂ බලපෑමක් වීමට තම උපන් පියාම වීමට අවශ්‍ය නැත. තම මාමලා, සීයලා හෝ තම මිතුරන් ගෙන් ධනාත්මක බලපෑමක් තිබීමට පුලුවනි.
දියණියෙකු කෙරෙහි ඇති පියාගේ බලපෑම

දියණියෙකුට පියා සමඟ ඇති සම්බන්ධතාවයෙන් ලබාගැනීමට බොහෝ දේ ඇත. ඇමරිකාවේ වැන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාලයේ (Vanderbilt University) කරනු ලබන සමීක්ෂණයක් අනුව, පළමුවන අවුරුදු පහේදී මව්පියන් සමඟ හොඳ සම්බන්ධතාවයක් ඇති ගැහැණු දරුවන්, නියමිත කාලයේදී වැඩිවියට පැමිනේ. එක්සත් රාජධානියේ ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයේ (Oxford University) කරනු ලබන තවත් සමීක්ෂණයකට අනුව, දියණියන් තම පියා සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම නිසා, ඔවුන්ගේ පසු ජීවිත වල, මානසික ගැටළු ඇතිවීම අඩු තත්වයක් දැකීමට ඇති බවයි. පියෙකු තම දියණියට අගය කිරීමෙන් සහ ප්‍රශංසා කිරීමෙන්, ඔවුන් පිලිබඳවම විශ්වාසය ඇතිවීම සහ ස්වාධීනව කටයුතු කිරීමට උදව් වේ.

මෙහි අන්තර්ගතවී තිබෙන තොරතුරු, සෞඛ්‍ය විශේෂඥයකුගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් ලබාගන්නා ලද තොරතුරු වේ. පාඨක ඔබ විවිධ මානසීක ප්‍රශ්ණ වලින් පෙලෙනවා නම්, සෞඛ්‍ය විශේෂඥයකුගෙන් හෝ ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න.

දරුවාගේ අක්ෂි සෞඛ්‍යය උසස් කිරීම සඳහා වැදගත් වන කරුණු 5ක්

ඔබේ දරුවාට හොඳ පෙනීමක් තිබීම ඉතා වැදගත් වේ. ඔබේ දරුවාගේ ඇස්වල සෞඛ්‍ය තත්වය හොඳින් පවත්වාගෙන යාමට ඔබට වැදගත් වන වටිනා උපදෙස් පහක් පහත සඳහන් කර ඇත.

1. දරුවන්ගේ ඉලෙක්ට්‍රොනික් භාවිතය පිලිබඳව අවධානයෙන් සිටීම

නිරන්තරයෙන් ඉලෙක්ට්‍රොනික් උපකරණ භාවිතා කරන දරුවන් පිලිබඳව දෙමව්පියන් වශයෙන් ඔබ සැලකිලිමත් විය යුතු යුතුය. දරුවන් ඉලෙක්ට්‍රොනික් උපකරණ භාවිතා කිරීමේදී, එම උපකරණ වල තිරය පැහැදිලිව සහ අඳුරු නැතිව තිබිය අතර එම උපකරණ භාවිතා කරන සෑම පැයකට සැරයක්ම විනාඩි පහක කුඩා විවේකයක් ගත යුතු බව දරුවන්ට ඔබ කියාදිය යුතුය.

2. දරුවන් එළිමහනේ සෙල්ලම් කිරීමට උනන්දු කරවීම.

දිනපතා එළිමහනේ සෙල්ලම් කරන දරුවන් දුර නොපෙනීමේ රෝගී තත්වයට ගොදුරු වීමේ අවදානම ඉතා අඩුය. මෙවැනිම ආකාරයේ එක්සත් රාජධානියේ සිදුකරන ලද පරීක්ෂණයට අනුව සොයගත් දෙයක් නම්, එනම් වයස අවුරුදු 8 සහ 9 කාලයේදී එළිමහනේ සෙල්ලම් කල දරුවන්ට වයස අවුරුදු 15දී ලඟ නොපෙනීමේ රෝගයට ගොදුරු වීමේ අවස්ථාව අඩකට ඇතිවී තිබෙන බව සොයාගෙන ඇත.

අතීතයේදී වැඩිපුර පොත්පත් කියවන දරුවන් මෙම ලඟ නොපෙනීමේ රෝගයට ගොදුරු වුනා යැයි සිතූවත්, පර්යේෂණ වලින් එලි වූයේ එළිමහනේ සෙල්ලම් කිරීම ඒ සඳහා බලපාන බව එය කියවීම නිසා ඇති නොවන්නක් බවය.

3. අවුකණ්ණාඩි පැලඳීම

බොහෝ අය අවු කණ්ණාඩි පලඳින්නේ අවුරුදු 20න් පසුවය. නමුත් විද්‍යාඥයින් නිර්දේශ කරන පරිදී දරුවන්ද අවු කණ්ණාඩි පැලඳිය යුතු බවයි. එයට හේතුව දරුවන්ගේ ඇස්වලට UV කිරණෙන් හානි සිදු වීමට හැකියාවක් ඇති බවයි. අවු කණ්ණාඩි මුල් වයස් කාලයේදී ඇන්දවීමට සැලැස්වීමෙන්, ඇසේ අඳුරු ලක්ෂයේ පිරිහීම වලක්වාලයි. දරුවන්ට ගැලපෙන අවු කණ්ණාඩි තෝරා ගැනීමට පෙර, ඔබේ පවුලේ දොස්තරවරයෙකු හෝ අක්ෂි විශේෂඥයකු හමුවන්න.

4. ඇස්වල සෞඛ්‍ය තත්වය වැඩි කරන හොඳ ආහාර වේලක් ලබා ගැනීම.

ඔමේගා 3 අම්ලය, විටමින් සහ ඇන්ටිඔක්සිඩන්ට් වලින් ඇස්වල සෞඛ්‍ය තත්වය වැඩිකිරීමට උපකාරී වේ.

සමහර ආහාර වලින්, ඉදිරියේදී දරුවන්ගේ ඇස්වල සෞඛ්‍ය තත්වය පවත්වාගෙන යාමට පලා වර්ග වන නිවිති සහ බොකටු ගෝවා, විටමින් C අධිකව ඇති එළවළු සහ පලතුරු වර්ගද, විටමින් E අධිකව ඇති ගෙඩි සහ ඇට වර්ග සහ අනෙකුත් ආහාර වර්ග වන සැමන්, බිත්තර, කෙලවල්ලා සහ කළුකුමා වැනි දේවල් ආහාරයට ගත හැක. මෙම ආහාර වලින් ඇසේ අඳුරු ලක්ෂය පිරිහීම සහ කැටරැක් ඇතිවීමේ අවදානම අඩුවේ.

5. ක්‍රමවත් ඇස් පරීක්ෂාවක් සිදුකිරීම.

දරුවන්ව පාසලට යැවීමට පෙර ඔවුන්ට ක්‍රමවත් ඇස් පරීක්ෂාවක් කලින් කලකට සිදු කිරීම ඉතා යෝග්‍ය වේ. ඔවුන්ගේ ඇස් පෙනීමේ දුර්වලතා, වපර බැල්ම හෝ වෙනත් පෙනීමේ ආබාධ තිබිය හැක. ඒවා ඔවුන්ගේ ඉගෙනීම සඳහා අනතුරුදායක බලපෑම් ඇතිවීමට ඉඩ ඇත.

ගර්භණී සමයේදී ඇතිවන අධික වෙහෙස දරා ගන්නේ කෙසේද?

කාන්තාවන්ගේ ජීවිතයේ ඇතිවන විශේෂ කාලයකි. එවන් කාලවල ඔබ නිරන්තරයෙන් වෙහෙසට පත්වේ. නමුත් එය උදෑසන අසනීප ගතියක්, හැඟීම් වල ස්වභාවය හදිසියෙන් වෙනස්වීම් සහ නිරන්තරයෙන් වෙහෙස මහන්සිය ඇතිවීම වැනි ලක්ෂණ ඔබට දැනීමට පුළුවනි. ඉතා හොඳ ක්‍රියා පිලිවෙතක් ඔබ අනුගමනය කිරීමෙන්, මෙවැනි නරක ලක්ෂණ වලින් වෙහෙස මහන්සිය වලක්වා ගත හැක.

පළමුවන මාස තුන

බොහෝ ගර්භණී කාන්තාවන්ට පලමුවෙනි මාස තුනේදී, අධික වෙහෙස ඇතිවීමේ හැකියාවක් පවතී. මෙය බොහෝවිට ඇතිවන්නේ, දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින මවුවරුන්, ගෙදර සහ කාර්යාලයේ වැඩ දෙකම සමබරව පවත්වාගෙන යාමට උත්සහ කිරීමේදීය.

පලමුවෙනි මාස තුනේ රාත්‍රී කාලයේදී පැය 12ක් නිදාගැනීම සාමන්‍ය වන අතර, එසේ කලත් හිතේ ඇතිවන හැඟීම් වල චන්චල ස්වභාවය සහ අධික වෙහෙස පෙන්නුම් කරයි. මෙයට හේතුව ගර්භාශයේ සිදුවන වෙනස්වීම් අනුව ශරීරයේ ධාතු ඒ අනුව අනුවර්තනය වෙයි. මෙම වෙහෙස දෙවැනි කාර්තුවේදී වැඩිවීමක් සිදුවිය හැකි අතර මෙම කාලයේදී ගර්භණීභාවය ඔබට ඉතා විනෝදජනක වනු ඇත.

ඔබේ කාර්යාලයේ හෝ ගෙදර ඇති වැඩ නිම කිරීමට බැරිවීම නිසා ඇතිවන දොම්නස මිදීමට ඔබ උත්සහ ගන්න. ඔබ විශේෂයෙන් අවධානය යොමුකල යුතු වැදගත් කාර්යය වන්නේ, ගර්භණීභාවයයි!

අන්තිම මාස තුන

අත්තිම මාස තුනේදී, නින්ද සඳහා බාධා ඇතිවීම සාමන්‍ය අත්දැකීමක් වනු ඇත. ඒවා ඇතිවීමට හේතු නම්,

⦁ ආමාශයේ දැවිල්ල
⦁ කොන්ද කැක්කුම
⦁ නිරන්තරයෙන් වැසිකිලියට යාම
⦁ දෙවෙනි දරු උපතේදී ඇතිවන සාංකාව (මාතෘත්වය )
⦁ දරුවාගේ චලනය

මෙම හේතූන් ගර්භණී සමයේදී සාමන්‍ය සහ බලාපොරොත්තු විය හැකි සිද්ධීන් වේ. මේවා පාලනය කිරීම සඳහා උදව් වන උපදෙස් පහත දක්වා ඇත.

⦁ දවල්ට හෝ හවසට ව්‍යායම කිරීමෙන් විවේකී වීමට උදව් වෙයි.
⦁ රාත්‍රී කාලයේදී නියමයක් නැති වේලාවලදී සුළු කෑම ගැනීමෙන් වලකින්න.
⦁ රාත්‍රී නින්දට යාමට පෙර උණුවතුරෙන් නෑම හෝ භාවනා කරන්න.
⦁ මානසික සාංකාවෙන් මිදීමට රූපවාහිනිය නැරඹීම, ගීතයක් ඇසීම හෝ පොත් කියවීම කල හැකිය.

ළදරුවන්ගේ කතා කිරීමේ සහ භාෂා හැසිරවීමේ කඩඉම

භාෂා හැසිරවීමේ අත්දැකීම, දරුවන් අනිවාර්යයෙන් අත්විඳිය යුතු බව දෙමව්පියන් වන ඔබ දැනසිටිය යුතු කාරණයකි. විශාල ළදරුවන් සංඛ්‍යාවක් සහභාගි කරමින් කරන ලබන සමහර පරීක්ෂණ වල ලබාගත් නිගමනයන් වල කරුණු මෙහිදී පැහැදිලි කර ඇත. දරුවන් තම තමන්ගේ වැඩීමේ වේගය අනුව කතාකිරීමේ හැකියාවද වර්ධනය කරයි. හැම දරුවෙකුම එකම වේලාවල ඉගෙන නොගනී. දෙමව්පියන් වශයෙන් දරුවන්ගේ ජීවිතයට වැදගත් වන කඩයිම් පිලිබඳ අවධානයෙන් සහ දරුවන් එම කඩයිම් නිසිලෙස පසුකරමින් යනවාද යන්න ඔබ සොයා බැලිය යුතුය. යම් දරුවෙකු එසේ යම් කඩයිමක් පසු නොකරනවා නම් හෝ පමා වෙනවා නම්, විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගැනීම ඉතා වැදගත් වේ.

පහත දක්වා ඇති වයස් සීමාවන් තුල දරුවන් පසුකල යුතු, කතා කිරීමේ සහ භාෂා හැසිරවීමේ කඩයිම් පිලිබඳව විස්තරාත්මකව පැහැදිලි කර ඇත.

උපන් දවසේ සිට මාස 3ක කාලය තෙක්

සන්නිවේදනය සඳහා සවන් දීම, ඇසීම සහ ප්‍රකාශ කලදේ කුමක්ද යන්න තේරුම්ගැනීම යන සියල්ල සම්බන්ධ වේ. උපන් දවසේ සිට මාස තුනක් දක්වා ළදරුවන්ට විවිධ කඩයිම් වලට මුහුණදීමට සිදුවේ. ඔවුන්ගේ මුහුණෙන් ප්‍රීතිය සහ වේදනාව උචිත අවස්ථා වලදී පෙන්නුම් කරයි. උදාහරණයක් වශයෙන්, දරුවා මව දුටු අවස්ථා වලදී කූ කූ ගා ශබ්ද කරමින් සෙමින් කෙඳිරි ගැසීමට පටන් ගැනීමට පුලුවන්. එසේම දරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතා ඉටු නොවූ අවස්ථා වලදී හැඬීමට පටන් ගැනීමට පුලුවනි. විවිධ හඬවල් හඳුනා ගැනීමටද දරුවන් ඉගෙන ගන්නා අතර මෙම කාලයේදී සිනාසීමද හඳුනා ගනී. එමෙන්ම සමහර ශබ්ද වලට ගැස්සී බියවීමට පුලුවනි.

මාස 4 සිට මාස 6ක කාලය තෙක්

දරුවන් මෙම කාලයේදී, ඔවුන්ගේ හිස සහ ඇස්, විවිධ ශබ්ද එන දිසාවන් වෙත හැරීමට පටන් ගනී. ඔවුන් මෙම ශබ්දවලට සමානව නැවත කෙඳිරි ගෑමට පටන් ගනී. දරුවන් නාදය සහ කටහඬට ප්‍රතිචාර දැකිවීමට පටන් ගනී. කරදර, වේදනාව සහ ප්‍රීති අවස්ථාවන් වලට මෙම වයස පසුවන දරුවන්ට මුහුණදීමට සිදුවේ. රූපවාහිනියෙන් සහ සෙල්ලම්බඩු වලින් පිටවන ශබ්ද වලට අවධානය යොමු කිරීමට මෙම වයසේ දරුවන් පටන් ගනී.

මාස 7 සිට මාස 12ක කාලය තෙක්

මෙම වයස් සීමාවේ දරුවන්ට හැංගි මුත්තන් වැනි සෙල්ලම් කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. දරුවාගේ කෙඳිරීම, අකුරු කිහිපයක් එකතුවක් ලෙස ඔබට ඇසීමට පුලුවනි. සමහර දරුවන්, ඔවුන්ගේ පලමු වචනය ලෙස අම්මා, තාත්තා වැනි වචන කීමට ඉඩ ඇත. එමෙන්ම වෙනත් පහසු වචන ග්‍රහණය කර ගැනීමට පටන් ගනී. දරුවන් විවිධ ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට පටන් ගනී.

මාස 12 සිට මාස 24ක කාලය තෙක්

මෙම වයසේ පසුවන දරුවන් විවිධ සුපුරුදු වස්තූන් පෙන්වීමට පටන් ගනී. දරුවන් එම වස්තූන් හොඳින් නිරීක්ෂණය කරමින් ප්‍රශ්න ඇසීමට පටන් ගනී. ඔවුන් සරල අණ අනුගමනය සහ සම්පූර්ණ කිරීමට පටන් ගනී. ඔවුන් වචන එකතු කර කතා කිරීම සඳහා වාක්‍යයක් සම්පූර්ණ කිරීමටද පටන් ගනී. මෙම වයසේ දරුවන් කවි සින්දු ගායනා කිරීමට සහ කතන්දර ඇසීමට කැමැත්තෙන් දක්වයි.

සාරාංශය

බොහෝ දරුවන්ගෙන් අත්දකින ලද කඩයිම් පිලිබඳව සාරාංශයක් මෙහිදී පැහැදිලි කරයි. සමහර දරුවන් වේලාවට මෙම කඩයිම් පසු කරද්දී, සමහරුන් මෙම කඩයිම් වෙලාවට කලින් හෝ ප්‍රමාදවී පසු කරයි. මෙහි සඳහන් වන කරුණු, නියම වශයෙන් රටාව නිරීක්ෂණය කරන ලද්දකි. දරුවාගේ වැඩීමත් සමඟම මෙම කඩයිම් පසු කිරීම් සිදු නොවනවානම්, විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් සහ උදවු ලබා ගත යුතුය. එවිට විශේෂ කතා කිරීමේ සහ ශ්‍රවණ පරීක්ෂාවක් සූදානම් කිරීමට ඔබේ වෛද්‍යවරයා උනන්දු වෙයි.

ළදරුවාගේ මුල් අවධියේදී මිතුදමේ අදහස තේරුම් ගැනීම

ළදරුවා කතාකිරීමට පටන් ගැනීමටත් පෙර, මිතුරන් ඇතිකර ගැනීමේ ගැනීම පිලිබඳව හොඳ අවබෝධයක් තිබෙන බව පරීක්ෂණාත්මක මනෝවිද්‍යා සඟරාවේ ( journal of Experimental Psychology) පලකල අධ්‍යනයකදී තහවුරු වී ඇත. සමහර දරුවන් මාස 9 සිටම මිතුදම පිලිබඳ හොඳ අවබෝධයක් ඇතිබව මෙහිදී කියැවෙයි.

මෙම අධ්‍යනයේ කතෘ වන ඇමෙන්ඩා වූඩ්වර්ඩ් සඳහන් කරන ආකාරයට, මාස 9 පසුව ළදරුවන්, එකිනෙකා අතර ඇති සම්බන්ධතාවයන් පිලිබඳව හොඳ අවධානයකින් සිටින බව සඳහන් කර ඇත. ඇය සඳහන් කරන ආකාරයට, චිත්‍රපටිවල රඟපාන අමුත්තන් දෙස බලා, ඒ අය දරුවාගේ යහළුවන් වීමේ සිහිනය පිලිබඳව සිතීමට පටන් ගනී.

ඔබ දන්නවාද? ළදරුවන්ට ලෝකය ක්‍රියාකරන ආකාරය පිලිබඳව හොඳ අවබෝධයක් ඇති බව අධ්‍යනයක තහවුරු වී ඇත. ලයිව් සයන්ස් (LiveScience) නම් වෙබ් අඩවියට අනුව ළදරුවන්ට මූලික භෞතික විද්‍යාව සහ අංක පිලිබඳව හොඳ දැනීමක් ඇතිබව සඳහන් කර ඇත. මිතුදම පිලිබඳව ළදරුවන්ට අවබෝධයක් තිබීම පිලිබඳව මෑතකදී සොයාගත් අධ්‍යනයක තහවුරු වී ඇත.

වූඩ්වර්ඩ්ට අනුව බොහෝ වැඩිහිටියන් යහළුවන් තෝරාගැනීමේදී, ඔවුන්ට සමාන ගතිගුණ ඇති අය තෝරාගැනීමට පුරුදු වී සිටියි. එම හේතුව පාදක කර ගනිමින්, ළදරුවන් අතරත් එසේ සිදුවෙනවාද යන්න සොයා බැලීමට ඇය තීරණය කලේය. ඇය මෙම අධ්‍යනයට මාස 9 පසුවන ළදරුවන් 64 දෙනෙකු තෝරාගන්නා ලදී. නළුවන් දෙදෙනෙකු සිටින චිත්‍රපටියක් ළදරුවන්ට නැරඹීමට අවස්ථාව සලසන ලදී. නළුවන් දෙදෙනාම අද්භූත කෑම වෙනස් පාට ඇති පෙට්ටිවලින් කෑමට ගන්නා ලදී. එම අධ්‍යනයේදී ළදරුවන් ආශාවෙන් නළුවන් දෙදෙනා කන කෑමවල කැමති අකමැති භාවය හොඳින් නිරීක්ෂණය කර ගන්නා ලදී. සමහර අවස්ථා වලදී, නළුවන් දෙදෙනා සමාන කෑම වලට කැමැත්තක් දැක්වූ අතර, සමහර වේලාවට විරුද්ධ පැත්තේ ඇති කෑම වලට කැමති වෙයි.

මෙම පරීක්ෂණයෙන් පසු, මෙම නළුවන් එකලෙස රඟපාන වීඩියෝ එකක් ළදරුවන්ට නැරඹීමට අවස්ථාව ලැබුනි. වුඩ්වර්ඩ් දක්වන ආකාරයට මෙම නළුවන් දෙදෙනාට වෙනස් ආකල්ප තිබුනත් ඔවුන් සුහදත්වයෙන් හුවමාරු කරන ආකාරය ළදරුවන් දීර්ඝ වේලාවක් රවා බලන ආකාරය පෙන්නුම් කල බවයි. මෙයින් පෙන්වන්නේ, එම චිත්‍රපටියේ සිටි නළුවන් ආහාර වලට ඇති කැමැත්ත අසමාන නිසා, ඔවුන් සතුරන් විය යුතු බව මෙම ළදරුවන් අඟවයි. මෙම ළදරුවන්, මිතුරන් නොවන පුද්ගලයන් ලෙස පෙනෙන අයත් සමඟ රවා බලන අතර ඔවුන් සමාන ආහාර වලට ප්‍රියකරත් එය වෙනස් නොවේ.

මෙහි නිගමනය වන්නේ, සමාන කැමැත්ත සහ අකමැත්ත ඇති අය වෙන වෙනම යහළුවන් විය යුතු බව, ළදරුවන් බලාපොරොත්තුවෙන් සිටින බවයි. වුඩ්වර්ඩ්ට අනුව එය ළදරුවන්ගේ ඉගෙනගත් හැසිරීමක් නොව, එය ඔවුන් අපේක්ෂා කල දෙයක් බව සඳහන් කර ඇත.

මව් කිරි වලින් ළදරුවෙකුගේ වර්ධනයට ලැබෙන වාසි 7ක්

දරුවෙකු ප්‍රසූති කිරීමට බලාපොරොත්තු වෙමින් සිටින මවක් බොහෝ අවස්ථා වලදී දරුවාට මවු කිරි ලබා දීම හෝ ලබා නොදීම ගැන දෙගෙඩියාවකට මුහුණදේ. මේ ගැන බොහෝ තොරතුරු සොයා ගැනීමට හැකිවූවත්, ඇතැම් විට හරි තොරතුරු කුමක්ද, වැරදි තොරතුරු කුමක්ද කියා සිතා ගැනීමට ඇයට පහසු කාරණයක් නොවිය හැකියි. මව් කිරි ලබා දීමේ වටිනාකම ගැන විවිධ පර්යේෂණ වාර්තා නිතර නිතර එලි දකී. මේ එවැනි වාසි කිහිපයක්.

1. සාමාන්‍ය දැනීම වර්ධනය කරයි.

පළමු අවුරුද්ද තුල මව් කිරි පෝෂණය ලැබූ ළදරුවන්ගේ බුද්ධි වර්ධනය IQ අගය 4ක් දක්වා විය හැකි බව පර්යේෂකයන් පවසයි.

ඇමරිකානු ළමා වෛද්‍යවේදීන්ගේ සංගමයේ සඟරාවක පලකළ අධ්‍යනයට අනුව ළදරුවෙකුට මව්කිරි ලබාදීමේ කාලය සහ ළදරුවාගේ වාචික සහ වාචික නොවන බුද්ධිය සහ භාෂා ග්‍රහනයේ සම්බන්ධයක් පසුකාලීනව පෙන්නුම් කරයි.

2. එය පරිපුර්ණ ආහාර වේලකි

මවුකිරි වල ප්‍රෝටීන්, මේදය සහ විටමින් වර්ග අඩංගු වී ඇති නිසා දරුවාට පරිපූර්ණ සහ සමබර ආහාර වේලක් ලෙස ගත හැක.

3. ජීර්ණය පහසුය .

ළදරුවාට මවුකිරි ජීරණය අනිකුත් ආදේශනයන්ට වඩා ඉතා පහසුය.

4. ප්‍රතිශක්ති පද්ධතිය වර්ධනය කරයි.

ළදරුවා ආහාරයට ගන්නා මවුකිරිවල අඩංගු ප්‍රතිදේහ වලින්, බැක්ටීරියා සහ වෛරස් ආසාදන වලින් ආරක්ෂා කරයි. එමෙන්ම ඇදුම සහ අනිකුත් අසාත්මිකතා ඇතිවීමේ අවදානමද බොහෝ සේ අඩුවේ. අඩුම තරමින් මාස 6ක් මවුකිරි ආහාරයට ගන්නා ළදරුවන්ට ශ්වසන ආබාධ හෝ කනේ ආසාදන ඇතිවීම ඉතා අඩු මට්ටමකට පවතී.

5. හොඳ බරක් පවත්වාගෙන යාමට උදව් වීම.

ඇමරිකානු ළමා වෛද්‍යවේදීන්ගේ විද්‍යා පීඨය කරන ලද පරීක්ෂණ වල අනුව, ඔවුන් සඳහන් කරන ආකාරයට ළදරුවන් මවුකිරි ආහාරයට ගැනීම නිසා ඔවුන් අනාගතේදී තරුණ සහ වැඩිහිටි වයසේ පසුවන කාලවලදී, අධික ලෙස තරබාරු වීමේ හැකියාවන් ඉතා අඩුය.

6 . හදිසි ළදරු මරණ අවධානම අඩු වීම.

මවුකිරි ලබාගන්නා ළදරුවන්, හදිසි මරණ සහලක්ෂණය සඳහා ගොදුරු වීමේ අවදානම අඩකටත් වඩා අඩුවීමට ඉඩ ඇත.

7. විවිධ කූසලතා සංවර්ධනයට උදව් වීම.

පළමු මාස 06 තුළ මව්කිරි ලබාගත් ළදරුවන්ගේ, යම් ක්‍රියාවක් කිරීමට අවයව සියල්ල එකවර සම්බන්ධ කිරීමේ හැකියාවක්, හැසිරීම් රටාවේ සහ භාෂා හැසිරවීමේ හැකියාවන් වර්ධනය කරගනී.

අධ්‍යාපනික සෙල්ලම් බඩු සඳහා දෙමව්පියන් වියදම් කල යුත්තේ ඇයි?

ලෝකය ගැන දැනගැනීම සඳහා දරුවන්ට ඒ සඳහා මුහුණ දීමට අත්දැකීම් අවශ්යප වේ.දරුවා ඉපදුණු පසුව සෑම කුඩා තොරතූරු ආශ්ර මයෙන් ම ඉගෙන ගනී. කථා කිරීම,ඉඳගැනීම,දිවීම,පැනීම වැනි හැකියාවත් ඉගෙන ගනී.ඔවුන්ගේ පරිසරයේ ඇති දේවල් හා ඒවා ක්රිථයාවන ආකාරය ඉගෙන ගනි.ඔවුන් ඔවුන් සමඟ සිටින මිනිසුන් ගැන ඉගෙන ගනී.සෙල්ලම් බඩු වලින් ඔවුන්ට ඉගෙන ගැනීමට කියා දේ.

තවත් කරුණක් තමයි දරුවන්ට ගුරුත්වය පිළිබඳ දැනීමක් නැත.භාණ්ඩයක් අතහැර දැමූපසු එය බිම වැටෙන්නේ ඇයි කියලා ඔවුන්ට දැනීමක් නැත. ඔවුන් ගුරුත්වය පිළිබඳ තීරණය කරනු ලබන්නේ ඔවුන්ගේ සෙල්ලම් බඩු වලිනි. දරුවා සෙල්ලම් බඩු තම දැනීමෙන් බිමට අතහරී. එම වැටුනු සෙල්ලම් බඩු තම දෙමාපියන් එය ඇහිද දුන්නත් පසුත් වටහා ගනී. එය හොඳ උදාහරණයකි. තම දෙමාපියන් එය ඇහිද දෙන සෑම වාරයක් පාසාම ඔවුන් එය වටහා ගනී. ඔවුන් කලබල වූ අවස්ථාවක ඔවුන් කුමන හෝ දෙයක් අරගෙන එසැනින් බිමට අත්හරි. එම බිමට අතහැරෙන බලපෑමට ඔවුන් එය ගුරුත්වය කියා හඳුන්නා ගන්නේ නැත. නමුත්,බිමට අතහරින සෑම දෙයක් ම බිමට වැටන බව ඔවුන් තේරුම් ගනී. සෙල්ලම් බඩු සමඟ ඇති අත්දැකීම,සංකල්පය අවබෝධ කර ගැනීමට උදව් වේ.

සෙල්ලම් බඩු සමහර කාරණා වල දී වටිනාකමක් නැත.සෙල්ලම් කිරීමෙන් මාංශපේෂි පාලනය වැඩි දියුණු වේ.අශ්වයාගේ පිට උඩ පැද්දීම ,බයිසිකලය පැදීම හා බෝලයක් විසි කිරීම මඟින් මාංශපේෂි පාලනයට පුරුදු වේ.සෙල්ලම් කුළුණක් සාදා එය කඩා වැටී නැවතත් එම ක්රිහයාවලිය වීම නිසා මාංශපේෂි වල ක්රිරයාවලිය වැඩිදියුණු වේ.

සෙල්ලම් බඩු දරුවන්ගේ නිර්මණාත්මක බව හා පරිකල්පන භාවය වැඩිදියුණු වේ.බොහෝ වැඩිහිටියන් අවශ්යන නැති කාඩ්බෝඩ් පෙට්ටි විසිකරන්න ගනී.එහෙත් දරුවන් ඒවා පාවිචියෙන් ගෙයක්,කූඩුවක් හෝ කෝච්චියක් නිර්මාණය කර ඒවා වලින් සෙල්ලම් කරයි.ඔවුන් බොහෝ විට විවිධ භාණ්ඩ ආධාරයෙන් සෙල්ලම් කිරීමට ගනී.

සෙල්ලම් බඩු දරුවාගේ ආත්ම විශ්වාසයේ වර්ධනයට උපකාරී වේ.දරුවා තම සෙල්ලම් බඩුව ( බයිසිකලය,ප්රෙආහේලිකාව ) කෙරෙහි පාලනයක් ඇතිවූ විට තමා පිළිබඳ හැඟීමක් හා විශ්වාසයක් ගොඩනැගේ. ඔවුන්ගේ සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන විට ඔවුන් නිතරම කියාපාන දෙය නම් “මා දිහා බලන්න.මට මෙදේ කරන්න පුළුවන්” කියා ඔවුන් ගේ සෙල්ලම් බඩු වලින් කල හැකි දේ පෙන්වා දෙයි.වැඩිහිටියෙකු දරුවන් සමඟ බොරුවට සෙල්ලම් කිරිම වැදගත් දෙයකි.එයින් දරුවාට තමා පිළිබඳ හැඟීමක් හා විශ්වාසයක් ඇති වේ.එමෙන්ම දරුවන් ට තමා පිලිබඳ ඇති අදහස වැඩි වේ.

සීසෝව පැදීම,වැලි මාලිගා සෑදීම යන සජීවි සහභාගීත්වයක් අවශ්යත සෙල්ලම් බඩු තුළින් දරුවාට මිත්ර ත්වය/මිතුදම ඇති කිරීමට උදව්වේ.

දරුවන්ට අනෙක් දරුවන් සමඟ සන්නිවේදනය කරන්නේ සෙල්ලම් බඩු වලිනි.කණ්ඩායමක දරුවා සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කිරීමේ දී ඔවුන් කණ්ඩායම් ගනි විද්යාවව (group norms)ගැන දැන ගනි. තව ද ඔවුන් කණ්ඩායමේ හැසිරිය යුතු ආකාරය,කණ්ඩායමේ ඊළඟට කථාකල යුතු කෙනා කවුද යන්න තීරණය කිරීම, ප්රඩතික්ෂේප කිරීමක දී ඒවා හැසිරිය යුතු ආකාරය ද ඉගෙන ගත හැකිවේ.

සෙල්ලම් බඩු තුළින් දරුවාට තම හැගීම් හා ශක්තිය මුදාහරින්නේ කෙසේ ද කියා දැන ගත හැකි වේ.දරුවන් බෝහෝ විට උද්යෝගී වේ.දරුවන් සෙල්ලම් පිට්ටනියේ දී හා බයිසිකලය පැදීමේ දී උද්යෝගී වීමට දිරිදීම වැදගත් වේ.එහෙත් පැනීමට ඉඩ හැරීම නොකළ යුතු ය.සෙල්ලම් බඩු වලින් දරුවාගේ කෝපය සහ කලකිරීම නිදහස් කිරීමට උදව්වේ.වතුර ඉසීම,punching bag වැනි දෑ වලින් දරුවාගේ ආතතිය මුදාහැරීමට උදව්වේ.

රූපවාහිනියක් සෙල්ලම් බඩුවක් ලෙස භාවිතා කල හැකි ද?

බොහෝ දෙමව්පියන් වැඩිහිටියන් රූපවාහිනිය දරුවන් ට තාත්වික සෙල්ලම් භණ්ඩයක් ලෙස භාවිතා කරයි.සතියකට පැය 30 ක් රූපවාහිනියේ කාලය ගත කරන බව බොහෝ අධ්යියනයන් වල සඳහන් වේ.බොහෝ දෙමව්පියන් සිතන පරිදි රූපවාහිනිය නරඹන කාලය වැඩි බව සිත යි.රූපවාහිනිය නැරඹීම නිෂ්ක්රිරය ක්රි යාවකි.ඒ වෙනුවෙන් ළමුන් ක්රි යාශීලීව යමක් කිරීමට අනුබල දිය යුතු ය.

රූපවාහිනිය නැරඹීම නිශ්ක්රි්ය (passive) ක්‍රියාවලියක් වන අතර එය වර්ධනයට උදව් නොවේ. රූපවාහිනිය දරුවන්ට නැරඹීමට ලබාදීම වරදක් නොවේ. නමුත්,එය විනෝදයක් ගෙන දෙන ඉගෙන ගැනීමට අත්දැකීමක් විය යුතු ය.

මෙය සිදු කිරීමට විවිධ ක්රිම ඇත.

• නිරතුරුවම දෙමව්පියන් දරුවන් රූපවාහිනිය නැරඹීමට නියමිත වැඩසටහන් හා කාල වේලාව වෙන් කල
යුතු ය.එම නීතියට නිරතව සිටිය යුතු ය.
• දරුවන්ට සුදුසු වේලාවට රූපවාහිනිය වෙන්කර තිබිය යුතු ය.
• දරුවන් ට වැඩිහිටියන් ගේ අවධානය හා ආරක්ෂාව අවශ්යුය ය.

දෙමව්පියන් ට දරුවන් සමඟ සිට ඔවුන් සමඟ මෙම රූපවාහිනියේ පෙන්වන මනඃකල්පිත දේවල් කෙසේ සිදුවනවා ද,කුමක් ද මෙහි විශ්වාස කල යුතු සත්ය හා ඔවුන්ගේ ක්රිකයාවන් කුමකට ද සිදුවන්නේ ද කියා ඔවුන්ට තේරුම් කල යුතු ය.වයස අවුරුදු 3 ක දරුවෙකු ට රූපවාහිනියේ පෙන්වන වැඩසටහන් පිළිබඳ තමන්ගේ අදහස් හා හැඟීම් පැහැදිලි කර ගත හැක.

බුද්ධිමය හැඟීමෙන් දරුවන් අති දැඩිකර ගන්නේ කෙසේද?

බුද්ධිමය හැඟීම යනු විවිධ හැඟීම් යහපත් ලෙස පාලනය කිරීමයි. ආතතිය පාලනය කිරීම, සම්මුඛ පරීක්ෂණයට මුහුන දීමේදී ඇතිවන ආතතිය, විවාහ ජීවිතයේදී ඇතිවන ගැටුම් යන ඒවා උදාහරණ වේ.කෙනෙකු තම හැඟීම් පාලනය කලවිට, ඔහුගේ හෝ ඇයගේ උසස් බව හා සාමාන්‍ය දැනීම අවසානයේදී නිශ්චය වේ.

බොහෝ මනෝ වෛද්‍යවරුන් මෙය හදුන්වන්නේ EQ නොහොත් බුද්ධිමය හැඟීම් ඵලයයි. දරුවන් බුද්ධිමය හැඟීමෙන් ඇති දැඩි කිරීමට දෙමව්පියන්ට අත්‍යවශ්‍ය වන කරුණු පහත දැක්වේ.

බුද්ධිමය හැඟීම

කෙනෙකුගේ හැඟීම් පාලනය කිරීම, සාංකාව හා අනිත් අයගේ අදහස් තේරුම් ගැනීමේ හැකියාව බුද්ධිමය හැඟීමයි.

හැසිරීම් රටාව

සෑම දරුවෙකුටම විශේෂ හැසිරීම් රටාවක් ඇත. දෙමවුපියන්ට තම දරුවන් කුමන ගතිගුණ රැගෙන බිහිවුනාද යන්න තීරණය කල නොහැක. නමුත් ඔවුන් කුඩා කාලයේ සිටම වැඩීමට හොඳ පරිසරයක් නිර්මාණය කල හැක. දෙමව්පියන්ට කල හැකිව තිබෙන වැදගත් දෙය නම් දරුවාගේ ළමා කාලයේ අභ්‍යන්තර සතුට පිලිබඳව උනන්දු වීමයි.

නිපුණත්වය

ඉතා ඉහල නිපුණත්වයක් ඇති දරුවන්ට බොහෝ විට සුළු හෝ කිසිදු හැඟීම්බර ගැටළු නැත. එමෙන්ම වැඩෙන සෑම අවධියකදී දරුවාට වයස ඉක්මවා යන කාර්යයන් වල යෙදීමට  හැකියාවක් ඇත.ඔවුන්ව පාලනය කිරීම පමණක් නොව, ඔවුන්ට උසස් විශ්වාසයක්ද ලබා දෙන්න.

 කාර්‍යන්හි නිරත වීම

යම් කිසි කටයුත්තක නිරතවී සිටීමෙන් දරුවන්ට එය ආරක්ෂක හේතුවකි. දරුවන් විවිධ ක්‍රියාකාරකම් වල යෙදී සිටීමෙන් ලබන සතුට ආරක්ෂා කරයි.

 සතුට

නව අධ්‍යයන වාර්තාවලට අනුව සතුට, බාහිර සිද්ධීන්වලට සහ වාසනාවට හේතූන් නොවේ. සංවේගය මානසීක සහ ශාරීරික ස්වභාවය නිසා නිපදවන ශාරීරික රසායනික ද්‍රව්‍ය සංතුෂ්ටි මට්ටමට බලපායි.

ආත්ම විශ්වාසය

දරුවා තම දෙමවුපියන් සමඟ ධනාත්මක සම්බන්ධතාවයක් තිබීමෙන්, යහපත් ආත්ම විශ්වාසයක් දරුවා තුල ගොඩනැඟිය හැක. එයින් මූලිකව ආත්ම සුභසිද්ධිය ඇතිවී, තමා තුල ඇති සතුට ස්ථාවර වේ. දරුවාට තමා පිලිබඳ ආඩම්බර විය හැකි ක්‍රියාකාරකම් වලින්ද ආත්ම විශ්වාසය ගොඩනැඟේ.

 උත්සාහය

කෙනෙකුගේ සාර්ථකත්වයෙන් කල උත්සහය තීරණය කල හැක. කෙනෙකුගේ සාර්ථකත්ව මට්ටම තීරණය කිරීමට හැකි වනුයේ ඔහු ගත් ප්‍රබල උත්සහයෙනි.

 පීඩනවලින් මානසීකව නැවත යථාතත්වයට පත්වීමේ හැකියාව

දරුවන් විවිධ විපත් සඳහා තම ජීවිත කාලයේදී මුහුණ දීමට සිදුවේ. එමෙන්ම සමහර දරුවන් එම විපත් වලට අනාගතයේදී මුහුණ දීමේ හැකියාව වර්ධනය වී ඇත.

 ශුභවාදය

දරුවන් අශුභවාදීව ඉපදුනත්, ඔවුන්ට සර්වශුභවාදීව සිටිය හැක.

ගැටුම් නිරාකරණය කිරීමට දරුවාව පුහුනු කරන්නේ කෙසේද?

ගැටුම් මිනිස් සමාජයට ආවේණික ලක්ෂණයකි.වැඩිහිටියන් දිනපතාම වාගේ විවිධාකාර ගැටුම් වලට මුහුණ දේ. මේ නිසාම දරුවන්ද දිනපතාම වාගේ මෙවන් දේවලට මුහුණ දේ. ගැටුම් අභ්යුන්තරව හෝ බාහිරව සිදුවිය හැක. හිරිහැර කිරීම් එක්තරා ආකාරයේ බාහිර ගැටුමකි. එහෙත් සමහර දෙමවුපියන් ගැටුම්, හිරිහැර කිරීමක් යැයි සලකයි.

ළමාගැටුම්සම්බන්ධවදෙමව්පියන්ගේඅදහස්හාඒවාවිසඳීමටඔවුන්ට උදවුකරන්නේකෙසේද? හිරිහැර කිරීම්හාකාලානුරූපීගැටුම්යනදෙකවෙන්කරහඳුනාගන්නේකෙසේද? සැබෑහිරිහැර කිරීම් වලින් තමදරුවන්ආරක්ෂාකරන්නේකෙසේද? වඩාවැදගත්වන්නේ, දෙමව්පියන්තමදරුවන්වභයානකඅවස්ථාවලින්ආරක්ෂාකරගන්නේකෙසේද යන්නයි?

විවිධ වර්ධන අවධිවල සිටින ළමුන්, ගැටුම් වලට ඔවුන්ටම නිෂ්චිත ආකාරයෙන් මුහුණ දේ. දරුවන් විවිධ ආකාරයේ ගැටුම් වලට මුහුණ දෙන ආකාරය පහත සඳහන් කරුණු වලින් පැහැදිලි වේ. එමෙන්ම කුඩා සහ තරුණ ළමුන්ට හිරිහැරයක් වූ විට ඇතිවන මානසීක පීඩනයෙන් නැවත යථාතත්වයට පත්වීමේ හැකියාව වර්ධනය කිරීමට දෙමව්පියන්ට උදවු විය හැකි ක්ර ම පහත දැක්වේ.

වයස අවුරුදු 6 සිට 9

මෙම වයස් සීමාවේ සිටින ගැහැණු ළමුන් ගැටුම් ඇති කරන විට ප්රතචන්ඩ වචන හා ක්රිායා භාවිතා නොකරයි. තම කණ්ඩායමේ කෙනෙකු ඉවත්කිරීම, එසේත් නොමැතිනම් කන්ඩායමෙන් නෙරපීම උදාහරණයක් ලෙස දැක්විය හැක. එහෙත් පිරිමි ළමුන් කලහකාරී හැසිරීම් රටාවක් පෙන්වයි. බොහෝ විට සෙල්ලම් කරන අවස්ථාවේදී එසේ හැසිරෙයි. දෙමවුපියන්ට සෑම ගැටුමක්ම නිරාකරණය කිරීමට අවශ්යඋ නොවේ. එහෙත් දෙමවුපියන් තම දරුවන් සමඟ ඔවුන්ගේ හැසිරීම සහ වචන භාවිතය පිලිබඳ සාකච්ඡා කල යුතුය.

මෙම වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් කුමන ආකාරයේ හැසිරීම් බලාපොරොත්ත්තු විය හැකිද?

• මෙම අවධියේදී ඔවුන් තම මිත්රනකැල වැඩිවීමට පෙර තමන්ගේ ලඟම මිත්රණයින් කිහිපදෙනෙකු හමුවේ. නමුත් මිත්රඔයින් වැඩිවන විට සහ මිත්රියින් මාරුවන විට ඔවුන් ගැටලුකාරී තත්වයකට මුහුණ දෙයි.

• පාසැලේදී සහ ගෙදරදී, දරුවන් වෙනත් දරුවන් සමඟ ගැටුම් ඇති කරගනී. එමෙන්ම ඔවුන් පාසැලේදී සහ ගෙදරදී තරඟයක් හසුරවන ආකාරයද ඉගෙන ගැනීමට පටන් ගනී.

• මෙම වයසේ ළමුන් අදහස් ඇති කර ගෙන ඒවා ප්ර කාශ කරීමට පටන් ගනී. සමහරවිට මෙම අදහස් වෙනත් අයගේ කෝනයෙන් බලන කල ඒවා වෙනස් විය හැක.

• අලුත් අත්දැකීම් හැසිරවීම ඉගෙන ගන්නා ළමුන්ට මෙය තරමක අසීරු අවධියකි. අන්තර් පුද්ගල සම්බන්ධතාවල ඇති සාර්ථකත්වය ඔවුන්ව තරඟකාරී කරන අතර පරාජය අනාරක්ෂිත බව ඔවුන්ට හැඟිය හැක.

දෙමව්පියන්ට මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට උදවු කල හැක්කේ කෙසේද?

• කෙනෙකුගේ මානසික තත්වය ගැන වටහා ගැනීම: දෙමවුපියන්ට තම දරුවන්ට ඔවුන් සමඟ සම වයසේ පසුවන්නගේ මානසීක තත්වය පිලිබඳව සොයා බලන්නේ කෙසේද යන්න කියාදිය හැකිය. “ඔයා ඔයාගේ යාලුවට කථා කල නමෙන් මම ඔයාට කථා කලොත් ඔයාට කොහොම දැනෙයිද?” කියා ඔවුන්ගෙන් ඇසිය හැකිය.

• සම වයස් කාණ්ඩය වැඩි කර ගැනීම: ගුරුවරුන්ට තම පන්තියේ දරුවන්ට පන්ති කාමරයේදී ඉඳගන්නා පිළිවෙල, කෑම කන අවස්ථාවේදී ඉඳගන්නා පිළිවෙල, ව්යාුපෘති වලදී හවුල් කාරයා සහ ක්රීෙඩාවේදී කණ්ඩායම් සාමාජිකයන්ද වෙන් කර දිය යුතුය. දෙමවුපියන්ට තම දරුවන්ව විවිධ ක්රීවඩා සඳහා, ක්රී ඩා සමාජ වලට සහ බාහිර ක්රිෙයාකාරකම් වලට යෙදවිය හැකිය. මෙයින් දරුවන්, අනෙක් සම වයස් දරුවන් සමඟ ආකර්ශනයවී හොඳ සම්බන්ධතා ඇතිකර ගනී. ඔවුන් කොතරම් අනෙක් සම වයස් ලමුන් සමඟ හොඳ සම්බන්ධතාවයක් ඇතිකරගන්නා තරමට එතරම් හොඳය.

• අවධානය යොමු කිරීම : දෙමවුපියන් නිතරම මෙම වයසේ දරුවන් පිලිබඳව අවධානයෙන් සිටිය යුතුය. දරුවාට තරමක නිදහසක් ලබාදිය යුතු අතරම ඔවුන් දෙස නිරන්තර අවධානය යොමු කල යුතුය.

වයස අවුරුදු 10 සිට 14

වැඩිහිටියන් මෙම වයසේ දරුවන්ට ආරක්ෂකයන් සහ උපදේශකයන් ලෙස පෙනී සිටිය යුතුය. මෙම වයසේ දරුවන්ට තව තවත් වගකීම් දැරීමේ හැකියාව ඇත. එහෙත් වැඩිහිටියන් නිතරම ඔවුන්ට හැඟීම්බර හා කායීක අනුග්රටහය ලබා දිය යුතුය. වැඩිහිටියන් උපදේශකයන් ලෙස හැසිරිය යුතු අතර හොඳ චරිතයක්ද පෙන්වා දිය යුතුය. දරුවන්ට ගැටුම් නිරාකරණය කිරීමට උදවු වීමට වැඩිහිටියෙකුට කල හැකිදේ පහත දැක්වේ.

මෙම වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් කුමන ආකාරයේ හැසිරීම් බලාපොරොත්ත්තු විය හැකිද?

• දරුවෙකු තම ජීවිත අත්දැකීම් නැතත් ඔවුන් වැඩිහිටියෙකු ලෙස සිතීමට පටන් ගනී. ඔවුන්ට නිදහස අවශ්යර වූවත්, මග පෙන්වීම අවශ්යි වෙයි. දෙමවුපියන් දරුවන්ගේ ක්රි‍යාකලාප හා සිතුවිලි පිලිබඳ ප්රැශ්න කිරීමේදී, ගැටුම් ඇතිවිය හැක. එමෙන්ම දරුවාට තම දෙමවුපියන් සහ යහළුවන් කියූ දේ ගැන තේරුම් ගත නොහැකිවූ විට අභ්යගන්තර ගැටුම් ඇතිවිය හැක.

• මේ අවධියේදී යමක් පිලිගැනීම ඉතා අඩුය. තරුණ ලමුන් විශේෂ සමාජ කණ්ඩායම් වලට එකතු වීමට කැමතිය. මෙම වයසේ ලමුන් සම වයස් ලමුන් පිලිගැනීම ඉතා වැදගත් අංගයක් ලෙස සලකයි. එය කණිෂ්ඨ සහ ජේෂ්ඨ පාසැල් වන තෙක් එය පවත්වාගෙන යයි.

• ප්‍රේමාන්විත හැඟීම් සහ මිත්රෙකම් වර්ධනය වීමට පටන් ගැනීමට හේතුවන්නේ සම්බන්ධකම් කතිකා කර ගැනීමට අමාරු වන නිසාවේ. සම වයස් කාණ්ඩයන් සමඟ සම්බන්ඳතා සංකීර්ණ වන අතර ඔවුන් තම කණ්ඩායම්, පාසැලේ සහ බාහිර ක්රියයාකාරකම් සමඟ වැඩි කාලයක් ගත කිරීමට පටන් ගනී.

• කණ්ඩායම් බිහි වීමට පටන් ගනී. තරුණ ලමුන් තම තමන්ව කණ්ඩායම තුල හඳුනා ගනී. ජේෂ්ඨ පාසැල් වල සිටින විවිධ කණ්ඩායම් තුල පමණක්ම නොවේ, ඔවුන් විවිධ ක්‍රියාකාරකම් වලදීද මිත්රලකම් වැඩිදියුණු කර ගනී.

• මෙම වයස් කාණ්ඩයේ ලමුන් ෆේස් බූක් සඳහා කැමැත්තක් දක්වයි. නමුත් ෆේස් බූක් (facebook) ප්රිතිපත්තියේදී අවුරුදු 13ට වඩා අඩු ලමුන් සඳහා ෆේස් බූක් (facebook) Account පාවිච්චිය සඳහා ලබා දෙන්නේ නැත.

දෙමව්පියන්ට මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට උදවු කල හැක්කේ කෙසේද?

• සමාජ වෙබ් අඩවියන් නිරන්තරයෙන් පරීක්ෂා කිරීම. : වැඩිහිටියන් නිත්ය වශයෙන් දරුවන් නිතරම පාවිච්චි කරන Youtube, Twitter සහ facebookයන සමාජ වෙබ් අඩවියන් නිරන්තරයෙන් පරීක්ෂා කල යුතුය.
• පවුල් අනන්යඩතාවයක් ගොඩනඟා ගැනීම: මෙම අවධියේදී යමක් පිලිගැනීම වැදගත් ලක්ෂණයකි. ඔවුන් තම තමන්ගේ අපේක්ෂා කොන්දේසි රහිතව පිලිගනී. දරුවන්ගේ යහපත සඳහා හිතකර පවුල් අනන්ය තාවයක් ගොඩනැඟීමෙන්, යහපත් යෝජනා සහ හොඳ ආදර්ශයන් ලබා දෙයි.
• විවිධ ක්රිායාකාරකම් කිරීමට කැමැත්තක් දැක්වීම සඳහා පෙලඹවීම: වෙනත් අයට එක්වීමට අවස්ථා නොදෙන කුඩා කණ්ඩායම් ඇති නොවීමට දෙමවුපියන් සහ වැඩිහිටියන් ඉඩ නොදිය යුතුය. වැඩිහිටියන් නිරන්තරයෙන්ම දරුවන්ට අනෙක් දරුවන් සමඟ එක් වීමට ඉඩ හැරිය යුතුය. ලමුන්ට, වෙනත් ලමුන් මුණගැස්වීමට චිත්රන පන්තිය, ක්රීඩඩා කණ්ඩායම් වැනි විවිධ ක්රි යාකාරකම් කණ්ඩායම් සඳහා සහභාගී වීමට ඉඩ හැරිය යුතුය.
• නිරන්තරයෙන් කතාකිරීම: මෙම වයස් සීමාවේ ලමුන්ට කථා කිරීමට බොහෝ දේ ඇත. සෑම තීරණයකටම ඔවුන්ට හේතුවක් අවශ්ය වන අතර සෑම සංවාදයකටම ඔවුන්ට තර්කානුකූල විස්තරයක් අවශ්යක වේ. මෙම සංවාදයන් නිදහස් වේලාවක ඇති කල යුතුය.

වයස අවුරුදු 15 සිට 18

මෙම වයස් කාණ්ඩයේදී, වැඩිහිටියන් තරුණ වියේ ලමුන්ට ආදර්ශයක් වෙයි. තරුණ ලමුන් සහ වැඩිහිටියන් අතර ඇති සෑම අන්තර් ක්රි යාවක්ම ඉගෙන ගැනීමට හොඳ අත්දැකීමක් වෙයි. තරුණ වියේ ලමුන් බොහෝ විට අසන සෑම ප්ර ශ්නයක්ම ගැඹුරු තේරුමක් ඇති ඒවාවෙයි. දෙමවුපියන් ඔවුන් අසන ගැඹුරු ප්ර ශ්න වලට පිලිතුරු දීමට පෙර සූදානම් විය යුතුය. උදාහරණයක් ලෙස “දෙවියන් සිටින්නේ කොහෙද?, ඇයි අපි මෙහෙ ඉන්නේ?” වැනි ප්ර ශ්න ඇසිය හැක.

මෙම වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් කුමන ආකාරයේ හැසිරීම් බලාපොරොත්ත්තු විය හැකිද?

• තරුණ වියේ ලමුන්, වැඩිහිටියන් හැසිරෙන ආකාරයේ ගති ලක්ෂණ පෙන්වයි. නමුත්ඔවුන්ටමඟපෙන්වීම, සැලකිල්ලසහනීතිරීතිඅවශ්යොවෙයි. තරුණලමුන්, තමදෙමවුපියන්පවුලේබලයඇතිපුද්ගලයින්බවස්වේච්ඡාවෙන්පිලිනොගත්තත්ඔවුන්එයතමඇතුලතින්දනී. ගැටුම් ඇතිවන්නේ තරුණ ලමුන් දෙදෙනෙක් අතර, තරුණ ලමයෙක් හා ගුරුවරයා අතර හෝ තරුණ ලමයෙක් හා දෙමවුපියන් අතර සාමාන්ය යෙන් සිදුවේ.
• තරුණ ලමුන් අභ්යුන්තර ගැටුම් හෝ ගැටළු ඇති කරගනී. සමහර ලමුන් මෙවැනි දේවල් වලින් දුෂ්කරතාවයට පත්වෙයි. වැඩිහිටියන් තරුණ ලමුන්ගේ මානසීක දියුණුව පිණිස ඔවුන් පිලිබඳව දැඩි අවදානයකින් සිටිය යුතුය.
• මෙම වයස් සීමාවේදී කුඩා කණ්ඩායම් වී සිටීම අඩුවේ.
• තරුණ ලමුන් බොහෝ වෙලාවට ගෙදරින් පිට වැඩි කාලයක් ගත කරයි.
• බොහෝ ගැටුම් ඇතිවිය හැක්කේ කෙටි පණිවිඩ (sms) වලිනි. බොහෝ ඉරියව් වලින් කියවෙන පණිවිඩ, කෙටි පණිවිඩයකින් (sms) සන්නිවේදනය කල නොහැකි වෙයි. එම හේතුවෙන් වැරදි වැටහීම් ඇතිවිය හැක.

දෙමව්පියන්ට මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට උදවු කල හැක්කේ කෙසේද?

• පැහැදිලි බලාපොරොත්තු නිදහස වැඩිවීමට උදව් වෙයි: දෙමවුපියන්ට තම තරුණ ලමුන්ට තෝරා ගැනීමට ඇති ඉඩ ප්රොස්තාවන් ලබා දිය හැක. දෙමවුපියන් තරාතිරමට, සන්නිවේදනය සහ හැසිරීමට පැහැදිලි බලාපොරොත්තුවක් පවත්වාගත යුතුය. මවුපියන් සහ තරුණ ලමුන් අතර ඇති බැඳීම නම්යදශීලි වන අතරම එය බලාපොරොත්තුවන මට්ටමේ පවත්වාගෙන යා යුතුය.
• පවුල සඳහා සෑමවිටම ප්ර මුඛතාවය ලබා දීම: තරුණ ලමුන් ලෝකය පිලිබඳ ඉගෙන ගැනීම සහ පාලනය කරන්නේ ගෙදර පාදක කරගෙනය. ගෙදර ඔවුන්ට ආරක්ෂිත ස්ථානයකි. දෙමවුපියන්ට විධිමත් ක්‍රමයකට පවුල සඳහා වේලාව වෙන් කිරීම අත්යිවශ්ය් වෙයි. දරුවන් සඳහා කැපවීමේදීද මෙය තිබිය යුතුය. උදාහරණයක් වශ්යෙන් ඉරිදා දින පවුලේ දිනයක් ලෙස ගෙන, පවුලේ සෑම දෙනාම එකට ආහාර වේලවල් ගැනීම, එකට චිත්ර පටයක් බැලීම,විනෝද ගමනක් යාම වැනි දේවල් කල හැකිය.

• දෙමවුපියන්ගේ සහාය ලබා ගැනීමේ හැකියාව: තරුණ ලමුන් නිරන්තරයෙන් විවිධ මිනිසුන් මුණගැසෙයි. උදාහරණයක් වශයෙන් ගුරුවරුන්, රැකියාවේ ප්රතධානියා සහ ‍යහළුවන් වෙයි. නමුත් සමහර අය වැදගත් ලෙස හැසිරෙන්නේ නැත. එමනිසා තරුණ ලමුන් අසීරු අවස්ථා වලදී උදවුවක් ලබාගන්නේ කෙසේද යන්න දැනගත යුතුය. කෙටි පණිවිඩ සහ දුරකථනය මේ සඳහා යොදා ගත හැක. තරුණ ලමුන් නිරන්තරයෙන්ම දෙමවුපියන්ගෙන් සැනසීම බලාපොරොත්තු විය යුතුය. දෙමවුපියන්ගේ උපදේශ වල වැරදි නිවැරදි භාවය නොබලා, දෙමවුපියන් නිරන්තරයෙන්ම ඔවුන්ගේ සහයට සිටින බව සිතිය යුතුය.
• අන්තර් සම්බන්ඳතා සඳහා පොලඹවීම: තරුණ ලමුන් නිරන්තරයෙන්ම දෙමවුපියන් මත විශ්වාසය තැබිය යුතුය. ඔවුන්ට අත්දැකීම් බහුල වැඩිහිටියන්ගේ මඟපෙන්වීම අවශ්යෙ වේ. සමහරවිට තරුණ ලමුන් එය පිලි නොගනී. එහෙත් ඔවුන්ට ගැටුම් නිරාකරණය කරන්නේ කෙසේද කියා දැනගැනීමට වැඩිහිටි ආදර්ශයක් අවශ්යහ වෙයි. තරුණ ලමුන්, ඔවුන්ගේ වැඩිහිටියන් ගෙදර, රැකියාවේදී හා යාළුවන් සමඟ ගැටළු නිරාකරණය කරන ආකාරය අවධානය යොමු කර ඉගෙන ගනී. තරුණ ලමුන්, දෙමවුපියන්ගේ හැසිරීම උදාහරණයකට ගෙන ඔවුන්ද එසේ හැසිරීමට උත්සහ කරයි. වැඩිහිටියන්ගේ ගැටළු පිලිබඳව විවෘතව කථා කර එම ගැටළු විසඳූ ආකාරය කතා කල යුතුවේ.

ළදරුවා රාත්‍රී කාලයේදී සුව නින්දක් ලැබීම සඳහා කෙටි උපදෙස්

ඔබත් දරුවා රාත්‍රී කාලයේදී සුව නින්දක් නොලබනවා යන්න මැසිවිලි නගන මවක් ද?එසේ නම් මේ ඔබ සදහායි.

පරීක්ෂණ වලින් සොයාගත් දෙයක් නම් වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 25% ක ප්‍රතිශතයකට නින්ද පිළිබද ගැටලුවක් තිබෙන අතර රාත්‍රී කාලයේදී ඔවුන් අවදිව සිටි.මේ ගැටලුව නිසා ඔවුන් නින්දෙන් අවදි වීම, හැඬීම හෝ නින්දට යාම සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි. parenting.lk යන facebook පිටුවෙහි කරන ලද සමීක්ෂණයට අනුව බොහෝ මවුවරුන් පවසන්නේ ඔවුන්ගේ දරුවන් වයස අවුරුදු 4 හෝ 5 වනතෙක් රාත්‍රී කාලයේ දී නොනීදා සිටි බවයි.

ළදරුවන් රාත්‍රී කාලයේදී නිදා නොගන්නා විට මවුපියන්ටද නිදාගැනීමට නොහැකි වේ.මේ නිසා එම දෙමාපියන්ට කරකවිල්ල, ආතතිය වැනි තත්වයන්ට මුහුණ දීමට සිදු වේ.

දරුවාට සුවබර නින්දක් සඳහා කෙටි උපදෙස් (මෙම කරුණු අවුරුදු 6 ට අඩු ළදරුවන්ට මනා සුදුසුය.)

*දරුවාට දහවල් කාලය හා රාත්‍රී කාලයේ ඇති වෙනස හෙමින් පුරුදු කරන්න.(දරුවාට සති 6 ක් වනවිට මෙය ආරම්භ කිරීම වඩාත් සුදුසු ය). දරුවාට දහවල් කාලයේ දී මවුකිරි දෙනවිට තරමක් ආලෝකය ඇති ස්ථානයක ලබාදෙන්න.එම මවුකිරි දීමේ අත්දැකීම හැකිතාක් සජිවි හා ක්‍රියාකාරී බව දරුවාට ද හැගීමට සලස්වන්න. රාත්‍රී කාලයේ දී (ප.ව 6 න් පසුව) ඔබ දරුවාට මවුකිරි ලබාදීමේ දී සන්සුන් ලෙස ලබා දෙන්න. මේ තුලින් දරුවා ලබන මේ අත්දැකීමේ වෙනස දැනේ.

*දරුවාට නිදාගැනීමට ඉඩ හරින්න.(දරුවා මාස 2 ට වඩා වැඩිනම් අත්හදා බැලිය හැක). ඔබ දරුවාට නින්ද යන්තුරුම මවුකිරි ලබා දුනහොත් ඔහු මෙය පුරුද්දක් කර ගනී. දරුවා නිදාගැනීමට යන විට දරුවාව ඇඳේ තබා දරුවාවට නින්ද යන්තුරු දරුවා සමීපයේම සිටින්න. මෙම ක්‍රමය දරුවාට මාස 2 න් පසුව පුරුදු කිරීමට තරමක් අපහසුය. ඔබගේ දරුවා මාස 2 ට අඩු නම් මෙම ක්‍රමය අත්හදා බැලිය හැක.

*ඔබගේ දරුවා නිදාගැනීමේ කාලවෙලාවට හුරු කරන්න.(දරුවාට මාස 6 ක් වනවිට මෙය පුරුදු කිරීම වඩා සුදුසුය.) දරුවා සෙදීම, ඩයපරය මාරුකිරිම, පවුඩර් දැමීම, නිදන ඇදුම ඇන්දවීම සහ නැළවිලි ගී ගායනා කිරීම කල හැකිය.මෙම ක්‍රියාවලිය විනාඩි 30 කට වඩා නොවැඩි විය යුතු ය.

*දරුවාට රත්‍රී කාලයේ දී නිදාගැනීමට පෙර යම්කිසි දෙයක් ලග තබන්න.(දරුවාට මාස 12 ක් හෝ ඊට වැඩි වනවිට මෙය හුරු කිරීම සුදුසු ය.) මේ දේ සැහැල්ලු සෙල්ලම් භාණ්ඩයක් හෝ දරුවාගේ ප්‍රියතම කොට්ටය වුවද විය හැකිය. මෙම සැහැල්ලු සෙල්ලම් භාණ්ඩය තුලින් දරුවාට “මෙය දැන් රාත්‍රී කාලයයි. මම නිදාගත යුතු ය.” යන පණිවිඩය දෙනු ලබයි.

*රාත්‍රී නින්දෙන් ඇහැරී දරුවා විසින් ම සන්සුන් වෙනවාද යන්න නිරීක්ෂණය කරන්න. බොහෝ දරුවන් රාත්‍රී නින්දෙන් අවදිවී හැඩීමට පටන්ගනී. නමුත්, විනාඩි කීපයක් ඔබ ඉවසීමෙන් බලන්න. දරුවා සමහර විට විනාඩි කීපයකින් සන්සුන් වී නැවත නින්දට යයි.

*ඔබගේ ඇඳේ නිදාගැනීමට සලස්වනවා නම් දරුවා ටිකක් ඇවිටිලි කරන්න. දරුවා සුවපහසුව තබන්න. එමගින් දරුවාට එය නිදාගැනීමේ කාලය බව අඟවන්න. දෙදෙනාම එකට ඇදේ වැතිරෙන්න. ඇවිටිලි කරන්න. ඔබ නිදි බව අගවන්න. මෙය නිදා ගැනීමේ කාලය බව තදින් හැගීමට සලස්වන්න. එක ලග නිදා ගැනීමේ දී දරුවාගේ අරක්ෂාව පිලිබද සැලකිලිමත් වන්න. ඔබගේ දරුවා මාස 6 ක් හෝ ඊට අඩු නම් දරුවා cot එකක නිදි කරවා ඔබේ ඇද අසල තබා ගැනීම සුදුසු ය.

ඔබගේ දරුවා රාත්‍රී කාලයේ දී නිදි කරවීමේ දී ඔබ අනුගමනය කරනු ලබන ඔබටම ආවේනික ක්‍රමයක් තිබේ ද? එසේ නම් අන් මවුවරුන්ටත් දැනගැනීම පිණිස comment එකක් දමන්න.