දරුවන්ට කතා කියන අම්මලාට වටිනම කතාව තමයි මේ…

එකමත් එක කාලෙක කියලා පටන් ගනිද්දිම පුංචි දරුවෝ හරි බරි ගැහිලා වාඩි වෙන්නේ අම්මා/තාත්තා/ආච්චි මේ ලෑස්ති වෙන්නේ ලස්සන කතන්දරයක් කියලා දෙන්න බව දන්න නිසයි. ලොකු පුංචි කියලා වෙනසක් නෑ, හැමකෙනෙක්ම වගේ කතන්දර අහන්න ආසයි. පුංචි දරුවන්ගේ භාෂා කුසලතාව වර්ධනය කිරීමට, සවන්දීමේ කුසලතාව වර්ධනය කිරීමට වගේම පෙර කියවීමේ කුසලතාව වර්ධනයට කතන්දරවලින් දරුවෙකුට ලොකු සහයෝගයක් ලැඛෙනවා.

එකම කතාව වුණත් නැවත නැවත කියන්නට දරුවන් පෙරැත්ත කරන අත්දැකීම ඔබටත් ඇති. ඒ වගේම පොත් මේ අත්දැකීම් දරුවෙකුගේ සමස්ත වර්ධනය කෙරේ විශාල බලපෑමක් ඇති කරනවා. වැඩිහිටි අපගේ වගකීම වන්නේ දරුවන්ගේ රසවින්දනයට හෝ බුද්ධියට බාධාවක් නොවන පරිද්දෙන් මේ යුතුකම ඉටු කිරීමයි.

දරුවන්ට කතන්දර කියා දෙන විට මෙන්න මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න

දරුවන්ට කතන්දර කියාදීමේදී ඒ සඳහා සුදුසු වේලාවක් මෙන්ම ස්ථානයක් තෝරාගන්න. ඒ සඳහා ඔබ තෝරාගන්නා වේලාව මෙන්ම ස්ථානයද දරුවාට සුව පහසුද ඒ සඳහා දරුවාට යොමු වීමට සුදුසු මානසිකත්වයක සිටීද යන්න පිළිබඳව සැලකිලිමත් වෙන්න. කිසිදු අවස්ථාවක මේ සඳහා දරුවෙකු බලෙන් පොළඹවා ගැනීම නුසුදුසු බව සිහිතබාගන්න.

  • සැමවිටම වඩාත් හොඳ ආරම්භයක් ලබාගන්න. දරුවා තුළ කුතුහලය වර්ධනය වන ආකාරයෙන් නිර්මාණශීලී ලෙස මේ අවස්ථාව වෙත යොමු වීම වැඩැහිටි ඔබේ වගකීමකි. එසේම කතාන්දරයේ ආරම්භය හා අවසානය අතර මනා සබඳතාවයක් පැවතිය යුතුය.
  • මේ කාල සීමාව තුළ දරුවාගේ අවධානය වෙනත් දේ වෙත යොමු වීඹ වැළැක්වීම සඳහා කතාව හා සමග දරුවා විටින් විට සම්බන්ධ කරගන්න. දරුවාගෙන් ඒ පිලිබඳව ප්‍රශ්න කිරීම, වාක්‍ය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබාදීම වැනි ක්‍රියාකාරකම් මේ වෙනුවෙන් උපයෝගී කරගැනීමට හැකිය. ඒ අවස්ථාවන් දරුවාගේ මකත ශක්තිය වර්ධනය උදෙසා ද ඉවහල් වනු ඇත.
  • රසවත්ව නිර්මාණශීලීව දරුවාට කතාව ඉදිරිපත් කිරීම අනෙක් වැදගත් කරුණයි. මුහුණේ හැගීම්, දෙබස් කණ්ඩ, හඬ පාලනය සමගින් ඉතා රසවත්ව දරුවෙකුට කතාන්දරයක් ඉදිරිපත් කිරීමට වැඩිහිටි ඔබ සමත් නම් දරුවාගේ භාෂා දැනුම ද වර්ධනය වන් නිසැකය.
  • දරුවන්ගේ ලෝකය මුළුමනින්ම ආක්‍රමණය කර ඇති සතුන්, කුරුල්ලන්, සුරංගනාවියන්ගේ කතාවලට වැඩි තැනක් ලබාදිීම මෙන්ම ආගමික, සදාචාරාත්මක, සංස්කෘතිමය වටිනාකමක් ඇති ආදර්ශමත් කතා දරුවන්ට ඇසීමට සැලැස්වීමද ඉතා වැදගත් වනු ඇත.
  • ඔබ දරුවා ඉදිරියේ ඉදිරිපත් කරනු ලබන කතාන්දරයේ අදහස මෙන්ම ඒ හරහා දරුවා තුළට ගමන්කළ යුතු පණිවිඩය උපරිමයෙන් දරුවාට ග්‍රහණය කරගැනීමට මෙන්ම මේ අවස්ථාව තුළ උපරිමයෙන් දරුවා සතුටට පත්කිරීමට නම් චිත්‍ර, රූකඩ, ඡායාරූප, පෝස්ටර් ආදිය යොදාගැනීමට ඔබට හැකියි.
  • කතාන්දරයක් කියාදීම සඳහා උපරිමයෙන් විනාඩි 10ක පමණ කාලයක් පමණක් වැය කළ යුතුය. දීර්ඝ කතා පැවසීම සුදුසු නැති බව සිහිතබාගන්න.
  • ඔබ කියාදුන් කතාන්දර දරුවාටත් කියන්න අවස්ථාවක් ලබාදෙන්න. ඒ ක්‍රියාව අගයන්න.
දරුවන්ට කතන්දර කියා දීමේදී මේ දේවල් නම් කරන්න එපා

  • කිසිදු විටෙක වැරදි ආදර්ශ ලබාදෙන ආකාරයේ කතන්දර පැවසීම.
    උදා : ඔන්න ඉතිං හාවාට හැමදේම එපා වෙලා… අන්තිමට එයා මැරෙන්න හිතුවා
  • වැරැද්ද/වංචාව ජයගන්නා කතාන්දර කියාදීම
  • අනුවණ ක්‍රියාකාරකම් අගය කිරීම
  • දරුවන් බියගන්වන කතාන්දර කියාදීම (බියකරු සතුන්/යක‍ෂයන්/රාක‍ෂයන්)
  • නපුරු ක්‍රියාවන් ඇතුලත් කතාන්දර කියාදීම
  • චරිත වැඩි සංඛ්‍යාවක් ඇති කතාන්දර කියාදීම
  • සංකීර්ණ වචන, දෙබස් භාවිතා කිරීම
පෙර පාසැල් ආචාරිනි ක්‍රිස්ටින් ෆ්‍රැන්සිස්කා සිල්වා මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

දරුවා ආත්ම විශ්වසයෙන් යුතු පුරවැසියෙකු කරන්නට මේ උපදෙස් හිතට ගන්න

අපි ඇයට දිලිනි කියල කියමු. මට දිලිනි හම්බවුනේ 2014 අවුරුද්දේ. එතකොට එයාට වයස අවුරුදු 22යි. දිලිනි කියන්නෙ අසාමාන්‍ය දක්ෂතා තියෙන තරුණියක්  කිව්වොත් හරි. එයා A/L  ඒ තුනක්ම අරන් පාස් වෙලා හිටියෙ. රටේ පිලිගත්ත විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරන ගමන්  තමයි එයා හිටියෙ. ඒත් මට එයාව මුන ගැහෙන වෙලාවෙ ඒ හැම දෙයක්ම අතරමග නැවතිලා, මොකද ඒ වෙලාවෙ එයාට ජීවිතය එපා වෙලා වගෙයි තිබුණේ. එයාට තිබුන ලොකුම ප්‍රශ්නය තමයි විශ්ව විද්‍යාලය ඇතුළේ එයා විශේෂ දක්ෂයෙක් නොවුණු එක. අනිකුත් දක්ෂ ළමුන් අතරේ තවත් එක් සාමන්‍ය ශිෂ්‍යාවක් වීම එයාට දරා ගන්න බැරි උනා. ඉස්කෝලේ නම් දිලිනි හැමදාම පංතියේ පළවෙනිය විතරක් නෙවෙයි හැම විෂයකටම වැඩිම ලකුණු ගත්තෙත් එයා. පංති නායිකාව, ශිෂ්‍ය නායිකාව උනා විතරක් නෙවේ පාසලේ ක්‍රීඩා තරගවලදිත් එයා දක්ෂම ශිෂ්‍යාව උනා. එයාට ඕන උනා හැම පැත්තකින්ම දක්ෂයෙක් වෙන්න. හැමෝම දැනගෙන හිටිය දිලිනි ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන බව. ඒ නිසා එය විශ්ව විද්‍යාලයට තේරුනා කිව්වම කවුරුවත් පුදුම උනේ නැහැ.

විශ්ව විද්‍යාලය ඇතුළු උනාට පස්සේ දිලිනිට මුහුණ දෙන්න වුනේ වෙනමම තත්ත්වයකට. එතැනදී අනෙක්  සිසුන් තමන්ට වඩා දස්කම් පෙන්වන එක දිලිනි දැක්කෙ එයාගෙ පරාජයක් විදියට. ඒක එයාට කොච්චර බලපෑම් කලාද කියනවා නම්, ටික දවසකින් එයාට සාමාන්‍ය විදියට විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු පවා කරගන්න අපහසු තත්ත්වයක ඇති වුණා. මොකද, මොනදේ කලත් “මම පරාජිතයෙක්” තමයි කියල එයා හිතන්න පටන් ගත්තා. මේ නිසා අන්තිමට එයා ඇත්තටම විභාගයක් දෙකක් අසමත් උනා.

මොකද්ද දිලිනිට උණේ, මේ වගේ දක්ෂ දරුවෝ ආත්ම විශ්වාසය අඩු, පරාජය දරා ගත නොහැකි දරුවෝ බවට පත්වෙන්නේ කොහොමද කියලා වගේම ඔබේ දරුවාසතුටින් ජිවත් වෙන, නොසැලෙන මානසිකත්වයක් තියෙන දරුවෙක් කරන්නේ කොහොමද කියන එක ගැනත් දැනගන්න ලැබෙන එක අපේ දෙමාපියන්ට බොහොම වැදගත් වේවි. මේ වෙනුවෙන් දරුවෙකුගේ වටපිටාව කොයි ආකාරයෙන් වෙනස් විය යුතුද කියලා මේ ලිපියේ අවසානය වන විට ඔබට වැටහේවි.

දරුවාගේ ජය පැරදුම සම සිතින් විඳගන්න

දරුවාගේ දක්ෂතා අගයන්න. නමුත් ඔබ මව්පියන් විදියට ජයග්‍රහණයකදී අධික ලෙස උද්ධාමයටවත් පරාජයේදි ලෝකෙම කඩා වැ‍ටුනා වගේවත් හැසිරෙන්න එපා. තමන්ව ඇගයීමට නම් ”මම දිනන්නම ඕනේ ” සිතුවිල්ල දරුවෙකුගේ හිතට ඇතුළු වෙන්නේ එතකොට. පරාජය අත් උනොත් තමාගේ කිසිම අගයක් නැති බවක් දරුවාගේ හිතට ඇතුළු වෙනවා. ඊට පස්සෙ එයා තරග කරන්නෙ දිනන්න. ප්‍රතිපලයට වඩා දරුවෙක් ඒ වෙනුවෙන් දරපු උත්සාහය අගයන්න පුළුවන් නම් බොහොම වටිනවා.

උදා: “ඔයා තමයි ඉන්න දක්ෂම දරුවා” කියලා දරුවා හඳුන්වනවාට “උත්සාහවන්ත දැරුවෙක්” කියල ඔබ ඔබේ දරුවාව හඳුන්වන්න.

මෙයින් කියවෙන්නෙ ජයග්‍රහණය නොසලකා හරින්න කියන දේ නම් නෙවෙයි, ජයග්‍රහනයන් සමරන්න, ඒවා අගයකරන්න ඕනේ ඒත් ජය පරාජය දෙකේදිම එක වගේ ඔබේ ආදරය දරුවාට ලබාදිය යුතුයි. ඇත්තටම කිව්වොත් පරාජයේදි ආදරය හා ආරක්‍ෂාව දරුවෙකුට වැඩියෙන් අවශ්‍යයි. මේ දේ  හඳුන්වන්නේ කොන්දේසි විරහිත ආදරය (unconditional love) කියල. ඒ වගේ පරිසරයකදි හැදෙන දරුවෙක් තුළ තමා ගැන වගේම තමාගේ ආදරණීයයන් ගැනත් විශ්වාශයක් ඇති වෙනවා. ජය හෝ පරාජය හෝ හමුවේ වුවද තමා වටින පුද්ගලයෙක්ය යන හැගීම වගේම තමා ජීවත්වෙන වටපිටාව ආරක්ෂාකාරී බවත් දක්ෂතාවය මනින ප‍ටු මිනුම්වලින් තම හැකියාව මනින  වටපිටාවක් නොවන බවත් දරුවාගේ සිතට දැනෙනවා.

මේරි අයින්ස්වර්ත් කියන මනෝ විද්‍යාඥවරිය මේ අවස්ථාව හැඳින්වුයේ  Healthy Attachment  ලෙසයි. මෙය සෞඛ්‍යමත් සම්බන්ධතාවයක් ලෙස හැදින්විය හැකියි.  Healthy Attachment එකක් සහිතව වර්ධනය වුණු දරුවකුට වැඩිහිටියකු වූ පසු ජීවිතයේ පරාජයන්වලදී  දරා ගැනීමේ හැකියාව ඉහළ බව ඔප්පු වෙලා තියනවා. ඔවුන් පරාජයන් දකින්නේ තාවකාලික පසු බැසීම් විදියටයි. තමන්ගෙත් අනුන්ගෙත් අඩුපාඩුකම් හදා ගන්න පුළුවන් දේවල් විදියට, ලෝකය දෙස සුබවාදීව බලන්න ඔවුන් පුරුදු වෙනවා.

කැරොල් ඩ්වෙක් කියන ඇමරිකානු මහාචාර්යවරිය මේ තත්වය හඳුන්වන්නේ Growth Mindset ලෙසයි. Growth Mindset එකක් තියෙන පුද්ගලයෙක් “හැකියාව” දකින්නේ උත්සාහයෙන් වැඩි දියුණු කරගත හැකි දෙයක් විදියටයි. ඒ වගේම පරාජයන් ජීවිතයට ලැබෙන පාඩම් ලෙස ඔවුන් දකිනවා. ඔවුන් අභියෝගවලට වඩාත් සාර්ථකව මුහුන දෙනව කියල පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනව.

තම හැඟීම් ප්‍රකාශ කිරීමට දරුවා දිරි ගන්වන්න

අඩන්න එපා, කෑ ගහන්න එපා, බොරුවට තරහ ගන්න එපා වගේ ප්‍රකාශ දරුවෙකුට නොකර සිටිය හැකිනම් එය වඩාත් වැදගත් බව සිහිතබා ගන්න. හැගීම් ප්‍රකාශය වරදක් විදියට පෙන්වන්න එපා. එහෙම උනාම දරුවා දෙමව්පියන් හෝ වෙනයම් කෙනෙක් සමග හැගීම් බෙදා ගන්න බය වෙනවා. වැඩෙන දරුවා තමන්ගේ හැගීම් මොනාවද කියල තේරුම් ගැනීමට දෙමව්පියන් පරාවර්ථකයක් විදියට (sounding board) හාවිත කරන බව  හොයාගෙන තියෙනව. ඒ කියන්නෙ දරුවාට තමන් දුකෙන්ද, සතුටෙන්ද නැත්තම් තරහෙන්ද ඉන්නෙ කියල දැනගන්න දෙමව්පියන් එම හැගීමවලට දක්වන ප්‍රතිචාරය වැදගත්. ප්‍රතිචාර නොදක්වා ඉන්න දෙමව්පියෙක් හෝ හැගීම් ප්‍රකාශ කිරීම නුරුස්නා දෙමව්පියෙක් දරුවෙකුට මේ අවස්ථාඅව ලබා දෙන්නෙ නැහැ.  එහෙම දරුවෙක් වැඩිවියට පත් උනාම සමහරවිට තමන්ගෙ හැගීම් මොනවද කියල අදුනගන්න බැරුව, හැගීම් ප්‍රකාශ කරගන්න බැරුව ප්‍රශ්නවලට ලක් වෙනවා. උදාහරනයක් විදියට දුක හිතන්න ඕන තැනදි තරහ ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ප්‍රශ්න කාටවත් නොකිය තනියම දුක් විදින්න පුරුදු වෙන්නත් පුළුවන්.

ප්‍රයෝගිකව මෙය යොදාගන්න පුළුවන් අවස්ථාවක් තමයි පහතින් දැක්වෙන්නේ.

උදා: දරුවට තරහ ගිය අවස්ථාවක්

හිතන්න, ඔබේ දරුවා තරහ ගිහිල්ල කෑ ගහනව, ගහනව වගේ දේවල් කරනව කියල. මේ වගේ වෙලාවකදි කරන්න ඕනේ තරහ තුළ හැංගිල තියෙන දුක තේරුම් ගන්න උත්සාහ කිරීම. දරුවෙක්ට තමන්ගේ බලාපොරොත්තු කඩවුනාම ඇති වන දුක බොහෝ වෙලාවට ඔවුන් ප්‍රකාශ කරන්නේ තරහක් විදියට. මේ වගේ වෙලාවක “තරහ ගන්න එපා” කියලා දරුවට ඔබ කියද්දි ඔවුන් තේරුම් ගන්නේ තමන්ගේ වේදනාව දෙමව්පියන් විසින් නොසලකා හැරිය විදියට. ඒ වගේම දරුවා හිතනවා අම්ම තාත්ත තමාව ප්‍රතික්ෂේප (invalidation) කළා නේද කියලත්. අන්න ඒ නිසාම මේ වගේ අවස්ථාවක කරන්න පුළුවන් සුදුසුම දේ තමයි ඉස්සෙල්ලම දරුවා වේදනාවෙන් ඉන්න බව ඔබට දැනෙන බව දරුවට ඇඟවීම. ඔබට පුළුවන් වේදනාව අඩුකරගන්න යම් විසඳුමක් දරුවට යෝජනා කරන්න. ඒත් තමා පෙන්වපු හැසිරීම අනුමත නොකරන බව දරුවාට දැනුම් දිය යුතුයි. දරුවෙකුට දඬුවම් කිරීම පිළිබඳව මා එකඟ නැතත් දරුවා කළේ දඬුවමක් නොදී බැරි වරදක් යැයි ඔබ සිතනවා නම් ශාරීරික දඬුවම කට වඩා  දරුවා ආස යමක් දරුවාගෙන් ඉවත් කිරීම වැනි දඬුවමක් ලබා දිය හැකියි.

උදා:  එදා හවස සෙල්ලම් කරන එක තහනම් කිරීම

මෙවැනි දඩුවමකදී පැහැදිලිව වැ‍රැද්ද හා දඩුවම අතර සම්බන්ධය දරුවට පැහැදිලි කරන්න. ඒ දඬුවම ඔයාට ලැබුනේ මේ වරද නිසා බව දරුවට පහදන්න.

දරුවෙක්හට දඬුවම් කිරීමේ අරමුණ වෙන්නේ දරුවාගේ අභ්‍යන්තරයෙන්ම ඇතිවන නීති පදධතියක් සහ හික්මීමක් (self direction) ඇති කිරීමයි. දැඩි දඩුවම්, විශේෂයෙන්ම ශාරීරික දඩුවම් මගින් මෙම අභ්‍යන්තර වෙනස ඇතිවෙනවාට වඩා දරුවා තුළ දඩුවම් දෙන්නා කෙරෙහි වෛරයක් හා තමා පිළිබඳවම පහත් හැගීමක් ඇතිවීම පමනයි.

ඔබ ඔබගේ සෞඛ්‍ය පිළිබඳව උනන්දු වන්න

මට හිතෙන විදියට දරුවෙකුට දිය හැකි ලොකුම තෑග්ගක් තමයි ඔබ පුද්ගලයෙක් වශයෙන් ලබන සංවර්ධනය. ඔබ, ඔබගේ ආහාර, ව්‍යායාම, නින්ද හා විනෝදාංශ ගැන උනන්දුවක් දක්වන්න. මොකද ඔබ, ඔබට ආදරය සහ කරුණාව දක්වන්නෙ  නැත්තම් තව කෙනෙකුට ආදරය ලබාදීම කරන්න අපහසු දෙයක්. ඔබ මනසින් හා සිරුරින් සෞඛ්‍යසම්පන්න කෙනෙක් උනොත් ඔබෙ දරුවා අසීරු අවස්ථාවක සිටින විට වඩා හොද විසඳුමක් ලබාදීමට හැකි වේවි.

ඔබටම කියා වෙන්වුනු වෙලාවක් ඉදහිට හෝ ලබා ගන්න. ඒක ඇත්තටම ආත්මාර්ථකාමී දෙයක් නෙවේ. ඒක ඇත්තටම බැටරි චාර්ජ් කරගන්නව වගේ එසේ නැත්නම් වාහනයක් සර්විස් කරනව වගේ දෙයක්. හිතන්න නිවාඩුවක් ගන්නෙ නැතුව රස්සාවක් කරොත් මොකද වෙන්නෙ කියල. ටික දවසකින් ඔබට රස්සව එපා වෙන්න ගන්නව, තරහ යන්න පටන් ගන්නව, වැඩට ආසාවක් නැතිවෙනව වගෙ දේවල් වෙන්න පුලුවන් නේද? දෙමව්පියෙක් වශයෙන් ඔබ කරන් වැඩ වලදිත්  නිවාඩුවක් නොගෙන කරන්න ගියොත් ඒ වගේම තත්වයක් ඇතිවෙන්න පුලුවන්.

තවත් වැදගත් දෙයක් තමයි ඔබ, ඔබට ඇතිවන සිතුවිලි ගැන හා හැගීම් ගැන අවධානයෙන් පසුවෙන්න ඕන කියන එක. ඔබ සිතන පතන විදිය, ප්‍රශ්නයකට මුහුන දෙන විදිය හා ලෝකය දකින විදිය ඔබ මීට කලින් උගත් දේවල්, ඔබගෙ පවුලේ ආභාසය හා ඔබගෙ අත්දැකීම් මත තමයි තීරනය වෙන්නෙ. ඉතින් ඔබ ලෝකය දකින විදිය  ගොඩක් වෙලාවට හරි වෙන්න පුලුවන්, ඒත් සමහරවිට වැරදි වෙන්නත් පුල්වන් බව මතක තබා ගන්න. දරුවා ඔබගේ උනාට ඔහු හෝ ඇය වෙනත් පෞර්ෂයක් හිමි වෙනත් පුද්ගලයෙක් බව මතක තබා ගන්න. ඔබගේ ක්‍රමය බලෙන්ම ඔවුනට පටවන්න යැම ඔවුන්ව අවතක්සේරුවට ලක් කිරීමක් විතරක් නෙවේ ආත්ම විශ්වාසය බිද දැමීමක්වෙන්නත් පුලුවන්.  ඒ නිසා හැමවිටම විවුර්ත මනසක් තබා ගැනීමට උත්සාහ කරන්න.

ඔබ අංග සම්පූර්න දෙමව්පියකු වීම අත්‍යවශ්‍යදෙයක් ලෙස හිතන්න එපා. ඔබ ඔබට විය හැකි හොදම මව/පියා  වෙන්න උත්සාහ කරන අතරේ තමන්ගෙ අඩුපාඩුකම් දෙසද අනුකම්පාවෙන් බලන්න පුරුදු වන්න. බාහිර ලෝකය  නූතන දෙමාපියන් දෙස විශේෂයෙන් තරුන දෙමාපියන් දෙස අනුකම්පාවෙන් බලන ආකාරයක් පෙනෙන්න නැහැ. ඔවුන්ට දරුවන් වෙනුවෙන් වෙලාවක් නැහැ, මුදල් සහ ‍රැකියාවන්ට මුල්තැන දීල වගේ දැඩි විවේචන නිතර අහන්න ලැබෙනව. ඔබගේ අඩුපාඩු හදා ගන්න අතරෙ මෙම විවේචන දිහා මධ්‍යස්ථ ඇහැකින් බලන්න. මේව පරම සත්‍යයන් ලෙස ගෙන කටයුතු කරොත් සමහරවිට ඔබ දරුවාගේ ජීවිතයට අනවශ්‍ය ආකාරයට මැදිහත් වෙන දෙමව්පියෙක් බවට පත් වෙන්න පුලුවන්. මේකට over parenting නැත්තම් Helicopter parenting කියල කියනව. මේ වගේ දෙමව්පියන් දරුවාගේ පොඩි පොඩි ලකුනු අඩුවීම් වලට හේතු අහන්න ගුරුවරු නිතර නිතර මුන ගැහීම, දරුවාගේ සෑම කුඩා  ප්‍රශ්නයකදිම ඉදිරිපත් වෙලා ඒව විසදන්න යාම විතරක් නෙවේ දරුවා ලොකු උනාම ඔ‍ෆිස්වල ප්‍රශ්න විසදල දෙන්නත් යනව. මේ වගෙ වටපිටාවක හැදෙන දරුවෙක් ප්‍රශ්න ගනනාවකට මුහුන දෙන්න පුලුවන් කියල හොයාගෙන තියෙනවා. එකක් තමයි දරුවාට තමන්ගේ වැඩක් තනියම කරන්න පුලුවන් කියන ආත්ම විශ්වාසය ගොඩ නැගෙන්නේ නැහැ . මොකද හැමදාම එයාගෙ වැඩ කලේ එයා තනියම නෙවෙයි නිසා. අනික තමයි ඔහු හිතන්න පටන් ගන්නව අනිත් මිනිස්සු ඉන්නෙ වැඩ කරල දෙන්න (sense of entitlement) කියල.  එහෙම උනේ නැති උනාම එයාට  ඒ ගැන තරහ යන්න පුලුවන්. තවදෙයක් තමයි මේ වගේ දරුවෝ ලොකු උනාම අනිත් අය සතු‍ටු කරන්න වැඩ කරනව වගේම  අනිත් අයගෙන් එයාලගෙ වැඩක් ප්‍රතික්ෂේප උනාම ඉක්මනට කඩාගෙන වැටෙන්න බලනව.  මේකට හේතුව තමයි යම්කිසි කටයුත්තක් කිරීමට අවශ්‍ය තමා තුලින් ඇතිවන වුවමනාව (internal motivation) ඔවුන් තුල වර්ධනය නොවීම. බාහිර ලෝකයෙන් ලැබෙන පැසසුම සහ අගයකිරීම වෙනුවෙන් තමයි ඔවුන් වැඩක් කරන්න පුරුදු වෙන්නෙ.

දරුවා ඉදිරියේ ඔහු/ඇය ගැන කතා කිරීම ප්‍රවේසමෙන්

මෙයා හරියට බොරු කියනව, කිසිම පරිස්සමක් නැහැ, කමකට නැහැ, හරිම ලැජ්ජයී, කිසිම දෙයක් මතක හිටින්නෙ නැහැ, හරිම නපුරුයි වගේ ඍනාත්මක නාමයන් දරුවාට ලබාදෙන්න එපා. දරුවාගේ වැරැද්දක් ගැන කියනවා නම් ඒක පෞරුශයේ වැරද්දක් විදියට (character flaw) ප්‍රකාශ කරන්න එපා. ඒක හදාගන්න පුලුවන් තාවකාලික දෙයක් විදියට ප්‍රකාශ කරන්න.

උදා: “ඔයා බොරු කියන දරුවෙක්” කියලා නෙවෙයි  “ඔයා අද බොරුවක් කිව්ව ඒක වැරදි වැඩක්” වගේ ප්‍රකාශක් තුළින් කළ දේ වැරදි බව මිසක් පුද්ගලයගේ වැරැද්ද්ක් නැහැ කියන දේ තේරුම් යනවා. ඒක පෞරුෂ වර්ධනයට හරිම වැදගත්. මොකද අපි හැමෝම, ගොඩක් වෙලාවට අපි කවුද කියල තේරුම් ගන්න, අපි ගැන අනිත් අය දරන මතය, සමාජ දර්පණයක් (social mirror) වශයෙන් භාවිත කරන. කාගෙ හරි පෞරුෂයේ ලොකු වැරැද්දක් තියෙනව කියල නැවත නැවත කියන එකෙන් වෙන්නෙ ඒ කියන කතාව ඔහු තදින් විශ්වාස කරන්න පටන් ගන්න එක (core belief).

අවසාන වශයෙන්, දරුවා තුළ ඔබට පේන ආකාරයට මොන අඩුපාඩු තිබුනත් ඔහු ඔබ දන්නා දක්ෂතම, කාරුණික සහ අවංකම පුද්ගලයා බව සිතෙහි තබාගෙන දරුවාට කතා කරන්න. එවිට දරුවා තමන් එවැනි පුද්ගලයෙක් බව (internalization) විශ්වාස කරන්න පටන් ගන්නවා. ඔහුගේ හෝ ඇයගේ එම විශ්වාසය දවසක ඔවුන් ඇත්තටම ඒවැනි පුද්ගලයන් බවට පත් කරාවි.

වෛද්‍ය වෙනුර පලිහවඩන (MBBS, MDPsych) මහතා සමග සකසන ලද ලිපියකි.
Dr. Venura Palihawadana (MBBS,MDPsych)
Senior Registrar
SPECTRUM Statewide Personality Disorder Service,
Victoria , Australia…

දරුවාගේ මනසට අනවශ්‍ය බරක් නොදී ගණිත සංකල්ප හුරු කරන්නේ මෙහෙමයි

පෙර පාසල් වියට පත් වෙන විට දරුවන්ට යම් යම් ගනිත සංකල්පයන් ගැන අවබෝධයක් ලැබීම සාමාන්‍ය තත්වයක්. ඔබට කිසිම දවසක දරුවා එක රැයකින් ගණිතඥයෙකු බවට පත් කරන්න පැහැ. ඒ වුනත් අනාගත ගණිතඥයෙකු වෙනුවෙන් වූ මග ඔබට නිර්මානය කිරීමත් එතරම් අපහසුවක් නොවෙයි.

ඒත් දරුවාගේ මනසට ගැලපෙන්න එපායැ …

ඔව් ඒක ඇත්ත ඔබට මොන තරම් ආශාවක් තිබුනත් එය දරුවාට ඔරොත්තු දෙන මට්ටමක පැවැතිය යුතුයි.අනවශ්‍ය විදිහට දරුවාගේ මනසට බරක් නොවන සේ ගනිත සංකල්ප ගැන ඔවුන් දැණුවත් කරන්නේ කොහොමද ?…

මුලින්ම හැඩතල සොයා ගන්න

අද වෙළදපොලේ ඔබට ඉතා විසිතුරු හැඩතල මිළට ගැනීමට පුලුවන්. එසේත් නැත්නම් මේවා ඔබටම පිලියෙල කර ගන්නත් පුලුවන්.  රවුම, සමචතුරඝ්‍රය, වාත්තය වැනි හැඩතල කපා ගෙන වර්ණ ගන්වා ඒවා වෙන් වෙන්ව හදුනා ගැනීමට උදව් දෙන්න. වෘත්තය දරුවා රවුම සේ දකිනු ඇත. සමචතුරඝ්‍රය දකින්නේ කොටුවක් ලෙසයි. සෘජුකෝනාඝ්‍රය  දිග කොටුව සේ දකියි. එවිට නෑ..නෑ මේක තවා වෘත්තය යනුවෙන් නියම ගනිත සංකල්ප බලෙන් ඇතුලු කිරීමට වෙර දරන්න එපා. අද ඔහු දකින රවුම හෙට වාතත්ය සේ හැදින ගනු ඇත. බාල වයසේ දරුවෙක් වෙනුවෙන් අවශ්‍ය වන්නේ මෙම සංකල්ප ගැන දැණුමක් ලබා දීම පමණි.

හැඩතල හදුනා ගන්න අපහසු වුනොත්…

මේ වෙනුවෙනුත් ඉතා පහසු දෙයක් ඔබට කළ හැකියි. නිතරම එක් එක් වර්ගයේ හැඩතල වෙනුවෙන් වර්ණ ලබා දෙන්න. උදාහරණයක් විදිහට සියලුම වාත්ත නිල් වර්නයෙන්ද, චතුරඝ්‍ර කොළ වර්ණයෙන්ද වර්ණ ගන්වනන්. දැන් දරුවා නිල් වර්ණයේ හැඩතල වෙන් කරනු ඇත. සංකල්පයක් නොවුනත් ඔහු වර්ණය නිසා ඉතා පහසුවෙන් සමාන හැඩතල එක් තැනකට පත් කර ගනු ඇත.

ප්‍රමාණය අනුව තෝරන්න

බාල කාලයේ පටන්ම දරුවන් තුල ලොකු සහ කුඩා යන සංකල්පයන් ඉතා හොදින් මුල් බැසගෙන ඇත. හැම දෙයකම දරුවාට අවහ්‍ය වන්නේ ලොකු කොටසයි. බාල දරුවෙක් සිටින තැනදී වැඩිමහල් දරුවා නිතරම චෝදනා නගන්නේ බාලයාට ලොකු කොටස ලැබුන ලෙසයි. එමෙන්ම බාල දරුවාගේ චෝදනාව වැඩිමහල් දරුවාට ලොකු කොටස ලැබුන බවයි. ඒ නිසා ඔවුන්ට මෙම සංකලප් ඉතා හොදින් මනසේ පවතින නිසා ප්‍රමානාත්මක සංකල්ප පිලිබඳව එතරම් ගැටලුවක් ඇති නොවේ.

මොනවද ඉතින් දෙන්නේ ?….

වර්ණවත් කඩදාසියකින් දරුවාගේ වචනයෙන් කියනවා  නම් රවුම් කපන්න. මේවා එක් එක් ප්‍රමාණයන්ගෙන් කපා ගෙන දැන් ලොකු හා කුඩා රවුම් වෙන් කිරීමට උපදෙස් දෙන්න. ඔවුන් ඉතා අපුරුවට එය ඉටු කරනු ඇත.

සමාන දේ එක්තැන් කිරීමටත් අසමාන දේ වෙන් කිරීමට කියා දෙන්න

අපේ ජීවිතයේ හැම දෙයක් වෙනුවෙන්ම වර්ගීකරනයක් අවශ්‍ය වෙනවා. දරුවාටත් බාල කාලයේ පටන්ම ඒ ගනැ කියා දෙන්න. වෙළදපොලෙන් ගෙනෙන එළවලු වට්ටියකට දමා තවත් ඇසුරුම් කිහිපයක් ලබා දෙන්න. එක් එක් වර්ගය එක් එක් ඇසුරුමට දමන්නනට උපදෙස් දෙන්න. බෝංචිවල හැඩය වර්ණය අනුව එය රක් ඇසුරුමකට දමනු ඇත. කැරට් තවත් ඇසුරුමකට දමනු ඇත. කිසිම පිලිවෙලක් නොමැතිව තිබුන එළවලු වට්ටිය දරුවා ඒ ඒ ඇසුරුමට දමා වෙන් කරනු ලබන්නේ ඉතාම අපුරු ලෙසයි. එයින් ඔබටත් නොදැනෙන ලෙසින් ඔහු වර්ග කිරීම හෙවත් සමාන දේ එක්තැන් කිරීමට ඉගෙන ගනු ඇත. සමාන දේ එක්තැන් වෙන විට අසමාන දේ විතැන් වෙනු ඇත. ඒ සියල්ල දරුවාඅත්දැකීමෙන් ඉගෙන ගන්නේ ඔබ විසින් ඔවුන්ට ලබා දෙන මාර්ගෝපදේශය මතයි.

ඇත්තටම ගණිතය වෙනුවෙන් පෙරපාසල් දරුවන් අතිරේක පංති යවන්න අවශ්‍ය නැහැ නේද ?..

ඒක ඇත්ත… නිවසේදී ඕනෑ තරම් ගනිත සංකල්ප ගැන අවබෝධය දරුවන්ට ලබා දෙන්න පුලුවන්.

දරුවාගේ පොත් මේසය දිග, තොට පිලිවෙලට පොත් තබන්න කියා දෙන්න.

නිවසට ගෙනෙන රසකැවිලි වෙන් වෙන් හැඩතල අනුව බෙදන්න. උදාහරණ අලුවා, ටොපි , බිස්කට් , ඩෝ නට් වැනි හැඩතල ගැන පෙන්වා දෙන්න.

වට්ටියක ඇති මල් පූජා කරන්න පෙරාතුව වර්ණ අනුව පිළිවෙලට තබන්න.

දරුවාගේ ඇදුම් අල්මාරියේ සමාන දේ එක්තැන් කිරීමට උපදෙස් දෙන්න. ගවුම් වෙනම කොටසකද, කලියම් වෙනම කොටසකද තබන්නට උපදෙස් දුන් විට ඔවුන් සමාන දේ එක්රැස් කිරීමට ඉගෙන ගනු ඇත.මේ විදිහට පුංචි පුංචි ත්‍රියාකාරකම් මගින් ඔබේ දරුවාගේ ගණිත සංකල්ප ඔවුන් සමග නොදැනීම වර්ධනය වෙන පරිසරය මව්පියන් විදිහට ගොඩ නැගීම ඔබට එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.

ඔබත් මේ දේවල් ඔබේ දරුවට කියා දුන්නාද?

ලොකු මහත් වුනත් සමහර දරුවන්ට තමන්ගේ පුද්ගලික සෞඛ්‍යය ගැන නොසලකා සිටින්නේ බාල කාලයේ පටන් පුරුද්දක් නොතිබීම නිසයි. ඒ වුනත් මව්පියන් විදිහට ඔබ බාල කාලයේ පටන්ම දරුවන්ට සෞඛ්‍ය පුරුදු  පුහුනු කිරීම ඉතාම වැදගත්. මේ වෙනුවෙන් හොඳම වයස විදිහට සැලකෙන්නේ වයස අවුරුදු තුනක් වැනි කාලයක්. එහෙම නම් ඔබ බාල කාලයේ පටන්ම දරුවාට පුරුදු කළ යුතු සෞඛ්‍ය පුරුදු මොනවාද ? …

දිනපතා ඇඟ සෝදා පිරිසිදුව සිටීම

කුඩා දරුවන් නෑමට කම්මැලි වුනත් ඔවුන් වෙනුවෙන් බාල කාලයේ පටන් සෞඛ්‍ය පුරුදු වගා කිරීම අවශ්‍යයි. දුව පැන නටමින් වැලි දූවිලි අනන ඔවුන් පිරිසිදු නොවුනහොත් අපහසුතාවයන් ඇති වෙනවා පමණක් නොව විවිධ රෝගාබාධයන්ටත් ගොදුරු විය හැකියි. මේ නිසා දරුවන්ට නමට මෙන්ම සිරුර සෝදා පිරිසිදුව සිටීමට බාල කාලයේ පටන්ම කියා දීම ඉතාම වැදගත්.

නාසය පිරිසිදුව තබා ගැනීම

වයස අවුරුදු හත අට වුනත් ඇතැම් දරුවන්ට තමන්ගේ නාසය පිරිසිදුව තබා ගැනීමටවත් දැනුම් තේරුම් නැහැ. නාසය අපිරිසිදුව තබා ගත් විට සමාජය ඔබේ දරුවා පිලිකුල් කරනවා.පංතියක වුනත් නාසය අපිරිසිදුව තබා ගත් විට ගුරුවරුන් පවා දරුවන්ට දොස් නගනවා. ඇත්තටම අපිරිසිදු නාසය සහිත පුද්ගලයෙක් ගැන ඇති වෙන්නේ පිලිකුලක්. මේ නිසාම කුඩා කාලයේ පටන් දරුවාට නාසය පිරිසිදුව තබා ගැනීමට උපදෙස් දෙන්න.

පොඩි අයට තේරුමක් නැහැනේ…

ඒක ඇත්ත. ඒ වුනත් ඔබ දරුවාට නිතරම ලේන්සුවක්  පාවිච්චි කිරීමට උපදෙස් දෙන්න. පාසල් යන දරුවාට නොවරදවාම ලේන්සුවක් ලබා දන්න. අද බොහෝ මව්පියන් තෙතමන කඩදාසි පාවිච්චි කළත් සෙම්ප්‍රතිශයාව වැනි අවස්ථාවකදී ලේන්සුවෙන් ලැබෙන පහසුව තෙතමන කඩදාසියෙන් ලැබෙන්නේ නැහැ.

කහින විට තටට අත තබාගෙන හෝ ලේන්සුවකින් කට වසාගෙන කහින්න

එක්තරා වෛද්‍යවරයෙක් තමාගේ කාමරයේ රෝගීන්ට ලබා දුන් අවවාදයක් විදිහට සටහන් කර තිබුනේ කට වසා ගෙන හෝ ලේන්සුවකින් ආවරනය කර ගෙන කහින්න යනුවෙනුයි. මෙය දරුවන්ට පමණක් සීමා වූ අවවාදයක් නොවීය. එයින් පෙනෙන්නේ බොහෝ උදවිය වැඩිමහල් වුනත් කිවිසුමක්, කැස්සක් ඇති විටෙක හැසිරෙන ආකාරය ගැන ඇති නොදැණුවත් බවයි. මේ නිසා දරුවාට බාල කාලයේ පටන්ම මෙම සෞඛ්‍ය පුරුදු කියා දෙන්න.

ආහාර ගැනීමට පෙර හා පසුව අත් සේදීම

ආහාරයක් දැක්ක ගමන් එයට ඔට්ටු වෙනවාට වඩා අත සෝදා ගෙන ආහාර ගැනීමට දරුවා යොමු කිරීම ඉතා වැදගත්. පාසලේදී අත් සේදීමට අපහසු නිසා අනිවාර්යෙන්ම හැන්දක් සහ ගෑරුප්පුවක් දරුවාට ලබා දෙන්න. එවිට අත් දේසීමට අවස්ථාවක් නොමැති විටෙක වුනත් පිරිසිදුව ආහාර ගැනීමේ හැකියාව ලැබෙනවා. අපිරිසිදු අත් වලින් ආහාර අනුභව කිරීම ජීරණ පද්ධතිය ආශ්‍රිත බොහෝ ‍රෝගාබාධයන්ට මග කියනු ඇති. ඇත්තටම ඔබ දරුවන් සමග වමනය, බඩ රිදුම, අජීර්ණය, පාචනය වැනි රෝගාබාධ වෙනුවෙන් නිරන්තරව වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු වෙනු ඇත.

ඇඳුම් පිරිසිදුව ඇදිම

පිරිසිදු ලෙස ඇදුම් ඇඳීම ඉතා හොඳ සෞඛ්‍ය පුරුද්දක්. ඇදුම පිලිවෙලට ඇඳීම මෙන්ම පිරිසිදුව සිටීමට මව්පියන් විසින් ඔවුන් යොමු කිරීම ඉතා වැදගත්. මෙහිදී වඩාත් අවදානයක් යොමු කළ යුත්තේ යට ඇදුම් වෙනුවෙනුයි. බොහෝ දරුවන් විටින් විට උඩ ඇදුම මාරු කළත් යට ඇදුම් වෙනස් කිරීමට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා අපිරිසිදු යට ඇදුම් නිසා ගැහැණු දරුවන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයන් පවා ඇති විය හැකියි. වැඩිවිය පත් ගැහැණු දරුවන් අතර යට ඇද්ම වගේම සනීපාරක්ෂක තුවා පිරිසුදුව පාවිච්චි කිරීම සහ බැහැර කිරීම ගැන අම්මා විසින් ලබා දෙන දැණුවත් බව ඉතාම වැදගත් විය හැකියි.

නියපොතු පිරිසිදුව තබා ගැනීම

ඇතැම් දරුවන් මල් වගේ ලස්සනයි. ඒ වගේම මතුපිටින් ඉතාම පිලිවෙලට අදින පළදින බව පෙනුනත් ඔවුන්ගේ නියපොතු බෙහෙවින් අපිරිසිදු විය හැකියි. ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයන්ට නියපොතුවලින් විෂබීජ ඇතුලු විය හැකියි. ඇගිලි කටේ දමා ගැනීම, ඉරීම වැනි ඉරියව් නිසා විෂබීජ ශරීරගත විය හැකියි. ඒ නිසා දෙමව්පියන් විදිහට දරුවාගේ ඇගිලිවල නිය ගැන සැලකිලිමත් වෙන්න. ඔවුන් නියපොතු හපන පුරුද්දෙන් මුදවා ගන්න.

වැසිකිලි පුරුදු

වැසිකිලි යෑමෙන් පසුව අත් සෝදා ගැනීමට වගේම දිනපතා පාසලට ඇතුළු වෙන දරුවන්ට තනියම වැසිකිලි යෑමෙන් පසුව පිරිසිදු කර ගැනීමේ පුරුදු කියා දෙන්න. බොහෝ දරුවන් වයස අවුරුදු හත , අට වුනත් තනිවම සෝදා පිරිසිදු කර ගැනීමේ නොහැකියාව නිසා ඉතා අසරණ වෙන අවස්තාවන් ඇත. ගුරුවරුන්ට පවා මෙම කටයුතු අසිරු වෙන නිසා ඔබ දිනපතා පාසල් යන දරුවාට වැසිකිලි යෑමෙන් පසුව තනිවම සෝදා ගැනීම සහ වැසිකිලියට වතුර යොදන පිලිවෙත් හුරු කරන්න. විවිධ වැසිකිලි වර්ග ඇති නිසා හැම වැසිකිලියකට ගැලපෙන සේ  එම කටයුතු කර ගැනීමටත් උපදෙස් ලබා දෙන්න.

ඔබේ දරුවා අද ඔබ තුරුලේ කෙලි දෙලෙන් සුරතල්ව කාලය ගතකළත් ඔවුන් හෙ දිනයේ සමාජය සමග ගැටෙන චරිත බවට පත් වෙනු ඇත. එවන් අවස්තාවන්හිදී දරුවා සමාජයට පිලිකුල් වුනොත් එයින් දරුවා ඉතාම අසරණ තත්වයට පත් වීම සාධාරණය.

එහෙම නොවෙන්න නම් ….

  • මේ නිසා නිරන්තරව දරුවා ගැන අවධානයෙන් සිටින්න.
  • ඔහු පිරිසිදුව තැබීම වගේම පිරිසිදුව සිටිය යුත්තේ කෙසේදැයි කියා දෙන්න.
  • ඔබ කියා දෙන පුරුදු ඔවුන් අනුගමනය කරනවාදැයි බලන්න.
  • යම් හෙයකින් ඔවුන් ඔබේ උපදෙස් අනුගමනය නොකරනවා නම් එහි ආදීනව හෙට දවසේ විදින්නට සිදු වෙන බව කියා දෙන්න.
  • එමෙන්ම මෙම අප්‍රසන්න අත්දැකීම් නිසා ඇති විය හැකි ආදිනවත් කියා දෙන්න.

එතකොට ….

“අනේ හරිම අපිරිසිදුයි….” යන චෝදනාවෙන් ඔබේ දරුවා නිදහස් වෙනු ඇත.

පොත් ගුල්ලන්නට ඇතිවෙනකන් කියවන්න, ඕනේ තරම් පොත් අපෙන්

කියවීම, සැබවින්ම අපේ ජිවිතවලට ආශීර්වාදයක් ලෙස හැඳින්වීමේ වරදක් නොමැත. මන්ද කියවීම මිනිසා සම්පුර්ණත්වයට පත්කරන බැවිනි. කියවීම තුලින් මනස සංවර්ධනය වනු ඇත. නිර්මාණශීලි බව අපේ ජීවිතවලට එක්වෙනු ඇත. මානසිකව අතිමහත් තෘප්තියක් අපේ ජිවිතවලට එක්කරන කියවීම ජීවිතවලට ආශිර්වාදයක් වන්නේ එබැවිනි.

දරුවෙකුගේ ජීවිතයට කියවීමේ පුරුද්ද එකවන්නේ මව්කුස පිළිසිඳී දිනයේ පටන්ය. ඒ මව හරහායි. මෙලොවට බිහිවී දිනෙන් දින ඇති දැඩි වන දරුවා මනසින් පෝෂණය වන්නට දැනුවත් වන්නට සමාජය පිළිබඳව දැනුවත් වන්නට කියවීම වඩාත් වැදගත් වනු ඇත. දරුවාගේ පරිකල්පනය අවදි කරවන, වාග්මාලාව, සන්නිවේදන කුසලතා, නිර්මාණාත්මක හැකියා වර්ධනය කරන කියවීමේ පුරුද්ද වෙත දරුවෙකු යොමු කිරීම දෙමාපියන්ගේ වගකීමක් ලෙස හැදින්වීම නිවැරදිය. සාමාන්‍යයෙන් වයස අවුරුද්දක් පිරෙන විට තම මවු බස කතා කිරීමට අවශ්‍ය ශබ්ද දරුවා,බාගන්නේ ඇසෙන වචන ප්‍රමාණයට අනුවයි. එසේ දිනෙන් දින වැඩිවියට පත්වෙන දරුවා පොත්පත් කියවීමට හුරුවිමෙන්ද තම දැනුම් පරාසය පුළුල් කරගනු ඇත.  වාග් කෝෂ වර්ධනය, අධ්‍යාපනික දැනුම, මානසික වර්ධනය වගේම සමාජීය දැනුමත් බාල මහලු කොයි කාටත් කියවීම තුළින් හිමිවෙනු ඇත.

කියවීම සම්බන්ධයෙන් කතා කිරීමේදී ඒ හා බැදුණු පොත් වෙනුවෙන් අද වන විට වැඩි මුදලක් වෙන් කිරීමට සිදුවන බව අපි කවුරුත් දන්නා කරුණකි. අන්න ඒ නිසාම දරුවෙකු පොත් ගුල්ලා යන ආදරණිය අමන්ත්‍රණයෙන් හැඳින්වීම අපහසු කරුණක් විය හැකිය. අධ්‍යාපනයේ පළමු පියවර වන කියවීමේ පුරුද්ද ගොඩ නංවන්නට වැය වන මුදලත් සමග ඔබට අපහසු විය හැකියි. කියවීමට තාම තුළ ඇති කැමැත්ත කොයිතරම් වුවත් පොත් මිලදී ගැනීමේදී වැය කිරීමට සිදුවන මුදල, පුස්තකාලවල ඇති පොත් ප්‍රමාණ සිමා සහිත වීම වගේම එම පොත් බැහැරට ගෙන යාමේදී ඇතිවන ගැටලු හේතුවෙන් කියවීමේ ආසාවට ඇති මංපෙත් වැසී යන අවස්ථා බොහෝය.

අන්න ඒ නිසාම කියවීමේ පුරුද්දදට අශිර්වාදයක් වෙමින් පොත් ගුල්ලන්ට සහනය සලසමින් ඇති තරම් පොත්පත් නිදහසේ රසවිදින්නට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පොත් හුවමාරු කර කියවීම සදහා ඉතාම පහසු ලාභදායී ක්‍රමයක් (තැපැල් ගාස්තුව පමණයි) වන ඔබේ දොරකොඩටම පොත් ගෙනත් දෙන Book Swap වෙතින් දැන් අපි කාටත් අවස්ථාව හිමිවේ.

ඉතිං ඔබ කල යුත්තේ අදම Book Swap සමග ලියාපදිංචි වන්න.

අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න

www.bookswap.lk

බදාගෙන කන එකෙයි බෙදාගෙන කන එකෙයි වෙනස දරුවන්ට කියාදෙන්නේ මෙහෙමයි

” මේ ගසේ බොහෝ
පැණි දොඩම් තිබේ
නංගිටයි මටයිගෙඩි දෙකක් ඇති
වැඩිය කඩන නරක ළමයි
එහෙම නොවේ අපී…”

1930 ගණන්වල සිට අපේ සමාජයේ දරුවන් අතර පැවැති මෙම කෙටි පැදිය දරුවන්ගේ ගුණධර්ම පෝෂණයට ලබා දුන්නේ මහත් රුකුලක්. තවමත් මල්පල බරින් යුත් ගහක් වෙත ගිය විට අපේ හිතට දැනෙන්නේ ප්‍රවේසමෙන් පල නෙලා ගත යුතු අන්දම වගේම බෙදා හදා ගෙන ජීවත්වීමේ වටිනාකමයි. ඒත් අද දරුවන් තුළ තිබෙන්නේ බෙදා ගැනීම නොව බදා ගැනීමයි. මේ ගැන ඔබටත් සමාජයෙන් ඕනෑ තරම් උදාහරණ සපයා ගත හැකියි. මෑතකදී මා ඇසූ කවි පද කිහිපයකින් අද සමාජය දරුවන්ට ලබා දෙන ආදර්ශය ගැන මටම පුදුම හිතුනා.

“පැලයක් සිටවන්න
ඵලයක් ලැබ ගන්න
මුදලට විකුනන්න
සතුටක් ලැබ ගන්න…”

ව්‍යාපාරික ලෝකයට මෙය සැබෑවක් වුනත් අපේ අම්මලා , අත්තම්මලා ගසක් හිටුවා සතුටක් ලැබුවේ වෙනත් විදිහකටයි. කුරුල්ලෙක් ඇවිත් ඉදුන ගෙඩි ආහාරයට ගන්නා විට ඔවුන් මහත් සේ සතුටු වුණා. ගමේ සෙල්ලම් කරන දරුවන් ඇවිත් “ජම්බු ටිකක් කඩා ගන්නද නැන්දේ….” ඇහුවාම කිසිම සීමාවක් තිබුනේ නැහැ. ඇති තරම් කඩා ගත්තා. පාර තොටේ වුනත් මල් පැලයක් හිටුවලා කිව්වේ පන්සලට යන එන කෙනෙක් හරි මලක් කඩා ගන්නේ නැතෑ…කියලයි. ඒ වගේ හිතේ තිබුන බෙදා හදා ගැනීම ඉතාම අපූරු විදිහට ඔවුන්ගෙන් ප්‍රදර්ශනය වුනේ එහෙමයි.ඒ නිසාම ඔවුන්ගේ සෙවෙන‍ෙ හැදුන වැඩුන අයටත් බදා හදා ගැනීමේ ගුණ නොඅඩුව ජීවිතයට සම්බන්ධව තිබුණා.

අද දරුවන්ට මේ වගේ පුංචි කවි පද ගැන දැණුමක් ඇත්තේම නැහැ. අම්මලාට වුනත් එවන් ආදර්ශමත් සාහිත්‍යයෙන් දරුවන් පෝෂණය කිරීමට අවශ්‍යතාවයක් ඇත්තෙත් නැහැ.

ඒ වගේම කවි , කථන්දර කියන්න අම්මලා දරුවන් එකට එකතු වෙන්නෙත් නැහැ

අද මව්පිය දූ දරුවන් අතර එකට හමුවක් වෙතොත් ඒ රූපවාහිනිය බලන විට පමණයි. ඒත් කතා බහක් නොමැතිව මේ දෙපැය ගෙවෙන්නේ කතාවට දැහැන්ගත වෙන නිසයා. එදා පවුලක අත්තම්මා, නැන්දා, පුංචිඅම්මා වැනි චරිත ජීවත්වුන නිසා ඔවුන් කුඩා දරුවන්ට මේ වගේ හොඳ ගුණධර්ම දැනෙන කවි පද කියා දුන්නා.

මව්පියන් කියාදෙන්නෙත් තනිවම ජීවත්වෙන්න..

අද මව්පියන් දරුවන්ට කියා දෙන්නෙත් බෙදා ගැනීම නොව බදා ගැනීමයි. වෙනතක් තබා පාසලට නොපැමිණෙණ පංතියේ මිතුරෙකුට වුනත් පාඩම් සටහනක් ලබා නොදෙන ලෙස ඔවුන් දරුවන්ට තරයේ අවවාද කරනවා.

පොත් නැති වුනොත්…

ඔව් ඒකත් ඇතත් සමහර දරුවන් පොත් පත් අරගෙන ගිහින් නැති නාස්ති කරන අවස්ථාවන්ද නැතුවාම නොවෙයි. ඊට හේතු වෙන්නෙත් තව කෙනෙක් ගැන හිතන සංවේදි සිතුවිලි නැති එකයි. ඔබ දරුවාට තවත් කෙනෙක් ගැන හිතන්න උපදෙස් නොදෙනාව වගේම සෙසු දරුවන්ගෙත් තිබෙන්නේ ඒ විදිහේ සිතුවිලියි.මේ නිසා සමහර දෙමව්පියන් දරුවා පාසලට නොගිය විට ඔවුන් පංතියට පැමිණ සටහන් සහ ගෙදරවැඩ ඉල්ලා ගෙන යෑමට  සිදුවෙලා. ඒත් අද වගේසන්නිවේදනයන් නොතිබුන කාලයක පාසල් නොගිය දිනට අසල්වැසි මිතුරු සමාගම ඒ නොගිය අයගේ  නිවසටම ගොස් දවසේ කරන ලද වැඩ කටයුතු ගැන බෙදා හදා ගත්තා.

ඇයි එහෙම කියන්නේ අදටත් සමහර දෙමව්පියන් ඡායා පිටපත් අ‍රගෙනත් දෙනවා

ඇගිලි පහම එක සමාන නාහැ කියන්නා වගේ ඇතැම් දෙමව්පියන් පාසල් නොගිය තම දරුවාගේ මිතුරන් වෙනුවෙන් අවශ්‍ය සටහන් ආදිය එවුන්ගේ වියදමෙන්ම ඡායාපිටපත් අගෙන දෙනන් තරමටත් උනන්දුයි. එහෙම අයත් නැතුවාම නොවෙයි.

සහජීවනය නැති දරුවන් නිර්මානය කලොත් ඔබත් අසීරුවට

බාල කාලයේ පටන්ම බෙදා හදා ගෙන එකට එක්ව ජීවත්වීමට අද ඉගැන්වුවේ නැත්නම් හෙට දවසේ ඔබේ දරුවාගෙන් ඔබත් පීඩා විදිනු ඇත. ඊට හේතුව වන්නේ ඔවුන් සමග මේ ගතිගුණ වැඩෙන නිසා එයින් අනාගතයේදී ඔබටත් බැට කෑමට සිදු වෙනු ඇත.සහයෝගයක් නොමැතිව ජීවත්වෙන දරුවා තුළ ගොඩ නැගෙන ආත්මාර්ථකාමී ගති පැවතුම් නිසා ඔවුන් තම පවුලේ උදවිය අතර පවා සහයෝගයක් නොමැතිව ජීවත්වෙන පිරිසක් බවට පත් වෙනු ඇත. මේ නිසා ඔබේ දරුවා අනාගතයේදී “ආත්මාර්ථකාමී” චරිතයක් ලෙසින් සමාජගත වෙනවාට වඩා බෙදාහදාගන්නා ඉතාම යහපත් අයෙක් ලෙසින් සමාජයට දායාද කිරීමට නම් බාලේ පටන්ම බෙදා හදා ගැනීම ඔවුන්ට පුරුදු කරන්න.

අතීතයේදී කිරි මවට වූ තහංචි අද කාලේ කිරි මවටත් හරියටම ගැලපෙන්නේ මේ නිසයි

අද අම්මලාට දරුවන්ට කිරි පොවන විට තැනක් නොතැනක් නොතිබුනත් එදා අම්මලා තමන්ගේ දරු පැටියාට කිරි පොවන විට අනුගමනය කරන ලද පිළිපැදීම් බොහොමයක් තිබුණා. එදා නිවසක වැඩිහිටි කාන්තාවන්  දරු උපත ලද කාන්තාව සමග සමීපව සම්බන්ධතාවයන් දක්වන ලද නිසාම ඔවුන්ගේ අවධානය නවදරු උපත ලද කාන්තාව වෙත යොමු වුනා. ඒ නිසා දරුවාට කිරි පොවන විට පැනවුන තහංචි කීපයක්ම තිබුණා.

  • දොරකඩ හෝ පිලමත සිට කිරි දීම
  • ඉදිකඩුල්ල පෙනෙන තැනක කිරි දීම
  • අම්මා දිය නාගත් විගස කිරි දීම

ඒ වගේම දරු ප්‍රසුතිවයෙන් මාස හතරක්  ගෙවෙන තෙක් දියනෑමට අවසර ලැබුනේ ඉර මද්දහනට පැමිණීමට පෙරාතුවයි. හවස් යාමයේදී දියනෑම අගුණ ලෙසින් සැලකුනා. දිවා කාලයේ වුනත් දිය නා ගෙන තෙත කෙස් පිටින් දරුවාට කිරි පොවන්න අවසර දුන්නේ නැහැ. කිරි පොවන විට හිසකෙස් හොදින් බැඳ ගන්න උපදෙස් දුන්නා. ඒ විදිහට උපදෙස් ලබා දුන්නේ යම් විදිහකින් ගිලිහෙන කෙස් දරුවාගේ මුඛයේ වැටෙන්නනට ඉඩ තිබෙන නිසයි.

කිරි පොවන විට පිරිමින්ට පෙනන්න කිරි දුන්නේ නැහැ. අද කාන්තාවන්ට මාස හතරක් ගෙවෙන තෙක් ප්‍රසුත නිවාඩු ලබා දෙන්නා සේම එදා කාන්තාවන් දරුවා ලැබී මාස හතරක් ගෙවෙන තෙක්  කුඹුරේ වැඩට ගියේ නැහැ.

තනිපංගලමේ කිරි පොවනවානම් කිරි ස්වල්පයක් ඇඟිල්ලට ගෙන කෙළ ගා ඉවත දැමියි යුතුයි. දරුවා ලැබී මාස හතරක් ගෙවෙන තෙක් දරුවාට අවශ්‍ය විදිහට පෝෂණය ලබා දිය යුතු නිසාම මේ විදිහට තහංචි ඔවුන් නොදැනම වුනත් සමාජයෙන්ම බිහි වී තිබුණා.  ඇයට අයත් කුඹුරු  කොටස්වල වැඩ කටයුතු සිද්ධ කරන ලද්දේ වෙනත් කාන්තාවන් විසිනුයි. ඒ වෙනුවෙනුත් හේතුවක් තිබුණා.

සිංහල අලුත් අවුරුදු කාලයේදී කිරි දෙන අම්මෙක් සිටින විට ඇගේ නිවසේ ගොමමැටිගෑම, වහල සෙවිලි කිරීම, වැනි කටයුතු සඳහා ගමේ උදවිය සහභාගි වුනා.දරුවාට කිරි දෙන අම්මා තෙල් වළං අද්දර සිටීමත් අනුමත දෙයක් නොවේ. ඒ නිසා අවුරුදු කැවිලි සකස් කර දුන්නෙත් ගමේ කාන්තාවන් විසින්. මාස හතරක් ගෙවෙන තෙක් දානමාන සහ පිරිත් පිංකම් වැනි දයට කිරි දෙන අම්මා කෙනෙක් සම්බන්ධ වුනේ නැහැ.

දරුවන්ට කිරි ලබා දෙන විට අලුත උපන් අම්මාට ලබා දුන් ආහාර අතර කොස් ඉතාම වැදගත්. කොස් සහ ‍පොළොස් ගැට හොදින් කිරි එරෙන ආහාරයක් බවට පිලිගැනීම ඉතාම තදින් ගැමි ජීවිතයට බද්ධව තිබුනා

ඒ වගේම ඔවුන් එදා සූදුරු, කොත්තමල්ලි වගේම උලුහාල් තම්බා ගත් ජලය පානයට ලබා දුන්න.එයින් අම්මාට කිරි එරෙන හැකියාව වැඩි වෙන බවට පිලිගැනුනා පමණක් නොවෙයි ඇත්තටම අඩුවක් නැතුවම කිරි එරෙන හැකියාව ඇති වුණා. කුරුදු සහ උළුහාල් වතුරේ දමා තබා එය පෙරාගෙන පානය කිරීමත් කිරි දෙන අම්මාවරුන්ට ඉතා හොඳ පානයක් විදිහට පිලිගෙන තිබුනා.

ඔවුන් කිරි දෙන අම්මාට සුදුළූණු දුන්නේ ඉතාම අපුරු විදිහකටයි. ලොකු සුදුළූණු ගෙඩියක් හෝ දෙකක් කඩදාසියක ඔතා ගිනිඅගුරු අස්සේ වලලා තබනවා. එය පිලිස්සී ඇතැයි සිතුනාම පොතු හැර හකුරු සමග ආහාරයට ගත්තා.දරුවා ලැබී මුල් දිනයන්හි ලබා දෙන මෙය අම්මාගේ කිරි උත්තේජනය කරනවා වගේම විෂබීජ ආදියෙන් ආරක්ෂා කරන බවත් එදා සමාජයේ තිබුන පිලිගැනීමයි.ව්‍යංජනවලටත් ඔවුන් වැඩියෙන් සුදුළුෑනු එකතු කරගත්තා. සුසුදුළුෑණු ආහාරයට ගත් විට එක්වතාවකදීම කිරිකළ හතක් පොවන්න පුලුවන් හැකියාවක් තිබුන බව ඔවුන් අතර තිබුන පොදු පිලිගැනීමයි.

ප්‍රසවය සමග ඇති වෙන තුවාල නිසා කිරි දෙන අම්මාට මලබද්ධය ඇති වුනොත් ඉතාම අසීරුයි. ඒ නිසා තන්තු බහුල ආහාර වැඩියෙන් ආහාරයට එක් කර ගත්තා. ඒ ආහාර මගින් කිරි එරෙන ශක්තියත් ඇති වුනා. කොහිල, කෙහෙල්මුව, අමු පැපොල් ,වට්ටක්කා වැනි ආහාර නිසා මල බුරුල් වුනා පමණක් නොව කිරි එරෙන හැකියාවත් ඇති වුණා.කුරක්කන් වලින් පිලියෙල කරන ලද පිට්ටු, කැඳ , රොටී සහ තලප පවා අම්මාගේ ආහාරයට ලබා දුන්නේ කිරිකැටියාට හොදින් කිරිටික ලබා දෙන්නයි.

ජපන්බටු කොළ මුල් කර ගෙන විවිධ මතවාද දැන් ඇති වුනත් එදා කිරි දෙන කාලයේදී අම්මාගේ බත් වේලට ජපන්බටු කොළ වගේම කිරි හැන්ද, අගුන කොළ පිලියෙල කර දුන්නා. ඇතැම් පලාත්වල සිංගප්පුරු කොළ යනුවෙනුත් හැදිනවුනේ ජපන්බටු කොළයි.

දරුවා ලැබීමෙන් පසුව අම්මාට දෙන ලද තැම්බුම් හොද්දේ බොහෝ ගුණ තිබුනා.  ප්‍රසවයෙන් පසු ගර්භාෂයේ ඉතිරි රුධිර කැටිති ඉවත් කර ගර්භාෂය සංකෝචනය කිරීම, ප්‍රසවයේ තුවාල ඉක්මනින් වියලීමට වගේම කිරි උත්තේජනයට තැම්බුම් හොද්දෙන් ලැබුන ගුණ බොහොමයි.

තද දම් පැහැයක් ඇති රාජල වගේම රතු බතල කිරි වඩවන ගුණය ඇති ආහාර ලෙසින් ඔවුන් පිලිගත්තා. මේ අල වර්ග වගේම කඩල, කොල්ලු වැනි දේ අම්මාගේ ආහාරයට ලබා දුන්නේ පොල් සමගයි. ඒ පොල් වුනත් අලුතම පොල් බෑයකින් ලබා ගත්තා.

ප්‍රසවයෙන් පසුව ඇති වෙහෙස වගේම සිරුර උණුහුම් කිරීමට ඉඟුරු බහුලව එකත් කළා. ඒ වගේම මව් කිරිවල විෂ ඉවත් කිරීම හෙවත් ස්තන්‍ය ශෝධනය වෙනුවෙන් නිතරම රතුලුනු ආහාරයට ගබා දුන්නා. මුරුංගා වලත් විෂ හරනය කිරීමේ ගුණය තිබුනා.

මව්කිරි දෙන අම්මාගේ කිරි විෂ වුනොත් දරුවාට රත ගෙඩි ඇති වීමට බලපාන බව සමාජයේ පිළිගැනීම වුන නිසාම මව්කිරි පිරිසිදුව ලබා දීමට එදා තිබුනේ විශේෂ අවධානයක්. මාස හයත් ගෙවෙන තෙක් දරුවාට ඖෂධ දීමට බැහැ. මේ නිසා මව්කිරි ඉතා පිරිසිදුව ලබා දිය යුතුයි. දරුවාගේ පෝෂණය මව්කිරෙන් සිද්ධ වෙන නිසා මව ආහාරයට ගන්නා දෙය දරුවාගේ සෞඛ්‍යය වෙනුවෙන් බලපාන නිසා මේ කාලේයදී අම්මාගේ ආහාර ගැන වඩාත් අනන්දු වුණා. සතියකට දෙවතාවක් පමන අම්මාට පොල්පලා, නෙල්ලි, රසකිඳ , නීරමුල්ලිය, ඉරමුසු තම්බා දුන්නා. මුත්‍රාකාරක ගුණයක් ඇති මෙම ඖෂධ මගින් කිරිවල තිබෙන විෂ මුත්‍රාමගින් පිට වුණා.  ( ආයුර්වේද වෛද්‍ය, අයෝමි ශානිකා දොලපිහිල්ල , ඩොලායෝ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, මහනුවර )

අද දරුවාට කිරි මදිවගේ දැනුනාම පිටිකිරි දියකරගෙන බ්වවාට එදා අම්මාවරුන් ඒ වගේ ගැටලුවලට මුහුණ නොදී ආරක්ෂාව ලැබුවේ ඔවුන්ගේ ආහාර රටාව නිසයි. අපි අද ගෝලීයකරණයට පත්ව පුංචි ගම්මානයක් වුනත් දරුවන් ලද අම්මාට මේ විදිහට සංග්‍රහ කිරීමට නම් කිසිම අපහසුවක් නැහැ.

උදේ ආහාර වේල දරුවන්ගේ නිසි වර්ධනයට මේ තරම්ම වැදගත් බව ඔබ දැන සිටියාද?

දරුවෙකුගේ පෝෂණය ඇරඹෙන්නේ මව්කුස පිළිසිඳි මොහොත් සිටයි. මව්කුස තුළදී මවගෙන් තම පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නා ළදරුවා මෙලොවට බිහිවීමත් සමගම මාස හයක් සම්පූර්ණ වන තෙක් මව්කිරෙන් පමණක් පෝෂණය වේ. නිසි පෝෂණයක් නොලැබී යාම දරුවෙකුගේ ශාරීරික මෙන්ම මානසික වර්ධනයට ද බාධාවක් බව හෙලිවී ඇත. අන්න ඒ නිසාම අද වන විට දරුවන්ගේ ආහාර පිළිබඳව මව්වරුන්ගේ අවධානය සිය දහස් ගුණයකින් ඉහළ ගියද දරුවන් සිය ආහාර වේල ප‍්‍රතික්ෂේප කිරීම මව්පියන්ට ඇති එකම සහ ප‍්‍රධානතම ගැටලූවක් බවට පත්ව ඇත.

කෙසේ වුවද දරුවාගෙන් දරුවාට ලබාගන්නා ආහාර වර්ග මෙන්ම ආහාර ප‍්‍රමාණවලද වෙනස්කම් පවතී. ඇතැම් දරුවන් තරයේ ප‍්‍රතික්ෂේප කරනු ලබන ආහාර වර්ග ඇතැම් දරුවන් ඉතා ආසාවෙන් ලබාගන්නා ආකාරය අප දැක ඇත. මේ තත්ත්වය මෙසේ වුවද දරුවෙකුට නිසි පෝෂණය ලබාදීමේ වගකීම පැවරෙන්නේ මව්පියන් වන ඔබටයි. දරුවෙකුගේ වර්ධනයට අවශ්‍ය නිසි පෝෂණය මෙන්ම ශක්ති ප‍්‍රමාණයක් ලැබෙනවාද යන්න පිළිබඳව මව්පියන්ගේ අවධානය උපරිමයෙන් යොමු විය යුතුය. එසේම උස සහ බර මැනීම නොකඩවා සිදු කරමින් එය නියමිත මට්ටමේ පවතිනවාද යන්න තහවුරු කරගැනීමද ඉතා වැදගත් වේ.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 1 – 3 දක්වා දරුවන්ගේ ආහාර ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධව මව්වරුන් නිතර මැසිවිලි නගනු ඇත. මේ වයස් සීමාවේ පසුවන බොහෝ දරුවන්ගේ මව්පියන් මේ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටි. කොයි ආකාරයෙන් ආහාර සකස් කළද දරුවන් එය ප‍්‍රතික්ෂේප කරයි නම් සැබවින්ම එය කණගාටුවට කරුණකි. මන්ද දරුවාගේ සෞඛ්‍ය සම්පන්න බව සංවර්ධනය කිරීමේ වගකීම මව්පියන්ගේ බැවිනි. එසේම නිිසි පෝෂණය මනා ප‍්‍රතිශක්තිකරණ හැකියාවකට අත්‍යවශ්‍ය සාධකයක් වනු නියතය.

දරුවන්ගේ ආහාර පිළිබඳව කතාකිරීමේදී වැදගත්ම කරුණක් වන්නේ උදේ ආහාර වේලයි. ඇතැම් දරුවන් උදේ කිරි බෝතලය බිව් පසු නැවත ආහාර ලබාගන්නට සූදානම් බව පෙන්වන්නේ දහවල් ආහාර වේලයි. නමුත් මව්වරුන් සිත තබාගත යුතු වැදගත්ම කරුණක් වන්නේ දරුවන් අනිවාර්යෙන්ම උදේ ආහාර වේල සඳහා හුරුකළ යුතු බවයි. මන්ද උදේ ආහාර වේල මගහැරීම බොහොමයක් බෝ නොවන රෝග තත්ත්වයන් ඇති වීමටද හේතු විය හැකි බව සමීක්‍ෂණ මගින් අද වන විට පෙන්වා දී ඇති බැවිනි. ඒ නිසාම කුඩා අවධියේ සිටම දරුවන්ට උදේ ආහාර වේල සඳහා නියමිත වේලාවක් හුරු කිරීම ඉතාම වැදගත් වේ.

වයස අවුරුදු 1 සිට 3 දක්වා දරුවන්ට උදේ ආහාරය වශයෙන් ධාන්‍ය වර්ග ලබාදිය හැකි නම් එමගින් දරුවාට ඉහළ පෝෂණයක් හිමි වන බව කිව යුතුමය. සෑම පෝෂකාංගයකින්ම අනූන ධාන්‍ය වර්ග දරුවන්ට දෛනික අවශ්‍ය වන ශක්ති ප‍්‍රමාණය සැපයීම සඳහා විශාල රුකුලක් වනු ඇත. එසේම ධාන්‍යවල කෙඳි සහ තන්තු අන්තර්ගත නිසාම මලබද්ධය වැනි තත්ත්වයන් ඇති වීමද වළකයි.

වයස අවුරුදු 1 – 3 දක්වා වයස් සීමාවන්වල දරුවන්ගේ වර්ධනය ඉතා ශීග‍්‍රයෙන් සිදුවන අතරම මව්වරුන් ඒ පිළිබඳව පූර්ණ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. තවද මනා පෝෂණයක් දරුවෙකුහට යම් හෙයකින් අහිමි වෙයිද ඒ දරුවා ලෙඩ රෝගවලට ගොදුරු විමේ ප‍්‍රවණතාවයද ඉහළය. මන්ද නිසි පෝෂණය නොලැබී යාම හේතුවෙන් ප‍්‍රතිශක්තිකරණ හැකියාවද පහළ බසින බැවිනි. තවද නිසි පෝෂණය මගින් දරුවෙකුගේ බුද්ධි වර්ධනයට ද විශාල පිටුවහලක් ලබාදෙයි. උදේ ආහාර වේල ලෙස ධාන්‍ය හෝ ධාන්‍ය සහිත සීරියල් දරුවාට ලබාදීමේදී එය පරිපූර්ණ ආහාර වේලක් ලෙස ලබාදිය හැකි නිසා දරුවාට අවැසි පෝෂණය උපරිමයෙන් ලැබෙනවාට කිසිදු සැකයක් නැත.

ඔබේ දරුවාට ඇවැසි නිසි පෝෂණය ලබාදීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. මෙහිදී වැදගත්ම කරුණ වන්නේ සැමවිටම නිවැරදි දේ තෝරාගැනීම ඔබ දැනුවත් වීමයි. එනම් දරුවාට ලබාදෙන ආහාරවල පෝෂණය පිළිබඳ ඔබ තුළ තිබිය යුතු දැනුවත් බව සහ විශ්වාසයයි.

මෙය Ceregrow අනුග්‍රාහකත්වයෙන් පලකරන ලද ලිපියකි.

බබාලා එක්ක සුපර් මාර්කට් යන අම්මලා මේ ගැන සැලකිලිමත් වීම අනිවාර්යයි

දරුවන් සමග සුපිරි වෙළඳසැලකට යන දෙමව්පියන්ට විටෙක ඉතාම අසීරුතාවයන්ට මුහුණ දීමට සිද්ධ වෙනවා. දරුවන්ට වෙළඳපොලේ භාණ්ඩ වටිනාකම හෝ අවශ්‍යතාවය තේරෙන්නේ නැහැ. ආකර්ශණීය විදිහට අසුරා තබන සහ ඉතාම ප්‍රසන්න වූ පරිසරයකදී ඔවුන් හැසිරෙන්නේ තමන්ට අවශ්‍ය විදිහටයි. බඩු භාණ්ඩ එහා ‍මෙහා ගෙන යන ට්‍රොලිවලට අවශ්‍ය දෙයට වඩා අනවශ්‍ය දේ අසුරන්නත්, එහා මෙහා දුව පැන යමින් රාක්ක ඇසුරුමේ තිබෙන බඩු භාණ්ඩ එහා මෙහා කිරීමටත්, අනවශ්‍ය දේ ඉල්ලා කෑ මොර දෙන්නත් දරුවන් සුපිරිවෙළඳසැල ආයුධයක් කර ගන්නවා. එහෙමනම් සුපිරි වෙළඳසැලට යන විට දරුවන් කැටුව යා යුතු නැද්ද…

දරුවන්ටත් මේ පරිසරය වටහා දිය යුතුයි

අද දරුවා හෙටදෙවසේ පවුල් ජීවිතයකට අනිවාර්යෙන්ම පත් වෙන නිසා ඔවුන්ද වෙළඳපොල හැසිරීම අනිවාර්යෙන්ම ඉගෙනගත යුතුයි. ඒ නිසාම ඔබ දරුවන්ද සුපිරි වෙළඳසැලට කැටුව යා යුතු අතර එහිදී හැසිරෙන අන්දම කියා දීම ඉතා වැදගත්.මෙය දරුවන්ගේ සෙල්ලම් පිටියක් නොවන බව ඔවුන්ට කියා දෙන්න. එක්තරා දරුවන් දෙදෙනෙක් සුපිරි වෙළඳසැලේ තම සහෝදරයා සමග දුව පනින විට අසුරා තිබුන ජෑම් බෝතල් දෙකක් බිම වැටී බිඳුන අතර ඒ වෙනුවෙන් අලාබය දෙමව්පියන්ට ගෙවීමට සිද්ධ වුණා. මේ නිසා කිසිම විටෙක දරුවන් නිදැල්ලේ හැර ඔබ වෙළඳසැලේ ඔබේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පමණක් යෙදෙන්න එපා. නිතරම දරුවන් කරන්නේ කුමක්දැයි විමසිල්ලෙන් සිටින්න.

මුලින්ම ලැයිස්තුවක් පිළියෙල කරගන්න

බොහෝ විට සුපුරි වෙළඳසැලකදී අපිට නිවසේ අවශ්‍යතාවයන් නොදැනීම දැනගන්න පුලුවන්. බඩු භාණ්ඩ, එළවලු, පළතුරු සහ වෙනත් සියලු දේ එකම වහලක් යටතේ මිළට ගත හැකි නිසා මේ පහසුව ඇති වුනත් ඔබ නිවසේදීම ලැයිස්තුවක් පිළියෙල කරන්න. මේ ලැයිස්තුවේදී මුලින්ම නිවසට සහ අදට අත්‍යවශ්‍ය දේ සටහන් කරගන්න.

දරුවාගේ සහයෝගයත් ලබා ගන්න

මේ ලැයිස්තුව පිළියෙල කරන විට දරුවාගේ සහයෝගය ලබා ගන්න. නිවසේ අවශ්‍ය සහ අත්‍යවශ්‍ය දේ ගැන ඔවුන් සමග සාකච්ඡා කරන්න. සුපිරි වෙළඳසැලේදීත් ඔබ වෙත ඇති ලැයිස්තුවේ අවශ්‍යතාවයන් නිවරැදිව ලබා ගත්තාද යන්න සලකා බැලීමට දරුවන්ගේ සහයෝගය ලබා ගන්න.

අකුරු ලියන්න කම්මැලිකරන පැටවුන්ටත් හොඳයි

මගේ දියණිය බාලකාලයේදී අසා ලිවීමට දක්වන්නේ මහත් කම්මැලිකමක්. ඒත් නගරයට යෑමට පෙරාතුව ඇයට අවශ්‍ය දේ කොළයක ලියන්න කී විට සැනින් එය ලියන්න ඇය දක්වන ලද හැකියාව නිසා අපි නිතරම ඇයට ඒ විදිහට අවශ්‍ය බඩු ලියන්න අවස්තාව ලබා දුන්නා. ඒ නිසා කිසිම  අමුතු වෙහෙසක් නැතුව ඇය ලියන්න ඉගෙන ගත්තා. ඔබත් දරුවන්ට තමන්ගේ අවශ්‍යතාවයන් සටහන් කර දෙන්න කිව්වොත් ඔවුන් ඉතා අපුරුවට ඒ දෙය කරනු ඇති.

දරුවාගේ අවශ්‍යතාවයන්ද විමසා දැනගන්න

සුපිරි වෙළඳසැලට ගිය විට දරුවාට අවශ්‍ය දේ නිවසේදීම දැන ගන්න. ඉවක් බවක් නැතුව අවශ්‍යතාවයන් ගැන දරුවන්ගෙන් ලැබෙන පැමිනිලි වෙනුවෙන් එය ඉතාම හොඳ විසදුමකි. ඒ වගේම ඔබේ වැය ශීර්ෂ පිලිලෙ කර ගැනීමටත් එය හොඳම පියවරක් වෙනු ඇත.

දරුවන්ගේ සහයෝගය භාණ්ඩ තෝරන විට ලබා ගන්න

දරුවන් අයාලේ තබා ඔබ බාණ්ඩ මිළට ගැනීමට වඩා ඔවුන්ද ඒ වෙනුවෙන් සම්බන්ද කර ගන්න.හය හතර තේරෙන දරුවන්ට  භාන්ඩ මිළට ගන්නා විට එහි ඇසුරුමේ ඇති තොරතුරු බැලීමට කියා දෙන්න.

එක් දරුවෙක් අම්මාට කියාසිටියේ භාන්ඩ මිලට ගන්නා විට ඇසුරුමේ තිබෙන ලේබලය ගැන විමසා බලන ලෙසයි. අම්මා බලන්නේ මිළ විතරයි. ඒත් ඇසුරුමේ දිනය, ක්ලඉකුත්වෙන දිනය, අඩංගු දේ ගැන බලන්න. දරුවා පාසලේ උගත් ප්‍රායෝගික තාක්ෂණ කුසලතාවය එදා තමන්ගේ මිළට ගන්නා දෙයට  සම්බන්ධ කර ගත්තා.

මුදල් පසුම්බියේ තරම සිතන්න

ඔබ ඉවක් බවක් නැතුව මිළදී ගැනීමේ වෙනුවෙන් යොමු වුනත් කවුන්ටරයේදී අපහසුතාවයන්ට පත් නොවන සේ සකසුරුවම් සහතිතව මිළදී ගැනීම ඉතාම වැදගත්. ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පතෙන් වැය බර නිදහස් කර ගත හැකි වුනත් මේ කුමන මාධයයෙන් හෝ අනවශ්‍ය ලෙසින් වියදම් දැරීමට වඩා මිළ පාලනයකින් බඩු මිළට ගන්න. මිළට ගන්නා අතරවාරයේදීම ඒ ගැන සසඳා බලන්න.

බිල්පත සුරැකිව තබා ගන්න

මිළට ගත් බවට වූ එකම සහතිකය බිල්පත නිසා එය සුරැකිව තබා ගන්න. දරුවාට බිල්පත දී එහි ඇති අයිතමයන් නිවරැදිව බැලීමට සහය කර ගන්න. එයින් ඔවුන් තුළ ගණිතමය සංකල්පයන් වර්ධනය වෙනු ඇත. දැණුම් තේරුම් ඇති දරුවාට යන්ත්‍රානුසාරයෙන් වුනත් මිළට ගත් අයිතමයන් හා මිළ අතර ගැලපීම, ඉතුරු මුදල් පිලිබඳ නිවරැදිතාවය පරීක්ෂා කිරීමට උපදෙස් දෙන්න.

ගැබිනි මව්වරුන්ට ඇති වෙන දොළ දුක, මේ දේවල් ඔබ අසා තිබෙනවාද?

දරුවන් ලැබෙන්න ඉන්න අම්මලාට විවිධ ආහාර වෙනුවෙන් ඇතිවෙන උත්තේජනය අත්තම්මලා විසින් එදා හැදින්වූයේ “දොළ දුක” විදිහටයි.තවත් අන්දමකින් ඔවුන් මේ ආහාර වෙනුවෙන් ඇති වෙන අවශ්‍යතාවය මගින් දරුවාගේ ගති පැවතුම් ගැනත් අනාගත වාක්‍ය ගොඩ නගා ගත්තා. ගැමුණු කුමාරයා ලැබෙන්න සිටියදී විහාරමහ දේවියට නෙළුම් කොළේ බත් කන්නත්, අසිපත සෝදා ගත් ජලය පානය කරන්නත් ආසාවක් ඇති වුණා. මේ දොළ දුක මගින් නිමිත්තක් විදිහට කියා සිටියේ අනාගතයේදී වීර පුතෙක් උපත ලබන බවයි.

සද්ධර්මරතනාවලියේ වනවාසක තෙරුන්වහන්සේගේ කතා වස්තුවේ සදහන් අන්දමට මවට ඇති වුන දොළ දුක වුයේ රහතන්වහන්සේලාට ආරාධනා කොට වඩා හිඳුවා රන්වන්පාට වස්ත්‍රයෙන් සැරසී, රන්තැටියක් ගෙන ජලය මුසු නොකල කිරිබතක් පිලිගන්වා එහි ඉතුරු කොටස ඇයට ආහාර ලෙස ගැනීමටයි.

බන්ධුල මල්ලිකාවන්ට ඇති වුන දොළදුක වූයේ ලිච්ඡවී රජවරුන් හත්දහස් හත්සිය හතක් දිය නාන පොකුණට බැස ස්නානය කොට එයින් පැන් පානය අජාසත් කුමරැ ගැබ් ගත් විට මවට ඇති වුන ආසාව වූයේ රජතුමාගේ දකුණු උරස පලා රුධිරය පානය කිරීමටයි.

ඒ වගේම ගැබ් දරණ අම්මා කෙනෙකුට ඇති වෙන දොළ දුක කෙසේ හෝ සංසිදවීමට එදා වැඩිහිටියන් වග බලා ගත්තා. එහෙම නැති වුනොත් උපත ලබන දරුවාට එයින් යම් දොසක් ඇති වෙතැයි ඔවුන් අනුමාන කළා. මේ සංසිද්ධිය අද විද්‍යාත්මකව විශ්ලේෂනය කිරීමට “බොනවිස්ට් සාලේ” නැමැති පර්යේෂකයා විසින් උනන්දු වී සිටිනවා.

එහිදී ගැබ් දරණ මවක් සහ ඇයට ආසාව ඇති වෙන ආහාරපානාදිය පිළිබඳව අවධානය යොමු කරනු ලැබුවා. එම අධ්‍යනයේදී පෙනී ගියේ දරු ගැබ දරණ කාලයේදී අම්මාගේ කැමැත්ත ඇති ආහාරපානාදිය ගැන උපත ලබන දරුවා තුළත් යම් සම්බන්ධතාවයක් ඇති වෙන බවයි.

ඒ වගේම දරු උපතෙන් පළමු සති කීපය තුළ මව බුත්ති විදින ආහාරයේ රසය, සුවඳ  වෙනුවෙන් නව ජන්ම දරුවාගේද ආකර්ශනයක් ඇති වෙන බව වෛද්‍ය බොනවිස්ට්ගේ අදහසයි. මෙම අධ්‍යන කණ්ඩායම විසින් ගැබිණි මව්වරුන්ට එකම රසයක බිස්කට් සහ රසකැවිලි ලබා දුන්නා. ඒ වගේම දරුවා හඩන හැම අවස්ථාවකදීම මගැබ් දරණ කාලයේදී මවට ලබා දුන් බිස්කට් හා රසකැවිලිවල සුගන්ධය වැදෙන්නට සැලසූ විට දරැවන්ගේ හැඬිම නැවතුනා. එයින් පෙනී ගියේ ගර්භාෂයේදී සිටින විට දරුවාට දැණුන සුවද වෙනුවෙන් ඔවුන්ගේ ආකර්ශනය ඒ අයුරින්ම පැවතුන බවයි.

ඊට අතිරේකව මෙම පර්යේෂකයන් විසින් සුදුළූණු සහ කැරට් වැනි දෙයින් නික්මෙන අපුල ගන්ධයන්ද අධ්‍යනයේදී පාදක කර ගත්තා.  එතැනදීත් පෙනී ගියේ ගැබිණි අවධියේදී මව විසින් එම ආහාර වෙනුවෙන් දක්වන ලද ප්‍රතිචාර අනුව දරුවන්ද ඊට අනුගත වුන බවයි.

ඒ වගේම දරුවා ගැබ සිටින කාලයේදී මව විසින් ලබා ගන්නා යහපත් ආහාර රටාව දරුවාගේ වර්දනය සඳහා සමීප සම්බන්ධතාවයක් දක්වනවා. දරුවා ගැබ දරණ කාලයේ පටන්ම අම්මාගේ අහිතකර ආහාර පුරුදු වුනත් ඔවුන්ගේ මතු ජීවිතයට බලපානවා. ආර්ජන්ටිනාවේ සිදු කරන ලද අධ්‍යනයකට අනුව ගර්භණී කාලයේදී මත්පැන් පානය කරන ලද මව්වරුන්ගේ දරුවන් උපත ලැබීමෙන් පසුවත් මද්‍යසාර සුවඳට ආකර්ශනයක් දක්වන ලද බවයි.

මේ කාලයේදී ඇතැම් ගැබිණි මව්වරුන් හාල්, සබන්, මැටි , වැලි වැනි දේ ආහාරයට ගනු ලබනවා. මෙය අසාමාන්‍ය දොළ දුකක් විදිහට සැලකිය යුතු නැහැ.ප්‍රසව හා නාරි රෝග වෛද්‍ය විශේෂඥයන්ගේ හදුනා ගැනීමට අනුව මෙය “පිකා සින්ඩෝරමය” යනුවෙන් හැදින්වෙනවා. මේ වගේ දේ ආහාරයට ගනිද්දී “අනේ ඉතින් දොළදුක්කාරයෙක්නේ…” කියා ඉවසා සිටිය යුතු නැහැ. මේ වගේ ආහාර නිසා ගැබිණි මවට ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග තත්වයන්ට පහසුවෙන්ම ගොදුරු විය හැකියි.

කර්ණාටක ප්‍රදේශයේ ගැබිණි මව්වරුන්ගෙන් සියයට පස් දෙනෙක් පමණ මෙම අසාමාන්‍ය දොළ දුක් තත්වයෙන් පීඩා විදිනවා. පෝෂණ විද්‍යාඥයින්ගේ උපදෙස් අනුව ගැබිණි සමයේ මවගේ ආහාර රටාව දරුවාගේ ශාරිරික මෙන්ම මානසික පෝෂණය වෙනුවෙන් බලපානවා. ඒ නිසාම ගැබිණි මව්වරුන්ට පෝලික් අම්ලය අඩංගු ආහාර අනුමත කරනු ලබනවා.බ්‍රිතන්‍ය වැනි රටවල පාන් නිෂ්පාදනයේදී පෝලික් අම්ලය සංයෝග කරන්නේද මේ අඩුපාඩුව පිරිමසා ගැනීමටයි.

ඉතින් දරුවන් ලැබෙන්න ඉන්නා විට ඇති වෙන විවිධ දොලදුක් ගැන අද දැක්වෙන් අදහස් නිසා අමුතු දොළදුක් ගැනත් නොසලකා සිටිය යුතු නැහැ.

අතට අහුවෙන හැමදේම කපලා දානවා, ඔබේ දරුවටත් මේ පුරුද්ද තියෙනවද?

වයස අවුරුදු හතරක් පමණ වෙත්ම දරුවා තමන්ට හසුවන දේ අතර ග්‍රහනය කර ගැනීමට උත්සාහ දරනවා. මේ කාලයේදි ඔවුන් තමාගේ අතට හසුවන දෙයින් කරන ඇතැම් කටයුතු දෙමව්පියන්ට රුස්සන්නේ  නැහැ. කතුරක් දුටු විට එයින් රෙද්දක් , ඇඳුමක් කිසිම ඉවක් බවක් නැතුව කපනවා. ඒ වගේම පැන්සලක් අතට අහු වුනොත් බිත්තියේ කුරුටු බලි අදිනවා. මේ වගේ සිද්ධි නිසා දරුවන්ට ඇතැම් විට බරපතල දඬුවම් පවා ලැබෙනවා. ඒත් ‍බුද්ධිමත් දෙමව්පියන් විදිහට ඔබ මේ ගැන දරුවන් සමග උරන විය යුතු නැහැ.

දරුවන්ගේ හැසිරීමේ මේ වෙනස ඔබ දකින්නේ…..

වයස අවුරුදු තුනක් පමණ වෙත්ම දරුවාගේ මාංශපේශි වර්ධනය වීම සමග ඔහුට වේගයෙන් දුවන්න, පඩි පෙලක් නගිනන් වගේම බයිසිකලයක් පැදීම වැනි හැකියාවන් ලැබෙනවා. දාර්ශනිකයන් පෙන්වා දෙන අන්දමට දරුවෙකුට නීරෝගී මනක් ලැබෙන්නේ ඔහුට නීරෝගී කයක් ඇත්නම් පමණයි. ඒ නිසා දරුවන්ගේ මේ ක්‍රියාකාරිත්වය ගැන දෙමව්පියන් විදිහට ඔබ පුදුම විය යුතු නැහැ.

ඒත් කතුරකින් ඔබේ වටිනා ඇඳුමක් එසේත් නැත්නම් ඇඳුමක් මැසීමට මිළට ගත් රෙද්දක් කපා දමා තිබුනොත් ඔබට ඇති වෙන තරහ සීමා මායිම් නැහැ. ඒ වුනත් ටිකක් ඉවසන්න. වයස අවුරුදු හතරක් පමණ වෙත්ම දරුවාගේ අතේ ඇගිලි ක්‍රියාකාරී වෙනවා. ඒ නිසා ඔහුට තමන්ට අවහ්‍ය විදිහට ඇඟිලි හසුරුවන්න පුලුවනි.

එහෙම නම් අපි මොකද කරන්නේ…මේ කාලයේදී  දරුවාට සෙල්ලම වෙනුවෙන් මැටි ලබා දෙන්න පුලුවනි. දැන් ඔබ මෙහෙම කියාවි. ඉස්සර නම් අපි කිරිමැටි හාරා ගෙන විවිධ රූප හැදුවා. ඒත් දැන් කිරිමැටි තියෙන තැනක් හොයා ගන්න තියෙනවායැ. කිරිමැටි නැති  බව ඇත්ත. ඒ වෙනුවට අද පදම් කරන ලද මැටි පොත් සාප්පුවලින් පහසු මිළට ගත හැකියි.

කඩදාසි කැපීමමේ කාලයේදී අතට හසුවෙන හසුවෙන දේ කැපීමේ කටයුත්තෙන් දරුවන් මුදවා ගැනීමට නම් ඔබ ඔවුන් වෙනුවෙන කපන දෑ ලබා දෙන්න. වර්ණවත් කඩදාසි, කාඩ්බෝඩ් වැනි දේ දරුවාට ලබා දුන් විට ඔවුන් යම් යම් දේ නිදහසේ කැපීමට යොමු වෙනවා.

ඉතින් මොනවාද කපන්න කියන්නේ….

නිවසට බඩු භාණ්ඩ මිලට ගැනීමෙන් ඉතිරි වෙන කඩදාසි ඇසුරුම් වුනත් කමක් නැහැ. හැබැයි වර්ණවත් විය යුතුයි.ඔබ දරුවාට කඩදාසිය දෙකට නවා එය නැවූ ඉර දිග කපන්න උපදෙස් දෙන්න. යම් යම් පහසු රූප රටාවන් ඇඳ එය වටා කපන්න උපදෙස් දෙන්න. පාට කඩදාසි නම් වඩා‍ හොදයි.

දරුවන්ගේ නිර්මානාත්මක සිතුවිලි අවදි වීමට නම් වර්ණවත් කඩදාසි යොදා ගැනීම වඩාත් වැදගත්.

කඩදාසි කැපීමෙන් වෙන්නේ…

වෘත්තයක් වැනි හැඩතලයක් එහි සීමාව වටා කැපීම නිසා දරුවාගේ ඉවසීම වගා වෙනවා. ඒ වගේම මෙම ඉර දිග කපන විට අවධානයෙන් කුටයුතු කිරීම නොදැනීම සිද්ධ වෙනවා. යම් ක්‍රියාවක් වෙනුවෙන් අවධානය නොදැක්වීම දරුවන්ගේ සාමාන්‍ය සිරිතක්. ඒ නිසා මෙවැනි නිර්මානාත්මක කටයුතු මගින් ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවය රඳවා ගත හැකියි.

මේ වියදම් අස්සේ පාට කඩදාසිවලටත් මිළක් දෙන්න පුලුවනිද….?

ඔබ කලබල විය යුතු නැහැ. නිවසේ ඇති පත්තර සඟරාවලින් සිහින්ව ඉරා ගත් කොළ දරුවාට ලබා දෙන්න. රවුමක් හෝ හතරැස් කොටුවක් තුළ මේ වර්ණවත් කඩදාසි කැබැලි අලවන්න උපදෙස් දෙන්න. කොලාජ් යනුවෙන් හැදින්වෙන මෙම කටයුත්ත නිසා දරුවා මහත් සතුටක් ලැබෙන්නේ එහි නිමාවෙන් දකින අලංකාරය නිසයි.

දැන් මම ලොකුයි

මේ කාලය වෙන විට දරුවාට අවශ්‍ය වන්නේ අම්මා, තාත්තා, ගුරුතුමා වැනි චරිත වෙනුවෙන් තමාට ආදේශ කර ගැනීමයි. ඒ නිසා අම්මා වගේ සාරියක් ඇඳීම , තාත්තා වගේ රැකියාවට යෑම, පංති කාමරයක ඉගැන්වීම වැනි චරිත නිරූපනය කරනු ඇත. ඒ වෙනුවෙන් අල්මාරියේ සාරි ගැනීම, වෙනත් ගෘහ උපකරණ හැසිරවීම වැනි කටයුතු වල යෙදෙන්නට පටන් ගනී.තවත් විටෙක මුහුණේ පියරු දැමීම, තොල් ආලේපන යොදා ගැනීමටත් යොමු වෙනු ඇත. එහිදී දරුවන් හිතන්නේ තමා දැන් ලොකු අයෙක් බවයි. එය දරුවාගේ මානසික සංවර්ධනයේ ප්‍රතිඵලයක්. ඒ නිසා කිසිම විටෙක එවන් කටයුතු දුටු විට ඔබ ආවේශ විය යුතු නැහැ. සමහර විට දරුවා ඔබේ වටිනා සාරියක් අරගෙන දූවිලි තවරා තිබිය හැකියි. ඒ වුනත් තවත් පැත්තකින් එයින් දරුවා ලද තෘප්තිය ඉතාම වටිනවා. මේ නිසා නිතරම දරුවාගේ සෙල්ලම්වලට අවශ්‍ය සාරි, තාත්තාගේ  කමිස ආදිය තෝරා දෙන්න. ගත යුතු සහ නොගත යුතු දේ ගැන කියා දෙන්න.

දරුවන්ට උපකරණ ලබා දෙන්නමේ අන්දමින් සෙල්ලම්වල යෙදෙන දරුවන් වෙනුවෙන් කුඩා වලං , අකුරු ලියන ලෑල්ලක්, පාට කූරු වැනි අවශ්‍ය දේ ලබා දෙන්න. එයින් දරුවා මවන විසිතුරු ළමා ලොකයෙන් ඔබටත් මහත් සතුටක් දැනෙනු ඇත.

පරිස්සම් වෙන්නත් ඕන

මේ කාලයේදී දරුවන් ගැන වඩාත් අවධානයක් දැක්වීම අවශ්‍ය වන්නේ ඔවුන්ගේ කටයුතු විටෙක දැලි පිහිය අතට ගත් වඳුරාට සමාන වන බැවින්ය. නිවසේ තිබෙන අහිතකර බෙහෙත්, විවිධ ආලේපන, කැපුම් ආයුධ ඔහුට අනතුරුදායක වෙන නිසා ඒ ගැනත් අවධානයෙන් සිටින්න. දරුවන්ගේ ලෝකය ඉතාම විසිතුරුයි. ඒ විසිතුරු ලෝකයේ අනතුරක් නැතුව සැරිසැරීමට ඔවුන්ට අවසරය තිබිය යුතුයි.

පුංචි බබාලට කවන එක හරිම වදයක්ද? මේ ලිපිය ඔබටමයි

ගොඩක් අයට තියන ලොකුම ගැටලුවක් තමයි චූටි බබාලට කවන එක. ඇත්තටම ඒක ගොඩක් වගකීමෙන් කලයුතු දෙයක් .මෙතන පලවන post දැක්කම මට මේක ලියන්න හිතුනා. මේක මං ලියන්නේ WHO AND UNICEF එකතු වෙලා හදපු GUIDELINE එකකුයි ලංකාවේ FAMILY HEALTH BUREAU කියන ආයතනයෙන් හදපු guideline එකකුයි උදව් කරගෙන.
උපතේ සිට අවුරුදු 2 දක්වාකාලය දරුවෙකුට හරිම වැදගත්.මේ කාලයට කියනවා critical window කියලා.මේ කාලයේ දරුවෙකුට නිසි පෝෂණයක් නොලැබුනොත් දරුවෙකුගේ මානසික ශාරිරික වර්ධනය අඩුවෙනවා.දීර්ඝ කාලිනව බැලුවොත් බබාගේ ඉගෙනුම් කටයුතු, වැඩකිරිමේ හැකියාව වගේ දේවල් අඩු වෙනවා,ගැහැණු දරුවෙක් නම් එයාගෙ දරුවන්ටත් මේක බලපානවා.
බබාට මාස 6 ක් දක්වා මවුකිරි විතරමයි දෙන්න ඕන .මේ පෝෂණය ඒකාලයට හොදටම ඇති.ඒ කියන්නේ සාමානය උපත් බරක් ඇති නියමිත කාලයේ ඉපදුන බබෙකූට.මේකෙන් බබාගේ ආහාර මාර්ගයේ ඇතිවන ආසාදන, අසාත්මිකතා,අවම කරනවා.ඒ වගේම බබාගේ චාලක හැකියා වර්ධනය ටත් මේක වැදගත්.
දින 180ක් පිරුන බබාලට තමයි අමතර ආහාර පටන් ගන්න ඕන. ඒත් එක්ක අවුරුදු 2ක් යනකම් මවුකිරි දෙන්න ඕන.අම්මලා රැකියාවට යනකොට මේතත්වය වෙනස් වෙනවා.ලංකාවේ government service එකේ no pay leave ගන්න පුලුවන්නේ. කොහොම වුනත් රැකියාවට යායුතු මවක් නම් මාස 4න් දින 120න් අමතර ආහාර පටන් ගන්න පුලුවන්.
අවුරුදු 2 ක් වෙනකම් මවුකිරි දෙන එකේ වැදගත් 
1.ඒකාලයේ 70%ක් විටමින්,40%ක් කැල්සියම් මවු කිරි වලන් ලැබෙනවා.
2මොලයේ වර්ධනයට වැදගත්,
3හතිය වගේ දීර්ඝ කාලින අසනීප අඩු කරනවා.
4සථූල තාවය අඩු කරනවා
5ඒ වගේම අසනීප අවස්ථාවක අනෙක් කෑම වලට apetite අඩු වුනත් අම්මගේ කිරි ටික ආසා වෙන් බොන නිසා සනීප වෙන්න ඕන පෝෂණය ඒකෙන් ලැබෙනවා.
මවුකිරි දෙන්න බැරි මොකක් හරි අපහසුතා වක් තියනවනම් බබාලට හදලා තියන formula සම්පූර්ණ යොදය සහිත කිරිපිටි දෙන්න ඕන.soy වලින් හදලා තියන ඒවත් හොදයි.
කිරි බෝතල් පාවිච්චියත් හොද නෑ.

Fresh milk ඇතුලුව වෙන කිසිම කිරි ජාතියක් දෙන්න හොද නෑ.
ගොඩක් අය හිතනවා fresh milkහොදයි කියලා ඒ වුනත් ඒක එහෙම නෙවෙයි
1මේවයේ ගොඩක් ලවණ තියනවා මේ ලවණ ශරීරයට උරා ගන්න බෑ ඒක හේතුවෙනවා වකුගඩුවල ලවණ වැඩිවෙන්න මෙය විජලනය දක්වා හේතුවෙන්න පුලුවන්
2ඒ වගේම ආහාර මාර්ගයේ සැගවුන රුධිර වහනයක් ඇතිකරන්න හේතු වෙනවා කියලත් තිබුනා
3අනිත් දේ ආසාදනයන්

ඊලගට බබාලට කවන එක .ඒක හරිම වගකීමෙන් කරන්න ඕන දෙයක්
එතකොට බබාලගේ ශාරිරික වර්ධනය විතරක් හිතලා මදි ,මානසික වර්ධනය ගැන හිතන්න ඕන
ඒ වෙලාව එයාට සෙල්ලම් කරන වෙලාවක් ,ආදරය කරන වෙලාවක්, ඉගෙන ගන්න වෙලාවක් වෙන්න ඕන
ඒ වෙලාවේදි බබාගේ බඩගින්න ගැන වගේම ඇතිවීම ගැනත් හිතන්න ඕන
කොයි වෙලාවකවත් බල කරන්න එපා
කෑම කන එක එයාලගෙ වැඩක් කරගන්න දෙන්න
බබා කෑම refuseකරනවනම් විවිධ දේ විවිධ විදිහට හදලා දෙන්න
කෑම කවන්න එක තැනක් තියාගෙන ඒ තැන එයාට pleasant තැනක් කරන්න.

කෑම ගබඩා කිරීම , සැකසීම හරිම පිරිසිදුව කරන්න ඕන. කෑම දෙන, සකසන භාජන පිරිසිදුව තියාගන්න ඕන. හැකි සෑම විටම නැවුම්ව ආහාර ලබාදෙන්න ඕන.
අමතර ආහාර පටන් ගන්න කොට තේ හැදි2,3කින් පටන් ගෙන amount එක වැඩි කරන්න ඕන ඒ වගේම දෙන වාර ගණනත් වැඩි කරන්න ඕන
එතකොට කිරි දීම අඩු කරන්න ඕන .එහෙම නැත්නම් කිරි වලින් එන ශක්තිය නිසා එයාලට කෑමේ උවමනාව අඩුවෙනවා

කෑම පටන් ගන්න කොට මුලින්ම මත්ගාගත් බත් තලපයට මවු කිරි දාලා දෙන්න
මාස6- 8 mashed, pureed ඒ කියන්නෙ හොදින් අබරලා දෙන්න මාස8 වෙනකොට සියුම් කැබලි අඩංගු වෙනසේ දෙන්න
මාස 9 වෙනකොට අතින් අල්ලගෙන කන ආහාර finger food දෙන්න ඕන
අවුරුද්ද වෙන කොට අපි කන කෑමම එයාලට දෙන්න ඕන අවුරුද්දෙන් පස්සේ අපේ අධීක්ෂණය සහිතව එයාලට තනියෙන් කන එක promote කරන්න ඕන

ස්වශන මාර්ගයේ හිරවෙන්න පුලුවන් කෑම දෙන්න එපා

හැම දවසකම එහෙම නැත්නම් පුලුවන් හැම වෙලාවෙම මස් ,මාලු, බිත්තර කෑම වලට එකතු කරන්න
මස් මාලු නැත්නම් යකඩ බහුල ශාකමය ආහාර දෙන්න ඕන.
vit A බහුල එලවලු පලතුරු දෙන්න ඕන.

පොල් තෙල් ,පොල්කිරි, unsaltedබටර් එකතු කරලා කෑම හදන්න ඕන. අවුරුද්ද යනකම් සීනි ,ලුණු දෙන්න එපා. අසාත්මිකතා වියහැකි ආහාර ගැන සැලකිලිමත් වෙන්න ඕන
තේ, කෝපි ,සීනි සහිත පාන වර්ග දෙන්න එපා.

රෝගී වෙලාවටබබා ආස කෑම වර්ග දෙන්න .මවු කිරි ඉල්ලන සෑම වටම දෙන්න.
සනීප වුනාම වැඩියෙන් ආහාර දෙන්න ඕන.

කර්තෘ ගැන:
වෛද්‍ය පූර්ණිමා ලක්මාලි (MBBS, USJ)
හපුගස්තැන්න මූලික වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය නිලධාරිණී.